Saturday, June 12, 2010

චීන උප අගමැති ජනපති හමුවෙයි


මෙරට සංචාරයක නිරතව සිටින චීන උපඅගමැති ශෑන් ඩිජියෑන් මහතා හා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවක් ජනාධිපති මන්දිරයේ දී අද පෙරවරුවේ සිදුවිය. මෙහිදී දෙරටට වැදගත් කරුණු රැසක් සම්බන්ධයෙන් නායකයින් දෙපළ අවධානය යොමු කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. මේ අතර ශ්‍රී ලංකාව හා චීනය අතර ද්වීපාර්ශ්වික ගිවිසුම් කිහිපයකට අත්සන් තබා තිබේ. ‍විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ තොරතුරු තාක්ෂණ, වරාය, ආර්ථික, ප්‍රවාහන ආදී ක්ෂේත්‍රයන්ට අදාළ ගිවිසුම්වලට දෙරට අතර අත්සන් තැබුණු බවයි. චීනයේ උප අගමැති ශෑන් ඩිජියෑන් මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව මෙම ගිවිසුම්වලට අත්සන් තබා ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කරයි. අගමැති දි.මු. ජයරත්න මහතාගේ ආරාධනාවකට අනුව තෙදින නිල සංචාරයක් සඳහා චීන උප අගමැතිවරයා පසුගිය 10 වැනිදා දිවයිනට පැමිණියේය. adaderana

0 comments:

Post a Comment