Saturday, June 12, 2010

චීනයෙන් මිලියන 200ක මූල්‍යාධාර


හම්බන්තොට වරායේ දෙවන අදියරේ වැඩ කටයුතු සඳහා ඇමෙරිකන් ඩොලර් මිලියන 200ක මුදලක් ලබාදීමට චීනය එකඟ වී තිබේ. චීන උප අගමැති ශෑන් ඩිජියෑන් මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර මේ පිළිබඳව දැනුම් දී ඇත. මේ අතර ශ්‍රී ලංකාව හා චීනය අතර ද්වීපාර්ශ්වික ගිවිසුම් කිහිපයකට අත්සන් තබා තිබේ. ‍ තොරතුරු තාක්ෂණ, වරාය, ආර්ථික, ප්‍රවාහන ආදී ක්ෂේත්‍රයන්ට අදාළ ගිවිසුම්වලට දෙරට අතර අත්සන් තැබුණු බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

2006 වසරේ සිට ශ්‍රී ලංකාවේ විවිධ ව්‍යාපෘති සඳහා චීන රජය ඇමරිකානු ඩොලර් බිලියන 3 .06 ක මූල්‍ය සහනාධාර සපයා ඇත. කොළඹ -කටුනායක අධිවේගී මාර්ගය, නොරෙච්චේලේ ව්‍යාපෘතිය, හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතිය ආදී ව්‍යාපෘති කිහිපයක්ම චීන මූල්‍යාධාර සැපයුණු ප්‍රධාන ව්‍යාපෘති අතර වේ. adaerana

0 comments:

Post a Comment