Monday, May 24, 2010

බෝම්බයට හේතුව පුද්ගලික ආරවුලක්


රක්වාන, හැදරලිය වත්ත, ඩෙල්වින් බී කොටසේ ලයින් කාමරයක‍ට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට හේතුව පෞද්ගලික ආරවුලක් බව පොලිසිය පවසයි. ප්‍රහාරය එල්ල කළ සැකකරුවන්ගේ සහෝදරියක් සමග එම ලයින් කාමරයේ පුද්ගලයෙකු අනියම් ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන යාම ‍මීට හේතුව බවට පොලිස් පර‍ීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
ඊයේ එල්ල වූ එම බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලැබූ අතර ඔවුන් රක්වාන රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව තිදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර රෝහලට මාරු කර යැවුණි. ප්‍රහාරය සම්බන්ධ‍යෙන් අත්අඩංගුවට ගත් එකම පවුලේ සහෝදරයින් දෙදෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. adaderana

කල් දැමූ විභාග ගැන දැනුම්දීම ඉදිරියේදී


අයහපත් කාලගුණය හේතුවෙන් කල් දැමූ විභාග යළි පැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරි දිනවලදී දැනුම් දෙන බව විභාග කොමසාරිස් ‍ජනරාල් අනුර එදිරිසිංහ මහතා පවසයි. ඇතැම් විට එම විභාග මාස කිහිපයක් වුව ද පමා විය හැකි බව ඔහු සඳහන් කළේය.
පසුගිය දිනවලදී විභාග‍ දෙපාර්තමේන්තුව මගින් පැවැත්වීමට නියමිතව තිබූ විභාග 6ක් පමණ කල්දැමීමට සිදුවිය. කෙසේවුවද ඉදිරියේ දී පැවැත්වීමට නියමිත විභාග සාමාන්‍ය පරිදි පවත්වන බව විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. adaderana

විදෙස් රටක වෙනම රාජ්‍යයක් වෙනුවෙන් බෙදීමක්


ශ්‍රී ලංකාවේ වෙනම රාජ්‍යයක් සඳහා වූ ආණ්ඩුවක් විදෙස් රටක පිහිටුවීම පිළිබඳ ජාත්‍යන්තර දෙමළ ප්‍රජාව බෙදීමකට ලක්ව සිටින බව අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් මහතා පවසයි. අදාළ කරුණ සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුළ සැලකිය යුතු බලපෑමක් සිදුකිරීමට එම සංවිධානය අසමත් වී ඇති බව ඔහු සඳහන් කරයි. ඔවුන්ගේ පරස්පර විරෝධී මතවාද හේතුවෙන් ජාත්‍යන්තර දෙමළ ප්‍රජාව කණ්ඩායම් 3කට බෙදී ඇති බව විනයාගමූර්ති මුරලිදරන් මහතා පෙන්වා දෙයි.
වී. රුද්‍රකුමාර්ගේ නායකත්වයෙන් යුත් අමෙරිකානු දෙමළ ප්‍රජාව වෙනම කණ්ඩායමත් වශයෙනුත් නෙදියවන් මූලිකත්වය ගන්නා නෝර්වේ දෙමළ ප්‍රජාව තවත් කණ්ඩායමක් වශයෙනුත් කටයුතු කරන අතර ලන්ඩනයේ දෙමළ ප්‍රජාව වෙනත් මතයක් දරන බව මුරලිදරන් මහතා සඳහන් කරයි. සැබෑ ‍නොවන එම ආණ්ඩු සිහිනය වෙනුවෙන් සහය පළකිරීමට දෙමළ ප්‍රජාව ප්‍රතික්ෂේප කර ඇතැයි ද මුරලිදරන් මහතා වැඩිදුරටත් පෙන්වා දී තිබේ. adaderana

හරුහිකෝ කුරෝඩා ලංකාවට


Print this

හරුහිකෝ කුරෝඩා ලංකාවට May 24, 2010 08:26 am
ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති හරුහිකෝ කුරෝඩා මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට සැලසුම් කර තිබේ. ඒ අනුව ලබන බදාදා දිවයිනට පැමිණෙන සභාපතිවරයා 28 වැනිදා දක්වා රැදී සිටිනු ඇත. මෙරට රැඳී සිටින කාලය තුළ කුරෝඩා මහතා මන්නාරම, මුලතිවු සහ කිලිනොච්චි යන දිස්ත්‍රික්කවල සංචාරය කිරිමට නියමිත බව ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
එම දිස්ත්‍රික්කවල පවතින තත්ත්වය පිළිබඳ සොයාබැලීම මෙහි අරමුණ වී තිබේ. ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා ශ්‍රී ලංකාවේ සිදුකරන දෙවන සංචාරය මෙය වන අතර සුනාමි ව්‍යසනයෙන් පසු 2005 වසරේ දී ද ඔහු මෙරටට පැමිණියේය.adaderana

ආයෝජන බාධා ගැන සෙවීමට කමිටුවක්


ආයෝජන සඳහා බාධාවක් වී ඇති නීති සහ රෙගුලාසි පෙන්වාදීම සඳහා ඇමති අනුකමිටුවක් පත්කර තිබේ. කැබිනට් මණ්ඩලය විසින් ‍පත්කර ඇති මෙම අනුකමිටුවේ සභාපතිවරයා ලෙස නම් කර ඇත්තේ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය සරත් අමුණුගම මහතාය.
කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ඩිලාන් පෙරේරා, ෆයිසර් මුස්තාපා සහ ගුණරත්න වීරකෝන් යන නියෝජ්‍ය අමාත්‍යවරුන් කටයුතු කරයි. විවිධ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා හා මණ්ඩල සහ ප්‍රාදේශීය අධිකාරී මගින් සම්මත කර ඇති විවිධ පනත් සහ නීති මෙම කමිටුවේ අවධානයට ලක්වනු ඇත. සංවර්ධන ක්‍රියාවලියට බාධා වන එවැනි නීති හඳුනාගෙන ඒවා ඉවත් කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම ද කමිටුවට පැවරී ඇති බව සඳහන්ය. adaderana

එල්.ටී.ටී.ඊ යත් ලැයිස්තුවට


එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා විසින් ප්‍රකාශයට පත් කළ ළමා අයිතිවාසිකම් දරුණු ලෙස උල්ලංඝණය කළ සංවිධාන ලැයිස්තුවකට එල්.ටී.ටී.ඊ සංවිධානය ද ඇතුළත් කර තිබේ. මෙම සතියේ නිකුත් කළ අදාළ වාර්තාව මගින් එල්.ටී.ටී.ඊ සංවිධානය යුද්ධය පැවති කාලයේ දී ළමා සොල්දාදුවන් යොදාගත් ආකාරය පිළිබඳ පැහැදිලි තොරතුරු අනාවරණය කර ඇත.
එල්.ටී.ටී.ඊ සංවිධානයට අමතරව අල්කයිඩා, අල්සබාබ්, තලෙයිබාන් ඇතුළු සංවිධාන රැසක් ළමයින් සොල්දාදුවන් ලෙස යොදාගෙන ඇති බවට කරුණු ‍පෙන්වා දී ඇති බව සඳහන්ය. ඇෆ්ගන් පොලිසිය ද අත්අඩංගුවේ පසුවන ළමුන්ට වධ හිංසා කර ඇති බවට චෝදනා එල්ල වී ති‍බීම විශේෂත්වයකි. adaerana

රාජ්‍ය වෙසක් ‍උළෙල මහියංගණයේ


රාජ්‍ය වෙසක් ‍උළෙල අද දවස පුරා මහියංගණය රජමහා විහාරස්ථානයේ දී පැවැත්වේ. අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම වෙසක් උළෙලට අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා ද සහභාගීවීමට නියමිතය.
අද පෙරවරු 7 ට උත්සවය ආරම්භ වන අතර ඒ නිමිත්තෙන් බදුල්ල දිස්ත්‍රික්කය පුරා ‍විහාරස්ථානවල සහ පාසල්වල විවිධ ආගමික වැඩසටහන් සංවිධානය කර තිබේ. බදුල්ල දිස්ත්‍රික්කයේ කුලදරුවන් 500 ක් සසුන්ගත කිරීම ද රාජ්‍ය වෙසක් උළෙලට සමගාමීව සිදුකිරීමට නියමිතය. සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලය විසින් අද සිට මැයි 30 දක්වා වූ කාලය ජාතික වෙසක් සතිය ලෙස නම් කර ඇත. adaderana

ලංකාව හා නවසීලන්තය සම ශූරතා දිනයි


අමෙරිකාවේ පැවති පර්ල්ස් කුසලාන පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියේ සම ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකාව සහ නවසීලන්ත කණ්ඩායම් සමත්විය. ඒ ඊයේ පැවති තරගයෙන් නවසීලන්ත කණ්ඩායම පරදවා කඩුළු 7 ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වීම හේතුවෙනි. පළමු තරග‍යේ ජය හිමිකරගත්තේ නවසීලන්ත කණ්ඩායමයි. ඊයේ තරග‍යේ දී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 81 කට දවා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය.
පන්දුයැවීමේ දී නුවන් කුලසේකර ලකුණු 4 කට කඩුළු 3 ක් දවාගත් අතර ලසිත් මාලිංග ලකුණු 12 කට කඩුළු 3ක් ලබාගත්තේය. පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 3 ක් පමණක් දැවී ජයග්‍රාහී සීමාව පසුකළ අතර එහිදී ටී.එම්. ඩිල්ෂාන් නොදැවී ලකුණු 33 ක් රැස් කළේය. තරගයේ වීරයා ලෙස නුවන් කුලසේකර සම්මාන ලැබීය. තරගාවලියේ වීරයා වූයේ නවසීලන්ත කණ්ඩායමේ නායක ඩැ‍නියෙල් විටෝරිය. adadderana

රක්වානේ බෝම්බ පිපිරීමක්..!


රක්වාන,පුංචිවත්ත ප්‍රදේශයේ සිදුවූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් දස දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පවසයි.
අද ප.ව 4.00 ට පමණ"පුංචි වත්ත"ප්‍රදේශයේ ලයින් කාමරයකට එල්ල වූ මෙම බෝම්බ ප්‍රහාරයෙන් රූපවාහිනිය නරඹමින් සිටි පිරිසකට තුවාල සිදුවී ඇති බව හෙතෙම සඳහන් කරයි.
තුවාල ලැබූවන් අතර කුඩා දරුවන් හතරදෙනෙකු සහ ස්ත්‍රීන්ද සිටින බවත්,දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බැවින් රත්නපුර රෝහලට මාරුකර යැවීමට කටයුතු කළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. රක්වාන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.adaderana

"සීපා"සංශෝධනය විය යුතුයි


දේශීය ව්‍යවසායකයින්ට උපරිම සහන සහ වාසි සැලසෙන අයුරින් ඉන්දියාව සහ ශ්‍රි ලංකාව අතර පවතින සීපා ගිවිසුමේ සංශෝධන සිදුවිය යුතු බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
පක්ෂයේ පුළුල් අවධානය ‍මේ සම්බන්ධයෙන් ‍යොමු වී ඇති අතර ඉන්දීය බලධාරීන් ද දැනුවත් කර ඇති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
කෙසේවුව ද අදාළ ගිවිසුමට විරුද්ධ වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර නැතැයි ජෝන් අමරතුංග මහතා කියා සිටියි.
මෙරට ව්‍යාපාරිකයින් අතළොස්සකට පමණක් වාසි සැලසෙන අදාළ ගිවිසුම සංශෝධන විය යුතුය යන්න තම ස්ථාවරය බව ඔහු පෙන්වා දෙයි. ‍ adaderana

පක්ෂය දෙදරා නෑ-රනිල් කියයි


එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කිරීම සඳහා ප්‍රතිසංවිධාන යෝජනා ක්‍රියාවලිය අඛණ්ඩවම ඉදිරියට ක්‍රියාත්මක කළ යුතු බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂය දෙදරා ඇති බවට ගෙන යන ප්‍රචාර අසත්‍ය බව ඔහු කියා සිටියි. පක්ෂය ශක්තිමත් කිරීම සඳහා පියවර 4ක් ගත යුතු බව හෝමාගම ප්‍රදේශයේ පැවති එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩල රැස්වීම අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
ඒ අනුව පක්ෂයේ එකමුතුබව රැකගැනීම, නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම, තරුණ නායකත්වයට වැඩි ඉඩක් වෙන්කර දීම සහ ශාඛා සමිති ශක්තිමත් කිරීම එම පියවරයන්ට අයත් බව ඔහු ප්‍රකාශ කළේය. adaderana

අභියෝගයක් වුණත් රණවිරුවන්ට සලකනවා


අභියෝග මධ්‍යයේ වුව ද රණවිරුවන්ගේ සුභසාධන වැඩසටහන් කෙරෙහි රජය විශේෂ අවධානයක් යොමු කර ඇති බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
මාතෘ භූමිය රැකදුන් රණවිරුවන්ගේ සුභසාධනය ‍වෙනුවෙන් වි‍ශේෂ වැඩසටහන් රැසක්ම ක්‍රියාත්මක කර ඇති බව හෙතෙම පෙන්වාදෙයි. ජාතික රණවිරු දිනයට සමගාමීව දිගන ප්‍රදේශයේ පැවති රණවිරු උපහාර උත්සවය අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
රණවිරු විශ්‍රාම වැටුප් වැඩිකිරීම, දීමනා වැඩිකිරීම සහ රණවිරුවන්ගේ නිවාස සෑදීම හෝ නිවාස අලුත්වැඩියා කිරීම සඳහා අවම වශයෙන් රුපියල් ලක්ෂයක් ලබාදීම කෙරෙහි රජය මේ වන විටත් අවධානය යොමු කර ඇති බව කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය. adaderana

Sunday, May 23, 2010

එජාප නායකත්වය හම්බන්තොටට ගෙනඑනවා -සජිත්


පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ යටතේ ඉදිරියේ දී එක්සත් ජාතික පක්ෂ නායකත්වය හම්බන්තොටට ගෙනඑන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසයි. පක්ෂයේ නායකත්වය පමණක් නොව රටේ නායකත්වය ද ඉදිරියේ දී හම්බන්තොටින් බිහිවන බව ඔහු පෙන්වා දෙයි. ජනතාව නගා සිටුවීමේ අරමුණින් මෙම පියවර ගන්නා බව ඒ මහතා අද හම්බන්තොට ගජනායක ගම්මානයේ පැවති උත්සවයක් අමතමින් සඳහන් කළේය. adaderana

එජාප නායකත්වය හම්බන්තොටට ගෙනඑනවා -සජිත්


පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ යටතේ ඉදිරියේ දී එක්සත් ජාතික පක්ෂ නායකත්වය හම්බන්තොටට ගෙනඑන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසයි. පක්ෂයේ නායකත්වය පමණක් නොව රටේ නායකත්වය ද ඉදිරියේ දී හම්බන්තොටින් බිහිවන බව ඔහු පෙන්වා දෙයි. ජනතාව නගා සිටුවීමේ අරමුණින් මෙම පියවර ගන්නා බව ඒ මහතා අද හම්බන්තොට ගජනායක ගම්මානයේ පැවති උත්සවයක් අමතමින් සඳහන් කළේය. adaderana

බලතල පළාත් සෞඛ්‍ය අමාත්‍යවරුන්ට


සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස තමන් සතු බලතල පළාත් සෞඛ්‍ය අමාත්‍යවරුන් වෙත ලබාදෙන බව විෂය භාර අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. වඩාත් හොඳ සෞඛ්‍ය සේවයක් ක්‍රියාත්මක කිරීම සඳහා මෙම පියවර ගත් බව අමාත්‍යවරයා සඳහන් කළේය. අමාත්‍යවරයා ‍මේ අදහස් පළ කළේ අනුරාධපුර හෙද පුහුණු පාසලේ පැවති උත්සවයක් අමතමිනි. adaderana

ලංකා දූත පිරිස ආචාර්ය ක්‍රිස්ටිනා හමුවේ


ජී.එස්.පී ප්ලස් බදු සහනය ලබාගැනීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර‍ට ගොස් සිටින ශ්‍රී ලංකා දූත පිරිස යුරෝපා කොමිසමේ ජාත්‍යන්තර කටයුතු සහ මානුෂීය ආධාර පිළිබඳ කොමසාරිස් ආචාර්ය ක්‍රිස්ටිනා ජෝර්ජියා හමුවී තිබේ. ඊයේ දිනයේ මෙම හමුව සිදුවූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. නීතිපති මොහාන් පීරිස් මහතාගේ නායකත්වයෙන් යුතු දූත පිරිසට මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, විදේශ ලේකම් රොමේෂ් ජයසිංහ, බෙල්ජියමේ ශ්‍රී ලංකා තානාපති රවිනාත ආරියසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් ඇතුළත් වේ.
යුද්ධය නිමාවී ගෙවුණු වසර තුළ මෙරට ජාතික සමගිය ඇතිකිරීම සඳහා රජය පියවර ‍රැසක් ගෙන ඇති බව මෙහිදී නීතිපතිවරයා පෙන්වා දී ඇත. හදිසි නීති රෙගුලාසි ලිහිල් කිරීම, මානව අයිතිවාසිකම් පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්මක් ඇතිකිරීම ඇතුළු කරුණු ඊට ඇතුළත් බව මොහාන් පීරිස් මහතා පෙන්වා දී තිබේ.
උතුරු ප්‍රදේශයේ අවතැන්වූ ජනතාව යළි පදිංචිකිරීමේ කටයුතු සඳහා යුරෝපා කොමිසම ලබාදුන් සහය මෙහිදී ශ්‍රී ලංකා දූත පිරිස ඇගයීමට ලක්කර ඇත. මෑතක ශ්‍රී ලංකාවේ සංචාරය කළ යුරෝපා කොමිසමේ නියෝජිත පිරිස ද උතුරු ප්‍රදේශයේ දැනට අත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳ වාර්තා කර ඇති බව ඒ පිළිබඳ අදහස් දක්වමින් ‍යුරෝපා කොමිසමේ මානුෂීය ආධාර පිළිබඳ කොමසාරිස්වරිය ප්‍රකාශ කර ඇත. adaerana

වැලිකන්දෙන් දැරියකගේ මළ සිරුරක් හමුවෙයි


රහසිගත ලෙස ඝාතනය කර වළදමා තිබූ කුඩා දැරියකගේ මළ සිරුරක් වැලිකන්ද පොලිසිය‍ සොයාගෙන තිබේ. වැලිකන්ද, කටුවංවිල ප්‍රදේශයේ පොදු සුසාන භූමියක මෙම දැරිය වළ දමා තිබූ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය. වයස අවුරුදු 9 ක් පමණ වන මුස්ලිම් ජාතික මෙම දැරියගේ මළ සිරුර ගොඩ ගනු ලැබුවේ පොළොන්නරුව මහේස්ත්‍රාත් රුවන් සිසිර කුමාර මහතා ඉදිරියේය.
නරක් වී තිබූ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා පොළොන්නරුව රජයේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත භාරදෙන ලෙස එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. මෙසේ මරණයට පත්ව ඇත්තේ කටුවංවිල ප්‍රදේශ‍යේ පදිංචි කුඩා දැරියකි. adaderana

ඉන්දීය ගුවන් අනතුර ගැන ජනපතිගේ ශෝකය


ඉන්දියාවේ මැංගලෝර් ගුවන්තොටු‍පළේ සිදුවූ ගුවන් අනතුරින් මියගිය පිරිස පිළිබඳ ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශෝකය පළ කර තිබේ. එම දරුණු ගුවන් අනතුර පිළිබඳ සැලවීමෙන් තමන් සහ ශ්‍රී ලංකාවාසී ජනතාව මහත් කම්පනයට පත්වූ බව ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මහතා වෙත ශෝක ප්‍රකාශයක් යොමු කරමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
එම අනතුරින් මියගිය පුද්ගලයින්ගේ පවුල් වෙත ශ්‍රී ලංකාවාසී ජනතාව වෙනුවෙන් තමන් කණගාටුව පළ කරන බව ජනාධිපතිවරයා පවසයි. සිද්ධියෙන් තුවාල ලැබූවන් වෙනුවෙන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බව ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත. adaderana

ගංගා ජල අවදානම අඩුවෙයි


අධික වර්ෂාපතනය තරමක් අඩුවීමත් සමග ගංගාවල ජල මට්ටම ඉහළ යාමේ අවදානම මේ වන විට පහවයමින් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. වාරිමාර්ග දෙපාර්තමේන්තුව තවදුරටත් ගංගාවල ජල මට්ටම් අධීක්ෂණය කරමින් සිටින බව එම දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ කාර්යභාර නිලධාරීවරයා කියා සිටියේය. කැළණි ගඟේ ඊයේ දිනයේ දී ඉහළ ගිය අඩි 4 . 4 ජල මට්ටම මේ වන විටත් පවතින බව ඔහු සඳහන් කළේය.
කළු ගඟ හා ගිං ගඟ ආශ්‍රිතව ද ජල මට්ටම් ඉහළ යාමේ තත්ත්වයක් මේ වන විට දක්නට නොලැ‍ෙබන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. ගංගා පෝෂක ප්‍රදේශ වෙත අධික වැසි ලැබුණහොත් ගංගාවල ජලමට්ටම ඉහළ යා හැකි බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කළේය. අයහපත් කාලගුණයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා යුද හමුදාව තවදුරටත් සූදානමින් සිටින බව හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පවසයි. ජලගැලීම් හේතුවෙන් දැඩිලෙස පීඩාවට පත්වූවන්ට සහන සැලසීම සඳහා තවදුරටත් හමුදා සාමාජිකයින් යොදවා ඇති බව ඔහු පෙන්වාදෙයි.
මේ වන විට එම ප්‍රදේශවල ජලගැලීම් තත්ත්වය පහවයමින් පවතින බැවින් එම ප්‍රදේශවලින් තම සාමාජිකයින් ඉවත් කරගැනීමට පියවර ගෙන ඇති බව ද සමරසිංහ මහතා ප්‍රකාශ කළේය. කෙසේවෙතත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණය මත හදිසි සහනසේවා කටයුතු සඳහා යුද හමුදාව සූදානමින් සිටින බව සමරසිංහ මහතා වැඩිදුරටත් පැවසුවේය. adaderana

Friday, May 21, 2010

තහනම ඉවතට


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව පත්කර තිබෙන පළමු යුද අධිකරණයේ විමර්ශන කටයුතු පැවැත්වීම අත්හිටුවමින් පනවා තිබූ තහනම් නියෝගය අභියාචනාධිකරණය අද ඉවත් කළේය. එම යුදාධිකරණයට එරෙහිව ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ගොනු කර තිබු පෙත්සමක් අද යළි කැඳවූ අවස්ථාවේ මෙම නියෝගය නිකුත් කෙරුණේය. මෙහිදී යුද අධිකරණයේ කටයුතු අත්හිටුවමින් පනවා තිබූ තහනම් නියෝගය අදින් අවසන් වන බැවින් එය තවදුරටත් දීර්ඝ කරන ලෙස ජෙනරාල් ෆොන්සේකා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් ඉල්ලා සිටියේය.

ඊට විරෝධය පළ කළ රජයේ නීතීඥවරුන් එම තහනම් නියෝගය ඉවත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය. කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල අදාළ තහනම් නියෝගය ඉවත් කළේය. ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධු‍රයේ කටයුතු කරද්දී දේශපාලන කටයුතුවල නියැලුණු බවට එල්ල වී තිබෙන චෝදනා විභාග කිරීම සඳහා යුද හමුදාපතිවරයා විසින් පළමු යුද අධිකරණය පත්කර ඇත. adaderana

මානසික රෝගීන් ගැන නැවතත් නිරීක්ෂණයට


අධිකරණ නියෝග මත අංගොඩ මානසික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් පිළිබඳ වාර්තා කිරීම සඳහා වූ නිරීක්ෂණ මණ්ඩලය යළි ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. වසර 10කට පසුව මෙම නීරීක්ෂණ මණ්‍ඩලය ක්‍රියාත්මක කෙරෙන බව එම අමාත්‍යාංශය පවසයි. අදාළ නීරීක්ෂණ මණ්ඩලය මෙතෙක් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් අධිකරණ නියෝග මත රෝහල් ගත කෙරුණු මානසික රෝගීන් අපහසුතාවට පත්ව සිටි බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.
ඊට හේතුව ඇතැම් පුද්ගලයින් මානසික රෝග සුවපත් වීමෙන් අනතුරුව පවා රෝහලේ රැඳි සිටින තත්ත්වයට පත්ව සිටීමය. ඔවුන් රෝහලින් පිටත් කර හැරීම සඳහා අදාළ නීරීක්ෂණ මණ්ඩලයේ නිර්දේශය අවශ්‍ය වන අතර එම මණ්ඩලය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් සුවපත් වු පිරිස පවා රෝහලේ රැඳී සිටින බව සඳහන්ය. මේ පිළිබඳ කඩිනම් අවධානය යොමු කර නීරීක්ෂණ මණ්ඩලය යළිත් පත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා මානසික සෞඛ්‍ය ඒකකයට උපදෙස් ලබාදී ඇත. adaderana

මරණ සංඛ්‍යාව 24 දක්වා ඉහළට


දිස්ත්‍රික් කිහිපයකට ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 24 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ. වැඩිම මරණ සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම මරණ සංඛ්‍යාව 7කි. මීට අමතරව පුද්ගලයන් 50 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව ද වාර්තා වේ. කළුතර‍, කොළඹ, ගම්පහ, රත්නපුර, ගාල්ල, මාතර සහ පුත්තලම යන දිස්ත්‍රික්ක වලට ගංවතුරින් දැඩි හානි සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

මීට අමතරව කෑගල්ල, කුරුණෑගල, ත්‍රිකුණාමලය සහ අනුරාධපුර යන දිස්ත්‍රික් වලට ද නුවරඑළිය, මහනුවර සහ මන්නාරම යන දිස්ත්‍රික්ක වලටද ගංවතුරෙන් බලපෑම් එල්ල වී තිබේ. මේ වන විට විපතට පත් පුද්ගලයන්ගේ සංඛ්‍යාව පන් ලක්ෂ 24,000ක් වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේය. නිවාස 260කට සම්පූර්ණයෙන් හානි සිදුවී ඇති අතර තවත් නිවාස 1,169ක් අර්ධ වශයෙන් හානි සිදුව තිබේ. අවතැන් කඳවුරු 85ක පවුල් 3,683කට අයත් පුද්ගලයන් 17,253 දෙනෙකු රැඳී සිටින බව වාර්තා වේ. adaderana

රත්නපුර තවත් යටවෙයි


රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට අයත් පහත් බිම් තවදුරටත් ජලයෙන් යටවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. අයගම, කිරිඇල්ල, ඇලපාත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල පහත් බිම් මෙලෙස ජලයෙන් යටවී ඇති බව එහි රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකාරක කර්නල් අබේරත්න මහතා සඳහන් කළේය. මීට අමතරව රත්නපුර, ඇහැලියගොඩ, කුරුවිට, ඇලපාත, බලංගොඩ, කොලොන්න සහ කලවාන යන ප්‍රදේශ නාය යෑමේ අවදානමකට ලක්ව තිබේ.

එම අවදානම් සහිත ප්‍රදේශවල ජනතාව පිළිබඳ ‍අවශ්‍ය කටයුතු සිදුකිරීම සඳහා පියවර ගෙන ඇති බව ද අබේරත්න මහතා සඳහන් කළේය. කැළණි ග‍‍ඟේ ජල මට්ටම ඊයේ දිනයට වඩා පහළ බැස තිබුණ ද තවදුරටත් එය පිටාර ගැලීමේ අවදානම පවතින බව වාර්තා වේ.

ගංවතුරෙන් පීඩාවට පත්වන පිරිස් වෙත අවශ්‍ය පහසුකම් සැලසීමට ප්‍රාදේශීය ලේකම්වරුන්ට අමතරව යුද හමුදාව සහ නාවික හමුදාව යොදවා තිබේ. මීට අමතරව අවතැන් කඳවුරු දෙකක් ද රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ක්‍රියාත්මක වන අතර ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට පියවර ගෙන ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය. විපතට පත්වුවන්ගේ සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමට ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන්ගේ මූලිකත්වයෙන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ. රත්නපුර දිස්ත්‍රික්කයේ අවදානම් සහගත ප්‍රදේශවල පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් එම පාසල් වල විදුහල්පතිවරුන්ට බලය පවරා දී ඇති බව ද සඳහන්ය.

මේ වන විට රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් දහසකට අයත් පුද්ගලයන් 2500ක් පමණ අවතැන්ව ඇති බව වාර්තා වේ. මේ අතර පොතුපිටිය ප්‍රදේශයේ දියේ ගිලීමෙන් ඊයේ දිනයේ තරුණයෙකු මියගොස් ඇත. ඔහුගේ මළ සිරුර සෙවීමේ කටයුතු නාවික හමුදාව විසින් මේ වන විටත් සිදුකරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේය. adaderana

ප්‍රවාහ දෙකක් හමුවන නිසා තවත් වැසි


දිවයින ආශ්‍රිත සුළං ප්‍රවාහ දෙකක් හමුවන බැවින් ‍නිරිත දිග ප්‍රදේශවලට තවදුරටත් වැසි සහ තරමක තද වැසි ලැබිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලද ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලද විටින් විට වැසි ඇති විය හැකිය. දිවයින වටා මුහුදු ප්‍රදේශ රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පසුගිය දින කිහිපයේ පවතින අධික වර්ෂාව හේතුවෙන් පුද්ගලයන් හාර ලක්ෂයකට අධික සංඛ්‍යාවක් තවදුරටත් අවතැන්ව සිටින බව වාර්තා වේ. වැඩිම පුද්ගලයන් සංඛ්‍යාවක් අවතැන්ව ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේය. එම දිස්ත්‍රික්කයේ පවුල් 47,303කට අයත් පුද්ගලයන් 194,770 දෙනෙකු අවතැන්ව සිටියි. කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 15,809ක්, කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 34,535ක්ද ඒ අතරට අයත් වේ.

විපතට පත්වුවන්ට ආහාර ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය සේවා සැපයීමට පියවර ගෙන ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය. ඊයේ රාත්‍රී සිට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමෙන් පහත් බිම් යටවිය හැකි බවට අනතුරු අඟවා තිබේ. දිවයිනේ මාර්ග රැසක් ගංවතුර හේතුවෙන් අවහිර වී ඇති අතර දුම්රිය ගමනාගමනයට ද බාධා එල්ල වී ඇත. adaderana

පොලිස් වෙඩි පහරින් සැකකරුවෙක් මියයයි


රත්නපුර ප්‍රදේශයේ කොල්ලකෑම්වලට සම්බන්ධ සැකකරුවෙකු පොලිසිය සිදුකළ වෙඩි තැබීමකින් මියගොස් තිබේ. අදාළ සැකකරුවන් රිල්ලහේන වතුයාය ප්‍රදේශයේ සැඟව සිටින බවට කහවත්ත පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත ඊයේ දහවල් සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළේය. එහිදි සැකකරුවන් පොලිසියට වෙඩි තැබු අතර පොලිස් ප්‍රතිප්‍රහාරවලින් එක් සැකකරුවෙකු මියගියේය. අඩියාමුල්ල කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචි තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවේය. සැකකරුවන් විසින් කොල්ලකා ඇති රුපියල් හාර ලක්ෂ 40,000කට අධික මුදලක් සහ පිස්තෝලයක් ද පොලිස් භාරයට ගෙන ඇත.
මේ අතර රත්නපුර කහවත්ත ඕපාතවත්ත ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයකින් ජීව අත්බෝම්බ දෙකක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ පස්වරුවේ කහවත්ත පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ සෝදිසි මෙහෙ‍යුමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය. ජීව අත්බෝම්බ සහ ත්‍රිරෝද රථය පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරුවන් අද පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. adaderana

අවසන් තීරණය අද


එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කර අවසන් තීරණයක් ගැනීම සඳහා එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සහ පාර්ලිමේන්තු කණ්ඩා‍යමේ විශේෂ ඒකාබද්ධ රැස්වීමක් අද පැවැත්වේ. අද පෙ‍රවරු 10ට පමණ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්වීමට නියමිතය. මෙම රැස්වීමේදී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධානය සම්බන්ධයෙන් ඉදිරිපත් වු යෝජනා පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට නියමිත බව එම පක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
මේ අතර පක්ෂ ප්‍රතිසංවිධාන සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටු වාර්තාව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඊයේ නිල වශයෙන් භාරදී තිබේ. අදාළ යෝජනා පිළිබඳ එකඟතා වලින් අනතුරුව එම යෝජනා ලබන මාසයේ දෙවන සතියේ පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ ජාතික මහා සම්මේලනයේදී අනුමත කර ගැනීමට නියමිතය. adaderana

රෝග පැතිරීම වැලකීමට පියවර


අධික වැසි සහ ගංවතුර හේතුවෙන් ඉහළ යා හැකි ජලය ආශ්‍රිත රෝග පැතිර යාම පාලනය කිරීම සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා අංශය විසින් බලධාරීන් දැනුවත් කර තිබේ. සියලු පළාත් සෞඛ්‍ය සේවා සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් වෙත පවතින තත්ත්වය හමුවේ කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් දැනුවත් කර ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
පානීය ජල මූලාශ්‍ර, එළවළු, පළතුරු අපිරිසිදු වීම සහ සනීපාරක්ෂක පද්ධතිය බිඳ වැටීම හේතුවෙන් පාචනය, රක්ත අතීසාරය වැනි රෝග මෙන්ම ඩෙංගු, චිකුන්ගුන්යා වැනි රෝගද පැතිර යා හැකි බවට සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු අඟවයි. කෙසේ වුවද මේ සම්බන්ධයෙන් සියලු සෞඛ්‍ය නිලධාරීන් දැඩි වගකීමෙන් කටයුතු කළ යුතු බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර ඇත. adaderana

කොතලාවල යළි පුටුව නොඉල්ලයි


සෙලින්කෝ ඉන්ෂූවරන්ස් පී.එල්.සී හි අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන දේශමාන්‍ය ලලිත් කොතලාවල මහතා ගේ නිල ධූර කාලය මැයි මස 28 වනදායින් අවසන් වීමට නියමිතව ඇති බව සෙලින්කෝ ඉන්ෂූවරස් සඳහන් කරයි.
එහෙත් මේ වන විට ලලිත් කොතලාවල මහතා තමා දරමින් සිටින තනතුර සඳහා යළි ඉදිරිපත් නොවන බව අධ්‍යක්ෂ මණ්ඩලය වෙත දැනුම් දී ඇතැයි කියැවේ.
පුද්ගලික හේතූන් මත ඒ සඳහා ඉදිරිපත් නොවීමට ඔහු තීරණය කර ඇතැයි සෙලින්කෝ ඉන්ෂූවරන්ස් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ. adaderana

ලොරි අනතුරෙන් 4 ක් මරුට-28 ක් තුවාලයි


නුවරඑළිය -හඟුරන්කෙත ප්‍රදේශයේ ලොරියක් පාරෙන් ඉවතට පැනීමෙන් සිදුවූ අනතුරකින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් විසි අට දෙනෙකු තුවාල ලබා තිබේ.
අද පස්වරුවේ මෙම අනතුර සිදුවූ බව හඟුරන්කෙත පොලීසිය සඳහන් කරයි. මිය ගිය සිව්දෙනාගෙන් තිදෙනෙකු ස්ත්‍රීන් බවත්,තුවාල ලැබූවන් හඟුරන්කෙත රෝහලට ඇතුළත් කර ඇති බවත් සඳහන් වේ. adaderana

අපනයන සංවර්ධනයේ මුල් පුටුව ජනක රත්නායකට


අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස වහාම ක්‍රියාත්මක වන ලෙස ජනක රත්නායක මහතා පත්කර තිබේ. ඔහු ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුවේ හිටපු සභාපතිවරයාකු වේ.