
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා විසින් ප්‍රකාශයට පත් කළ ළමා අයිතිවාසිකම් දරුණු ලෙස උල්ලංඝණය කළ සංවිධාන ලැයිස්තුවකට එල්.ටී.ටී.ඊ සංවිධානය ද ඇතුළත් කර තිබේ. මෙම සතියේ නිකුත් කළ අදාළ වාර්තාව මගින් එල්.ටී.ටී.ඊ සංවිධානය යුද්ධය පැවති කාලයේ දී ළමා සොල්දාදුවන් යොදාගත් ආකාරය පිළිබඳ පැහැදිලි තොරතුරු අනාවරණය කර ඇත.
එල්.ටී.ටී.ඊ සංවිධානයට අමතරව අල්කයිඩා, අල්සබාබ්, තලෙයිබාන් ඇතුළු සංවිධාන රැසක් ළමයින් සොල්දාදුවන් ලෙස යොදාගෙන ඇති බවට කරුණු පෙන්වා දී ඇති බව සඳහන්ය. ඇෆ්ගන් පොලිසිය ද අත්අඩංගුවේ පසුවන ළමුන්ට වධ හිංසා කර ඇති බවට චෝදනා එල්ල වී තිබීම විශේෂත්වයකි. adaerana
0 comments:
Post a Comment