
රාජ්‍ය වෙසක් උළෙල අද දවස පුරා මහියංගණය රජමහා විහාරස්ථානයේ දී පැවැත්වේ. අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම වෙසක් උළෙලට අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා ද සහභාගීවීමට නියමිතය.
අද පෙරවරු 7 ට උත්සවය ආරම්භ වන අතර ඒ නිමිත්තෙන් බදුල්ල දිස්ත්‍රික්කය පුරා විහාරස්ථානවල සහ පාසල්වල විවිධ ආගමික වැඩසටහන් සංවිධානය කර තිබේ. බදුල්ල දිස්ත්‍රික්කයේ කුලදරුවන් 500 ක් සසුන්ගත කිරීම ද රාජ්‍ය වෙසක් උළෙලට සමගාමීව සිදුකිරීමට නියමිතය. සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලය විසින් අද සිට මැයි 30 දක්වා වූ කාලය ජාතික වෙසක් සතිය ලෙස නම් කර ඇත. adaderana
0 comments:
Post a Comment