
ආයෝජන සඳහා බාධාවක් වී ඇති නීති සහ රෙගුලාසි පෙන්වාදීම සඳහා ඇමති අනුකමිටුවක් පත්කර තිබේ. කැබිනට් මණ්ඩලය විසින් පත්කර ඇති මෙම අනුකමිටුවේ සභාපතිවරයා ලෙස නම් කර ඇත්තේ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය සරත් අමුණුගම මහතාය.
කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ඩිලාන් පෙරේරා, ෆයිසර් මුස්තාපා සහ ගුණරත්න වීරකෝන් යන නියෝජ්‍ය අමාත්‍යවරුන් කටයුතු කරයි. විවිධ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා හා මණ්ඩල සහ ප්‍රාදේශීය අධිකාරී මගින් සම්මත කර ඇති විවිධ පනත් සහ නීති මෙම කමිටුවේ අවධානයට ලක්වනු ඇත. සංවර්ධන ක්‍රියාවලියට බාධා වන එවැනි නීති හඳුනාගෙන ඒවා ඉවත් කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම ද කමිටුවට පැවරී ඇති බව සඳහන්ය. adaderana
0 comments:
Post a Comment