
අයහපත් කාලගුණය හේතුවෙන් කල් දැමූ විභාග යළි පැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරි දිනවලදී දැනුම් දෙන බව විභාග කොමසාරිස් ජනරාල් අනුර එදිරිසිංහ මහතා පවසයි. ඇතැම් විට එම විභාග මාස කිහිපයක් වුව ද පමා විය හැකි බව ඔහු සඳහන් කළේය.
පසුගිය දිනවලදී විභාග දෙපාර්තමේන්තුව මගින් පැවැත්වීමට නියමිතව තිබූ විභාග 6ක් පමණ කල්දැමීමට සිදුවිය. කෙසේවුවද ඉදිරියේ දී පැවැත්වීමට නියමිත විභාග සාමාන්‍ය පරිදි පවත්වන බව විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. adaderana
0 comments:
Post a Comment