
රහසිගත ලෙස ඝාතනය කර වළදමා තිබූ කුඩා දැරියකගේ මළ සිරුරක් වැලිකන්ද පොලිසිය සොයාගෙන තිබේ. වැලිකන්ද, කටුවංවිල ප්‍රදේශයේ පොදු සුසාන භූමියක මෙම දැරිය වළ දමා තිබූ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය. වයස අවුරුදු 9 ක් පමණ වන මුස්ලිම් ජාතික මෙම දැරියගේ මළ සිරුර ගොඩ ගනු ලැබුවේ පොළොන්නරුව මහේස්ත්‍රාත් රුවන් සිසිර කුමාර මහතා ඉදිරියේය.
නරක් වී තිබූ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා පොළොන්නරුව රජයේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත භාරදෙන ලෙස එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. මෙසේ මරණයට පත්ව ඇත්තේ කටුවංවිල ප්‍රදේශයේ පදිංචි කුඩා දැරියකි. adaderana
0 comments:
Post a Comment