Wednesday, April 21, 2010

සන්ධානයේ ලැයිස්තුවත් කරළියට



එක්සත් ජනතා නිදහස් සන්ධානය සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ප්‍රකාශයට පත් කර තිබේ..

ඒ අනුව රත්නසිරි වික්‍රමනායක,
දි.මු. ජයරත්න,
ඩලස් අලහප්පෙරුම,
මහාචාර්ය ජී.එල්.පීරිස්, ඩිව් ගුණසේකර,
මහාචාර්ය තිස්ස විතාරණ,
ගීතාංජන ගුණවර්ධන,
පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි,
මුත්තු ශිවලිංගම්,
අචල සුරංග ජාගොඩ,
විනයාගමූර්ති මුරලිදරන්,ජේ.ආර්.පී. සූරියප්පෙරුම,
ජනක බණ්ඩාර ප්‍රියන්ත,
මහාචාර්ය රජීව් විජේසිංහ,
ඒ.එච්.එම්. අස්වර්,
මාලනී ෆොන්සේකා,
කමලා රණතුංග
යන අය ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරනු ඇත. එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙවර මහ මැතිවරණ‍යේ දී ලබාගත් ඡන්ද සංඛ්‍යාවට අනුව ඔවුන්ට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සංඛ්‍යාව 17 කි.

මෙවර මහ මැතිවරණයේ දී එම සන්ධානය ඡන්ද හතළිස් අට ලක්ෂ 46,388 ක් හිමිකරගත් අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 60.33ක් වේ.

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 17 ද සමගින් එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබාගත් මුළු මන්ත්‍රී ධුර සංඛ්‍යාව 144 කි. adaderana

එ.ජා.ප යේ ජාතික ලැයිස්තුව නම්කෙරෙයි


එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 9 ක් නම් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන පරිදි
තිස්ස අත්තනායක,
ජෝශප් මයිකල් පෙරේරා,
එරාන් වික්‍රමරත්න,
හර්ෂ ද සිල්වා,
ඩී.එම් ස්වාමිනාදන්,
ආර්.යෝගරාජන්,
අනෝමා ගමගේ,
මොහොමඩ් තම්බි හසන් අලී,
අස්ලම් මොහොමඩ් ,
සලීම් මොහොමඩ් වන අය මෙසේ නම් කර ඇත. adaderana

යුරෝපයට යළි ගුවන් ගමන් ඇරඹෙයි


ශ්‍රී ලංකාවෙන් යුරෝපයට අත්හිටුවා තිබූ ගුවන් ගමන් යළි ආරම්භ කිරීමට පියවර ගත් බව ශ්‍රී ලන්කන් එයාර් ලයින්ස් පවසයි.
ඒ අනුව අද බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර,ප්‍රංශයේ පැරිස් සහ ඉතාලියේ මිලාන් නගරය බලා ගුවන් ගමන් ආරම්භ කළ බව සඳහන් වේ.
අයිස්ලන්තයේ ගිනි කන්දක් පුපුරා යාමෙන් වායු ගෝලයට දුම් සහ අළු මිශ්‍රවීම හේතුවෙන් ගුවන් ගමන් අවලංගු කර තිබිණි.
පසුගිය සතියකට වැඩි කාලයක සිට මෙම තත්ත්වය උද්ගත වී තිබීමෙන් පසු අද මෙසේ යළි ගුවන් ගමන් ආරම්භ කෙරිණි. adaderana

දි.මු අගමැති වෙයි- අද සවස දිවුරුම්දෙයි..?


හිටපු වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා මෙන්ම පොදුජන එක්සත් පෙරමුණේ ලේකම්වරයාද වන දි.මු ජයරත්න මහතා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 07 වන පාර්ලිමේන්තුවේ අගමැතිවරයා ලෙස අද සවස දිවුරුම් දෙන්නට නියමිතව ඇතැයි සඳහන් වේ.
ඒ අනුව අද සවස 4.00 ට පමණ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ අදාළ දිවරුම්දීම සිදු කිරීමට නියමිතව ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රකාශකයෙක් කියා සිටියේය.
අද සවස දිවුරුම් දෙන දි.මු ජයරත්න මහතා ශ්‍රි ලංකාවේ 21 වන අග්‍රාමාත්‍යධූරයට පත් වන අතර පුද්ගලයින් වශයෙන් සැලකූ කල නිදහස් ශ්‍රී ලංකාවේ 14 වන අග්‍රාමාත්‍යවරයා වේ. මේ වන විට වයස අවුරුදු 79 ක් වන දි.මු ජයරත්න මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් වී ඇත්තේ වර්ෂ 1950 දීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ මෙන්ම එවක නායකයා වූ දිවංගත එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගෙන් පක්ෂයේ 13 වන සාමාජිකයා ලෙස සාමාජිකත්වය ලැබූ ඔහු අවස්ථා කිහිපයකදීම පක්ෂයේ තනතුරු රැසක් හොබවා ඇත.
ප්‍රථම වරට 1970 දී පාර්ලිමේන්තුවට තේරීපත් වූ දි.මු ජයරත්න මහතා මේ වන විට පාර්ලිමේන්තු‍ව නියෝජනය කරනා ජ්‍යෙෂ්ඨතමයෙකු වේ.
ෂිං හුවා චීන මාධ්‍ය උපුටා දක්වන පරිදි ශ්‍රී ලංකාවේ වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් සිය සොහොයුරු බැසිල් රාජපක්ෂ මෙන්ම තවත් ජ්‍යෙෂ්ඨයින් රැසක් අතුරින් දි.මු ජයරත්න මහතාට අගමැතිධූරය ලබා දීමට තීරණය කර ඇත්තේ ඔහු පක්ෂයට දැක්වූ අනූපමේය සේවය සහ ගරුත්වය නිසාය. adaderana

ද්‍රවිඩ සන්ධානයත් ජාතික ලැයිස්තුව නම් කරයි


"ඉලංකෙයි තමිල් අරසුකච්චි"සඳහා ජාතික ලැයිස්තුවෙන් හිමි වූ මන්ත්‍රීධූරයට එම්.සුමන්දරම් මහතා පත් කළ බව ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා අද දෙරණට කියා සිටියේය. adaderana

රනිල් ඉවත්කිරීමේ යෝජනාව මැයි 07 දා


එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත්විය යුතු බවටත්,ඒ වෙනුවට සජිත් ප්‍රේමදාස පක්ෂ නායකත්වයට පත් කළ යුතු බවටත් එ.ජා.පයේ ජාතික නීතිඥ සංගමය යෝජනා කර ඇතැයි සිරිකොත ආරංචි මාර්ග සඳහන් කරයි.
එ.ජා.ප පක්ෂ මූලස්ථානයේ පැවති රැස්වීමකදී ගෙනවිත් ඇති මෙම යෝජනාවට විපක්ෂව කරුණු දක්වා ඇත්තේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මහතාගේ නීතිඥයා පමණක් බව නීතිඥ සංගමයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් අද දෙරණට කියා සිටියේය.
පැවති රැස්වීමේදී පක්ෂ නායකත්වයේ දුර්වලතා රැසක් පිළිබඳ සාකච්ඡාවට බඳුන් වී ඇති බව ඔහු සඳහන් කළේය.
පක්ෂ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත්විය යුතු බවට වන යෝජනාව එළඹෙන මැයි මස 07 වන දින ඔහු ඉදිරියේදීම ඡන්ද විමසීමකට බඳුන් කර නායකත්වයට දනවන්නට ක්‍රියා කරනු ඇතැයි නීතිඥ සංගමයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයා වැඩිදුරටත් කියා සිටියේය. adaderana

කුසලානයෙන් ටිරාන්ටත් පාර්ලිමේන්තුවට දොර ඇරෙයි


ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ ජාතික ලැයිස්තුවෙන් හිමිවූ මන්ත්‍රීධූර දෙකට ටිරාන් අලස් මහතා සහ හිටපු පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක මහතා පත් කර ඇතැයි ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ ලේකම් විජිත හේරත් මහතා පවසයි.
7 වන පාර්ලිමේන්තුව සඳහා පැවති මහ මැතිවරණයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයට මන්ත්‍රීධූර 5 ක් හිමි වූ අතර ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීධූර 2 ක් හිමි වී තිබිණි. adaderana

විදෙස් කටයුතු අමාත්‍යංශය සීරුවෙන්


යුරෝපීය ගුවන් ගමන් ඇන හිටීම හේතුවෙන් දුෂ්කරතාවට පත්ව සිටින ශ්‍රී ලාංකිකයින් පිළිබඳ අවධානය යොමු කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
එම අමාත්‍යාංශය නිවේදනය කරන්නේ අදාළ යුරෝපීය රටවල පිහිටි ශ්‍රී ලාංකීය තානාපති කාර්යාල හරහා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට පියවරගෙන ඇති බවයි.
ලන්ඩනයේ පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය පැය 24 පුරා ක්‍රියාත්මක හදිසි ඇමතුම් ඒකකයක් ස්ථාපිත කර ඇති බව ද සඳහන් වේ.
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව යුරෝපීය රටවල රැඳී සිටීමට සිදුවු ශ්‍රී ලාංකීකයින්ගේ වීසා බලපත්‍ර වලංගු කාල සීමා දීර්ඝ කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. adaderana

නාවලපිටිය ගැන අවධානය යොමුකළ යුතුයි


මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටිය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කුඹුරුපිටිය ප්‍රදේශවල ඡන්ද මධ්‍යස්ථාන 38ක ඡන්දය ශූන්‍ය කිරීමට සිදුවීම පිළිබඳව අදාළ පාර්ශවයන් නැවත අවධානය යොමු කළ යුතු බව මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයේදී පෝස්ටර් , බැනර් , කටවුට් , රාජ්‍ය මාධ්‍ය සහ රාජ්‍ය දේපල යොදා ගනිමින් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම කනගාටුවට කරුණක් බව ඔහු පවසයි.
මැතිවරණ කොමසාරිස්වරයා නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වේ.
එම නිවේදනය මගින් මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා පවසන්නේ නාම යෝජනා භාරදීම සිදුවු දින පටන් මැතිවරණය පැවැත්වෙන දිනය දක්වා කාල පරිච්ඡේදය තුළ නීත්‍යානූකූලව කටයුතු කළ අපේක්ෂකයින් , රාජ්‍ය නිලධාරීන් සහ මහජනතාව වෙත සිය කෘතඥතාව පළ කරන බවයි.adaderana

මහනුවරින් මහින්දානන්ද පෙරමුණේ


නාවලපිටියේ ඡන්ද බල ප්‍රදේශයේ පැවති ඡන්ද විමසීමත් සමග මහ මැතිවරණයට අදාල මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය ද ඊයේ රාත්‍රිෙය් නිකුත් කෙරුණි.
ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ පෙරමුණ ගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය සමත්ව තිබෙන අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව තුන්ලක්ෂ 39,819ක් වේ. එය 60.77% ක ප්‍රතිශතයක් වේ.
ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආසන 8ක් හිමිව තිබේ. එක්සත් ජාතික පක්ෂය දෙවන ස්ථානයට පත්ව ඇත්තේ ඡන්ද එක්ලක්ෂ 92,798ක් ලබා ගනිමින් වන අතර එය ප්‍රතිශතයක් ලෙස 34.48%ක් වී ඇත.. එසේම එක්සත් ජාතික පක්ෂය මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසන 4ක් හිමිකරගෙන තිබේ.
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය ඡන්ද 23,728ක් ලබා ඇති අතර එය 4.24%ක ප්‍රතිශතයක් වේ. මහනුවර දිස්ත්‍රීක්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඉහළම මනාප ලබා ඇත්තේ මහින්දානන්ද අලුත්ගමගේ මහතා වන අතර ඔහු මනාප ඡන්ද 146,765 ක් ලබා ගැනීමට සමත් වී තිබේ.
මහනුවර දිස්ත්‍රීක්කයේ සියලු මනාප ඡන්ද පහත පරිදි වේ. ------------------------ එක්සත් ජනතා නිදහස් සන්ධානය
මහින්දානන්ද අලුත්ගමගේ 146,765

කෙහෙළිය රඹුක්වැල්ල 133,060

ඒස්.බි.දිසානායක 108,169

ලොහාන් රත්වත්තේ 81,812

එරික් වීරවර්ධන 54,195

දිලුම් අමුණුගම 45,909

ෆයිසර් මුස්තාෆා 44,648

සරත් අමුණුගම 44,478



එක්සත් ජාතික පක්ෂය

අබ්දුල් කාදර් 54,937

රවුෆ් හකීම් 54,047

ලක්ෂ්මන් කිරිඇල්ල 53,690

එම්.එච්.එම්.හලීම් 46,240

Tuesday, April 20, 2010

zකථානායකZ ලෙඩේට චමල් රෝහල් ගතවෙයි


(ලංකා ඊ නිව්ස් 2010 අප්‍රේල් 20, ප.ව.6.25) අලූත් ආණ්ඩුවේ කථානායක තනතුරට පත් කිරීමට යෝජනා වී සිටින ජනාධිපති වැඩිමහල් සොහොයුරු චමල් රාජපක‍ෂ මහතා හදිසියේ ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කරනු ලැබ සිටී.
ජයවර්ධනපුර රෝහලේ 3 වන වාට්ටුවේ විශේෂ කාමරයක නේවාසිකව සිටින චමල් රාජපක‍ෂ මහතා හදිසියේ රෝහල් ගතවී තිඛෙන්නේ ශාරීරික අසනීපයකට ප්‍රතිකාර ගැනීමට වඩා ඔහුට බලහත්කාරයෙන් පටවන්නට යන කථානායක zලෙඩයZ නිසා බව කියති.
zලංකා ඊ නිව්ස්Z වෙත වාර්තා වන්නේ චමල් රාජපක‍ෂ මහතා කථානායක තනතුර බාර ගැනීම ප්‍රතිෙක‍ෂ්ප කර තිඛෙන බවයි. එසේම ඔහුගේ පවුලේ අයද මෙම තනතුර බාර ගැනීමට අකැමැත්ත ප්‍රකාශ කර ඇතැයි ද දැනගන්න තිබේ.
චමල් රාජපක‍ෂ මහතාගේ අකමැත්ත නිසා, එම තනතුර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඇමැති ඩිව් ගුණසේකර මහතාට බාර ගන්නැයි ඉල්ලීමක් කළ බවක්ද ඔහු ද එය ප්‍රතිෙක‍ෂ්ප කර ඇති බවද කියති. මේ ප්‍රතිෙක‍ෂ්ප කිරීම ජාතික ලැයිස්තුව නම් කිරීමේදී ඔහුට අවාසියක් වනු ඇතැයි ද කියති.
මේ පිළිබඳව ගුණසේකර මහතාගෙන් zලංකා ඊ නිව්ස්Z විමසූවිට කීවේ zමම මේ ගැන දන්නෙත් නෑ. මගෙන් කවුරුවත් විමසලත් නෑ. දුන්නත් බාර ගන්නෙත් නෑZ කියායි.
මේ අතර සන්ධානයේ ජාතික ලැයිස්තුවට ඇතුලත් කර සිටින හිටපු කථානායක විජමු ලොකුබණ්ඩාර මහතා මන්ත්‍රීවරයකු ලෙස නම් නොකරනු ඇතැයි වාර්තාවේ. පසුගිය ජනාධිපතිවරණ දිනයේදී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ඡන්දදායකයකු නොවන නිසා ඔහු දිනුවත් ජනාධිපතිවන්න බැරි බවට රාජ්‍ය මාධ්‍ය හරහා නීති තර්කයක් ඉදිරිපත් කළ නීතිඥ සරත් කෝන්ගහගේ මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස නම් කරන්නට යන බව වාර්තාවේ.

Geetha



ඡන්දය සාමකාමීව අවසන්


නාවලපිටිය සහ ත්‍රිකුණාමලය, කුඹුරුපිටිය ඡන්ද මධ්‍යස්ථාන වල පැවති ඡන්ද විමසීමේ කටයුතු සාමකාමී ලෙස පැවැත්වුණු බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් පවසයි.
නාවලපිටිය ආසනේ ඡන්දය ප්‍රකාශ කිරීම 55% 60% අතර ප්‍රතිශතයක් ගන්නා බව මහනුවර දිස්ත්‍රික් මැතිවරණ තේරීම් භාර නිලධාරී ගෝඨාභය ජයරත්න මහතා සඳහන් කළේය. දැඩි ආරක්ෂක විධි විධාන මධ්‍යයේ නාවලපිටිය සහ කුඹුරුපිටිය ඡන්ද මධ්‍යස්ථාන වල ඡන්ද විමසීම අද උදෑසන 7 ට ආරම්භ වු අතර පස්වරු 4ට එය අවසන් විය. නාවලපිටිය ඡන්ද මධ්‍යස්ථාන 37කදී ඡන්ද විමසීමේ කටයුතු සිදුවු අතර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටි ඡන්ද දායකයින්ගේ සංඛ්‍යාව 50,948කි.
මේ අතර ත්‍රිකුණාමලය, කුඹුරුපිටිය ඡන්ද මධ්‍යස්ථානයේ ද ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 45 .9%ක් වන බව ත්‍රිකුණාමල දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් නිශාන්ත දිනිත්ප්‍රිය හේරත් මහතා පවසයි. එහි ඡන්ද විමසීමේ කටයුතු සාමකාමී මට්ටමින් සිදුවු බව ඒ මහතා සඳහන් කළේය. කුඹුරුපිටිය ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්දය ප්‍රකාශය කිරීම සඳහා සුදුසුකම් ලබා සිටි ඡන්ද දායකයින්ගේ සංඛ්‍යාව 977කි. අප්‍රේල් 8 වැනිදා පැවති මහ මැතිවරණ ඡන්ද විමසීමේ දී දුෂණ අක්‍රමිකතා හා බලහත්කාරකම් හේතුවෙන් නාවලපිටිය සහ කුඹුරුපිටිය ඡන්ද මධ්‍යස්ථාන වල ඡන්දය ශූන්‍ය කිරීමට මැතිවරණ කොමසාරිස්වරයා තීරණය කළේය. adadearna

සාලිය දිසානායක ආරක්ෂාව මැද සභා සැසිවාරයට


රක්ෂිත බන්ධනාගාර ගතව සිටින මධ්‍යම පළාත් සභාවේ සභාපති සාලිය දිසානායක මහතා අද විශේෂ ආරක්ෂාවක් මධ්‍යයේ පළාත් සභා සැසිවාරයට සහභාගි විය.
මධ්‍යම පළාත් සභා සැසිවාරයට සාලිය දිසානායක මහතා පැමිණියේ බන්ධනාගාර බස් රථයකින් බව අද දෙරණ වාර්තාකරු සදහන් කළේය. පසුගිය මහ මැතිවරණ කාලය තුළ හිටපු අමාත්‍ය සී.බී.රත්නායක මහතාගේ අධාරකරුවන් සමග ඇතිවු ගැටුමක් හේතුවෙන් සාලිය දිසානායක මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
කෙසේ වෙතත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ විශේෂ අවසරයක් මත අද පැවති පළාත් සභා සැසි වාරයට සහභාගි වීමට සාලිය දිසානායක මහතාට හැකිවිය. පළාත් සභා සැසිවාරයට සහභාගි වීමෙන් අනතුරුව සාලිය දිසානායක මහතා යළිත් වරක් බන්ධනාගරය වෙත රැගෙන යාමට බන්ධනාගර නිලධාරීන් පියවරගෙන තිබේ. adaderana

දෙවෙනි යුද අධිකරණය මැයි 04 ට කල්යයි


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් ක්‍රියාත්මක දෙවන යුද අධිකරණය යළි මැයි මස 04 වන දින රැස්වීමට තීරණය කෙරුණු බව යුද හමුදා මාධ්‍ය ප්‍රකශක මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පවසයි.
ඒ අනුව මැයි මස 04 වන දින ප.ව.2.30 ට යළි දෙවන යුද අධිකරණය කැඳවෙනු ඇති බව හෙතෙම අද දෙරණට කියා සිටියේය.
අද නාවික හමුදා මූලස්ථානයේදී මෙම දෙවෙනි යුද අධිකරණය කැඳවීමෙන් පසු මෙම තීරණය ගත් බව ඔහු පැවසීය. ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සක්‍රිය හමුදා සේවයේ සිටියදී සිදුකළ බව කියන මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් මෙම දෙවන යුද අධිකරණය ක්‍රියාත්මක කෙරේ. adaderana

අම්ල වැස්ස අලි බොරුවක්


ඉදිරි සති කිහිපය තුළ අම්ල වැස්සක් ඇදහැ‍ලෙන බවට පැතිර ගිය දූෂමාන ආරංචි සම්පූර්ණයෙන්ම අසත්‍ය බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. කෙටි පණිවිඩ, විද්‍යුත් තැපෑල ආදී විවිධ සන්නිවේදන ක්‍රම ඔස්සේ අප්‍රේල් 20 -28 කාලය තුළ අම්ල වැසි ඇදහැලෙන බවට ප්‍රචාරය වූ පුවත අසත්‍ය පුවතක් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව "අද දෙරණ"ට සඳහන් කළේය.
එම අසත්‍ය පණිවිඩ වල දැක්වූයේ මෙවැනි පුවතකි.
"ප්‍රවේශම් වන්න. මෙම මාසයේ 20 -28 කාලය තුළ අම්ල වැසි ඇදහැලීමේ අවධානමක් පවතී. පසුගිය මස 17වන දින චන්ද්‍රයා වටා අඳුරු වළල්ලක් දර්ශනය විය. මෙවැනි දර්ශනයක් ඇතිවන්නේ වසර 750කට වරක්ය. එය සාමාන්‍ය වර්ෂාවක් ලෙස දර්ශනය වුව ද එම වැසි දියට තෙමෙන පුද්ගලයින්ට සමෙහි පිළිකා රෝග තත්ත්වයන් ඇතිවිය හැකිය. මෙම පුවත "නාසා" ආයතනයෙනි. ඔබේ පවුලේ සාමාජිකයන් හා හිත මිතුරන්ව මේ සම්බන්ධයෙන් දැනුවත් කරන්න"
මේ සම්බන්ධ වාර්තා නයිජීරියාව, පකිස්තානය හා අප්‍රිකාව ආදී ලෝකයේ විවිධ රටවල ජනතාව වෙත ද ලැබී ඇති අතර ඔවුන් මෙම පුවතෙන් බියටත්, කලබලයටත් පත්ව ඇත. මෙම පුවත නාසා ආයතනය ලෙස දක්වමින් ගොතන ලද මුසාවක් බව පසුගිය 16 වන දින මෙම අම්ල වර්ෂාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් පකිස්තාන කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තු‍වේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ප්‍රකාශ කර තිබුණි. adaderana

අගමැතිකම බැසිල්ට දෙන්නැයි ඉල්ලීමක්


බැසිල් රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධූරයට පත්කරන ලෙස ශ්‍රී ලංකා ජාතික පෙරමුණ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටී.
මෙවර මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා ජාතික පෙරමුණ පක්ෂයක් ලෙස තනිව තරග කළේ ප්‍රධාන කරුණු 03ක් මුල් කරගනිමින් බව ජාතික පෙරමුණේ නායක විමල් ගීගනගේ මහතා පවසයි. ඒ අතර ප්‍රධාන කරුණ ලෙස ඔවුන් ඉදිරිපත් කරනුයේ ව්‍යවස්ථාවට නව සංශෝධනයක් එක්කරමින් ජනාධිපතිවරයෙකුට වාර දෙකකට වැඩි ගණනක් ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමට හැකි ලෙස ව්‍යවස්ථාව සංශෝධනය කිරීමය. එමෙන්ම අගමැති තනතුර සඳහා බැසිල් රාජපක්ෂ මහතා පත්කරන ලෙසත් එසේ ඔහු අගමැති තනතුරට පත්කිරීමේ යම් අපහසුතාවක් ඇතොත් නව ව්‍යවස්ථා සංශෝධනය තුළදීම ලෝකයේ බොහෝ රට වල ඇති පරිදි උප ජනාධිපති තනතුරක් හෝ නිර්මාණය කර බැසිල් රාජපක්ෂ මහතාට නව තනතුරක් පිරිනැමීම යන කරුණු ද එම ප්‍රධාන කරුණු 03 අතර වේ.
මෙවර මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා ජාතික පෙරමුණ ලෙස පාර්ලිමේන්තු වරම් අහිමි වුව ද ඉහත කරුණු ඉටුකිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ රජය සමග නිරන්තර සංවාදයක නිරතවන බව ද එම පෙරමුණ අවධාරණය කරයි. adaderana

හොරා පොලිස් ජීප් රිය සැබෑ පොලිස් අත්අඩංගුවට


කළුතර- දකුණ පොලීසිය විසින් ව්‍යාජ පොලිස් ජීප් රියක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ සවස 4.30 ට පමණ ගාල්ල-කොළඹ ප්‍රධාන මාර්ගයේ"පොලීසිය"යනුවෙන් නාම පුවරුවක් ප්‍රදර්ශනය කරමින් මෙම ජීප් රිය ධාවනය වූ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම ජීප් රථය පොලීසියට අයත් නොවන බව මූලික පරීක්ෂණ වලදී අනාවරණය බවී ඇතැයිද ,සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරන බව ද පොලීසිය සඳහන් කරයි. adaderana

රන් බඩුත් එක්ක හොරා මාට්ටු


ලක්ෂ 15 කට ආසන්න ස්වර්ණභාරණ තොගයක් සමග පුද්ගලයෙකු මාලිගාකන්ද ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. මරදාන පොලිසිය පවසන පරිදි ඊයේ පස්වරුවේ මෙම අත්අඩංගුවට ගැනීම සිදු වී ඇත.
අදාළ සැකකරු මාලිගාකන්ද ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකින් මෙම ස්වර්ණාභරණ සහ මුදල් සොරකම් කර ගෙන ඇති බව පොලිසිය පවසයි.
සැකකරු අත තිබී ජංගම දුරකථන කිහිපයක් ද සොයා ගෙන ඇතැයි සඳහන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවත්,ඒ සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.adaderana

අදත් ගුවන් ගමන් 03 ක් අවලංගුයි


කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට ලන්ඩන් බලා අද දිනයේ ගුවන් ගත වීමට නියමිතව තිබූ ගුවන් ගමන් වාර 3 ක් අවලංගු කර තිබේ.
ගුවන් තොටුපළ ප්‍රකාශකයෙකු සඳහන් කරනු ලැබුවේ අද උදෑසන 6.05 ට , 11.20 ට සහ පස්වරු 3.05 ගුවන් ගත වීමට තිබූ ගුවන් වාර 03 ක් මෙලෙස අවලංගු කර ඇති බවයි. මීට අමතරව ලන්ඩන් සිට ශ්‍රී ලංකාවට පැමිණීමට තිබූ ගුවන් ගමන් වාර 2 ක් ද අවලංගු කර තිබේ.
අද උදෑසන සහ පස්වරුවේ එම ගුවන් යානා 2 ක ශ්‍රී ලංකාවට පැමිණීමට තිබූ බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග පවසයි. අයිස්ලන්තයේ ගිනි කන්දක් පුපුරා යාමෙන් වායු ගෝලයට දුම් සහ අළු මිශ්‍රවීම හේතුවෙන් මෙසේ ගුවන් ගමන් අවලංගු කර ඇත.
මේ හේතුවෙන් යුරෝපා රටවල ගුවන් ගමන් රැසක්ද අවලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය සතියක පමණ කාලයක සිට මෙම තත්ත්වය උද්ගත වී තිබේ. adaderana

අමිතාබ් බච්චන් ලංකාවට


බොලිවුඩයේ සුපිරි නළු අමිතාබ් බච්චන් අද ශ්‍රී ලංකාවට පැමිණ ඇත. ඔහු අද සවස කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී මාධ්‍ය හමුවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. එමෙන්ම අද ඔහු ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට ද නියමිතය.
IIFA 2010 ජාත්‍යන්තර ඉන්දීය සිනමා සම්මාන උළෙල පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩ සටහන සඳහා අමිතාබ් බච්චන් මෙසේ ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. මෙම සම්මාන උළෙල ජූනි 03, 04 සහ 05 යන දින වලදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතය. මෙම සම්මාන උළෙල සඳහා ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය අනුග්‍රහය දක්වයි. සම්මාන උළෙල පැවැත්වෙන්නේ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදීය. අමිතාබ් බච්චන් අද රාත්‍රියේ නැවත ඉන්දියාව බලා පිටත්වේ. adaderana

මහින්දානන්ද නාවලපිටියේදී ඡන්දය දෙයි


අද දින නැවත ඡන්ද විමසීම සිදු කරන නාවලපිටිය ඡන්ද බල ප්‍රදේශයේ දී හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිය ඡන්දය ප්‍රකාශ කර තිබේ.
මීතලාව එම්.‍එස් අලුත්ගමගේ මහා විද්‍යාලයේ දී අද උදෑසන 8 ට පමණ ඔහු ඡන්දය ප්‍රකාශ කළ බව එහි සිටින අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය. එම ඡන්ද මධ්‍යස්ථානය සඳහා ලියාපදිංචි ඡන්ද දායකයින් 2185 දෙනෙකු සිටින අතර නාවලපිටිය ඡන්ද බල ප්‍රදේශයේ සිව්වන තැනට වැඩිම ඡන්ද දායකයින් පිරිසක් ලියාපදිංචි වී ඇත්තේ මෙම ඡන්ද මධ්‍යස්ථා‍නයේය.
මේ වන විට ජනතාව සිය ඡන්දය ප්‍රකාශ කිරීමට දැඩි උනන්දුවක් දක්වමින් සිටින බව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව අද දෙරණට අදහස් දක්වමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේය. adaderana

දීප ව්‍යාප්ත නිවාස ණය ක්‍රමයක්


ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් දීප ව්‍යාප්ත නිවාස ණය ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ.
මහින්ද චින්තන ඉදිරි දැක්මට අනුව සෑම පවුලකටම නිවසක් ලබා දීමේ අපේක්ෂාවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව නිවාස සංවර්ධන අධිකාරිය පවසයි. මෙම නිවාස ණය ලබා දීමේ වැඩසටහන නිවාස ගැටලු පවතින නාගරික ප්‍රදේශ තුළත් බහුතර කොටසක් ජීවත් වන ග්‍රාමීය ප්‍රදේශ තුළත් වතුකරයේත් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
එක් නිවාසලාභියෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂයක උපරිමයකට යටත්ව නිවාස ණය ලබා දෙන බව නිවාස සංවර්ධන අධිකාරියේ එල්.එස් පලන්සූරිය මහතා ප්‍රකාශ කළේය. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් හා ප්‍රාදේශීය කාර්යාල හරහා මෙම නිවාස ණය ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන බව පලන්සූරිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.adaderana

"බාබුල්" සමග අසුවෙයි


නීතී විරෝධී මත්ද්‍රව්‍යයක් ලෙස සැලකෙන බාබුල් අලෙවි කළ පුද්ගලයෙකු මරදාන කදිරේශන් වීදිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ මධ්‍යම දිසා දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් සිදු කළ වැ‍ටලීමක දී මොහු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය. අත්අඩංගුවට ගත් පුද්ගලයා සතුව තිබී බාබුල් මත්ද්‍රව්‍ය පැකට් 210 ක් පොලිසිය විසින් සොයා ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. adaderana

ලංකාව ආසියානු රග්බි තරගාවලියේ සුපිරි කාණ්ඩයට


ආසියානු කුසලාන රග්බි තරගාවලියේ පළමු කාණ්ඩයේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි. ඒ ඊයේ සිංග්පූරුව සමඟ පැවති තරගය ජයග්‍රහණය කිරීමත් සමඟයි. ලකුණු 23 ට 16 ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජය ලබා ගත්තේය. ආසියානු කුසලාන රග්බි තරගාවලිය මේ දින වල සිංග්ප්පූරුවේ පැවැත්වෙයි. මේ ජයග්‍රහණයත් සමඟ ආසියානු රග්බි තරගාවලියේ සුපිරි කාණ්ඩයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබේ. adaderana

Monday, April 19, 2010

ඉදිරිය කෙසේ විය යුතුද?


අද පෙරවරුවේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා, අරලිය ගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවූ බව දේශපාලන ආරංචි මාර්ග "අද දෙරණ"ට සඳහන් කළේය. වත්මන් දේශපාලන තත්ත්වය මෙන්ම නව පාර්ලිමේන්තුවේ සිදුවිය හැකි වෙනස්කම් පිළිබඳ මෙම හමුවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව ද වාර්තා වේ. අප්‍රේල් 08 වන දින පැවති මහ මැතිවරණයෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපතිවරයා අතර පැවති ප්‍රථම හමුව මෙයයි.

යුරෝපයට තැපැල් එපා-තැපැල්පති ඉල්ලයි


නැවත දැනුම් දෙන තුරු යුරෝපය ආශ්‍රිත රටවල් සඳහා ගුවන් තැපැල් භාණ්ඩ එවීමෙන් වළකින ලෙස තැපැල්පතිවරයා මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ඒ අනුව ගුවන් මගින් ප්‍රවාහනය කෙරෙන ලිපි, පාර්සල් ඇතුළු සියලු ගුවන් තැපැල් භාණ්ඩ එවීමෙන් වළකින ලෙස තැපැල්පති එම්‍.කේ.බී. දිසානායක මහතා මහජනතාවට දැනුම් දෙයි. ඒ අනුව ඔස්‍ට්‍රියාව, බෙල්ජියම, ඩෙන්මාර්කය, ප්‍රංශය, ජර්මනිය, ග්‍රීසිය, මහා බ්‍රිතාන්‍ය, ඉතාලිය, නෙදර්ලන්තය, නෝර්වේ, ස්පාඤ්ඤ, ස්වීඩනය, රුසියාව සහ ස්විට්සර්ලන්තය යන රටවලට අදාළව මෙම තීරණය ක්‍රියාත්මක වනු ඇත..
යුරෝපා ගුවන් ගමන් ඇනහිටීම හේතුවෙන් මෙම තීරණයට එළඹි බව තැපැල්පතිවරයා පවසයි. එසේම මේ වන විට ගුවන් ගමන් සඳහා යුරෝපා කලාපය වසා දැමීමට එම රජයන් ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් ලෝක ගුවන් සේවා සංවිධානය විරෝධය පළ කර තිබේ.
එම සංවිධානයේ ප්‍රධානී ජියෝවානි බිසිග්නානි ප්‍රකාශ කරන්නේ එම තීරණය හේතුවෙන් ලොව පුරා කටයුතු අවුල් සහගත තත්ත්වයකට පත්ව ඇති බවයි. දෛනික ගුවන් ගමන් වාරවලින් සියයට 30 ක් පමණක් දැනට ක්‍රියාත්මක බව යුරෝපා ගුවන් සේවා පාලන අධිකාරිය පවසයි.
දුෂ්කරතාවයට පත්ව සිටින මගීන් වෙනුවෙන් මේ වන විට බ්‍රිතාන්‍ය රාජකීය නාවික යාත්‍රා 3 ක් ක්‍රියාත්මක බව ද විදෙස් වාර්තා පෙන්වා දෙයි. එංගලන්තය සහ පැරීසිය අතර ගමනාගමනය වෙනුවෙන් ප්‍රංශ දුම්රිය සමාගම අතිරේක දුම්රිය වාර සහ දුම්රිය ආසන වැඩි සංඛ්‍යාවක් ලබාදීමට ද ක්‍රියාකර ඇති බව වාර්තා වේ.
ඊට අමතරව දුම්රිය ප්‍රවේශපත්‍ර ගාස්තු පහත හෙළීමට ද එම සමාගම පියවර ගෙන ඇත්තේ අපහසුතාවයට පත් මගී ජනතාව වෙනුවෙනි. adaderana

සන්ධාන නියෝජිතයෝ මැ.කො හමුවෙති


එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නි‍යෝජිතයින් පිරිසක් අද පෙරවරුවේ මැතිවරණ කොමසාරිස්වරයා හමුවී තිබේ.
හෙට දිනයේ පැවැත්වෙන නාවලපිටිය සහ කුඹුරුපිටිය ඡන්ද විමසීම සම්බන්ධයෙන් එම නියෝජිත පිරිස මැතිවරණ කොමසාරිස්වරයා සමග සාකච්ඡා කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිකුත් කළ නිවේදන‍යක දැක්වේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් මෛත්‍රීපාල සිරිසේන, පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපති නිමල් සිරිපාල ද සිල්වා, භාණ්ඩාගාරික ඩලස් අලහප්පෙරුම, එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත් යන මහත්වරුන‍් එම සාකච්ඡාව සඳහා සහභාගී වී තිබේ.
මෙහිදී එම නියෝජිත පිරිස මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම් දී ඇත්තේ එක්තරා දේශපාලන පක්ෂයක් විසින් නාවලපිටිය ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථානයක් අසල ප්‍රචණ්ඩත්වයක් නිර්මාණය කිරීමේ සැලැස්මක් පිළිබඳ තොරතුරු ලැබී ඇති බවයි.adaderana

දුටුගැමුණු"ධර්මපාල"ට අඳියි-සුරාවට කණ කොකා හඬයි


කැලණිය ප්‍රදේශයේ සියලුම සුරාසල් වසා දමා ඇති බවත්, ඒ අනුව වයින් ස්ටෝර්ස්,බාර් මෙන්ම ෆුඩ් සිටි වල මත්පැන් අලෙවි කවුන්ටර් ද වසා දමා ඇති බවත් අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි.
හිටපු කම්කරු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා පසුගිය 17 වන දින කැලණිය ප්‍රදේශයේ සියලුම සුරාසැල් වසා දමන ලෙස නියෝග කර තිබිණි. සුරා බදු දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව සුරාසැලක් විවෘත කරන්නට මෙන්ම වසා දමන්නට ද නීතියෙන් අවසරයක් නැතත් ඇමතිවරයාගේ දේශපාලන බලයට හිතුමතේ මෙවැන්නක් කරන්නට හැකියාවක් ලැබී තිබේ.
"නීතිය හොයල බලල මේවා කරන්න ගියොත් ඒකට සෑහෙන කාලයක් ගතවෙනවා.ඒ හින්දා දැනට බාර් වහන්න කටයුතු කරලා තියෙනවා.ඊළඟට නීතිය ගැන හොයල බලන්න කටයුතු කරනවා."අද දෙරණ කළ විමසුමකට පිළිතුරු දෙමින් මර්වින් සිල්වා මහතා පැවසීය.
තමන් හරක් මස් කඩ වහද්දීත් නීතිය බලමින් කටයුතු කළේ නැති බවත්,ඒ වෙලාවේදී මානව හිමිකම් බලමින් කටයුතු කරන්නට හැකියාවක් නැති බවත් හෙතෙම කියා සිටියේය.
මිනිසුන්ගේ මෙන්ම තිරිසනුන්ගේ හිමිකම්ද රැකිය යුතු බවත් මිනිසුන්ට ප්‍රථමයෙන් හරකුන්ගේ මානව හිමිකම් රැකීමට තමන් ක්‍රියා කරන බවත් හිටපු ඇමතිවරයා කියා සිටියේය.
අනගාරික ධර්මපාලතුමන් මේ අයුරින් ක්‍රියා කරන විට"පොට්ටනිකාරයා"ලෙස ඇතැමුන් නම් කළ බවත්,ධර්මපාලතුමන් තමන්ගේ ඥාතියෙකු බවත් මර්වින් සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියේය. adaderana

දෙවෙනි යුද අධිකරණය හෙට යළිත්


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් ක්‍රියාත්මක දෙවන යුද අධිකරණය අද පෙරවරුවේ රැස් කෙරෙණි.
හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පවසන පරිදි නාවික හමුදා මූලස්ථානයේ දී මෙම කටයුතු සිදුවී තිබේ. දෙවන යුද අධිකරණයේ කටයුතු දහවල් 11.30 ත් 12 ත් අතර කාලය තුළ අත්හිටුවනු ලැබුවේ හෙට දිනයේ නැවත රැස්වීමේ අරමුණින් බව ප්‍රසාද් සමරසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සක්‍රිය හමුදා සේවයේ සිටියදී සිදුකළ බව කියන මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් මෙම දෙවන යුද අධිකරණය ක්‍රියාත්මක කෙරේ. adaderana