Wednesday, April 21, 2010

සන්ධානයේ ලැයිස්තුවත් කරළියට



එක්සත් ජනතා නිදහස් සන්ධානය සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ප්‍රකාශයට පත් කර තිබේ..

ඒ අනුව රත්නසිරි වික්‍රමනායක,
දි.මු. ජයරත්න,
ඩලස් අලහප්පෙරුම,
මහාචාර්ය ජී.එල්.පීරිස්, ඩිව් ගුණසේකර,
මහාචාර්ය තිස්ස විතාරණ,
ගීතාංජන ගුණවර්ධන,
පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි,
මුත්තු ශිවලිංගම්,
අචල සුරංග ජාගොඩ,
විනයාගමූර්ති මුරලිදරන්,ජේ.ආර්.පී. සූරියප්පෙරුම,
ජනක බණ්ඩාර ප්‍රියන්ත,
මහාචාර්ය රජීව් විජේසිංහ,
ඒ.එච්.එම්. අස්වර්,
මාලනී ෆොන්සේකා,
කමලා රණතුංග
යන අය ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරනු ඇත. එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙවර මහ මැතිවරණ‍යේ දී ලබාගත් ඡන්ද සංඛ්‍යාවට අනුව ඔවුන්ට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සංඛ්‍යාව 17 කි.

මෙවර මහ මැතිවරණයේ දී එම සන්ධානය ඡන්ද හතළිස් අට ලක්ෂ 46,388 ක් හිමිකරගත් අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 60.33ක් වේ.

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 17 ද සමගින් එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබාගත් මුළු මන්ත්‍රී ධුර සංඛ්‍යාව 144 කි. adaderana

0 comments:

Post a Comment