
ශ්‍රී ලංකාවෙන් යුරෝපයට අත්හිටුවා තිබූ ගුවන් ගමන් යළි ආරම්භ කිරීමට පියවර ගත් බව ශ්‍රී ලන්කන් එයාර් ලයින්ස් පවසයි.
ඒ අනුව අද බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර,ප්‍රංශයේ පැරිස් සහ ඉතාලියේ මිලාන් නගරය බලා ගුවන් ගමන් ආරම්භ කළ බව සඳහන් වේ.
අයිස්ලන්තයේ ගිනි කන්දක් පුපුරා යාමෙන් වායු ගෝලයට දුම් සහ අළු මිශ්‍රවීම හේතුවෙන් ගුවන් ගමන් අවලංගු කර තිබිණි.
පසුගිය සතියකට වැඩි කාලයක සිට මෙම තත්ත්වය උද්ගත වී තිබීමෙන් පසු අද මෙසේ යළි ගුවන් ගමන් ආරම්භ කෙරිණි. adaderana
0 comments:
Post a Comment