Wednesday, April 21, 2010

නාවලපිටිය ගැන අවධානය යොමුකළ යුතුයි


මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටිය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කුඹුරුපිටිය ප්‍රදේශවල ඡන්ද මධ්‍යස්ථාන 38ක ඡන්දය ශූන්‍ය කිරීමට සිදුවීම පිළිබඳව අදාළ පාර්ශවයන් නැවත අවධානය යොමු කළ යුතු බව මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයේදී පෝස්ටර් , බැනර් , කටවුට් , රාජ්‍ය මාධ්‍ය සහ රාජ්‍ය දේපල යොදා ගනිමින් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම කනගාටුවට කරුණක් බව ඔහු පවසයි.
මැතිවරණ කොමසාරිස්වරයා නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වේ.
එම නිවේදනය මගින් මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා පවසන්නේ නාම යෝජනා භාරදීම සිදුවු දින පටන් මැතිවරණය පැවැත්වෙන දිනය දක්වා කාල පරිච්ඡේදය තුළ නීත්‍යානූකූලව කටයුතු කළ අපේක්ෂකයින් , රාජ්‍ය නිලධාරීන් සහ මහජනතාව වෙත සිය කෘතඥතාව පළ කරන බවයි.adaderana

0 comments:

Post a Comment