Wednesday, April 21, 2010

ලැයිස්තුවේ තැන ගැන විමල් පසුතැවිල්ලේ


ජාතික නිදහස් පෙරමුණට ජාතික ලැයිස්තුවෙන් ලබාදූන් ඉඩකඩ පිළිබඳ එම පක්ෂයේ නායක විමල් වීරවංශ මහතා සෑහීමකට පත්ව නැතැයි පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
ජාතික ලැයිස්තුවෙන් ජාතික නිදහස් පෙරමුණට මන්ත්‍රීධූර දෙකක් ලබා දීමට මීට ප්‍රථම ජනාධිපතිවරයා සමග කරන ලද සාකච්ඡාවලදී එකඟ වී සිටින ලදැයි කියැවේ.
එහෙත් මේ වන විට එක්සත් ජනතා නිදහස් සන්ධානය මගින් පාර්ලිමේන්තුව නියෝජනය කරනා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නම් ප්‍රකාශයට පත් කර ඇති තත්ත්වයක් තුළ ජාතික නිදහස් පෙරමුණට හිමිව ඇත්තේ එක් මන්ත්‍රීධූරයක් පමණි.
එකී මන්ත්‍රීධූරය සඳහා හිටපු සංචාරක අමාත්‍ය අචල සුරංග ජාගොඩ මහතා නම් කර ඇත.br>
එහෙත් ජාතික නිදහස් පෙරමුණේ මොහොමඩ් මුසම්මිල් මහතාද ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස නම් කරන ලෙස ඉල්ලා තිබුණු බවත්,එකී ඉල්ලීමට සැලකිල්ලක් නොදැක්වීම සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතා සිය නොසතුට ප්‍රකාශ කර ඇතැයිද කියැවේ.adaderana

0 comments:

Post a Comment