Tuesday, April 20, 2010

zකථානායකZ ලෙඩේට චමල් රෝහල් ගතවෙයි


(ලංකා ඊ නිව්ස් 2010 අප්‍රේල් 20, ප.ව.6.25) අලූත් ආණ්ඩුවේ කථානායක තනතුරට පත් කිරීමට යෝජනා වී සිටින ජනාධිපති වැඩිමහල් සොහොයුරු චමල් රාජපක‍ෂ මහතා හදිසියේ ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කරනු ලැබ සිටී.
ජයවර්ධනපුර රෝහලේ 3 වන වාට්ටුවේ විශේෂ කාමරයක නේවාසිකව සිටින චමල් රාජපක‍ෂ මහතා හදිසියේ රෝහල් ගතවී තිඛෙන්නේ ශාරීරික අසනීපයකට ප්‍රතිකාර ගැනීමට වඩා ඔහුට බලහත්කාරයෙන් පටවන්නට යන කථානායක zලෙඩයZ නිසා බව කියති.
zලංකා ඊ නිව්ස්Z වෙත වාර්තා වන්නේ චමල් රාජපක‍ෂ මහතා කථානායක තනතුර බාර ගැනීම ප්‍රතිෙක‍ෂ්ප කර තිඛෙන බවයි. එසේම ඔහුගේ පවුලේ අයද මෙම තනතුර බාර ගැනීමට අකැමැත්ත ප්‍රකාශ කර ඇතැයි ද දැනගන්න තිබේ.
චමල් රාජපක‍ෂ මහතාගේ අකමැත්ත නිසා, එම තනතුර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඇමැති ඩිව් ගුණසේකර මහතාට බාර ගන්නැයි ඉල්ලීමක් කළ බවක්ද ඔහු ද එය ප්‍රතිෙක‍ෂ්ප කර ඇති බවද කියති. මේ ප්‍රතිෙක‍ෂ්ප කිරීම ජාතික ලැයිස්තුව නම් කිරීමේදී ඔහුට අවාසියක් වනු ඇතැයි ද කියති.
මේ පිළිබඳව ගුණසේකර මහතාගෙන් zලංකා ඊ නිව්ස්Z විමසූවිට කීවේ zමම මේ ගැන දන්නෙත් නෑ. මගෙන් කවුරුවත් විමසලත් නෑ. දුන්නත් බාර ගන්නෙත් නෑZ කියායි.
මේ අතර සන්ධානයේ ජාතික ලැයිස්තුවට ඇතුලත් කර සිටින හිටපු කථානායක විජමු ලොකුබණ්ඩාර මහතා මන්ත්‍රීවරයකු ලෙස නම් නොකරනු ඇතැයි වාර්තාවේ. පසුගිය ජනාධිපතිවරණ දිනයේදී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ඡන්දදායකයකු නොවන නිසා ඔහු දිනුවත් ජනාධිපතිවන්න බැරි බවට රාජ්‍ය මාධ්‍ය හරහා නීති තර්කයක් ඉදිරිපත් කළ නීතිඥ සරත් කෝන්ගහගේ මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස නම් කරන්නට යන බව වාර්තාවේ.

0 comments:

Post a Comment