
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් ක්‍රියාත්මක දෙවන යුද අධිකරණය යළි මැයි මස 04 වන දින රැස්වීමට තීරණය කෙරුණු බව යුද හමුදා මාධ්‍ය ප්‍රකශක මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පවසයි.
ඒ අනුව මැයි මස 04 වන දින ප.ව.2.30 ට යළි දෙවන යුද අධිකරණය කැඳවෙනු ඇති බව හෙතෙම අද දෙරණට කියා සිටියේය.
අද නාවික හමුදා මූලස්ථානයේදී මෙම දෙවෙනි යුද අධිකරණය කැඳවීමෙන් පසු මෙම තීරණය ගත් බව ඔහු පැවසීය. ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සක්‍රිය හමුදා සේවයේ සිටියදී සිදුකළ බව කියන මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් මෙම දෙවන යුද අධිකරණය ක්‍රියාත්මක කෙරේ. adaderana
0 comments:
Post a Comment