
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට ලන්ඩන් බලා අද දිනයේ ගුවන් ගත වීමට නියමිතව තිබූ ගුවන් ගමන් වාර 3 ක් අවලංගු කර තිබේ.
ගුවන් තොටුපළ ප්‍රකාශකයෙකු සඳහන් කරනු ලැබුවේ අද උදෑසන 6.05 ට , 11.20 ට සහ පස්වරු 3.05 ගුවන් ගත වීමට තිබූ ගුවන් වාර 03 ක් මෙලෙස අවලංගු කර ඇති බවයි. මීට අමතරව ලන්ඩන් සිට ශ්‍රී ලංකාවට පැමිණීමට තිබූ ගුවන් ගමන් වාර 2 ක් ද අවලංගු කර තිබේ.
අද උදෑසන සහ පස්වරුවේ එම ගුවන් යානා 2 ක ශ්‍රී ලංකාවට පැමිණීමට තිබූ බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග පවසයි. අයිස්ලන්තයේ ගිනි කන්දක් පුපුරා යාමෙන් වායු ගෝලයට දුම් සහ අළු මිශ්‍රවීම හේතුවෙන් මෙසේ ගුවන් ගමන් අවලංගු කර ඇත.
මේ හේතුවෙන් යුරෝපා රටවල ගුවන් ගමන් රැසක්ද අවලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය සතියක පමණ කාලයක සිට මෙම තත්ත්වය උද්ගත වී තිබේ. adaderana
0 comments:
Post a Comment