
අද දින නැවත ඡන්ද විමසීම සිදු කරන නාවලපිටිය ඡන්ද බල ප්‍රදේශයේ දී හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිය ඡන්දය ප්‍රකාශ කර තිබේ.
මීතලාව එම්.එස් අලුත්ගමගේ මහා විද්‍යාලයේ දී අද උදෑසන 8 ට පමණ ඔහු ඡන්දය ප්‍රකාශ කළ බව එහි සිටින අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය. එම ඡන්ද මධ්‍යස්ථානය සඳහා ලියාපදිංචි ඡන්ද දායකයින් 2185 දෙනෙකු සිටින අතර නාවලපිටිය ඡන්ද බල ප්‍රදේශයේ සිව්වන තැනට වැඩිම ඡන්ද දායකයින් පිරිසක් ලියාපදිංචි වී ඇත්තේ මෙම ඡන්ද මධ්‍යස්ථානයේය.
මේ වන විට ජනතාව සිය ඡන්දය ප්‍රකාශ කිරීමට දැඩි උනන්දුවක් දක්වමින් සිටින බව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව අද දෙරණට අදහස් දක්වමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේය. adaderana
0 comments:
Post a Comment