Monday, April 19, 2010

සන්ධාන නියෝජිතයෝ මැ.කො හමුවෙති


එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නි‍යෝජිතයින් පිරිසක් අද පෙරවරුවේ මැතිවරණ කොමසාරිස්වරයා හමුවී තිබේ.
හෙට දිනයේ පැවැත්වෙන නාවලපිටිය සහ කුඹුරුපිටිය ඡන්ද විමසීම සම්බන්ධයෙන් එම නියෝජිත පිරිස මැතිවරණ කොමසාරිස්වරයා සමග සාකච්ඡා කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිකුත් කළ නිවේදන‍යක දැක්වේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් මෛත්‍රීපාල සිරිසේන, පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපති නිමල් සිරිපාල ද සිල්වා, භාණ්ඩාගාරික ඩලස් අලහප්පෙරුම, එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත් යන මහත්වරුන‍් එම සාකච්ඡාව සඳහා සහභාගී වී තිබේ.
මෙහිදී එම නියෝජිත පිරිස මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම් දී ඇත්තේ එක්තරා දේශපාලන පක්ෂයක් විසින් නාවලපිටිය ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථානයක් අසල ප්‍රචණ්ඩත්වයක් නිර්මාණය කිරීමේ සැලැස්මක් පිළිබඳ තොරතුරු ලැබී ඇති බවයි.adaderana

0 comments:

Post a Comment