Monday, April 19, 2010

ලසන්ත ඝාතනයේ සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්


මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය ඇතුළු අපරාධ ක්‍රියා කිහිපයක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය ත්‍රස්ත විමර්ශන අංශයට අවසර ලබා දී තිබේ.
පොලිසිය පවසන පරිදි රිවිර පුවත් පතේ කතෘ උපාලි තෙන්නකෝන් සහ"ද නේෂන්"පුවත්පතේ නියෝජ්‍ය කතෘ කීත් නොයාර් යන මහත්වරුන්ට පහරදීමේ සිද්ධීන් වලට ද මෙම සැකකරුවන්ගේ සබඳතා ඇති බව හෙ‍ළි වී ඇත.
සැකකරුවන් දෙදෙනා නුවරඑළිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බව සඳහන් වේ.
ඔවුන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කිරිමට අවශ්‍ය බව පෙන්වා දීමෙන් අනතුරුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඒ සඳහා අවසර ලබා දී තිබේ. adaderana

0 comments:

Post a Comment