Thursday, April 22, 2010

විජමු සබරගමු ආණ්ඩුකාර ධුරයට


හිටපු කථානායක වි.ජ.මු ලොකුබණ්ඩාර මහතා සබරගමු පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් පත්කර තිබේ. ඒ සබරගමු පළාත් හිටපු ආණ්ඩුකාර ජ‍ානක ප්‍රියන්ත බණ්ඩාර මහතාගෙන් හිස්වූ ධුරය සඳහායි. ජානක ප්‍රියන්ත බණ්ඩාර මහතා එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තුව යටතේ පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටියි. විජමු ‍ෙලාකුබණ්ඩාර මහතා පසුගිය පාර්ලිමේන්තුවේ දී එක්සත් ජාතික පක්ෂයෙන් බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තේරී පත්වූ අතර ඔහු එම පාර්ලිමේන්තුවේ කථානායකවරයා වශයෙන් කටයුතු කළේය. adaderana

Wednesday, April 21, 2010

ජනපති පාර්ලිමේන්තු ඒම හදිසියේ නවතී


හත්වන පාර්ලිමේන්තුවේ සමාරම්භක දිනය වන හෙට දිනයේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණීමට අදාළ සියලු කටයුතු මීට දින කිහිපයකට පෙර සිටම සැලසුම්කර තිබුණද එය හදිසියේ අත්හිටුවීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව වාර්තාවේ.
ජනාධිපතිවරයා හෙට පෙරවරු 11.30ට පමණ පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතව තිබූ අතර ඒ බව පාර්ලිමේන්තුවට තේරීපත්වූ සියලු මන්ත්‍රීවරුන් වෙත ලිපි මගින් දන්වා තිබිණි. එමෙන්ම ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු ගමන හේතුවෙන් කොළඹ නගරය සහ පාර්ලිමේන්තුව අවට දැඩි ආරක්ෂාවක් යෙදීමටද කටයුතු යොදා තිබිණි.
මේ අතර හමුදා අත්අඩංගුවේ රදවා තබාගෙන සිටින, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා හෙට දිනයේදී පාර්මේන්තුන්තුවට වාර්තා කිරීමට නියමිත බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ ලේකම් විජිත හේරත් මහතා පැවසීය. ඒ මහතා පැවසූවේ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවට පැමිණීම වැළැක්වීම ආණ්ඩුව දැරූ සියලු උත්සාහයන් අසාර්ථකවූ බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය. lankatruth

අගමැති පුටුව දි.මු. ට


හිටපු අමාත්‍ය දි.මු. ජයරත්න මහතා මෙරට නව අග්‍රාමාත්‍යවරයා ‍වශයෙන් දිවුරුම් දෙයි. මීට ටිකවේලාවකට පෙර අරලිය ගහ මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දි.මු.ජයරත්න මහතා සිය ධුරයේ දිවුරුම් දුන්නේය. වසර 60 ක දේශපාලන ඉතිහාසයකට හිමිකම් කියන දි.මු. ජයරත්න මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 13 වැනි සාමාජිකයා වේ. 1931 වසරේ ජුනි 4 වැනිදා උපත ලද දි.මු. ජයරත්න මහතාගේ සම්පූර්ණ නම වන්නේ දිසානායක මුදියන්සේලාගේ ජයරත්නයි. ගම්පොළ දොළුව පන්සලෙන් මූලික අධ්‍යාපන ලද ජයරත්න මහතා ගම්පොළ සහිරා විද්‍යාලයෙන් ද්විතියික අධ්‍යාපනය ලැබුවේය. උප තැපැල් ස්ථාන‍ාධිපතිවරයෙකු මෙන්ම ගුරුවරයෙකු ලෙස ද කලක් වෘත්තියේ නියැළුනු දි.මු. ජයරත්න මහතා 1970 වර්ෂයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පොළ මන්ත්‍රීවරයා ලෙස ඡන්දයෙන් මැතිසභයට තේරී පත්වුණි. ඒ මහතා කලක් ඉඩම්, කෘෂිකර්ම සහ වන සම්පත් අම‍ාත්‍යවරයා ලෙස ද තවත් වරක් සමූපකාර අමාත්‍යවරයා ලෙස ද චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ රජයේ කටයුතු කළේය. අනතුරුව තැපැල් හා විදුලි සංදේශ, උඩරට සංවර්ධන, ග්‍රාමීය ආර්ථික සංවර්ධන හා වැවිලි කර්මාන්ත යන අමාත්‍ය ධුර ද ඒ මහතා හෙබවිය. මෙවර ඒ මහතා මැතිසබයට පත්වන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තුවෙනි. adaderana

ලැයිස්තුවේ තැන ගැන විමල් පසුතැවිල්ලේ


ජාතික නිදහස් පෙරමුණට ජාතික ලැයිස්තුවෙන් ලබාදූන් ඉඩකඩ පිළිබඳ එම පක්ෂයේ නායක විමල් වීරවංශ මහතා සෑහීමකට පත්ව නැතැයි පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
ජාතික ලැයිස්තුවෙන් ජාතික නිදහස් පෙරමුණට මන්ත්‍රීධූර දෙකක් ලබා දීමට මීට ප්‍රථම ජනාධිපතිවරයා සමග කරන ලද සාකච්ඡාවලදී එකඟ වී සිටින ලදැයි කියැවේ.
එහෙත් මේ වන විට එක්සත් ජනතා නිදහස් සන්ධානය මගින් පාර්ලිමේන්තුව නියෝජනය කරනා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නම් ප්‍රකාශයට පත් කර ඇති තත්ත්වයක් තුළ ජාතික නිදහස් පෙරමුණට හිමිව ඇත්තේ එක් මන්ත්‍රීධූරයක් පමණි.
එකී මන්ත්‍රීධූරය සඳහා හිටපු සංචාරක අමාත්‍ය අචල සුරංග ජාගොඩ මහතා නම් කර ඇත.br>
එහෙත් ජාතික නිදහස් පෙරමුණේ මොහොමඩ් මුසම්මිල් මහතාද ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස නම් කරන ලෙස ඉල්ලා තිබුණු බවත්,එකී ඉල්ලීමට සැලකිල්ලක් නොදැක්වීම සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතා සිය නොසතුට ප්‍රකාශ කර ඇතැයිද කියැවේ.adaderana

බිග් බී" ජනපති හමුවෙයි


මෙම වසරේ ජූනි මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත IIFA 2010 සිනමා සම්මාන උළෙලේ ඉදිරි වැඩ කටයුතු සම්පාදනය වෙනුවෙන් ශ්‍රී ලංකාවට පැමිණි සුපිරි බොලිවුඩ් නළු, ජාත්‍යන්තර ඉන්දීය සිනමා ඇකඩමියේ සන්නාම තානාපති අමිතාබ් බච්චන් ඊයේ සන්ධ්‍යාවෙහි කොළඹ අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවිය. එහිදී මිනිත්තු 45ක පමණ කාලයක් අමිතාබ් බච්චන් හා ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් පැවැත්විණි. ඉන්දියානු සහ ශ්‍රී ලංකා සිනමා කර්මාන්තය, දෙරට සිනමා කර්මාන්තයන්ට හිමි සම්පත් හුවමාරුව වැනි කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡාවට බඳුන්වී ඇත. adaderana

වාහන ජාවාරම්කරුවන් 4 ක් මාට්ටු


මහා පරිමාණයෙන් යතුරුපැදි හා ත්‍රීරෝද රථ මංකොල්ලකෑමේ නිරත වූ ජාවාරම්කරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට කුලියාපිටිය අපරාධ විමර්ශන අංශය සමත් වී තිබේ.
මිලිමීටර් 9 වර්ගයේ ස්වයංක්‍රීය පිස්තෝලයක් සමග උණ්ඩ කිහිපයක් ද ඔවුන් සතුව තිබී සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනාගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී සොරාගන්නා ලද යතුරු පැදි 12 ක්, ත්‍රීරෝද රථයක් සහ යතුරු පැදි එන්ජින් 88 ක් ද සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය..
අත්අඩංගුවට සැකකරුවන් කුලියාපිටිය, පහළ ගොඩිගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කරයි. adaderana

හත්වෙනි පාර්ලිමේන්තුව හෙට රැස්වෙන්නේ මෙහෙමයි


හත්වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය හෙට ආරම්භ කෙරේ. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මීළඟ කථානායකවරයා පත්කර ගැනීම පමණක් හෙට සිදුකිරීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික කිතුලේගොඩ මහතා සඳහන් කළේය.
නව පාර්ලිමේන්තුව හෙට උදෑසන 8.45 ට ආරම්භ වීමට නියමිතව ඇති අතර පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 1 (අ) යටතේ කථානායකවරයෙකු තෝරාපත් කර ගැනීම එහි පළමු කාර්යය වේ. ආණ්ඩු පක්ෂයෙන් හා විපක්ෂයෙන් එක් අයෙකු පමණක් යෝජනා වුවහොත් ඔහුට නිතරගයෙන් කථානායක ධුරය හිමිවේ.
එක් ‍අයෙකුට වඩා එම ධුරයට නම් යෝජනා වුවහොත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර රහස් ඡන්දයක් පැවැත්වෙනු ඇත. කෙසේවෙතත් අවසන් පාර්ලිමේන්තු තුනේදීම කථානායක ධුරය එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකුට පිරිනැමුණු බැවින් මෙවර එම ධුරය ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකුට පිරිනැමීමට එක්සත් ජාතික පක්ෂ නායකයා ද එකඟතාව පළ කර ඇති බව පසුගියදා වාර්තා විය.
කථානායකවරයා දිවුරුම් දීමෙන් පසු සෙසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිය මන්ත්‍රී ධුරවල නිල වශයෙන් දිවුරුම් දීම සිදුකෙරේ. නියෝජ්‍ය කථානායක ධුරය හා නියෝජ්‍ය කාරක සභා සභාපති ධුරවලට තෝරාපත් කර ගැනීම සිදුකෙරෙන්නේ එයින් අනතුරුවයි.
ඒ අතර මැතිසබයට තේරීපත්ව දැනට යුද හමුදා අත්අඩංගුවේ සිටින ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට ද හෙට මංගල සැසිවාරයට සහභාගී වීමට අවශ්‍ය ඉඩකඩ සලසන ලෙස පාර්ලිමේන්තු මහලේකම්වරයා ආරක්ෂක ලේකම්වරයා වෙත ලිපියකින් දැනුම් දී තිබේ.
හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පවසන පරිදි ඒ පිළිබඳ මේ වන විට පාර්ලිමේන්තු මහලේකම්වරයාට ආරක්ෂක ලේකම්වරයා විසින් ප්‍රතිචාර දක්වා ඇත.

මෙවර පාර්ලිමේන්තුවේ ආසන 144 ක් ආණ්ඩු පක්ෂයට හිමිවීම නිසා මෙතෙක් ආණ්ඩුපක්ෂයට වෙන්ව තිබූ ඉඩ කඩ සීමා වී ඇතැයිද ඒ හේතුවෙන් ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසකට විපක්ෂයේ අසුන් ගැනීමට සිදුවනු ඇත.
ඒ අනුව නවක මන්ත්‍රීවරුන් ලෙස තේරීපත් වූ 28 දෙනෙකුට විපක්ෂයේ පසු පෙළ අසුන් පැනවීමට නියමිතව ඇතැයි සඳහන් වේ. කෙසේ වෙතත් මේ වන විට ආණ්ඩු පක්ෂයට හා විපක්ෂයට 116 බැගින් අසුන් පනවා ඇතැයිද,මන්ත්‍රීවරුන්ගේ ජ්‍යෙෂ්ඨත්වය සැලකිල්ලට ගනිමින් පාර්ලිමේන්තුවේ අසුන් පැනවීම පසුදිනෙක සිදු කිරීමට සැලසුම් කර තිබේ.
හෙට මැතිසබයේ කටයුතු නිමාවීමෙන් පසුව පාර්ලිමේන්තුව යළි රැස්වන්නේ මැයි 4 වැනිදාය. adaderana

හෙට 550 ක් යළි පදිංචි කෙරෙයි


මුලතිවු, ඔඩ්ඩුසුඩාන් නගරය තුළ හෙට දිනයේ දී පුද්ගලයින් යළි පදිංචි කරවීමට පියවර ගන්නා බව ආපදා සහන සේවා හා නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව ඔඩ්ඩුසුඩාන් නගරය තුළ පදිංචි කෙරෙන පිරිස 550 දෙනෙකු වන බව අමාත්‍යාංශය සඳහන් කරයි.
අමාත්‍යාංශ ලේකම් යූ.එල්.එම්. හල්දීන් මහතා පවසන පරිදි දැනට වව්නි‍යාවේ ඥාතීන්ගේ නිවෙස්වල සිටින පිරිසක් මෙලෙස පදිංචි කරවනු ඇත. ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කිරීම නිමාවීමෙන් අනතුරුව මෙලෙස අවතැන්වූවන් පදිංචි කරවනු ලබන්නේ යටිතල පහසුකම් ලබාදීමෙන් අනතුරුව බව අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේය.
ලබන 23 සහ 25 යන දිනවලදී කිලිනොච්චි සහ මුලතිවු යන දිස්ත්‍රික්කවල 5050කට අධික පිරිසක් පදිංචි කිරීමට සැලසුම් කර ඇති බව ද නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය පෙන්වාදෙයි.
මෙම පිරිස පදිංචි කිරීමත් සමග අවතැන් වූ කඳවුරුවල සිටින පුද්ගලයින්ගේ සංඛ්‍යාව 71,000 දක්වා අඩුවන බව අමාත්‍යාංශ ලේකම් යූ.එල්.එම්. හල්දීන් මහතා වැඩිදුරටත් කියා සිටියේය. adaderana

සන්ධානයේ ලැයිස්තුවත් කරළියට



එක්සත් ජනතා නිදහස් සන්ධානය සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ප්‍රකාශයට පත් කර තිබේ..

ඒ අනුව රත්නසිරි වික්‍රමනායක,
දි.මු. ජයරත්න,
ඩලස් අලහප්පෙරුම,
මහාචාර්ය ජී.එල්.පීරිස්, ඩිව් ගුණසේකර,
මහාචාර්ය තිස්ස විතාරණ,
ගීතාංජන ගුණවර්ධන,
පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි,
මුත්තු ශිවලිංගම්,
අචල සුරංග ජාගොඩ,
විනයාගමූර්ති මුරලිදරන්,ජේ.ආර්.පී. සූරියප්පෙරුම,
ජනක බණ්ඩාර ප්‍රියන්ත,
මහාචාර්ය රජීව් විජේසිංහ,
ඒ.එච්.එම්. අස්වර්,
මාලනී ෆොන්සේකා,
කමලා රණතුංග
යන අය ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරනු ඇත. එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙවර මහ මැතිවරණ‍යේ දී ලබාගත් ඡන්ද සංඛ්‍යාවට අනුව ඔවුන්ට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සංඛ්‍යාව 17 කි.

මෙවර මහ මැතිවරණයේ දී එම සන්ධානය ඡන්ද හතළිස් අට ලක්ෂ 46,388 ක් හිමිකරගත් අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 60.33ක් වේ.

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 17 ද සමගින් එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබාගත් මුළු මන්ත්‍රී ධුර සංඛ්‍යාව 144 කි. adaderana

එ.ජා.ප යේ ජාතික ලැයිස්තුව නම්කෙරෙයි


එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 9 ක් නම් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන පරිදි
තිස්ස අත්තනායක,
ජෝශප් මයිකල් පෙරේරා,
එරාන් වික්‍රමරත්න,
හර්ෂ ද සිල්වා,
ඩී.එම් ස්වාමිනාදන්,
ආර්.යෝගරාජන්,
අනෝමා ගමගේ,
මොහොමඩ් තම්බි හසන් අලී,
අස්ලම් මොහොමඩ් ,
සලීම් මොහොමඩ් වන අය මෙසේ නම් කර ඇත. adaderana

යුරෝපයට යළි ගුවන් ගමන් ඇරඹෙයි


ශ්‍රී ලංකාවෙන් යුරෝපයට අත්හිටුවා තිබූ ගුවන් ගමන් යළි ආරම්භ කිරීමට පියවර ගත් බව ශ්‍රී ලන්කන් එයාර් ලයින්ස් පවසයි.
ඒ අනුව අද බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර,ප්‍රංශයේ පැරිස් සහ ඉතාලියේ මිලාන් නගරය බලා ගුවන් ගමන් ආරම්භ කළ බව සඳහන් වේ.
අයිස්ලන්තයේ ගිනි කන්දක් පුපුරා යාමෙන් වායු ගෝලයට දුම් සහ අළු මිශ්‍රවීම හේතුවෙන් ගුවන් ගමන් අවලංගු කර තිබිණි.
පසුගිය සතියකට වැඩි කාලයක සිට මෙම තත්ත්වය උද්ගත වී තිබීමෙන් පසු අද මෙසේ යළි ගුවන් ගමන් ආරම්භ කෙරිණි. adaderana

දි.මු අගමැති වෙයි- අද සවස දිවුරුම්දෙයි..?


හිටපු වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා මෙන්ම පොදුජන එක්සත් පෙරමුණේ ලේකම්වරයාද වන දි.මු ජයරත්න මහතා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 07 වන පාර්ලිමේන්තුවේ අගමැතිවරයා ලෙස අද සවස දිවුරුම් දෙන්නට නියමිතව ඇතැයි සඳහන් වේ.
ඒ අනුව අද සවස 4.00 ට පමණ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ අදාළ දිවරුම්දීම සිදු කිරීමට නියමිතව ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රකාශකයෙක් කියා සිටියේය.
අද සවස දිවුරුම් දෙන දි.මු ජයරත්න මහතා ශ්‍රි ලංකාවේ 21 වන අග්‍රාමාත්‍යධූරයට පත් වන අතර පුද්ගලයින් වශයෙන් සැලකූ කල නිදහස් ශ්‍රී ලංකාවේ 14 වන අග්‍රාමාත්‍යවරයා වේ. මේ වන විට වයස අවුරුදු 79 ක් වන දි.මු ජයරත්න මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් වී ඇත්තේ වර්ෂ 1950 දීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ මෙන්ම එවක නායකයා වූ දිවංගත එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගෙන් පක්ෂයේ 13 වන සාමාජිකයා ලෙස සාමාජිකත්වය ලැබූ ඔහු අවස්ථා කිහිපයකදීම පක්ෂයේ තනතුරු රැසක් හොබවා ඇත.
ප්‍රථම වරට 1970 දී පාර්ලිමේන්තුවට තේරීපත් වූ දි.මු ජයරත්න මහතා මේ වන විට පාර්ලිමේන්තු‍ව නියෝජනය කරනා ජ්‍යෙෂ්ඨතමයෙකු වේ.
ෂිං හුවා චීන මාධ්‍ය උපුටා දක්වන පරිදි ශ්‍රී ලංකාවේ වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් සිය සොහොයුරු බැසිල් රාජපක්ෂ මෙන්ම තවත් ජ්‍යෙෂ්ඨයින් රැසක් අතුරින් දි.මු ජයරත්න මහතාට අගමැතිධූරය ලබා දීමට තීරණය කර ඇත්තේ ඔහු පක්ෂයට දැක්වූ අනූපමේය සේවය සහ ගරුත්වය නිසාය. adaderana

ද්‍රවිඩ සන්ධානයත් ජාතික ලැයිස්තුව නම් කරයි


"ඉලංකෙයි තමිල් අරසුකච්චි"සඳහා ජාතික ලැයිස්තුවෙන් හිමි වූ මන්ත්‍රීධූරයට එම්.සුමන්දරම් මහතා පත් කළ බව ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා අද දෙරණට කියා සිටියේය. adaderana

රනිල් ඉවත්කිරීමේ යෝජනාව මැයි 07 දා


එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත්විය යුතු බවටත්,ඒ වෙනුවට සජිත් ප්‍රේමදාස පක්ෂ නායකත්වයට පත් කළ යුතු බවටත් එ.ජා.පයේ ජාතික නීතිඥ සංගමය යෝජනා කර ඇතැයි සිරිකොත ආරංචි මාර්ග සඳහන් කරයි.
එ.ජා.ප පක්ෂ මූලස්ථානයේ පැවති රැස්වීමකදී ගෙනවිත් ඇති මෙම යෝජනාවට විපක්ෂව කරුණු දක්වා ඇත්තේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මහතාගේ නීතිඥයා පමණක් බව නීතිඥ සංගමයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් අද දෙරණට කියා සිටියේය.
පැවති රැස්වීමේදී පක්ෂ නායකත්වයේ දුර්වලතා රැසක් පිළිබඳ සාකච්ඡාවට බඳුන් වී ඇති බව ඔහු සඳහන් කළේය.
පක්ෂ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත්විය යුතු බවට වන යෝජනාව එළඹෙන මැයි මස 07 වන දින ඔහු ඉදිරියේදීම ඡන්ද විමසීමකට බඳුන් කර නායකත්වයට දනවන්නට ක්‍රියා කරනු ඇතැයි නීතිඥ සංගමයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයා වැඩිදුරටත් කියා සිටියේය. adaderana

කුසලානයෙන් ටිරාන්ටත් පාර්ලිමේන්තුවට දොර ඇරෙයි


ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ ජාතික ලැයිස්තුවෙන් හිමිවූ මන්ත්‍රීධූර දෙකට ටිරාන් අලස් මහතා සහ හිටපු පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක මහතා පත් කර ඇතැයි ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ ලේකම් විජිත හේරත් මහතා පවසයි.
7 වන පාර්ලිමේන්තුව සඳහා පැවති මහ මැතිවරණයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයට මන්ත්‍රීධූර 5 ක් හිමි වූ අතර ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීධූර 2 ක් හිමි වී තිබිණි. adaderana

විදෙස් කටයුතු අමාත්‍යංශය සීරුවෙන්


යුරෝපීය ගුවන් ගමන් ඇන හිටීම හේතුවෙන් දුෂ්කරතාවට පත්ව සිටින ශ්‍රී ලාංකිකයින් පිළිබඳ අවධානය යොමු කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
එම අමාත්‍යාංශය නිවේදනය කරන්නේ අදාළ යුරෝපීය රටවල පිහිටි ශ්‍රී ලාංකීය තානාපති කාර්යාල හරහා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට පියවරගෙන ඇති බවයි.
ලන්ඩනයේ පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය පැය 24 පුරා ක්‍රියාත්මක හදිසි ඇමතුම් ඒකකයක් ස්ථාපිත කර ඇති බව ද සඳහන් වේ.
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව යුරෝපීය රටවල රැඳී සිටීමට සිදුවු ශ්‍රී ලාංකීකයින්ගේ වීසා බලපත්‍ර වලංගු කාල සීමා දීර්ඝ කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. adaderana

නාවලපිටිය ගැන අවධානය යොමුකළ යුතුයි


මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටිය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කුඹුරුපිටිය ප්‍රදේශවල ඡන්ද මධ්‍යස්ථාන 38ක ඡන්දය ශූන්‍ය කිරීමට සිදුවීම පිළිබඳව අදාළ පාර්ශවයන් නැවත අවධානය යොමු කළ යුතු බව මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයේදී පෝස්ටර් , බැනර් , කටවුට් , රාජ්‍ය මාධ්‍ය සහ රාජ්‍ය දේපල යොදා ගනිමින් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම කනගාටුවට කරුණක් බව ඔහු පවසයි.
මැතිවරණ කොමසාරිස්වරයා නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වේ.
එම නිවේදනය මගින් මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා පවසන්නේ නාම යෝජනා භාරදීම සිදුවු දින පටන් මැතිවරණය පැවැත්වෙන දිනය දක්වා කාල පරිච්ඡේදය තුළ නීත්‍යානූකූලව කටයුතු කළ අපේක්ෂකයින් , රාජ්‍ය නිලධාරීන් සහ මහජනතාව වෙත සිය කෘතඥතාව පළ කරන බවයි.adaderana

මහනුවරින් මහින්දානන්ද පෙරමුණේ


නාවලපිටියේ ඡන්ද බල ප්‍රදේශයේ පැවති ඡන්ද විමසීමත් සමග මහ මැතිවරණයට අදාල මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය ද ඊයේ රාත්‍රිෙය් නිකුත් කෙරුණි.
ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ පෙරමුණ ගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය සමත්ව තිබෙන අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව තුන්ලක්ෂ 39,819ක් වේ. එය 60.77% ක ප්‍රතිශතයක් වේ.
ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආසන 8ක් හිමිව තිබේ. එක්සත් ජාතික පක්ෂය දෙවන ස්ථානයට පත්ව ඇත්තේ ඡන්ද එක්ලක්ෂ 92,798ක් ලබා ගනිමින් වන අතර එය ප්‍රතිශතයක් ලෙස 34.48%ක් වී ඇත.. එසේම එක්සත් ජාතික පක්ෂය මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසන 4ක් හිමිකරගෙන තිබේ.
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය ඡන්ද 23,728ක් ලබා ඇති අතර එය 4.24%ක ප්‍රතිශතයක් වේ. මහනුවර දිස්ත්‍රීක්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඉහළම මනාප ලබා ඇත්තේ මහින්දානන්ද අලුත්ගමගේ මහතා වන අතර ඔහු මනාප ඡන්ද 146,765 ක් ලබා ගැනීමට සමත් වී තිබේ.
මහනුවර දිස්ත්‍රීක්කයේ සියලු මනාප ඡන්ද පහත පරිදි වේ. ------------------------ එක්සත් ජනතා නිදහස් සන්ධානය
මහින්දානන්ද අලුත්ගමගේ 146,765

කෙහෙළිය රඹුක්වැල්ල 133,060

ඒස්.බි.දිසානායක 108,169

ලොහාන් රත්වත්තේ 81,812

එරික් වීරවර්ධන 54,195

දිලුම් අමුණුගම 45,909

ෆයිසර් මුස්තාෆා 44,648

සරත් අමුණුගම 44,478



එක්සත් ජාතික පක්ෂය

අබ්දුල් කාදර් 54,937

රවුෆ් හකීම් 54,047

ලක්ෂ්මන් කිරිඇල්ල 53,690

එම්.එච්.එම්.හලීම් 46,240

Tuesday, April 20, 2010

zකථානායකZ ලෙඩේට චමල් රෝහල් ගතවෙයි


(ලංකා ඊ නිව්ස් 2010 අප්‍රේල් 20, ප.ව.6.25) අලූත් ආණ්ඩුවේ කථානායක තනතුරට පත් කිරීමට යෝජනා වී සිටින ජනාධිපති වැඩිමහල් සොහොයුරු චමල් රාජපක‍ෂ මහතා හදිසියේ ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කරනු ලැබ සිටී.
ජයවර්ධනපුර රෝහලේ 3 වන වාට්ටුවේ විශේෂ කාමරයක නේවාසිකව සිටින චමල් රාජපක‍ෂ මහතා හදිසියේ රෝහල් ගතවී තිඛෙන්නේ ශාරීරික අසනීපයකට ප්‍රතිකාර ගැනීමට වඩා ඔහුට බලහත්කාරයෙන් පටවන්නට යන කථානායක zලෙඩයZ නිසා බව කියති.
zලංකා ඊ නිව්ස්Z වෙත වාර්තා වන්නේ චමල් රාජපක‍ෂ මහතා කථානායක තනතුර බාර ගැනීම ප්‍රතිෙක‍ෂ්ප කර තිඛෙන බවයි. එසේම ඔහුගේ පවුලේ අයද මෙම තනතුර බාර ගැනීමට අකැමැත්ත ප්‍රකාශ කර ඇතැයි ද දැනගන්න තිබේ.
චමල් රාජපක‍ෂ මහතාගේ අකමැත්ත නිසා, එම තනතුර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඇමැති ඩිව් ගුණසේකර මහතාට බාර ගන්නැයි ඉල්ලීමක් කළ බවක්ද ඔහු ද එය ප්‍රතිෙක‍ෂ්ප කර ඇති බවද කියති. මේ ප්‍රතිෙක‍ෂ්ප කිරීම ජාතික ලැයිස්තුව නම් කිරීමේදී ඔහුට අවාසියක් වනු ඇතැයි ද කියති.
මේ පිළිබඳව ගුණසේකර මහතාගෙන් zලංකා ඊ නිව්ස්Z විමසූවිට කීවේ zමම මේ ගැන දන්නෙත් නෑ. මගෙන් කවුරුවත් විමසලත් නෑ. දුන්නත් බාර ගන්නෙත් නෑZ කියායි.
මේ අතර සන්ධානයේ ජාතික ලැයිස්තුවට ඇතුලත් කර සිටින හිටපු කථානායක විජමු ලොකුබණ්ඩාර මහතා මන්ත්‍රීවරයකු ලෙස නම් නොකරනු ඇතැයි වාර්තාවේ. පසුගිය ජනාධිපතිවරණ දිනයේදී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ඡන්දදායකයකු නොවන නිසා ඔහු දිනුවත් ජනාධිපතිවන්න බැරි බවට රාජ්‍ය මාධ්‍ය හරහා නීති තර්කයක් ඉදිරිපත් කළ නීතිඥ සරත් කෝන්ගහගේ මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස නම් කරන්නට යන බව වාර්තාවේ.

Geetha



ඡන්දය සාමකාමීව අවසන්


නාවලපිටිය සහ ත්‍රිකුණාමලය, කුඹුරුපිටිය ඡන්ද මධ්‍යස්ථාන වල පැවති ඡන්ද විමසීමේ කටයුතු සාමකාමී ලෙස පැවැත්වුණු බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් පවසයි.
නාවලපිටිය ආසනේ ඡන්දය ප්‍රකාශ කිරීම 55% 60% අතර ප්‍රතිශතයක් ගන්නා බව මහනුවර දිස්ත්‍රික් මැතිවරණ තේරීම් භාර නිලධාරී ගෝඨාභය ජයරත්න මහතා සඳහන් කළේය. දැඩි ආරක්ෂක විධි විධාන මධ්‍යයේ නාවලපිටිය සහ කුඹුරුපිටිය ඡන්ද මධ්‍යස්ථාන වල ඡන්ද විමසීම අද උදෑසන 7 ට ආරම්භ වු අතර පස්වරු 4ට එය අවසන් විය. නාවලපිටිය ඡන්ද මධ්‍යස්ථාන 37කදී ඡන්ද විමසීමේ කටයුතු සිදුවු අතර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටි ඡන්ද දායකයින්ගේ සංඛ්‍යාව 50,948කි.
මේ අතර ත්‍රිකුණාමලය, කුඹුරුපිටිය ඡන්ද මධ්‍යස්ථානයේ ද ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 45 .9%ක් වන බව ත්‍රිකුණාමල දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් නිශාන්ත දිනිත්ප්‍රිය හේරත් මහතා පවසයි. එහි ඡන්ද විමසීමේ කටයුතු සාමකාමී මට්ටමින් සිදුවු බව ඒ මහතා සඳහන් කළේය. කුඹුරුපිටිය ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්දය ප්‍රකාශය කිරීම සඳහා සුදුසුකම් ලබා සිටි ඡන්ද දායකයින්ගේ සංඛ්‍යාව 977කි. අප්‍රේල් 8 වැනිදා පැවති මහ මැතිවරණ ඡන්ද විමසීමේ දී දුෂණ අක්‍රමිකතා හා බලහත්කාරකම් හේතුවෙන් නාවලපිටිය සහ කුඹුරුපිටිය ඡන්ද මධ්‍යස්ථාන වල ඡන්දය ශූන්‍ය කිරීමට මැතිවරණ කොමසාරිස්වරයා තීරණය කළේය. adadearna

සාලිය දිසානායක ආරක්ෂාව මැද සභා සැසිවාරයට


රක්ෂිත බන්ධනාගාර ගතව සිටින මධ්‍යම පළාත් සභාවේ සභාපති සාලිය දිසානායක මහතා අද විශේෂ ආරක්ෂාවක් මධ්‍යයේ පළාත් සභා සැසිවාරයට සහභාගි විය.
මධ්‍යම පළාත් සභා සැසිවාරයට සාලිය දිසානායක මහතා පැමිණියේ බන්ධනාගාර බස් රථයකින් බව අද දෙරණ වාර්තාකරු සදහන් කළේය. පසුගිය මහ මැතිවරණ කාලය තුළ හිටපු අමාත්‍ය සී.බී.රත්නායක මහතාගේ අධාරකරුවන් සමග ඇතිවු ගැටුමක් හේතුවෙන් සාලිය දිසානායක මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
කෙසේ වෙතත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ විශේෂ අවසරයක් මත අද පැවති පළාත් සභා සැසි වාරයට සහභාගි වීමට සාලිය දිසානායක මහතාට හැකිවිය. පළාත් සභා සැසිවාරයට සහභාගි වීමෙන් අනතුරුව සාලිය දිසානායක මහතා යළිත් වරක් බන්ධනාගරය වෙත රැගෙන යාමට බන්ධනාගර නිලධාරීන් පියවරගෙන තිබේ. adaderana

දෙවෙනි යුද අධිකරණය මැයි 04 ට කල්යයි


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් ක්‍රියාත්මක දෙවන යුද අධිකරණය යළි මැයි මස 04 වන දින රැස්වීමට තීරණය කෙරුණු බව යුද හමුදා මාධ්‍ය ප්‍රකශක මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පවසයි.
ඒ අනුව මැයි මස 04 වන දින ප.ව.2.30 ට යළි දෙවන යුද අධිකරණය කැඳවෙනු ඇති බව හෙතෙම අද දෙරණට කියා සිටියේය.
අද නාවික හමුදා මූලස්ථානයේදී මෙම දෙවෙනි යුද අධිකරණය කැඳවීමෙන් පසු මෙම තීරණය ගත් බව ඔහු පැවසීය. ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සක්‍රිය හමුදා සේවයේ සිටියදී සිදුකළ බව කියන මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් මෙම දෙවන යුද අධිකරණය ක්‍රියාත්මක කෙරේ. adaderana

අම්ල වැස්ස අලි බොරුවක්


ඉදිරි සති කිහිපය තුළ අම්ල වැස්සක් ඇදහැ‍ලෙන බවට පැතිර ගිය දූෂමාන ආරංචි සම්පූර්ණයෙන්ම අසත්‍ය බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. කෙටි පණිවිඩ, විද්‍යුත් තැපෑල ආදී විවිධ සන්නිවේදන ක්‍රම ඔස්සේ අප්‍රේල් 20 -28 කාලය තුළ අම්ල වැසි ඇදහැලෙන බවට ප්‍රචාරය වූ පුවත අසත්‍ය පුවතක් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව "අද දෙරණ"ට සඳහන් කළේය.
එම අසත්‍ය පණිවිඩ වල දැක්වූයේ මෙවැනි පුවතකි.
"ප්‍රවේශම් වන්න. මෙම මාසයේ 20 -28 කාලය තුළ අම්ල වැසි ඇදහැලීමේ අවධානමක් පවතී. පසුගිය මස 17වන දින චන්ද්‍රයා වටා අඳුරු වළල්ලක් දර්ශනය විය. මෙවැනි දර්ශනයක් ඇතිවන්නේ වසර 750කට වරක්ය. එය සාමාන්‍ය වර්ෂාවක් ලෙස දර්ශනය වුව ද එම වැසි දියට තෙමෙන පුද්ගලයින්ට සමෙහි පිළිකා රෝග තත්ත්වයන් ඇතිවිය හැකිය. මෙම පුවත "නාසා" ආයතනයෙනි. ඔබේ පවුලේ සාමාජිකයන් හා හිත මිතුරන්ව මේ සම්බන්ධයෙන් දැනුවත් කරන්න"
මේ සම්බන්ධ වාර්තා නයිජීරියාව, පකිස්තානය හා අප්‍රිකාව ආදී ලෝකයේ විවිධ රටවල ජනතාව වෙත ද ලැබී ඇති අතර ඔවුන් මෙම පුවතෙන් බියටත්, කලබලයටත් පත්ව ඇත. මෙම පුවත නාසා ආයතනය ලෙස දක්වමින් ගොතන ලද මුසාවක් බව පසුගිය 16 වන දින මෙම අම්ල වර්ෂාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් පකිස්තාන කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තු‍වේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ප්‍රකාශ කර තිබුණි. adaderana

අගමැතිකම බැසිල්ට දෙන්නැයි ඉල්ලීමක්


බැසිල් රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධූරයට පත්කරන ලෙස ශ්‍රී ලංකා ජාතික පෙරමුණ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටී.
මෙවර මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා ජාතික පෙරමුණ පක්ෂයක් ලෙස තනිව තරග කළේ ප්‍රධාන කරුණු 03ක් මුල් කරගනිමින් බව ජාතික පෙරමුණේ නායක විමල් ගීගනගේ මහතා පවසයි. ඒ අතර ප්‍රධාන කරුණ ලෙස ඔවුන් ඉදිරිපත් කරනුයේ ව්‍යවස්ථාවට නව සංශෝධනයක් එක්කරමින් ජනාධිපතිවරයෙකුට වාර දෙකකට වැඩි ගණනක් ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමට හැකි ලෙස ව්‍යවස්ථාව සංශෝධනය කිරීමය. එමෙන්ම අගමැති තනතුර සඳහා බැසිල් රාජපක්ෂ මහතා පත්කරන ලෙසත් එසේ ඔහු අගමැති තනතුරට පත්කිරීමේ යම් අපහසුතාවක් ඇතොත් නව ව්‍යවස්ථා සංශෝධනය තුළදීම ලෝකයේ බොහෝ රට වල ඇති පරිදි උප ජනාධිපති තනතුරක් හෝ නිර්මාණය කර බැසිල් රාජපක්ෂ මහතාට නව තනතුරක් පිරිනැමීම යන කරුණු ද එම ප්‍රධාන කරුණු 03 අතර වේ.
මෙවර මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා ජාතික පෙරමුණ ලෙස පාර්ලිමේන්තු වරම් අහිමි වුව ද ඉහත කරුණු ඉටුකිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ රජය සමග නිරන්තර සංවාදයක නිරතවන බව ද එම පෙරමුණ අවධාරණය කරයි. adaderana

හොරා පොලිස් ජීප් රිය සැබෑ පොලිස් අත්අඩංගුවට


කළුතර- දකුණ පොලීසිය විසින් ව්‍යාජ පොලිස් ජීප් රියක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ සවස 4.30 ට පමණ ගාල්ල-කොළඹ ප්‍රධාන මාර්ගයේ"පොලීසිය"යනුවෙන් නාම පුවරුවක් ප්‍රදර්ශනය කරමින් මෙම ජීප් රිය ධාවනය වූ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම ජීප් රථය පොලීසියට අයත් නොවන බව මූලික පරීක්ෂණ වලදී අනාවරණය බවී ඇතැයිද ,සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරන බව ද පොලීසිය සඳහන් කරයි. adaderana

රන් බඩුත් එක්ක හොරා මාට්ටු


ලක්ෂ 15 කට ආසන්න ස්වර්ණභාරණ තොගයක් සමග පුද්ගලයෙකු මාලිගාකන්ද ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. මරදාන පොලිසිය පවසන පරිදි ඊයේ පස්වරුවේ මෙම අත්අඩංගුවට ගැනීම සිදු වී ඇත.
අදාළ සැකකරු මාලිගාකන්ද ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකින් මෙම ස්වර්ණාභරණ සහ මුදල් සොරකම් කර ගෙන ඇති බව පොලිසිය පවසයි.
සැකකරු අත තිබී ජංගම දුරකථන කිහිපයක් ද සොයා ගෙන ඇතැයි සඳහන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවත්,ඒ සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.adaderana

අදත් ගුවන් ගමන් 03 ක් අවලංගුයි


කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට ලන්ඩන් බලා අද දිනයේ ගුවන් ගත වීමට නියමිතව තිබූ ගුවන් ගමන් වාර 3 ක් අවලංගු කර තිබේ.
ගුවන් තොටුපළ ප්‍රකාශකයෙකු සඳහන් කරනු ලැබුවේ අද උදෑසන 6.05 ට , 11.20 ට සහ පස්වරු 3.05 ගුවන් ගත වීමට තිබූ ගුවන් වාර 03 ක් මෙලෙස අවලංගු කර ඇති බවයි. මීට අමතරව ලන්ඩන් සිට ශ්‍රී ලංකාවට පැමිණීමට තිබූ ගුවන් ගමන් වාර 2 ක් ද අවලංගු කර තිබේ.
අද උදෑසන සහ පස්වරුවේ එම ගුවන් යානා 2 ක ශ්‍රී ලංකාවට පැමිණීමට තිබූ බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග පවසයි. අයිස්ලන්තයේ ගිනි කන්දක් පුපුරා යාමෙන් වායු ගෝලයට දුම් සහ අළු මිශ්‍රවීම හේතුවෙන් මෙසේ ගුවන් ගමන් අවලංගු කර ඇත.
මේ හේතුවෙන් යුරෝපා රටවල ගුවන් ගමන් රැසක්ද අවලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය සතියක පමණ කාලයක සිට මෙම තත්ත්වය උද්ගත වී තිබේ. adaderana

අමිතාබ් බච්චන් ලංකාවට


බොලිවුඩයේ සුපිරි නළු අමිතාබ් බච්චන් අද ශ්‍රී ලංකාවට පැමිණ ඇත. ඔහු අද සවස කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී මාධ්‍ය හමුවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. එමෙන්ම අද ඔහු ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට ද නියමිතය.
IIFA 2010 ජාත්‍යන්තර ඉන්දීය සිනමා සම්මාන උළෙල පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩ සටහන සඳහා අමිතාබ් බච්චන් මෙසේ ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. මෙම සම්මාන උළෙල ජූනි 03, 04 සහ 05 යන දින වලදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතය. මෙම සම්මාන උළෙල සඳහා ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය අනුග්‍රහය දක්වයි. සම්මාන උළෙල පැවැත්වෙන්නේ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදීය. අමිතාබ් බච්චන් අද රාත්‍රියේ නැවත ඉන්දියාව බලා පිටත්වේ. adaderana

මහින්දානන්ද නාවලපිටියේදී ඡන්දය දෙයි


අද දින නැවත ඡන්ද විමසීම සිදු කරන නාවලපිටිය ඡන්ද බල ප්‍රදේශයේ දී හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිය ඡන්දය ප්‍රකාශ කර තිබේ.
මීතලාව එම්.‍එස් අලුත්ගමගේ මහා විද්‍යාලයේ දී අද උදෑසන 8 ට පමණ ඔහු ඡන්දය ප්‍රකාශ කළ බව එහි සිටින අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය. එම ඡන්ද මධ්‍යස්ථානය සඳහා ලියාපදිංචි ඡන්ද දායකයින් 2185 දෙනෙකු සිටින අතර නාවලපිටිය ඡන්ද බල ප්‍රදේශයේ සිව්වන තැනට වැඩිම ඡන්ද දායකයින් පිරිසක් ලියාපදිංචි වී ඇත්තේ මෙම ඡන්ද මධ්‍යස්ථා‍නයේය.
මේ වන විට ජනතාව සිය ඡන්දය ප්‍රකාශ කිරීමට දැඩි උනන්දුවක් දක්වමින් සිටින බව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව අද දෙරණට අදහස් දක්වමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේය. adaderana