![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhH5PqZYivoRsywuH-VQEHCbN_psnanUMbArysTtTEyU86Yhu8LoChp0m0GUvTgGnAV0klpDppzM_pX_SdttgnQjfzSiCpcqT87iDC9JvwUN8BhLxPbRMx3jI0-0OyQPWdXQJlV8upiKJpP/s320/hadi.jpg)
යුද්ධය නිමා වීමෙන් පසු ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් හදිසි නීතිය ඉවත් කිරීමට පියවර ගත යුතු බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසයි.
හදිසි නීතිය යටතේ ශ්‍රී ලංකාවේ ත්‍රස්ත මර්දන පනත ඇතුළු නීතී ක්‍රියාත්මක වන බව එහි ආසියා පැසිෆික් කලාප පිළිබඳ නියෝජ්‍ය අධ්යක්ෂ මධූ මල්හෝත්‍රා මහතා සඳහන් කරයි. අත්තෝනෝමතිකව සිරභාරයට ගැනීම සහ රහස් රැඳවුම් මධ්‍යස්ථාන පවත්වා ගෙන යාමට මෙය උපකාරී වී ඇති බව ඔහු පෙන්වා දෙයි.
පසුගිය වසර තුළ දී රජය විසින් හදිසි නීතිය උපයෝගී කර ගනිමින් ජනමාධ්‍යවේදීන්, විරුද්ධ දේශපාලන මතධාරීන් සහ වෘත්තීය සමිති මර්දනය කළ බවට ද ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය චෝදනා කරයි. එබැවින් හදිසි නීතිය අවලංගු කිරීම පිළිබඳ අවධානය යොමු කරන ලෙස ඔවුන් මෙරට රජයෙන් ඉල්ලා සිටියි. adaderana
0 comments:
Post a Comment