Wednesday, April 14, 2010

ගීතා නඩු මගට බසී


මෙවර මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග වැද පරාජයට පත් සිනමා නිළි ගීතා කුමාරසිංහ මහත්මිය සිය පක්ෂයේ නායකයින්ට එරෙහිව නෛතික පියවර අනුගමනය කිරීමට තීරණය කර තිබේ. ඇය මෙවර මැතිවරණයට තරග වැදුණේ සන්ධානය යටතේ ගාල්ල දිස්ත්‍රික්කයෙනි. ඡන්ද ප්‍රතිඵල වලට අනුව තමන් ජයග්‍රාහී අපේක්ෂකයින් අතර සිටි නමුත් ඡන්ද ගණනය අවසන් වූ පසු ඇගේ නම ඒ අතරින් ඉවත්ව තිබූ බව බී. බී. සී සන්දේශය වෙත අදහස් දක්වමින් කුමාරතුංග මහත්මිය ප්‍රකාශ කර ඇත.
මෙය මුළුමනින්ම තම පක්ෂයේ සාමාජිකයන්ගේ ක්‍රියාවක් බවත්, නමුත් අදාළ පුද්ගලයින්ගේ නම් තමන්ට ප්‍රකාශ කළ නොහැකි බවත් ඇය අවධාරණය කරයි. එමෙන්ම ඇය සඳහන් කරන ආකාරයට ඇය ලබා ඇති මනාප ඡන්ද ගණනය කරන අවස්ථාවේදී එය නිරීක්ෂණය කිරීම සඳහා කිසිවකු ඉදිරිපත්ව නොමැත. සිය මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේදී ද නිදහස් සන්ධානයේ ප්‍රාදේශීය නායකයන්ගේ තර්ජනයන්ට ලක්වීමට පවා තමන්ට සිදුවූ බව ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි. adaderana

නව වසරට ජනපතිගෙන් සුබ පැතුම්


උදාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සමස්ත ශ්‍රි ලංකාවාසී සියළු ජනතාව අතර හදවතින් සේම මනසින් ද සමගිය හා සහජීවනය වර්ධනය කිරීමට හේතුවක් වනු ඇති බවට තමන් විශ්වාස කරන බව නව වසරට සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
සිංහල හා හින්දු ජනතාව එක්ව සමරන මෙම අලුත් අවුරුද්ද එකිනෙකා අතර වන මිත්‍රශීලී සබඳතා හඳුනාගැනීමට හේතුවක් වන බවත්, මෙම අලුත් අවුරුද්ද අප රටේ වෙසෙන සියළුම ජන ‍කොටස් අතර පවතින ශක්තිමත් සංස්කෘතීන් හා සම්ප්‍රදායන් පිළිබඳ පෙන්වාදෙන බවත් ජනාධිපතිවරයා සිය පණිවිඩයෙන් අවධාරණය කරයි. adaderana

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ අලූත් අවුරුදු පනිවිඩය


ලබන්නාවූ සිංහල-හින්දු අලූත් අවුරුද්ද ඔබ සැමට සුභ අලූත් අලූත් අවුරුද්දක් වේවා යැයි ප‍්‍රාර්ථනා කරමු. දශක තුනක පමණ කාලයක් තිස්සේ අපේ රටේ ජනතාවගේ ජීවිත විනාශ කළ ජාතික දේපල විනාශ කළ කුරිරු ත‍්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසුව එළඹෙන ප‍්‍රථම අලූත් අවුරුදු උත්සවය සිංහල, දෙමළ, මුස්ලිම් සියලූ ජන කොටස්වලට නිදහසේ හා සාමකාමීව සැමරිය හැකිව තිබේ. දශක ගණනාවකට පසු වැළපීම් හඬවලින් තොරව සෝ සුසුම්වලින් තොරව ත‍්‍රස්ත ප‍්‍රහාර පිළිබඳව බියෙන් හා සැකෙන් තොරව නිදහසේ අවුරුද්ද සැමරීමට ජනතාවට හැකිවී තිබේ. අපේ රටට මේ නිදහස ලබාදීම වෙනුවෙන් විශාල කැපකිරීමක් කළ රණවිරුවන් ප‍්‍රමුඛ සියලූ ජනතාව මෙහිදී අප සිහිපත් කළ යුතුව තිබේ.
අද මුළු රටම නිදහසේ අවුරුදු සැමරුවත් ඒ නිදහස ලබාදීමට විශාල වෙහෙසක් දැරූ මා හට එම නිදහස අහිමිව තිබේ. මගේ බිරිඳට හා දරුවන් දෙදෙනාට එකට සිට සතුටින් අවුරුදු සැමරිය නොහැක. නමුත් ඒ පිළිබඳව මට කිසිදු කලකිරීමක් නැත. මව්බිමට නිදහස ලබාගැනීම සඳහා මා දැරූ වෙහෙස ඵලදරා ඔබ සියලූදෙනා නිදහසේ අවුරුදු සැමරීම මට මහත් සතුටකි. ඉදිරි කාලයේදීද මෙම නිදහස හා සාමය ආරක්ෂා කර ගැනීමට අපි අදිටන් කර ගත යුතුව ඇත්තෙමු.
ලබන්නාවූ සිංහල හා හින්දු අලූත් අවුරුද්ද ඔබ සැමට නිදහස හා සාමය සපිරි සුභ අලූත් අවුරුද්දක් වේවා යැයි ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානය ලෙස අපි සුභ ප‍්‍රාර්ථනා කරමු.
ජනරාල් සරත් ෆොන්සේකා,
නායක,
ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානය.
2010.04.12

නිකොබාර් දූපතේ භූ කම්පනයක්


අද උදෑසන නිකොබාර් දූපත් අසල ඉන්දියන් සාගරයේ රික්ටර් මාපක 5 .3ක විශාලත්වයකින් යුතු භූ කම්පන තත්ත්වයක් ඇතිවූ බව භූ කම්පන විද්‍යාඥයන් පවසයි. මෙම භූ කම්පනය ඇතිව තිබෙන්නේ සිංගප්පූරු වේලාවෙන් පෙරවරු 4 .14ට පමණය. කිලෝමීටර් 28ක් පමණ ගැඹුරු මුහුදේ ඇතිවූ භූ කම්පනය නිසා සුනාමි තත්ත්වයක් ඇති නොවන බව ද ප්‍රකාශයට පත්කර ඇත. adaderana

Tuesday, April 13, 2010

ජෙනරාල් ෆොන්සේකා විපක‍ෂ නායක ධූරයට: නව විපක‍ෂයෙන් යෝජනාවක්


(ලංකා ඊ නිව්ස් 2010 අප්‍රේල් 12, ප.ව. 2.25) පාර්ලිමේන්තුවේ විපක‍ෂ නායක ධූරයට ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පත් කරගැනීමේ පසුබිමක් සකස් කර ගැනීම සඳහා වූ සාකච්ඡාවක් එක්සත් ජාතික පෙරමුණෙන් තේරී පත්ව සිටින මන්ත්‍රීවරුන් පිරිසක් අතර පැවැත්වෙමින් තිඛෙන බව වාර්තාවේ.
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායකයා ලෙස කොළඹ දිස්ත්‍රික්කයට තරඟ කළ ෆොන්සේකා මහතා මනාප ඡන්ද 98,258 ක් ලැබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්ව සිටී.
එක්සත් ජාතික පෙරමුණේ මෙම මන්ත්‍රී කණ්ඩායම පවසන්නේ ආණ්ඩුවට අභියෝගයක් දිය හැකි පුද්ගලයකු මේ අවස්ථාවේ විපක‍ෂ නායකයා ලෙස තෝරා ගත යුතු බවත්, ෆොන්සේකා මහතා දැනටමත් ආණ්ඩුවට අභියෝගයක් වී සිටීම ද මෙහිදී වඩාත් වැදගත් වන බවත්ය.
අනෙක් පසින් ජනාධිපති ධූරය වැනි අතිශය වැදගත් තනතුරක් සඳහා ජෙනරාල්වරයා පත් කර ගැනිමට එකඟ වූ විපක‍ෂයකට විපක‍ෂ නායකයා ලෙස ඔහු තෝරා ගැනීමට කිසිදු බාධාවක් තිබිය නොහැකි යයිද මෙම මන්ත්‍රී කණ්ඩායම පවසයි.
ෆොන්සේකා මහතා නිදහස් කර ගත හැක්කේ එක්සත් ජනතා පෙරමුණ ජයග්‍රහණය කළහොත් පමණක් බවට තම පක‍ෂයේ නායකයින් මහා මැතිවරණයේදී කළ ප්‍රකාශවලට ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා විපක‍ෂ නායක ලෙස පත් කර ගැනීමෙන් ජීවයක් ලබාදිය හැකි බවත්, එසේම ෆොන්සේකා මහතාගේ ආරක‍ෂාවට ද මෙය ප්‍රබල විසඳුමක් වන බවත් ඒ මන්ත්‍රී පිරිස කියති.

ඉතාලියේ තානාපති කාර්යාලයට අමතක වූ ඉතාලියේ ශ්‍රී ලාංකික ජනතාවක්

(ලංකා ඊ නිව්ස් 2010 අප්‍රේල් 12, ප.ව. 4.30) මිලානෝ නගරයේ වෙසෙන විසි දහසක් පමණ ශ්‍රී ලාංකිකයිනට එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් අවශ්‍ය සේවාවන් කර ගැනීමට නොහැකි තත්ත්වයක් පවතින බවට මැසිවිලි නගන ශ්‍රී ලාංකිකයෝ අද එම තානාපති කාර්යාලයයේ වගකිවයුත්තන් තමන් අමතක කර දමා ඇතැයි චෝදනා කරති.
මිලානෝ නගරයේ සිටින ශ්‍රී ලාංකිකයිනට රෝමයේ පිහිටි තානාපති කාර්යාලයයෙන් අවශ්‍ය සේවාවන් ලබා ගැනීමට විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙන්නට සිදුවන බවත්, එවැනි කටයුත්තකදී මිලානෝ නගරයේ සිටින තානාපති කාර්යාලයයේ තැරව්කරුවනට විශාල මුදලක් ගෙවන්නට සිදුවන බවත්, මෙතෙක් සිටි ශ්‍රී ලංකා තානාපතිවරුන් කළාක් මෙන් වර්තමාන තානාපතිවරයා කර තිඛෙන්නේද වඩ වඩාත් තැරැව්කරුවන් බිහි කිරීම බවත් ඔවුහු කියති.
මිලානෝ නගරයේ පදිංචි ශ්‍රී ලාංකිකයිනට අවශ්‍ය තානාපති සේවාවන් කර ගැනීමට කොන්සියුල්වරයකු පත් කරන ලෙස හෝ ආගමික ස්ථාන මුල්කරගෙන මාසිකව තානාපති ජංගම සේවාවක් පවත්වන ලෙසට දිගු කලක් තිස්සේ කරන ඉල්ලීමට ඇහුම්කන් දීමක් නැති බවද ඔවුහු කියති. වසරකට පමණ පෙර කතෝලික පල්ලියක තානාපති ජංගම සේවාවක් පවත්වා යුරෝ 19,000 ක පමණ (රුපියල් ලක‍ෂ 30 ක) ආදායමක් ද උපයා ගත් බව පෙන්නා දෙන මිලානෝ ශ්‍රී ලාංකිකයින්, තැරැව්කරුවනට මුදල් ගරාගන්නට තානාපති කාර්යාලය අවස්ථාව ලබාදී තිඛෙන්නේ මන්දැයි ප්‍රශ්න කරයි.

යුද හමුදාපති ලබන සතියේ ඇමරිකාවට: එරට බලධාරීන් ඔහුගෙන් ප්‍රශ්න කිරීමට යයි


(ලංකා ඊ නිව්ස් -2010.අප්‍රේල්.13, පෙ.ව.11.30) යුධ හමුදාපති ජගත් ජයසූරිය මහතා පෞද්ගලික චාරිකාවක් සඳහා ලබන සතියේ ඇමරිකාව බලා පිටත් වීමට නියමිත බව zලංකා ඊ නිව්ස්Z වෙත වාර්තා වේ.

ඔහු මෙම චාරිකාව සඳහා ඇමරිකාවට පැමිණි විට ශ්‍රී ලංකාවේ සිදුවන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගැන ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ ඇමරිකානු අභ්‍යන්තර ආරක‍ෂක දෙපාර්තමේන්තුව ඔහුගෙන් ප්‍රශ්න කිරීමට සූදානමින් සිටින බව තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි.

මීට ප්‍රථම ආරක‍ෂක ලේකම් ගෝඨාභය රාජපක‍ෂ මහතා සිය ඇමරිකානු පුරවැසි භාවය දීර්ඝ කර ගැනිමට ඇමරිකාවට පැමිනි විටකදී පැයකට අධික කාලයක් ඇමරිකානු අභ්‍යන්තර ආරක‍ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න කිරීම් වලට ලක් වූවද ආරක‍ෂක ලේකම් වරයා එA පිළිබඳ ප්‍රසිද්ධ නොකෙළේය. පසුව හිටපු හමුදාපති, ආරක‍ෂක මාණ්ඩලික ප්‍රධානී සරත් ෆොන්සේකා මහතා ද ඇමරිකාවට පැමිණි පසු එවැනිම ප්‍රශ්න කිරීමක් සඳහා පැමිණෙන්නැයි ඇමරිකානු බලධාරීන් පැවසූ විට ඔහු ප්‍රශ්න කිරීමට ලක් නොවී යලි සිය රට පැමිණියේ එම සිද්ධියට මහත් ආන්දෝලනයක් ගෙන දෙමිනි.

ඉන්පසුව ශ්‍රී ලංකාවේ හමුදා ප්‍රධානියෙකු ඇමරිකාවේ සංචාරයක යෙදෙන්නේ මෙවර ය. ජගත් ජයසූරිය මහතාගේ සොහොයුරන් තිදෙනෙකු ඇමරිකාවේ පදිංචි කරුවන් වන අතර එක් අයෙක් හියුස්ටන් නගරයේද, තවත් අයෙක් ෆිල්ඩෙල්පියා නගරයේද අනෙක් සොයුරා චිකාගෝ නගරයේද වෙසෙති. ජයසූරිය මහතා චිකාගෝ නගරය වෙත පැමිණෙන්නේ ලබන 20 වනදා පැවැත්වීමට නියමිත සිය සොයුරාගේ දරුවෙකුගේ මංගල්‍යයකට සහභාගී වීමට ය.

මේ පිලිබඳව තතු විමසීමට හමුදා ප්‍රකාශකවරයා දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට අප කළ උත්සාහය සාර්ථක නොවිණි.

නාවලපිටියේ චණ්ඩියා තවම මෙල්ලකර නෑ

(ලංකා ඊ නිව්ස් 2010 අප්‍රේල් 12, ප.ව. 5.20) මැතිවරණ නීති අමු අමුවේ උල්ලංඝනය කිරීම නිසා නාවලපිටිය මැතිවරණ කොට්ඨාශයේ මධ්‍යස්ථාන 34 ක ඡන්ද ශ+න්‍ය කර, එහි ඡන්දය යළි විමසීම ලබන 20 වනදාට පැවැත්වීමට නියම කර තිබියදීත්, තවදුරටත් එම ආසනය තුළ දේශපාලන මැරකම්, සිදුවෙමින් පවතින බව වාර්තාවේ.

නාවලපිටිය මැතිවරණ කොට්ඨාශයට එක්සත් ජනතා සන්ධානයේ අපේක‍ෂකයිනට පවා ඇතුළුවීමට ඉඩනොදෙන තත්ත්වයක් දැන් උදාවී තිඛෙන අතර සන්ධාන අපේක‍ෂක දිලූම් අමුණුගම මහතාගේ ආධාරකරුවන් පිරිසක් ගිය වාහන දෙකකට හානිකොට, ඔවුනට ඡන්ද ප්‍රචාරක කටයුතු සඳහා නොපැමිණෙන ලෙසට ආණ්ඩු පක‍ෂයේ චණ්ඩියා තර්ජනය කොට ඇති බව වාර්තාවේ.
මේ අතර, එජාප අපේක‍ෂක අබ්දුල් කාදර් මහතාගේ ආධාරකරුවන් පිරිසකට තර්ජනය කොට ඇතැයි වාර්තාවේ. මේ පිළිබඳව කාදර් මහතාගෙන් විමසූ විට කීවේ යම් සිද්ධියක් වී තිඛෙන බවත් දැන් එය සමථයකට පත්කර ගත් බවත්ය.
මේ අතර, මහනුවර දිස්ත්‍රික්කයට එජාපෙ තරඟ කළ මනෝ ගන්ෂන් මහතා දෙමළ ජනතා නියෝජනයට විශේෂයෙන් නාවලපිටිය ආසනයේ ඡන්ද දායකයින්ගේ සහභාගීත්වය වැදගත් වන නිසා ලබන 20 වනදාට තමන්ගේ යුතුකම ඉටුනොකළ හොත් එම නියෝජනය දෙමළ ජනතාවට අහිමිවනු ඇතැයි මාධ්‍යට ප්‍රකාශ කොට තිබේ.

අනෝමා ඇතුළු පිරිසකගෙන් ප්‍රශ්න කිරීමට යයි


මැතිවරණ පූර්ව ප්‍රචාරය අවසන් වූ පසුව මැතිවරණ නීති උල්ලංඝනය කරමින් රැස්වීමක් පැවැත්වූ බවට චෝදනා කරමින් ඒ සමබන්ධයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායක ජනරාල් සරත් ෆොන්සේකා මහතා‍ගේ බිරිඳ අනෝමා ෆොන්සේකා මහත්මිය, එම සන්ධානයේ ලේකම් විජිත හේරත්, අර්ජුන රණතුංග, සුනිල් හඳුන්නෙත්ති, ලක්ෂ්මන් නිපුණආරච්චි, කලවැල්ගල චන්දාලෝක හිමි යන හය දෙනා පොලිසියට ඉදිරිපත්ව ප්‍රකාශයක් ලබා දෙන ලෙස නියෝග කරමින් කොළඹ කොටු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය නොතීසි නිකුත් කර ඇත.
දිවයිනේ නොයෙකුත් ප්‍රදේශවලින් එක් රැස් කර ගන්නා ලද විශාල ජනකායක් සමඟ කොළම කොටුව දුම්රිපොළ ඉදිරිපිටදී පසුගිය 06 වැනිදා සවස 3 ට පමණ නීති විරෝධී රැස්වීමක් පැවැත්වූ බවට චෝදනා කරමින් කොටුව පොලිස් ස්ථානාධිපති විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීමක් සලකාබැලීමෙන් මෙම නියෝගය නිකුත් කර ඇත.
"ජනරාල් වහා නිදහස් කරනු" යනුවෙන් සඳහන් පුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුන් කොටුව දුම්රිය‍ පොළ ඉදිරිපිට බිම වාඩි වී සිටි බවත්, ජනරාල්ට ජයවේවා යනුවෙන් ප්‍රීති ඝෝෂා කළ බවත්, පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණයට දන්වා ඇත. මෙම කටයුත්ත හේතුවෙන් දුම්රිපොළට හා බස් රථ නැවැතුම්පොළට පැමිණි මගීන්ට අවහිරතා සිදු වූ බවත්, මෙය දේශපාලන අරමුණින් සිදු කරන ලද්දක් බවත්, ස්ථානාධිපතිවරයා අධිකරණයට දන්වා ඇත. lankatruth

මීළඟ අගමැති කවුද?


අප්‍රේල් 08වන දින පැවති මහ මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ලද විශිෂ්ට ජයග්‍රහණයෙන් පසු විවිධ දේශපාලන විශ්ලේෂකයන් ශ්‍රී ලංකාවේ මීළඟ අගමැතිධූරය සඳහා කවුරුන් පත්වේද යන කරුණ පිළිබඳව විවිධ අනුමානයන් ඉදිරිපත් කරති.
යෝජනා නාමයන් අතර වත්මන් ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සොහොයුරු මෙන්ම මෙවර ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම මනාප දිනාගත් බැසිල් රාජපක්ෂ , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් මෛත්‍රීපාල සිරිසේන, හිටපු සෞඛ්‍ය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු මෙන්ම හිටපු අමාත්‍යවරයකු ද වන ඩී. එම්. ජයරත්න සහ හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක යන මහත්වරුන් වේ.adaderana

කේ. පීගෙන් ප්‍රශ්න කිරීමට ඉන්දියාව අවසර ඉල්ලයි


හිටපු ඉන්දීය අගමැති රජීව් ගාන්ධි මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු මෙහෙයවන ඉන්දියාවේ එම්. ඩී. එම්. ඒ ආයතනය එල්. ටී. ටී. ඊ සංවිධානයේ මූල්‍ය සම්පාදක සෙල්වරාසා පද්මනාදන්(කේ. පී)ගෙන් නැවතත් ප්‍රශ්න කිරීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් අවසර ඉල්ලා තිබේ. ඒ පසුගිය මාර්තු මාසයේදී ශ්‍රී ලංකා බලධාරීන් වෙත ලිපියක් එවීම මගිනි.
පද්මනාදන්ගේ වෙනත් සහකරුවන් හා බැංකු කටයුතු පිළිබඳව එම්. ඩී. එම්. ඒ ආයතනයට තොරතුරු දැනගැනීමට අවශ්‍යව ඇති බව සී. අයි. බී ආයතනය පෙන්වාදෙයි. සෙල්වරාසා පද්මනාදන් යනු ජාත්‍යන්තර පොලීසිය මගින් ද ඉතා අවශ්‍ය ත්‍රස්තවාදියෙකු ලෙස නම් කර ඇති එල්. ටී. ටී. ඊ සාමාජිකයෙකි. එමෙන්ම ඔහු එම සංවිධානයට අවශ්‍ය අවි ආයුධ හා වෙනත් නවීන උපකරණ සපයමින් එල්. ටී. ටී. ඊ සංවිධානයේ ජාත්‍යන්තර සබඳතා ජාලයට නායකත්වය සපයා ඇත. එමෙන්ම පද්මනාදන් එල්. ටී. ටී. ඊ සංවිධානයේ කේ. පී දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස ද කටයුතු කර ඇති අතර විවිධ ජාත්‍යන්තර ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වලට ද සම්බන්ධ වී ඇති බව වාර්තා වේ. adaderana

නව වසරට රාජ්‍ය ලේකම්ගෙන් සුබ පැතුම්


සමෘද්ධිමත් හා ප්‍රජාතන්ත්‍රවාදී රටක් ගොඩනැගීම සඳහා එක්ව වැඩ කිරීම සඳහා එකිනෙකා අතර වන සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීමට මෙම අලුත් අවුරුද්ද අවස්ථාවක් කොට ගත හැකි බව ශ්‍රී ලංකාවාසී සිංහල හින්දු ජනතාව වෙත උදාවන අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් ඉදිරිපත් කරමින් අමෙරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් මහත්මිය පවසයි.
දශක ගණනාවකට පසු සාමකාමී හා එක්සත් දේශයක් තුළ ශ්‍රී ලංකාවේ වෙසෙන සියළුම ජනතාවට එක්ව සිංහල හින්දු අලුත් අවුරුද්ද සැමරිය හැකි ප්‍රථම අවස්ථාව මෙය බව ද රාජ්‍ය ලේකම්වරිය පෙන්වාදෙයි. adaderana

පොට්ට නවුෆර්ට ප්‍රහාරයක්


මහනුවර බෝගම්බර බන්ධනාගාරයෙහි සිර දඬුවම් විඳින මොහොමඩ් නියාස් නවුෆර් හෙවත් පොට්ට නවුෆර් වෙනත් සිරකරුවන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක‍ට ලක්වීම නිසා අද සන්ධ්‍යාවෙහි රෝහල් ගත කළ බව බන්ධනාගාර අධිකාරිය පවසයි. පොට්ට නවුෆර් පාතාල ලෝකයෙහි ඉතා කුප්‍රකට දාමරිකයකු වන අතර අධිකරණ විනිසුරුවරයකු වූ සරත් අඹේපිටිය මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් දඬුවම් ලැබ බෝගම්බර බන්ධනාගාරයෙහි මෙසේ සිරගතව සිට ඇත. adaderana

Monday, April 12, 2010

ෆොන්සේකා 22 දා පාර්ලිමේන්තු යයි


ලබන අප්‍රේල් මස 22 වන දින පවත්වන්නට නියමිත 7 වන පාර්ලිමේන්තුවේ ප්‍රථම සැසි වාරයට ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සහභාගී වන බව ජ.වි.පෙ හිටපු පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමි සියලු වරප්‍රසාද හිමිවීමට නියමිත බව ද හෙතෙම කියා සිටියේ අද පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
තමන්ට සිදුවූ අසාධාරණකම් මෙන්ම සියලු ප්‍රෝඩාවන් පාර්ලිමේන්තුව තුළ දී හෙළිදරව් කිරීමට ඔහුට අවස්ථාව සැලසෙන බවද අනුර කුමාර මහතා සඳහන් කළේය.
කැබිනට් ඇමතිවරුන් සංඛ්‍යාව 35 දක්වා අඩු කරන බව මහ මැතිවරණයට පෙර රජය විසින් කියා සිටියද මේ වන විට ඇමතිවරුන් 63 ක් පත් කිරීමට සැලසුම් කර ඇති වගට ආරංචි ලැබී ඇතැයිද ඔහු කියා සිටියේය. adaderana

ශ්‍රී ලාංකිකයෙක් ඉතාලියේදී මරා දමයි


ශ්‍රී ලාංකික ජාතිකයෙකු ඉතාලියේ දී ඝාතනය කර තිබේ. 27 හැවිරිදි මෙම ‍පුද්ගලයා ඉතාලියේ වැනීසියේ පිහිටි ඔහුගේ නිවස තුළ ඝාතනයට ලක්ව සිටියදී පොලිසි විසින් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. .
එරට පොලිසිය පවසන පරිදි දින කිහිපයකට පෙර වෙඩි තැබීමකින් මෙම ඝාතනය සිදුකර ඇත..
ඝාතනය සම්බන්ධයෙන් එරට පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.adaderana

හමුදා බස්රිය පෙරළී සෙබළෙක් මරුදකියි


වව්නියාව සිට හපුතලේ දක්වා ධාවනය වු හමුදා සෙබළුන් රැගත් බස් රථයක් විල්ගමුව , එළවානන්ද ප්‍රදේශයේ දී ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදුවී තිබේ..
අනතුරට පත් බස් රථය අඩි සියයක පමණ ප්‍රපාතයකට පෙරළී ගොස් තිබෙන බවත්,අනතුරින් එක් හමුදා සෙබළෙකු මියගොස් ඇති බවත් ‍විල්ගමුව පොලිසිය පවසයි...
අනතුරින් බරපතල තුවාල ලබා සිටි තවත් හමුදා සෙබළෙකු පේරාදෙනිය මහ රෝහලට ඇතුළත් කර ඇති අතර සුළු තුවාල ලබා සිටි තවත් සිව් දෙනෙකු මහියංගන මහ රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන් වේ...
අනතුර සම්බන්ධයෙන් විල්ගමුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි..adaderana

නාවලපිටියේ දශමයක හෝ අක්‍රමිකතාවක් සිදුවුණේ නෑ


හිටපු ඇමති ආචාර්ය සරත් අමුණුගම මහතාගෙන් සහ නාවලපිටිය එක්සත් ජාතික පක්ෂ සංවිධායක සරත් ගාමිණි හෙට්ටිආරච්චි යන අයගෙන් පිළිවෙළින් මිලියන 500 ක් හා මිලියන 1000 ක් වන්දි ඉල්ලා එන්තරවාසි යැවූ බව හිටපු විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
ඔවුන් විසින් කරන ලද ප්‍රකාශ මගින් තමන්ට සිදු වූ අප කීර්තියට වන්දි ඉල්ලා සිය නීතිඥවරුන් මාර්ගයෙන් මෙම එන්තර වාසි යැවූ බව අද දෙරණ කළ විමසීමකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේය.
නාවලපිටිය ඡන්ද බල ප්‍රදේශයේ ඡන්දය මධ්‍යස්ථාන කිහිපයක ඡන්දය අහෝසි කිරීම මුළුමනින්ම නීති විරෝධී බවත්,දශමයක හෝ අක්‍රමිකතාවක් ඒවායේ සිදු වී නොමැති බවත් හෙතෙම සඳහන් කළේය.
නාවලපිටියේ සිදුවී යයි කියනු ලැබූවද එය එසේ වූ බවට මේ වන තුරුත් කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් වී නැති බවත්,අක්‍රමිකතාවන් සිදු වූ බවට කිසිදු සාක්ෂියක් හෝ නැති බවත් හිටපු ඇමතිවරයා පැවසීය.
ඡන්ද මධ්‍යස්ථාන වලට එක්සත් ජාතික පක්ෂයේ හෝ ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයින් සහභාගී නොවීම පමණක් කරුණක් කොට ගෙන ඡන්දය අහෝසි කිරීම පදනම් විරහිත බව අලුත්ගමගේ මහතා වැඩිදුරටත් කියා සිටියේය.adaderana

අවතැන් වූ 80,000ක් තවමත් සහන ගම්මාන වල


මානුෂීය මෙහෙයුම හේතුවෙන් අවතැන් වූ දෙමළ වැසියන් 80,000ක් පමණ තවදුරටත් වව්නියාව සහන ගම්මාන වල රැඳී සිටින බව වාර්තා ‍වේ.
මේ වන විට රජය විසින් අවතැන් වැසියන් එක් ලක්ෂ 93,000ක් පමණ යළි පදිංචි කර තිබේ. තවත් පුද්ගලයින් 28,000ක් පමණ ඔවුන‍්ගේ පෞද්ගලික වාසස්ථාන වලට හා ඥාතීන්ගේ නිවාස වලට පිටත්ව ගොස් ඇති බව රජයේ සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි.
මේ අතර උතුරේ සහන ගම්මාන වල රැඳී සිටින අවතැන් ජනතාව‍ වෙනුවෙන් සිංහල සහ හින්දු අලුත් අවුරුදු උත්සවය උත්කර්ශවත් අයුරින් සැමරීමට ශ්‍රි ලංකා යුධ හමුදාව පියවරගෙන ඇත. එය ලබන සතිය තුළදී පැවැත්වීමට නියමිතය. මෙම අවුරුදු උත්සවයට සමගාමීව සංස්කෘතික හා සංගීත සංදර්ශනයක් ද පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. adaderana

මාතර වෙරළේ නාඳුනන මළ සිරුරක්


මාතර ප්‍රධාන බස් නැවතුම්පළ ඉදිරිපිට වෙරළ තීරයේ තිබී නාඳුනන මළ සිරුරක් සොයාගෙන තිබේ.
අද උදෑසන මෙම මළ සිරුර සොයගත් බව පොලිසිය පවසයි. මාතර ‍පොලිසියට ලැබුණු තොරතුරක් ‍මත සොයාගත් මෙම මළ සිරුර අවුරුදු 29ක් පමණ වයසැති තරුණයෙකුගේ බවට හඳුනාගෙන ඇත. මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය මාතර මහ රෝහලේදී අද සිදුකිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. adaderana

බස් වර්ජනය තවමත් ක්‍රියාත්මකයි


කැකිරාව ලංගම ඩිපෝවෙහි සේවකයන් ආරම්භ කළ බස් රථ වැඩ වර්ජනය අද දිනයේදී ද ක්‍රියාත්මක වේ.
මාර්තු මාසය සඳහා නියමිත වැටුප මෙතෙක් ලබා නොදීම මෙම වර්ජනයට හේතුව වී තිබේ. වර්ජනයේ නිරත සේවක පිරිස සහ ඩිපෝ කලමණාකාරීත්වය අතර ඊයේ මේ පිළිබඳ සාකච්ඡා පැවති අතර එකඟතාවකට පැමිණීමට නොහැකි වීම හේතුවෙන් වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කරන බව එම සේවකයින් පැවසුවේය. මේ හේතුවෙන් සිංහල අලුත් අවුරුදු සමයට කැකිරාව ප්‍රදේශයට පැමිණෙන ජනතාව දැඩි දුෂ්කරතාවයකට මුහුණ දී ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.adaderana

මත් ද්‍රව්‍ය ඇබ්බැහිය අඩුයි


තරුණයින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම වර්තමානය තුළ බොහෝ දුරට අඩු වී ඇති බව අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය පවසයි.
මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයින්ගෙන් වැඩි ප්‍රමණයක් වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයින් බව ඔවුන් පෙන්වා දෙයි. පසුගිය වසරේ අන්තරායකර ඖෂධ භාවිත කළ පුද්ගලයින් 18,731 දෙනෙකු අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම අත්අඩංගුවට ගත් පිරිස අතර හෙරොයින් ළඟ තබාගත් පුද්ගලයින් 5,431 දෙනෙකු සහ ගංජා ලග තබා පුද්ගලයින් 13,300‍ දෙනෙකු සිටින බව වාර්තා වේ.
එම පිරිසෙන් සියයට 80 කට වැඩි ප්‍රමාණයක් වසය අවුරුදු 30 ඉක්මවු පුද්ගලයින් බව අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ අධ්‍යක්ෂ කේ.ගමගේ මහතා ප්‍රකාශ කළේය. එයින් වැඩිම පිරිසක් බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයෙන් අත්අඩංගුවට ගෙන ඇති බව ගමගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. adaderana

වැඩි ගාස්තු අයකරන බස් ගැන පැමිණිලි කරන්න


උත්සව සමයේ නියමිත ගාස්තු ඉක්මවා මුදල් අයකරන බස් රථ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කරන ලෙස ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගීන්ගෙන් ඉල්ලා සිටියි.
සීමාව ඉක්මවා මුදල් අයකරන ‍කොන්දොස්තරවරුන් පිළිබඳ පැමිණිලි 0112 333 222 දුරකථන අංකය ඔස‍්සේ දැනුම් දෙන ලෙස එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය. එවැනි පැමිණිලි පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ කණ්ඩායම් යොදවා ඇති බව ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කළේය.
කොළඹ සිට බැහැර ප්‍රදේශ සඳහා ප්‍රමාණවත් පරිදි බස් රථ යොදවා ඇති බව ඔවුන් අවධාරණය කළේය. මේ අතර විශේෂ දුම්රිය සේවයක් ද උත්සව සමය වෙනුවෙන් මේ වන විට‍ ආරම්භ කර තිබේ. දිනපතා ධාවනය වන දුම්රිය කිහිපයකට අලුතින් මැදිරි එක්කර ඇති බව ද දුම්රිය පාලක මැදිරිය පවසයි.adaderana

රජය සමග සාකච්ඡාවට සූදානම්


රජය සමග සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව දෙමළ ජාතික සන්ධානය පවසයි.
වාර්ගික අර්බුදයට පිළිගත හැකි විසඳුමක් සොයා ගැනීම සඳහා රජය සමග සාකච්ඡා කිරීමට සුදානම් බව එම පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වු සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා විදෙස් මාධ්‍යයක් වෙත පවසා ඇත. එක්සත් ශ්‍රි ලංකාවක් තුළ වු විසඳුමක් සඳහා ඔවුන් සහය පළ කරන බව ඔහු සඳහන් කර ඇත. එවැනි විසඳුමක් ඉදිරිපත් කරන්නේ නම් තම පක්ෂය ධනාත්මකව පෙනී සිටින බව ද ඔහු සඳහන් කරයි. ඒ සඳහා සෙසු දේශපාලන පක්ෂ සමග ද සාකච්ඡා කළ යුතු බව සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පවසයි.
ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකරන බවට රජය ප්‍රකාශ කළද එය කුමන ආකාරයේ සංශෝධනයක් ද පිළිබඳ කිසිදු අදහසක් ඉදිරිපත් කර නොමැති බව ඔහු පෙන්වා දී ඇත. එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවට තුනෙන් දෙකක බලය සම්පුර්ණ කර ගැනීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ සහය ලබා ගැනීමේ අවස්ථාව පවතින බව වි‍ශ්ලේෂකයින් පෙන්වා දෙයි. මෙවර මැතිවරණයේදී එම සන්ධානයට මන්ත්‍රී ධුර 12ක් හිමි වු අතර එය 14ක් පමණ දක්වා වැඩි වනු ඇති බව අපේක්ෂිතය. adaderana

ඡන්දෙන් පස්සේත් හැප්පී 17 ක් රෝහලේ


පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ‍හේතුවෙන් පුද්ගලයන් 17 දෙනෙකු රෝහල් ගත කර ඇතැයි පැෆ්රල් සංවිධානය පවසයි.
මේ වන විට පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා 13ක් වාර්තා වී ඇති බව එහි ‍විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා කියා සිටියි.
එයින් නවයක්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ශවකරුවන් අතර සිදුවු ගැටුම් බව ඔහු සඳහන් කළේය.
ගාල්ල , පුත්තලම , නුවරඑළිය සහ කොළඹ යන ප්‍රදේශවලින් වැඩි වශයෙන් සිද්ධීන් වාර්තා වන බව රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය. adaderana

Sunday, April 11, 2010

රංගේගේ ප්‍රහාරකයන් 23 දක්වා රිමාන්ඩ්


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතාට පහර දුන් බවට චෝදනා ලැබූ සැකකරුවන් අප්‍රේල් මස 23 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හලාවත දිසාවිනිසුරු විසින් මීට ස්වල්ප මොහොතකට පෙර නියෝග කර තිබේ.
පුත්තලම දිස්ත්‍රීක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණඩාර මහතාට පහර දුන් බව කියන ප්‍රධාන සැකකරු ප්‍රමුඛ පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන පොලීසිය විසින් අද අධිකරණයට ඉදිරිපත් කරනු ලැබිණි.
අත්අඩංගුවට පත් සැකකරුවන් අත තිබී රංගේ බණ්ඩාර මහතාගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියාගෙන් කොල්ල කන ලද ටී.56 වර්ගයේ ගිනි අවියද සොයා ගැනීමට හැකිවී තිබුණි.
සැකකරුවන් ගමන් ගත් අංක 32-6999 දරණ ජීප් රථය ද අත්අඩංගුවට ගන්නට හැකි වූ බව පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයක සඳහන් විය. adaderqana

රංගේ බණ්ඩාරට මැර ප්‍රහාරයක්


එක්සත් ජාතික පක්ෂයෙන් පුත්තලම දිස්ත්‍රික්කය සඳහා තේරී පත්වූ පාලිත රංගේ බණ්ඩාර මහතාට එම පක්ෂයේම පිරිසක් විසින් පහරදී බරපතල ලෙස තුවාල සිදුකර තිබේ. හලාවත ප්‍රදේශයේ දී ඒ මහතාට පිරිසක් මෙලෙස පොලුවලින් පහරදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට එක්සත් ජාතික පක්ෂයෙන් මෙවර මහ මැතිවරණයට තරග වැදුණු අපේක්ෂකයෙකු වන ශාන්ත අබේසේකර ඇතුළු තවත් පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. බරපතල තත්ත්වයේ පසුවන පාලිත රංගේ බණ්ඩාර මහතා මාරවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහලට මාරු කර යැවූ බව මාරවිල රෝහල සඳහන් කළේය. adaderana

ඡන්ද අඩුවීම ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක්


මෙවර මැතිවරණයේදී විපක්ෂයේ කාර්ය භාරය ඉටුනොකිරීම ඡන්ද ප්‍රතිශතය අවම වීමට හේතුව බව ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
විපක්ෂය මෙම මැතිවරණයේදී සක්‍රීය දායකත්වයක් ලබා නොදුන් බව ඔහු සඳහන් කරයි. ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය අඩුවීම ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වු මරු පහරක් බව විපක්ෂයෙන් නඟන චෝදනා අසත්‍යක් බව ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.
අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කරුණු දැක්වු ඔහු ප්‍රකාශ කළේ ඡන්දය ප්‍රකාශ කිරීම අවම වීම සාමකාමී රටක දක්නට ලැබෙන ප්‍රමුඛ ලක්ෂණයක් බවයි.
ප්‍රජාතන්ත්‍රවාදී පරමාදර්ශ සපයන රාජ්‍යයන් වල පවා ඡන්දය ප්‍රකාශ කිරීම අවම මට්ටමක පවතින බව ද ඔහු එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.adaderana

ෆොන්සේකා අත්අඩංගුවේ සිටින්නේ වාසනාවටයි


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට පත්වූයේ ඔහුගේම වාසනාවට බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.
යම් හෙයකින් ඔහු අත්අඩංගුවට පත් නොවී වේදිකාවක් වේදිකාවක් ගානේ ගිහින් ප්‍රචාරක කටයුතු වල නිරත වූවානම් මේ තරම් ආසන සංඛ්‍යාවක් වත් ලබා ගන්නට හැකි නොවන බව ද ඔහු කියා සිටියේය.
‍ෆොන්සේකා මහතා අත්අඩංගුවේ සිටින නිසාත් අනුකම්පාව හිඟා කෑමට එමගින් අවස්ථාව සැලසුණු නිසාත් ‍ආසන 5 ක් දිනා ගන්නට ඔවුනට හැකි වූ බව ද වීරවංශ මහතා සඳහන් කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
ලබා ගන්නට හැකි වූ ආසන 5 න් ජනතා විමුක්ති පෙරමුණට අයිති වන්නේ මන්ත්‍රීධූර 3 ක් පමණක් බවත්,එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ ජ.වි.පෙ ට ආසන 39 ක් දිනා ගැනීමට හැකි වූ බවත්,ඔවුන්ගේ පරාජයට හේතුව නායකත්වය විසින් දිගින් දිගටම ගනු ලැබූ වැරදී තීරණයන් බව ද හෙතෙම පෙන්වා දුන්නේය.adaderana

අපරාධකාරියක් දැලේ


කටුනායක , සීදුව ප්‍රදේශයේ අපරාධ රැසකට සම්බන්ධ කාන්තාවක් සීදුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ....
ඊයේ රාත්‍රීයේ සිදු කළ වැටලීමක දී මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කළේය...
එහි දී ඇය සොරකම් කරන ලද රුපියල් ලක්ෂ 4 කට වටිනාකමින් යුත් රන්භාණ්ඩ තොගයක් ද පොලිසිය විසින් සොයා ගෙන තිබේ....
අත්අඩංගුවට ගත් සැකකාරිය අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සීදුව පොලිසිය මේ සම්බන්ධ‍යෙන් වැඩි දුර පරීක්ෂණ පවත්වයි. adaderana

දකුණේ මහ ඇමති නිවසටත් මැර ප්‍රහාර


දකුණු පළාත් සභා ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතාගේ නිවසට මැර ප්‍රහාරයක් එල්ල වී තිබේ.
අද අලුයම 3 ට පමණ මෙම ප්‍රහාරය එල්ල වූ බව ශාන් විජයලාල් ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.
ප්‍රහාරයෙන් නිවසේ ජනේල කිහිපයකට අලාභහානී සිදු වී ඇති බව ද ඔහු සඳහන් කළේය.
මීට අමතරව අද අලුයම අම්බලන්ගොඩ ප්‍රදේශයේ නාගරික මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ නිවාස වලට ද මැර ප්‍රහාර එල්ල වී ඇති බව සඳහන් වේ. අම්බලන්ගොඩ ‍පොලිසිය මෙම ප්‍රහාර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි. adaderana