Tuesday, April 13, 2010

නාවලපිටියේ චණ්ඩියා තවම මෙල්ලකර නෑ

(ලංකා ඊ නිව්ස් 2010 අප්‍රේල් 12, ප.ව. 5.20) මැතිවරණ නීති අමු අමුවේ උල්ලංඝනය කිරීම නිසා නාවලපිටිය මැතිවරණ කොට්ඨාශයේ මධ්‍යස්ථාන 34 ක ඡන්ද ශ+න්‍ය කර, එහි ඡන්දය යළි විමසීම ලබන 20 වනදාට පැවැත්වීමට නියම කර තිබියදීත්, තවදුරටත් එම ආසනය තුළ දේශපාලන මැරකම්, සිදුවෙමින් පවතින බව වාර්තාවේ.

නාවලපිටිය මැතිවරණ කොට්ඨාශයට එක්සත් ජනතා සන්ධානයේ අපේක‍ෂකයිනට පවා ඇතුළුවීමට ඉඩනොදෙන තත්ත්වයක් දැන් උදාවී තිඛෙන අතර සන්ධාන අපේක‍ෂක දිලූම් අමුණුගම මහතාගේ ආධාරකරුවන් පිරිසක් ගිය වාහන දෙකකට හානිකොට, ඔවුනට ඡන්ද ප්‍රචාරක කටයුතු සඳහා නොපැමිණෙන ලෙසට ආණ්ඩු පක‍ෂයේ චණ්ඩියා තර්ජනය කොට ඇති බව වාර්තාවේ.
මේ අතර, එජාප අපේක‍ෂක අබ්දුල් කාදර් මහතාගේ ආධාරකරුවන් පිරිසකට තර්ජනය කොට ඇතැයි වාර්තාවේ. මේ පිළිබඳව කාදර් මහතාගෙන් විමසූ විට කීවේ යම් සිද්ධියක් වී තිඛෙන බවත් දැන් එය සමථයකට පත්කර ගත් බවත්ය.
මේ අතර, මහනුවර දිස්ත්‍රික්කයට එජාපෙ තරඟ කළ මනෝ ගන්ෂන් මහතා දෙමළ ජනතා නියෝජනයට විශේෂයෙන් නාවලපිටිය ආසනයේ ඡන්ද දායකයින්ගේ සහභාගීත්වය වැදගත් වන නිසා ලබන 20 වනදාට තමන්ගේ යුතුකම ඉටුනොකළ හොත් එම නියෝජනය දෙමළ ජනතාවට අහිමිවනු ඇතැයි මාධ්‍යට ප්‍රකාශ කොට තිබේ.

0 comments:

Post a Comment