Tuesday, April 13, 2010

ඉතාලියේ තානාපති කාර්යාලයට අමතක වූ ඉතාලියේ ශ්‍රී ලාංකික ජනතාවක්

(ලංකා ඊ නිව්ස් 2010 අප්‍රේල් 12, ප.ව. 4.30) මිලානෝ නගරයේ වෙසෙන විසි දහසක් පමණ ශ්‍රී ලාංකිකයිනට එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් අවශ්‍ය සේවාවන් කර ගැනීමට නොහැකි තත්ත්වයක් පවතින බවට මැසිවිලි නගන ශ්‍රී ලාංකිකයෝ අද එම තානාපති කාර්යාලයයේ වගකිවයුත්තන් තමන් අමතක කර දමා ඇතැයි චෝදනා කරති.
මිලානෝ නගරයේ සිටින ශ්‍රී ලාංකිකයිනට රෝමයේ පිහිටි තානාපති කාර්යාලයයෙන් අවශ්‍ය සේවාවන් ලබා ගැනීමට විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙන්නට සිදුවන බවත්, එවැනි කටයුත්තකදී මිලානෝ නගරයේ සිටින තානාපති කාර්යාලයයේ තැරව්කරුවනට විශාල මුදලක් ගෙවන්නට සිදුවන බවත්, මෙතෙක් සිටි ශ්‍රී ලංකා තානාපතිවරුන් කළාක් මෙන් වර්තමාන තානාපතිවරයා කර තිඛෙන්නේද වඩ වඩාත් තැරැව්කරුවන් බිහි කිරීම බවත් ඔවුහු කියති.
මිලානෝ නගරයේ පදිංචි ශ්‍රී ලාංකිකයිනට අවශ්‍ය තානාපති සේවාවන් කර ගැනීමට කොන්සියුල්වරයකු පත් කරන ලෙස හෝ ආගමික ස්ථාන මුල්කරගෙන මාසිකව තානාපති ජංගම සේවාවක් පවත්වන ලෙසට දිගු කලක් තිස්සේ කරන ඉල්ලීමට ඇහුම්කන් දීමක් නැති බවද ඔවුහු කියති. වසරකට පමණ පෙර කතෝලික පල්ලියක තානාපති ජංගම සේවාවක් පවත්වා යුරෝ 19,000 ක පමණ (රුපියල් ලක‍ෂ 30 ක) ආදායමක් ද උපයා ගත් බව පෙන්නා දෙන මිලානෝ ශ්‍රී ලාංකිකයින්, තැරැව්කරුවනට මුදල් ගරාගන්නට තානාපති කාර්යාලය අවස්ථාව ලබාදී තිඛෙන්නේ මන්දැයි ප්‍රශ්න කරයි.

0 comments:

Post a Comment