Tuesday, April 13, 2010

කේ. පීගෙන් ප්‍රශ්න කිරීමට ඉන්දියාව අවසර ඉල්ලයි


හිටපු ඉන්දීය අගමැති රජීව් ගාන්ධි මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු මෙහෙයවන ඉන්දියාවේ එම්. ඩී. එම්. ඒ ආයතනය එල්. ටී. ටී. ඊ සංවිධානයේ මූල්‍ය සම්පාදක සෙල්වරාසා පද්මනාදන්(කේ. පී)ගෙන් නැවතත් ප්‍රශ්න කිරීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් අවසර ඉල්ලා තිබේ. ඒ පසුගිය මාර්තු මාසයේදී ශ්‍රී ලංකා බලධාරීන් වෙත ලිපියක් එවීම මගිනි.
පද්මනාදන්ගේ වෙනත් සහකරුවන් හා බැංකු කටයුතු පිළිබඳව එම්. ඩී. එම්. ඒ ආයතනයට තොරතුරු දැනගැනීමට අවශ්‍යව ඇති බව සී. අයි. බී ආයතනය පෙන්වාදෙයි. සෙල්වරාසා පද්මනාදන් යනු ජාත්‍යන්තර පොලීසිය මගින් ද ඉතා අවශ්‍ය ත්‍රස්තවාදියෙකු ලෙස නම් කර ඇති එල්. ටී. ටී. ඊ සාමාජිකයෙකි. එමෙන්ම ඔහු එම සංවිධානයට අවශ්‍ය අවි ආයුධ හා වෙනත් නවීන උපකරණ සපයමින් එල්. ටී. ටී. ඊ සංවිධානයේ ජාත්‍යන්තර සබඳතා ජාලයට නායකත්වය සපයා ඇත. එමෙන්ම පද්මනාදන් එල්. ටී. ටී. ඊ සංවිධානයේ කේ. පී දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස ද කටයුතු කර ඇති අතර විවිධ ජාත්‍යන්තර ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වලට ද සම්බන්ධ වී ඇති බව වාර්තා වේ. adaderana

0 comments:

Post a Comment