
කැකිරාව ලංගම ඩිපෝවෙහි සේවකයන් ආරම්භ කළ බස් රථ වැඩ වර්ජනය අද දිනයේදී ද ක්‍රියාත්මක වේ.
මාර්තු මාසය සඳහා නියමිත වැටුප මෙතෙක් ලබා නොදීම මෙම වර්ජනයට හේතුව වී තිබේ. වර්ජනයේ නිරත සේවක පිරිස සහ ඩිපෝ කලමණාකාරීත්වය අතර ඊයේ මේ පිළිබඳ සාකච්ඡා පැවති අතර එකඟතාවකට පැමිණීමට නොහැකි වීම හේතුවෙන් වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කරන බව එම සේවකයින් පැවසුවේය. මේ හේතුවෙන් සිංහල අලුත් අවුරුදු සමයට කැකිරාව ප්‍රදේශයට පැමිණෙන ජනතාව දැඩි දුෂ්කරතාවයකට මුහුණ දී ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.adaderana
0 comments:
Post a Comment