
කටුනායක , සීදුව ප්‍රදේශයේ අපරාධ රැසකට සම්බන්ධ කාන්තාවක් සීදුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ....
ඊයේ රාත්‍රීයේ සිදු කළ වැටලීමක දී මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කළේය...
එහි දී ඇය සොරකම් කරන ලද රුපියල් ලක්ෂ 4 කට වටිනාකමින් යුත් රන්භාණ්ඩ තොගයක් ද පොලිසිය විසින් සොයා ගෙන තිබේ....
අත්අඩංගුවට ගත් සැකකාරිය අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සීදුව පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ පවත්වයි. adaderana
0 comments:
Post a Comment