Friday, February 26, 2010

එජාප zටිපෙක්ස්Z දේශපාලනය මංගලගේ ආරච්චිට කෙළ

එජාප zටිපෙක්ස්්මොණරාගල ආසනයට එක්සත් ජාතික පෙරමුණෙන් තරඟ කරන අපේක‍ෂක ලැයිස්තුවේ තුන්වැන්නා ලෙස සිටි මංගල ගේ අපේක‍ෂකයෙකු වූ තිස්ස කුට්ටිආරච්චි මහතාගේ නම කපා ඒ වෙනුවට වෙනත් අයකුගේ නමක් ඇතුලත් කොට නාම යෝජනා පත්‍රය බාරදී තිබේ.
තිස්ස කුට්ටිආරච්චි මහතා මොණරාගල ලැයිස්තුවට ඇතුලත් වූයේ ශ්‍රී ලංකා නිදහස් පක‍ෂයේ මහජන පාර්ශවයේ අපේක‍ෂකයා ලෙසයි.
ඊයේ (25) රාත්‍රී 11 වන විට මෙම නාම යෝජනා පත්‍රයට අදාල අපේක‍ෂකයින් අත්සන් කොට තිබූ අතර, මොණරාගල කණ්ඩායම් නායක රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම ලැයිස්තුව රැගෙන ගිය බව එජාප ආරංචි මාර්ග කියයි.
තිස්ස කුට්ටිආරච්චි මහතා මොණරාගල ලැයිස්තුව ඇතුලත් කිරීම ගැන රංජිත් මද්දුම බණ්ඩාර මහතා දැඩි ලෙස විරෝධය දැක්වූ බවත්, ඔහු අපේක‍ෂකයකු ලෙස ඉදිරිපත් කරනවා නම්, තමා නාම යෝජනාවලට අත්සන් නොකරන බව මද්දුමබණ්ඩාර මහතා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට පැවැසු බවත්, ඔහු අත්සන් නොකරනවා නම්, තිස්සකුට්ටිආරච්චි මහතාගේ නායකත්වයෙන් වෙනම කණ්ඩායමක් ඉදිරිපත් කරන්නැයි වික්‍රමසිංහ මහතා දැනුම් දුන් බවත් එජාප ආරංචි මාර්ග කියයි.
අවසානයේ රංජිත් මද්දුමබණ්ඩාර මහතා සියලූ අපේක‍ෂකයින්ගේ අත්සන් ලබාගෙන නාම යෝජනා පත්‍රය ඊයේ රාත්‍රී ගෙන ගොස් තිබේ. අද දහවල් නාමයෝජනා පත්‍රය බාර දෙන විට තිස්සකුට්ටිආරච්චි මහතාගේ නම zටිපෙක්ස්Z වලින් මකා ඒ වෙනුවට වෙනත් නමක් යොදා තිබී ඇත.
පක‍ෂ ලේකම්වරයාගේ අත්සනින් සහතික කළ නාමයෝජනා පත්‍රයේ නමක් ඉවත් කොට වෙනත් නමක් ඇතුල් කිරීම සිදුවූයේ කෙසේදැයි මද්දුමබණ්ඩාර මහතාගෙන් විමසීමට පක‍ෂයේ මහලේකම්වරයා උත්සාහ ගෙන ඇතත්, ඔහු දුරකථනයට සම්බන්ධ කරගැනීමට හැකිවී නැත. එජාප මහලේකම් තිස්ස අත්තනායක මහතාගෙන් මේ පිළිබඳ විමසූ විට කීවේ තමාගේ අත්සනින් සහතික කළ නාම යෝජනා පත්‍රයේ ඡායා පිටපතක් තමා සතුව තිඛෙන බවත් තිස්ස කුට්ටි ආරච්චි මහතාගේ නම ටිපෙක්ස් ගා මකා වෙනත් නමක් ඇතුලත් කර එහි ව්‍යාජ ලෙස තමාගේ කෙටි අත්සන යොදා තිඛෙන බව දැනගන්නට ඇති බවත් මෙය බරපතල වරදක් ලෙස තමා සලකන බවත්ය. අද සවස පක‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවී මේ පිළිබඳව ගතයුතු කි්‍රයාමාර්ග ගැන සාකච්ඡා කරන බවද ඔහු සඳහන් කළේය.
මෙවැනිම zටිපෙක්ස්Z දේශපාලනයක් නිසා එජාපයට තමන් අතේ තිබූ කොළඹ නගර සභාවේ බලය අහිමි වී ගිය අතර ඉතා පැරණි සහ දක‍ෂ දේශපාලනඥයින් රැසක්ද අහිමි වී ගියේය. එජාපය එA සිදුවීම සම්බන්ධයෙන්ද මෙතෙක් කිසිදු කි්‍රයා මාර්ගයක් ගෙන නැත.
Z දේශපාලනය මංගලගේ ආරච්චිට කෙළ

නාමයෝජනා අවසන්: විරෝධතා පරාදයි

මහා මැතිවරණය සඳහා දේශපාලන පක‍ෂ හා ස්වාධීන කණ්ඩායම් බාර දුන් නාම යෝජනා ලැයිස්තු කිහිපයක් නාම යෝජනා සම්බන්ධයෙන් ඉදිරිපත් වූ විරෝධතා සලකා බැලීමේ කාලයේදී අද (26) ප්‍රතිෙක‍ෂ්ප වූ නමුත් පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ප්‍රධාන විපක‍ෂ සන්ධාන දෙක වන එක්සත් ජාතික පෙරමුණ සහ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ඉදිරිපත් කළ කිසිම නාම යෝජනා ලැයිස්තුවක් නිෂ්ප්‍රභ කෙරුණේ නැත.මෙම ප්‍රධාන සන්ධාන තුනම දිවයිනේ දිස්ත්‍රික්ක 22 කටම තරඟ කරයි.
මෙවර වැඩිම පිළිගත් නාම යෝජනා ලැයිස්තු සංඛ්‍යාවක් ඉදිරිපත්ව තිඛෙන්නේ අම්පාර දිස්ත්‍රික්කයෙනි. පිළිගත් දේශපාලන පක‍ෂ 17 ක් සහ ස්වාධීන කණ්ඩායම් 49 ක් එම දිස්ත්‍රික්කයට තරඟ වදී. සමානුපාතික මැතිවරණ ක්‍රමය තුළ වැඩිම අපේක‍ෂක කණ්ඩායම් තරඟ වැදුණු අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්වෙයි. එම ලැයිස්තු 66 ක මුළු අපේක‍ෂක සංඛ්‍යාව 660 කි.වැඩිම අපේක‍ෂකයන් සංඛ්‍යාව වන 836 ක් තරඟ වදින්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. ඒ පිළිගත් දේශපාලන පක‍ෂ 22 කින් සහ ස්වාධීන කණ්ඩායම් 16 කිනි. enews

EXCLUSIVE: Military Court Looms Over Fonseka

මොණරාගල එ.ජා.පෙ. ලයිස්තුවේ මංගලගේ අපේක්ෂකයා මැකේ


එක්සත් ජාතික පෙරමුණෙන් මොණරාගල දිස්ත්‍රික්කයට තරඟ කරන අපේක්ෂක ලයිස්තුවේ මංගල සමරවීර මහතාගේ අපේක්ෂකයකයා ලෙස ඉදිරිපත්වූ තිස්ස කුට්ටිආරච්චි මහතාගේ නම ඉවත් කර ඒ වෙනුවට වෙනත් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයකුගේ නම යොදා නාමයෝජනා පත්‍රය බාරදී තිබේ.
එක්සත් ජාතික පක්ෂ ආරංචි මර්ග සදහන් කරන ආකාරයට ඊයේ රාත්‍රිවන විට මෙම යෝජනා පත්‍රයට තිස්ස කුට්ටි මහතා ඇතුලු අපේක්ෂකයින් සියලු දෙනා අත්සන් තබා තිබිණි. අනතුරුව එම ලයිස්තුව එක්සත් ජාතික පෙරමුණේ මොණරාගල දිස්ත්‍රික් කණ්ඩායම් නායක රංජිත් මද්දුම බණ්ඩාර මහතා බාරයේ තිබී ඇත.
කෙසේ වෙතත් අද දහවල් නාමයෝජනා පත්‍රය භාර දෙන අවස්ථාවේ එහි තිස්ස කුට්ටි ආරච්චි මහතාගේ නම ටිපෙක්ස්වලින් මකා ඒ වෙනුවට වෙනත් අයෙකුගේ නමක් ඇතුළත් කර තිබිණි.truth

ජනතා ද්‍රවිඩ කොන්ග‍්‍රස් පක්‍ෂය කුසලානයෙන් තරඟ බිමේ..


එල්.බී. ශන්මුගනාදන් මහතාගේ මහලේකම් ධුරයෙන් යුතු ජනතා ද්‍රවිඪ කොන්ග‍්‍රස් පක්‍ෂය මෙවර මහ මැතිවරණයේදී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් යුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා සන්ධානයට සහය දැක්වීම සදහා ඉදිරිපත්ව ඇත. ඒ අනුව එම පක්‍ෂයේ අපේක්‍ෂකයින් 04 දෙනෙකු මෙවර මැතිවරණය සදහා තරඟ කරන අතර ඔවුන් දිස්ත‍්‍රික් තුනක් සදහා නාමයෝජනා භාරදී ඇත
කොළඹ දිස්ත‍්‍රික්කය සදහා එහි මහලේකම් එල්.පී.සම්මුගනාදන් මහතාත්, නුවරඑළිය දිස්ත‍්‍රික්කය සදහා ඇන්ටන් අප්පුසාමි මහතා හා රාමසාමි ක‍්‍රිෂ්ණසාමි මහතාද, බදුල්ල දිස්ත‍්‍රික්කය සදහා සුබ‍්‍රමනියම් මහතා යන අපේක්‍ෂකයින් නාමයෝජනා භාරදී ඇත.truth

අනෝමා පෙරටුව කුසලානය ඡන්ද සටනේ...


ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජතික සන්ධානයේ නායක හමුදා අත්අඩංගුවේ රදවා සිටින ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ නාමයෝජනා භාරදීම අද (26) දින අනෝමා ෆොන්සේකා මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් සිදුවූ අතර, මෙම සන්ධානයේ ප‍්‍රචාරක කටයුතු ලබන මාර්තු මස 01 දින ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති අතර කොළඹදී මෙහි මංගල රැළිය පවත්වන බවත් රට පුරා ජනහමු කුඩා කණ්ඩායම් ජනහමු හා ගෙන්ගෙට යාම ආදි මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සිදුවන බවත් එහි ප‍්‍රධාන ලේකම් විජිත හේරත් මහතා පවසූ අතර ඒ සදහා සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් ජනතාව ඇමතීමට අනෝමා ෆොන්සේකා මහත්මිය සූදානම් බවද ඒ මහතා වැඩිදුරටත් සදහන් කර සිටියේය.truth

ඡන්ද ප්‍රතිඵල අවලංගු කරන්නැයි පෙත්සමක්


පසුගිය ජනාධිපතිවරණයේ දිස්ත්‍රික්ක 4ක ඡන්ද ප්‍රතිඵල අවලංගු කර ඒවා නැවත ගණන් කරන ලෙස ඉල්ලා ‍‍ශ්‍රේෂ්ඨාධිකරණයට අද පෙත්සමක් ඉදිරිපත් කෙරුණි. නව ප්‍රජාතන්ත්‍රවාදි පෙර‍‍මුණේ ලේකම් ශාමිලා පෙරේරා මහත්මිය විසින් ඉදිරිපත් කළ පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ මැතිවරණ කොමසාරිස්වරයා ඇතුලු පිරිසකි. පසුගිය ජනාධිපතිවරණයේදී මාතලේ, පුත්තලම, අනුරාධපුර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල මැතිවරණ දූෂණ සහ අක්‍රමිකතා සිදුවු බව පෙත්සම්කාරිය සිය පෙත්සමෙන් ප්‍රකාශ කර තිබේ.
හොර ඡන්ද දැමීම්, බිය වැද්දීම්, ඡන්ද පොළ නියෝජිතයින් පළවා හැරීම් ආදි සිද්ධීන් එම දිස්ත්‍රික්ක වලින් වාර්තා වු බැවින් එම ඡන්ද ප්‍රතිඵල අවලංගු කර නැවත ගණන් කර ප්‍රතිඵල ප්‍රකාශයට පත්කරන ලෙස පෙත්සම්කාරිය ‍ඉල්ලා සිටියි. ada

නාමයෝජනා 2ක් ප්‍රතික්ෂේපයි


ඉදිරි මහ මැතිවරණය සදහා මාතර දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වු නාමයෝජනා අතරින් දෙකක් ප්‍රතික්ෂේප වී තිබේ.
"ඔක්කොම වැසියෝ ඔක්කොම රජවරු" සහ "එක්සත් ලංකා මහ සභාව" යන දේශපාලන පක්ෂවල නාමයෝජනා ප්‍රතික්ෂේප වු බව වාර්තා වේ. මැතිවරණ පනතේ 19 වන පරිච්ඡේදයට අනුකූලව අදාළ ඉල්ලුම් පත් සම්පුර්ණ ‍කර නොතිබීම හේතුවෙන් එම නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරිමට සිදුවු බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීණි ඩබ්ලිව්.කේ‍.කේ.අතුකෝරළ මහත්මිය පැවසීය.
මේ අතර ගාල්ල දිස්ත්‍රික්කය සදහා ඉදිරිපත් වු නාමයෝජනා පත්‍ර අතරින් පහක් ප්‍රතික්ෂේප වී ඇත. පිළිගත් දේශපාලන පක්ෂ 4 ක සහ එක් ස්වාධින කණ්ඩායමක නාමයෝජනා මෙසේ ප්‍රතික්ෂේප වු බව සඳහන්ය.ada

එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කරයි


එක්සත් ජාතික පක්ෂය සිය ජාතික ලැයිස්තු මන්ත්‍රිධූර නාමලේඛනය ප්‍රකාශයට පත් කර තිබේ. පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක, විපක්ෂයේ හිටපු සංවිධායක ජෝෂප් මයිකල් පෙරේරා, එක්සත් ජාතික පක්ෂයේ හිටපු සභාපති රුක්මන් සේනානායක, කේ.එන්.චොක්සි, ඉරාන් වික්‍රමරත්න යන මහත්වරුන්ගේ නම් ඊට ඇතුළත් වී ඇත. තිලක් මාරපන, හර්ෂද සිල්වා, ටි.එම්.ස්වාමිනාදන්, ආර්.යෝගරාජන් යන මහත්වරුන් ඇතුළු තවත් 19 දෙනෙකුගේ නම් ද එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුවට ඇතුළත්ය. මෙම නාමලේඛනය මැතිවරණ කොමසාරිස්වරයා වෙත අද භාරදුන් බව එක්සත් ජාතික පක්ෂය පවසයි. ada

ආදර්ශවත්ව ප්‍රචාරක කටයුතු සිදුකරනවා


ඉදිරි මහ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී ශ්‍රි ලාංකේය ජනතාවට ආදර්ශවත් ලෙස ප්‍රචාරක කටයුතු සිදුකරන බවට අපදා කලමණාකරණ හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ප්‍රතිඥාවක් ලබාදී තිබේ. නාම යෝජනා භාරදීමෙන් අනතුරුව තම අධාරකරුවන් සමඟ කළුතර බෝ සමිඳුන් අබියසට පැමිණි අමාත්‍යවරයා මෙම ප්‍රතිඥාව ලබාදීම සිදුකෙරුණි. සියලු දුසිරිත් වලින්‍ තොරව මැතිවරණ නීති සුරකිමින් මෛත්‍රිය සහ දයාව පෙරටු කොට ගෙන තම මැතිවරණ ව්‍යාපාරය මෙහෙය වන බව පළමුව ආගමික වතාවත් වලට සහභාගි වු මහින්ද සමරසිංහ අමාත්‍යවරයා ප්‍රතිඥාව ලබාදෙමින් සඳහන් කළේය. ada

මැතිවරණ සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට ආරක්ෂාව


නාම යෝජනා භාර දීමේ අවසන් දිනය වන අද රාජගිරිය මැතිවරණ මහ කාර්යාලය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ.රථවාහන තදබදයක් ඇති වුවහොත් ඒ පිළිබඳ කටයුතු කිරීම සඳහා ද අමතර පොලිස් නිලධාරීන් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කළේය.

සැකකරු නිදහස්


රජයට එරෙහිව කුමන්ත්‍රණ කළ බවට වු චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටි ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ආධාරකරුවෙකු නිදහස් කර තිබේ.අදාළ සැකකරු ත්‍රස්ත විමර්ශන කාර්යාංශය විසින් අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය. සැකකරු‍ට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීම සදහා ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව එහිදි ඔවුන් අධිකරණයට දැන්වීය. එබැවින් සැකකරු නිදහස් කරන ලෙස ත්‍රස්ත විමර්ශන කාර්යාංශය අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව අදාළ සැකකරු නිදහස් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ කාර්යාලයේ සිටියදී අත්අඩංගුවට ගත් එම සැකකරු ත්‍රස්ත විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් රඳවා සිටියේ රැඳවුම් නියෝග මතය.ada

රඹුක්කන් ඔය ව්‍යාපෘතියට මිලියන 2500 ක්


නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කය තුළ ඉදිකෙරෙන රඹුක්කන් ඔය ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 2500 ක් ඇස්තමේන්තු කර ඇති බව වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යංශය පවසයි. මෙම ව්‍යාපෘතිය මුන්දෙනිආරු ගංඟා නිම්නය අශ්‍රිතව ඉදිකිරීමට නියමිතය. රඹුක්කන් ඔය හරස් කොට අක්කර අඩි 45,000 ක ධාරිතාවයකින් යුත් ජලාශයක් ඉදි කරන බව සඳහන්ය.
මේ යටතේ කුඹුරු අක්කර 3600 ක් අලුතින් සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන අතර ගොවි පවුල් 3000 කට පමණ ඉන් සෘජු ප්‍රතිලාභ ලැබෙන බව අමාත්‍යංශය ප්‍රකාශ කරයි. අදාළ ව්‍යාපෘතිය 2011 දී සම්පූර්ණ කිරීමට නියමිතය.ada

Thursday, February 25, 2010

වෙබ් අඩවි වාරණයට විශේෂ පද්ධතියක් ටෙලිකොම් ආයතනයේ ස්ථාපිත කරයි


ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට වෙබ් අඩවි අවහිර කිරීමේ අරමුණින් විශේෂිත ‍firewall පද්ධතියක් ස්ථාපිත කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තාවේ.
ශ්‍රී ලංකා රජය සහ විදුලි සන්දේශන නියාමන කොමිෂමේ නියාමන කටයුතු නවීකරණය කිරීම සදහා මෙරටට පැමිණ ඇති චීන බුද්ධි අංශ එක්ව ‍ඒකාබද්ධ මෙහෙයුමක් ලෙස මෙය ක්‍රියාත්මක කර තිබේ. මෙමගින් ටෙලිකොම් ආයතනය හරහා ශ්‍රී ලංකාවට පිවිසෙන (SLT ISP) වෙබ් අඩවි වාරණය කිරීමට සැලසුම්කර ඇතැයි ටෙලිකොම් ආයතනයේ ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබේ.truth

මූල්‍ය අරමුදල ණය වාරිකය පමා කරයි - නැවත සළකා බලන්නේ නව අමාත්‍ය මණ්ඩලයක් තුළ


දේශීය වශයෙන් ලබාගත හැකි උපරිම ණය සිමාව ද ඉක්මවාණය ලබාගෙන, අය වැය හිගය 7% මට්ටමේ පවත්වා ගන්නා බවට එකගවූ කොන්දේසිද උල්ලංඝනය කර ගෙන යන අවිදිමත් මූල්‍ය කළමණාකරණය හේතුකොට ගෙන ශ්‍රී ලංකාවට ලබා දෙන ඩොලර් මිලියන 2.6 ණය මුදලේ තෙවන වාරිකය ගෙවීම ප්‍රමාද කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා රජයට අවධාරණය කරයි.
එම ණය මුදලට අදාළ කොන්දේසි සපුරාලිම සමාලෝචනය සදහා මෙරට පැමිණි මුල්‍යඅරමුදලෙහි නියෝජිත කණ්ඩායමේ ප්‍රධානි ආචාර්ය බ්‍රයන් එයිට්කන් මහතා අදකොළඹ දි පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදි ඒ බව අනාවරණය කළේය.
පසුගිය වසරේ අය වැය හිගය සම්බන්ධයෙන් රජය එකග වු 7% ඉලක්කයට වඩා අය වැය හිගය ඉහළ ගොස් ඇති බවත් අයවැය හිගය පියවිම සදහා දේශීය වශයෙන් ලබාගත හැකි උපරිම ණය සිමාව ද ඉක්මවාරජය ණය ලබාගෙන බවත් ජාත්‍යාන්තර මුල්‍ය අරමුදලේ නියෝජිත පිරිස පැවසුහ.
නියෝජිතපිරිසෙහි ප්‍රධානි ආචාර්ය බ්‍රයන් එයිට්කන් මහතා ප්‍රකාශ කළේ, රජයේ අය වැයහෙවත් රාජ්‍ය මුල්‍ය කළමනාකරණයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් තමන් සතුටුනොවන බවය. එබැවින් නවඅමාත්‍ය මණ්ඩලයක් පිහිටුවා අය වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවමුල්‍ය අරමුදලේ දුත පිරිස මෙරටට පැමිණ ණය මුදල ලබාදීමේ හැකියාව පිළිබද සොයා බලන බවද ආචාර්ය බ්‍රයන්එයිට්කන් පැවසීය.

හෙළ උරුමයෙන් තවත් හිමිනමක් ඉල්ලා අස්වේ


හෙළ උරුමයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලෙස කටයුතු කළ අලව්වේ චන්දාලෝක ස්වාමීන් වහන්සේද එම පක්ෂයෙන් ඉල්ලා අස් වී ඇත. මෙම ඉල්ලා අස්වීමට ද හේතුව වී ඇත්තේ මෙවර මහ මැතිවරණය සඳහා ජාතික හෙළ උරුමයේ නාම යෝජනා අවස්ථාවන් ලබා නොදීම හේතුවෙන් බව වැඩිදුරටත් වාර්තා වේ. truth

අපේ මුදල්වලින් අන්තර්ජාල වාරණ බැහැ - ලෝක බැංකුව රජයට අවධාරණය කරයි


විදුලි සංදේශන නියාමන කොමිසමට එහි නියාමන රාමුව සංවර්ධනය කිරීම සදහා ලෝක බැංකුව විසින් අනුමත කර තිබෙන මුදල් අන්තර්ජාල වාරණ ක‍ටයුතු සදහා යොදා ගැනීමට නොහැකි බව, එම බැංකුව ශ්‍රි ලංකා රජයට අවධාරණය කර තිබේ.
ලෝක බැංකු ප්‍රදානය යටතේ එවැනි වැඩසටහනක් අනුමත කර නොමැති බවද, මේ සම්බන්ධව ලෝක බැංකුව විසින් නිකුත් කර ඇති නිවේදනයේ වැඩිදුරට‍ත් සඳහන්ය.
ලෝක බැංකුව සඳහන් කරන්නේ, විදුලි සංදේශ නියාමන කොමිසමට එහි නියාමන රාමුව සංවර්ධනය කිරීම සඳහා ලෝක බැංකුව විසින් ප්‍රදානයක් ලබාදෙමින් තිබෙන නමුත් එම මුදල් කිසිදු ලෙසකින් අන්තර්ජාල වාරණයක් වෙනුවෙන් යොදාගැනීම අනුමත කළ නොහැකි බවයි.
කෙසේ වෙතත්, චීන වි‍‍ශේෂඥයින් මාර්ගයෙන් විදුලි සංදේශ නියාමන කොමිසම මෙරට තුළ වෙබ් අඩවි සඳහා වාරණයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි පුවත් පළවීමෙන් පසුව ලෝක බැංකුව විසින් මෙවැනි නිවේදනයක් නිකුත් කිරීම විශේෂ කාරණයකි.ada

ගමනට නම් දුන්නා....


කොළඹ දිස්ත්‍රීක්කයෙන් තරඟ වදින එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයින් කණ්ඩායම අද සවස නාම යෝජනා ලබා දීමෙන් අනතුරුව සන්ධානයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා මාධ්‍ය වෙත අදහස් දැක්වූ අයුරු. ada

මහේස්ත්‍රාත්වරිය පොලීසියට දෙහිකපයි


පොලිස් දෙපාර්තමේන්තුවේ පෞරුෂය බිඳවැටීම සම්බන්ධයෙන් හේතු දක්වන ලෙස පොලිස්පතිවරයාට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කරන ලදී. කොළඹ ම‍හේස්ත්‍රාත් චම්පා ජානකී රාජරත්න මහත්මිය සඳහන් කරන පරිදි අපරාධ සම්බන්ධයෙන් පොලිසි‍යේ විමර්ශන කටයුතුවල අඩුපාඩුකම් රැසක් පවතී.
විනිසුරුවරිය මේ බව කියා සිටියේ නීතිවිරො‍්ධී විදේශ ගමන් බලපත්‍රයක් ළඟ තබාගත් පුද්ගලයෙකුට එරෙහිව සාක්ෂි ඉදිරිපත් කිරීමට පොලිසිය අසමත් වීම හේතුවෙනි..
වර්තමානයේ දී නඩුවල පැමිණිලි මෙහෙයවීම හා සාක්ෂි ලබාදීමේ දී අඩුපාඩුකම් රැසක් සිදුවන බවයි විනිසුරුවරිය සඳහන් කළාය. පොලිසියේ මෙම ක්‍රියාකලාපය සමාජයේ නීතිය හා සාමය කඩා වැටීමට ප්‍රධානතම හේතුව බව කොළඹ මහේස්ත්‍රාත්වරිය තරු පැළඳ සිටින නිලධාරීන් ශීත කාමරවලින් බැහැර වී නඩු කටයුතු පවත්වාගෙන යාමට දායක විය යුතු බව චම්පා ජානකී රාජරත්න මහත්මිය කියා සිටියාය.
කෙසේ වෙතත් පොලිසියේ මෙම දුර්වලතාව සම්බන්ධයෙන් ලබන මස 14 වැනිදාට කරුණු ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නීතිපතිවරයාට උපදෙස් ලබාදුන්නාය.ada

පුපුරන ද්‍රව්‍ය සොයා පොලීසිය නාලන්දාරාමය පීරයි


නුගේගොඩ නාලන්දාරාම විහාරස්ථානය පොලිසිය විසින් සෝදිසි කර තිබේ. විහාරස්ථානාධිපති පූජ්‍ය තිනියාවල පාලිත ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළේ අද පස්වරු 2 ට පමණ මිරිහාන පොලිස් ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ විහාරස්ථානය සෝදිසියට ලක් කළ බවයි.මේ පිළිබඳ අද දෙරණ කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා ප්‍රකාශ කළේ පුපුරණ ද්‍රව්‍ය ළඟ තබාගත් පුද්ගලයෙකු විහාරස්ථානය තුළ රඳවාගෙන සිටින බවට ලැබුණු තොරතුරකට අනුව මෙම සො‍්දිසි කිරීම සිදුකළ බවයි.
විහාරස්ථානයේ කිසිදු සැකකටයුතු පුද්ගලයෙකු හෝ පුපුරණ ද්‍රව්‍ය සොයා නොගත් බව ‍ප්‍රිශාන්ත ජයකොඩි මහතා කියා සිටියේය.. adade

නාම යෝජනා හෙටින් අවසන්


මහ මැතිවරණය සඳහා නාමයෝජනා බාරදීම හෙටින් අවසන් වේ. අද දිනය තුළ එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ජාතික පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ඇතුළු පක්ෂ, දිස්ත්‍රික්ක ගණනාවකට නාමයෝජනා බාරදී තිබේ.
ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය කොළඹ, බදුල්ල ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවකට අද නාමයෝජනා බාරදී ඇති බව සඳහන් වේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික්කය සඳහා නාමයෝජනා බාරදීම සුසිල් ප්‍රේමජයන්ත් අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් සිදුවිය.බදුල්ල දිස්‍ත්‍රික්කය සඳහා එම සන්ධානයේ නාමයෝජනා බාරදීම සිදුවූයේ නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයාගේ මූලිකත්වයෙනි. එක්සත් ජාතික පෙරමුණ ද අද දිනය තුළ රත්නපුර, හම්බන්තොට, ගාල්ල, යාපනය වැනි දිස්ත්‍රික්ක ගණනාවකට නාමයෝජනා බාරදුන් බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා කියා සිටියි. ප්‍රජාතන්ත්‍රවාදී ජා‍තික සන්ධානය කළුතර, යාපනය, ගාල්ල යන දිස්ත්‍රික්ක සඳහා අද දිනයේ නාම‍යෝජනා බාරදුන් බව විජිත හේරත් මහතා ප්‍රකාශ කර තිබිණි. ada

ඝාතක යුවළ හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට


වැලිකඩ ප්‍රදේශයේ පදිංචිව සිටි චීන ජාතික දරුවෙකු සහ එම නිවසේ මෙහෙකාරිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින යුක්රේන ජාතික යුවළ හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කරන ලදී.
වැලිකඩ පොලිසිය මගින් සැකකරුවන් දෙදෙ‍නා ආවරණය කර අද අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.පොලිසිය කළ ඉල්ලීමක් සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත් කුමාරි අබේරත්න මහත්මිය සැකකරුවන්ගේ ඇඟිලි සලකුණු පිළිබඳ වාර්තාවක් කැඳව‍න ලෙස කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කළාය.යුක්රේන ජාතික යුවළ දෙසතියකට රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි

ෆොන්සේකා නීති දෙකකට මැදිවෙයි


සරත් ෆොන්සේකා මහතාට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය යටතේ චෝදනා ගොනු කිරීමට පියවර ගන්නා බව මහාචාර්ය ජී.එල්.පීරිස් අමාත්‍යවරයා පවසයි.
ඔහු පවසන්නේ ප්‍රධාන චෝදනා තුනක් යටතේ ෆොන්සේකා මහතාට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි. අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා මේ බව ප්‍රකාශ කළේය.
මේ අතර ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව හමුදා අධිකරණයක් හමුවේ ද චෝදනා ගොනු කරන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පවසා තිබේ. ada

කෙරවලපිටිය බලාගාරයේ දෙවන අදියර ඇරඹෙයි


කෙරවලපිටිය තාප විදුලි බලාගාරයේ දෙවන අදියර අද ආරම්භ කෙරුණි. මෙගාවොට් 300 ක ධාරිතාවකින් යුත් මෙම තාප විදුලි බලාගාරයේ දෙවන අදියර යටතේ මෙගාවොට් 100 ක විදුලි උත්පාදනයක් සිදුකිරීමට අපේක්ෂිතය.
රජය පවසන පරිදි මෙරට විදුලි අවශ්‍යතාවෙන් සියයට 10 ක් සැපිරීමට කෙරවලපිටිය තාප විදුලිබලාගාරයට හැකියාව ඇත.
කෙරවලිපිටිය දෙවන අදියර ආරම්භ කිරීමත් සමග විදුලි ඒකකයක මිල රුපියල් 14 දක්වා අඩු කළ හැකි බවට රජය විශ්වාස කරයි.ada

සචින්ගෙන් ලෝක වාර්තාවක්


එක් දින ක්‍රිකට් තරඟයකදී ලකුණු 200 ක් ලබා ගත් ලොව ප්‍රථම පිතිකරුවා බවට පත්වීමට සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් අද සමත්විය. ඒ අද පැවති ඉන්දු-දකුණු අප්‍රිකා එක්දින ක්‍රිකට් තරඟයේදීය.
පන්දු 147 ක් තුළ වාර්තා වූ සචින් ගේ ලකුණු 200ට හතරේ පහර 25 ක් සහ හයේ පහර තුනක් අන්තර්ගතය. ඒ අනුව එක්දින ක්‍රිකට් තරඟයකදී ලොව ඕනෑ පිතිකරුවෙක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව අද බිඳ දැමිණි. මීට පෙර ලකුණු 194 බැගින් රැස් කර එම වාර්තාවට හිමිකම් කීවේ පකිස්ථානු ක්‍රිකට් ක්‍රීඩක සයඩ් අන්වර් සහ සිම්බාබ්වේ ක්‍රීඩක චාල්ස් කොවෙන්ට්‍රි විසිනි.
වත්මන් ක්‍රිකට් පිටියේ සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයාද වන සචින් වයස අවුරුදු 36 දී මෙම වාර්තාව පිහිටුවීමද විශේෂත්වයකි. ඒසේම වත්මන් ක්‍රිකට් පිටියේ වැඩිම එක්දින ලකුණු ලාභියා මෙන්ම වැඩිම ටෙස්ට් ලකුණු ලාභියාද වේ.

අධිවේගේ ගල් රෝලෙන් මාරයා මතුවෙයි


වැලිපැන්න, නවුත්තුඩුව ප්‍රදේශයේ අධිවේගී මාර්ගයේ සේවයේ යෙදී සිටි පුද්ග‍ලයෙකු ගල් රෝලකට යටවීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පවසයි.
ගල් රෝලට යටවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම ගල් රෝලේ ක්‍රියාකරු බව සඳහන් වේ.
අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කිතුලවලාන, මීරිගම ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙකි.ada

Wednesday, February 24, 2010

Paba

අලින්ගේ යෝජනාව ජෙනරාල් ප්‍රතිෙක‍ෂ්ප කරයි

එක්සත් ජාතික පෙරමුණේ zඅලියාZ ලකුණින් තරඟ කිරීමටත් එම පෙරමුණේ නියෝජ්‍ය නායකත්වය ලබා ගන්නා ලෙසට හා ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී පදවියකට පත් කරන්නට කර තිඛෙන යෝජනාවත් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ප්‍රතිෙක‍ෂ්ප කොට තිබේ.
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එජාප හා එජාපෙ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන නායකයින් කීපදෙනකු විසින් කර ඇති යෝජනාව සම්බන්ධව රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඊයේ (23) සවස පැවැති සාකච්ඡාවට ෆොන්සේකා මහතා වෙනුවෙන් ඔහුගේ බිරිඳ අනෝමා ෆොන්සේකා මහත්මිය හා ජනාධිපති නීතිඥ විජයදාස රාජපක‍ෂ මහතාද සහභාගි වී තිබේ.
එජාපෙ ලියාපදිංචි දේශපාලන පක‍ෂයක් නොවන අතර එවැන්නක නියෝජ්‍ය නායක පදවියක් බාරගන්නට අකැමැති බවට ෆොන්සේකා මහතාගේ පණිවිඩය මේ සාකච්ඡාවේදී ෆොන්සේකා මහත්මිය දැනුම් දී තිබේ.
ජනාධිපතිවරණයේ විපක‍ෂයේ ප්‍රධානම අපේක‍ෂකයා ලෙස තරඟ කළ ෆොන්සේකා මහතා ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් සන්ධානයේ නායකයා ලෙස කොළඹ දිස්ත්‍රික්කයට zකුසලානයZ ලකුණින් තරඟ කරන බවත්, දැනටමත් කොළඹ දිස්ත්‍රික් ලැයිස්තුව සකස් කරමින් තිඛෙන බවත්, අනෝමා ෆොන්සේකා මහත්මිය zලංකා ඊ නිව්ස්Z වෙත පැවැසුවාය.
මේ අතර අද දහවල් විපක‍ෂ නායක නිල නිවසේ පැවැති මාධ්‍ය හමුවකදී මාතර දිස්ත්‍රික් හිටපු එජාප මන්ත්‍රී සාගල රත්නායක මහතා පැවැසුවේ ඊයේ සවස අනෝමා ෆොන්සේකා මහත්මියත් විජයදාස රාජපක‍ෂ මහතාත් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ තවත් එජාප ඉහළ සාමාජිකයින් දෙදෙනකු සමඟ ජෙනරාල් ෆොන්සේකා මහතාගේ පණිවිඩයකට අදාල කරුණු සාකච්ඡා කළ බවත් එහිදී දේශපාලනය හා සම්බන්ධ විවිධ කරුණු මෙන්ම ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීමේ නීතිමය කටයුතු ගැනත් සාකච්ඡා වූ අතර මෙහිදී එජාප හා එජා පෙරමුණේ ස්ථාවරයට දැනුම් දුන් බවත් කීය.
සාකච්ඡාව ආරම්භ කළ අවස්ථාවේම ජෙනරාල් ෆොන්සේකා මහතාට එජාපෙ නියෝජ්‍ය නායකත්වය බාර ගන්නා ලෙසට ආරාධනා කළ බවද, මෙම සාකච්ඡාවේදී අවසාන නිගමනයකට නොපැමිණි බවද ඔහු සඳහන් කළේය.
එජාපෙ ආරාධනය තවමත් විවෘත බව පැවසූ එA මහතා හැකිතාක් දුරට පොදු සන්ධානයක් ඇතිකර ගෙන ඉදිරියට යාමට කටයුතු කරන බවද කීවේය.තවමත් එජාපෙ අලියා ලකුණින් තරඟ කරන්නැයි කොන්දේසියක් පැනවීමෙන් ආරාධනය විවෘත යැයි කියන්නේ කෙසේ දැයි මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට රත්නායක මහතාගේ පිළිතුර වූයේ එය කොන්දේසියක් නොවන බවයි. එහෙත් ප්‍රධාන රාමුව වන අලියා ලකුණ තුළ සිටිමින් සාකච්ඡා කරන බවත් කීය. අලියා ලකුණින් තරඟ කළයුතුය යන මතය තුළ එල්ලී නොසිට යාහැකි පොදු එකඟතාවකට යාමට සූදානම් නැද්දයි ඇසූ ප්‍රශ්නයකට රත්නායක මහතා සෘජු පිළිතුරක් දුන්නේ නැත. ඔහු කීවේ ජනාධිපතිවරණයෙන් පසු එම මැතිවරණයේදී එකට සිටි පක‍ෂ සියල්ල මහාමැතිවරණය තරඟ කිරීමට අදාළ කරුණු සාකච්ඡා කර තීන්දු ගත් බවයි.
ඉදිරියේදීත් එම පක‍ෂ සමඟ එකට වැඩ කරන්නට කැමැති බවද ඔහු පැවැසීය.
zඅලියාZ ලකුණ කොන්දේසියක් දමාගෙන සාකච්ඡාවට විවෘතයි කියන්නේ කෙසේදැයි මාධ්‍යවේදියකු ඇසූ තවත් ප්‍රශ්නයකට රත්නායක මහතාගේ පිළිතුර වූයේ zපුළුවන් අවස්ථාවලදී පුළුවන් රාමු හදාගත්තා. ලකුණත් පරිත්‍යාග කොට එජාප නායකයා ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවී කැප කිරීමක්ද කළා යන්නයිZ.lanake

ෆොන්සේකා අත්සන තබයි


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අද දහවල් නාම යෝජනා පත්‍රයට අත්සන් තැබූ බව ජ.වි.පෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඊයේ දිනයේ අධිකරණයෙන් දුන් නියෝගයට අනුව සැලසුණු ඉඩ ප්‍රස්ථාව ප්‍රයෝජනයට ගෙන නීතිඥ සුනිල් වටගල මහතා විසින් නාම යෝජනාපත්‍රයට සරත් ෆොන්සේකා මහතාගේ අත්සන ලබා ගැනීමට කටයුතු කළ බව හෙතෙම කියා සිටියේය.
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා එළඹෙන මහ මැතිවරණයේදී"ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ"යටතේ"කුසලානය"ලකුණෙන් කොළඹ දිස්ත්‍රීක්කයට තරඟවදින බව මීට ඉහතදී ප්‍රකාශයට පත් කර තිබිණි. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ නායකයා වන්නේද ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාය.ada

පුදුම උත්සාහයක් ගත්තත් බැරිවුණා-මංගල


එළඹෙන මහ මැතිවරණයෙන් පසුව"එක්සත් ජාතික පෙරමුණ"ලෙස ලියාපදිංචි දේශපාලන පක්ෂයක් ලෙස දැනට පවතින සන්ධානය විධිමක් කරන බන ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මහජන පාර්ශව‍යේ නායක මංගල සමරවීර මහතා පවසයි. ඒ වෙනුවෙන් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග අද සවස මූලික එකඟතා ගිවිසුමකට එළඹෙන බවද හෙතෙම කියා සිටියේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මහජන පාර්ශවයෙන්"අලියා"ලකුණින් මෙවර මහ මැතිවරණයට 7 දෙනෙක් තරඟවදින බවත්,තමන් මාතරින් තරඟකරන බවත් සමරවීර මහතා සඳහන් කළේය.
හිටපු අමාත්‍යවරයෙකු වන ශ්‍රීපති සූරියආරච්චි මහතාගේ බිරිඳ ද මෙවර මහ මැතිවරණයේදී"අලියා"ලකුණෙන් තරඟ කරන බව ඔහු පැවසීය. පුළුල් සන්ධානක් සාදා ගන්නට පුදුම උත්සාහයක් ගත්තද නොයෙකුත් ප්‍රායෝගික ගැටලු නිසා එකී උත්සහය අසාර්ථක වූ බවද හෙතෙම අවධාරණය කළේය.‍ජනාධිපතිවරණයේදී එක්ව කටයුතු කළ ඇතැම් අයට මෙවර මහ මැතිවරණයේදී වෙන් වෙන්ව කටයුතු කරන්නට සිදුවීම බැලූ බැල්මට අවාසි සහගත ලෙස පෙනෙන්නට තිබුණද එහි යම් යම් වාසි සහගත තත්ත්වයන් ද දක්නට ලැබෙන බව මංගල සමරවීර මහතා වැඩිදුරටත් කියා සිටියේය. ada