
පසුගිය ජනාධිපතිවරණයේ දිස්ත්‍රික්ක 4ක ඡන්ද ප්‍රතිඵල අවලංගු කර ඒවා නැවත ගණන් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට අද පෙත්සමක් ඉදිරිපත් කෙරුණි. නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ලේකම් ශාමිලා පෙරේරා මහත්මිය විසින් ඉදිරිපත් කළ පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ මැතිවරණ කොමසාරිස්වරයා ඇතුලු පිරිසකි. පසුගිය ජනාධිපතිවරණයේදී මාතලේ, පුත්තලම, අනුරාධපුර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල මැතිවරණ දූෂණ සහ අක්‍රමිකතා සිදුවු බව පෙත්සම්කාරිය සිය පෙත්සමෙන් ප්‍රකාශ කර තිබේ.
හොර ඡන්ද දැමීම්, බිය වැද්දීම්, ඡන්ද පොළ නියෝජිතයින් පළවා හැරීම් ආදි සිද්ධීන් එම දිස්ත්‍රික්ක වලින් වාර්තා වු බැවින් එම ඡන්ද ප්‍රතිඵල අවලංගු කර නැවත ගණන් කර ප්‍රතිඵල ප්‍රකාශයට පත්කරන ලෙස පෙත්සම්කාරිය ඉල්ලා සිටියි. ada
0 comments:
Post a Comment