
නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කය තුළ ඉදිකෙරෙන රඹුක්කන් ඔය ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 2500 ක් ඇස්තමේන්තු කර ඇති බව වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යංශය පවසයි. මෙම ව්‍යාපෘතිය මුන්දෙනිආරු ගංඟා නිම්නය අශ්‍රිතව ඉදිකිරීමට නියමිතය. රඹුක්කන් ඔය හරස් කොට අක්කර අඩි 45,000 ක ධාරිතාවයකින් යුත් ජලාශයක් ඉදි කරන බව සඳහන්ය.
මේ යටතේ කුඹුරු අක්කර 3600 ක් අලුතින් සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන අතර ගොවි පවුල් 3000 කට පමණ ඉන් සෘජු ප්‍රතිලාභ ලැබෙන බව අමාත්‍යංශය ප්‍රකාශ කරයි. අදාළ ව්‍යාපෘතිය 2011 දී සම්පූර්ණ කිරීමට නියමිතය.ada
0 comments:
Post a Comment