
එක් දින ක්‍රිකට් තරඟයකදී ලකුණු 200 ක් ලබා ගත් ලොව ප්‍රථම පිතිකරුවා බවට පත්වීමට සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් අද සමත්විය. ඒ අද පැවති ඉන්දු-දකුණු අප්‍රිකා එක්දින ක්‍රිකට් තරඟයේදීය.
පන්දු 147 ක් තුළ වාර්තා වූ සචින් ගේ ලකුණු 200ට හතරේ පහර 25 ක් සහ හයේ පහර තුනක් අන්තර්ගතය. ඒ අනුව එක්දින ක්‍රිකට් තරඟයකදී ලොව ඕනෑ පිතිකරුවෙක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව අද බිඳ දැමිණි. මීට පෙර ලකුණු 194 බැගින් රැස් කර එම වාර්තාවට හිමිකම් කීවේ පකිස්ථානු ක්‍රිකට් ක්‍රීඩක සයඩ් අන්වර් සහ සිම්බාබ්වේ ක්‍රීඩක චාල්ස් කොවෙන්ට්‍රි විසිනි.
වත්මන් ක්‍රිකට් පිටියේ සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයාද වන සචින් වයස අවුරුදු 36 දී මෙම වාර්තාව පිහිටුවීමද විශේෂත්වයකි. ඒසේම වත්මන් ක්‍රිකට් පිටියේ වැඩිම එක්දින ලකුණු ලාභියා මෙන්ම වැඩිම ටෙස්ට් ලකුණු ලාභියාද වේ.
0 comments:
Post a Comment