
නුගේගොඩ නාලන්දාරාම විහාරස්ථානය පොලිසිය විසින් සෝදිසි කර තිබේ. විහාරස්ථානාධිපති පූජ්‍ය තිනියාවල පාලිත ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළේ අද පස්වරු 2 ට පමණ මිරිහාන පොලිස් ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ විහාරස්ථානය සෝදිසියට ලක් කළ බවයි.මේ පිළිබඳ අද දෙරණ කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා ප්‍රකාශ කළේ පුපුරණ ද්‍රව්‍ය ළඟ තබාගත් පුද්ගලයෙකු විහාරස්ථානය තුළ රඳවාගෙන සිටින බවට ලැබුණු තොරතුරකට අනුව මෙම සෝදිසි කිරීම සිදුකළ බවයි.
විහාරස්ථානයේ කිසිදු සැකකටයුතු පුද්ගලයෙකු හෝ පුපුරණ ද්‍රව්‍ය සොයා නොගත් බව ප්‍රිශාන්ත ජයකොඩි මහතා කියා සිටියේය.. adade
0 comments:
Post a Comment