Wednesday, February 24, 2010

අලින්ගේ යෝජනාව ජෙනරාල් ප්‍රතිෙක‍ෂ්ප කරයි

එක්සත් ජාතික පෙරමුණේ zඅලියාZ ලකුණින් තරඟ කිරීමටත් එම පෙරමුණේ නියෝජ්‍ය නායකත්වය ලබා ගන්නා ලෙසට හා ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී පදවියකට පත් කරන්නට කර තිඛෙන යෝජනාවත් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ප්‍රතිෙක‍ෂ්ප කොට තිබේ.
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එජාප හා එජාපෙ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන නායකයින් කීපදෙනකු විසින් කර ඇති යෝජනාව සම්බන්ධව රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඊයේ (23) සවස පැවැති සාකච්ඡාවට ෆොන්සේකා මහතා වෙනුවෙන් ඔහුගේ බිරිඳ අනෝමා ෆොන්සේකා මහත්මිය හා ජනාධිපති නීතිඥ විජයදාස රාජපක‍ෂ මහතාද සහභාගි වී තිබේ.
එජාපෙ ලියාපදිංචි දේශපාලන පක‍ෂයක් නොවන අතර එවැන්නක නියෝජ්‍ය නායක පදවියක් බාරගන්නට අකැමැති බවට ෆොන්සේකා මහතාගේ පණිවිඩය මේ සාකච්ඡාවේදී ෆොන්සේකා මහත්මිය දැනුම් දී තිබේ.
ජනාධිපතිවරණයේ විපක‍ෂයේ ප්‍රධානම අපේක‍ෂකයා ලෙස තරඟ කළ ෆොන්සේකා මහතා ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් සන්ධානයේ නායකයා ලෙස කොළඹ දිස්ත්‍රික්කයට zකුසලානයZ ලකුණින් තරඟ කරන බවත්, දැනටමත් කොළඹ දිස්ත්‍රික් ලැයිස්තුව සකස් කරමින් තිඛෙන බවත්, අනෝමා ෆොන්සේකා මහත්මිය zලංකා ඊ නිව්ස්Z වෙත පැවැසුවාය.
මේ අතර අද දහවල් විපක‍ෂ නායක නිල නිවසේ පැවැති මාධ්‍ය හමුවකදී මාතර දිස්ත්‍රික් හිටපු එජාප මන්ත්‍රී සාගල රත්නායක මහතා පැවැසුවේ ඊයේ සවස අනෝමා ෆොන්සේකා මහත්මියත් විජයදාස රාජපක‍ෂ මහතාත් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ තවත් එජාප ඉහළ සාමාජිකයින් දෙදෙනකු සමඟ ජෙනරාල් ෆොන්සේකා මහතාගේ පණිවිඩයකට අදාල කරුණු සාකච්ඡා කළ බවත් එහිදී දේශපාලනය හා සම්බන්ධ විවිධ කරුණු මෙන්ම ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීමේ නීතිමය කටයුතු ගැනත් සාකච්ඡා වූ අතර මෙහිදී එජාප හා එජා පෙරමුණේ ස්ථාවරයට දැනුම් දුන් බවත් කීය.
සාකච්ඡාව ආරම්භ කළ අවස්ථාවේම ජෙනරාල් ෆොන්සේකා මහතාට එජාපෙ නියෝජ්‍ය නායකත්වය බාර ගන්නා ලෙසට ආරාධනා කළ බවද, මෙම සාකච්ඡාවේදී අවසාන නිගමනයකට නොපැමිණි බවද ඔහු සඳහන් කළේය.
එජාපෙ ආරාධනය තවමත් විවෘත බව පැවසූ එA මහතා හැකිතාක් දුරට පොදු සන්ධානයක් ඇතිකර ගෙන ඉදිරියට යාමට කටයුතු කරන බවද කීවේය.තවමත් එජාපෙ අලියා ලකුණින් තරඟ කරන්නැයි කොන්දේසියක් පැනවීමෙන් ආරාධනය විවෘත යැයි කියන්නේ කෙසේ දැයි මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට රත්නායක මහතාගේ පිළිතුර වූයේ එය කොන්දේසියක් නොවන බවයි. එහෙත් ප්‍රධාන රාමුව වන අලියා ලකුණ තුළ සිටිමින් සාකච්ඡා කරන බවත් කීය. අලියා ලකුණින් තරඟ කළයුතුය යන මතය තුළ එල්ලී නොසිට යාහැකි පොදු එකඟතාවකට යාමට සූදානම් නැද්දයි ඇසූ ප්‍රශ්නයකට රත්නායක මහතා සෘජු පිළිතුරක් දුන්නේ නැත. ඔහු කීවේ ජනාධිපතිවරණයෙන් පසු එම මැතිවරණයේදී එකට සිටි පක‍ෂ සියල්ල මහාමැතිවරණය තරඟ කිරීමට අදාළ කරුණු සාකච්ඡා කර තීන්දු ගත් බවයි.
ඉදිරියේදීත් එම පක‍ෂ සමඟ එකට වැඩ කරන්නට කැමැති බවද ඔහු පැවැසීය.
zඅලියාZ ලකුණ කොන්දේසියක් දමාගෙන සාකච්ඡාවට විවෘතයි කියන්නේ කෙසේදැයි මාධ්‍යවේදියකු ඇසූ තවත් ප්‍රශ්නයකට රත්නායක මහතාගේ පිළිතුර වූයේ zපුළුවන් අවස්ථාවලදී පුළුවන් රාමු හදාගත්තා. ලකුණත් පරිත්‍යාග කොට එජාප නායකයා ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවී කැප කිරීමක්ද කළා යන්නයිZ.lanake

0 comments:

Post a Comment