Friday, February 12, 2010

ගෝඨාගේ සල්ලි කතාව නිසා ආණ්ඩුව බරපතල අර්බූදයක



පසුගිය ජනාධිපතිවරණයේ දී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ඡන්ද ව්‍යාපාරයට අමෙරිකානු රජය හා නෝර්වේ රජය විශාල මුදල් ආධාර ලබා දුන් බවට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ක‍ර තිබූ ප්‍රකාශයක‍් හේතුවෙන් මේ වන විට බරපතළ රාජ්‍යතාන්ත්‍රික අර්බූදයක් මතුව ඇත. ආරක්ෂක ලේකම්වරයා ‘ස්ටේ‍රට් ටයිම්ස්’ පුවත්පතට ඊයේ (11) දිනයේ දී සාක‍ච්ඡාවක් ලබා දෙමින් කියා සිටියේ අමෙරිකාව සහ නෝර්වේ රජය සෘජුවම සරත් ෆොන්සේකා මහතාගේ ඡන්ද ව්‍යාපාරයට මුදල් ආධාර ලබා දුන් බවකි. නමුත් ආරක්ෂක‍ ලේක‍ම්වරයාගේ මෙම ප්‍රකාශය දැඩි ලෙස ප්‍රතික්ෂේප ක‍රන නෝර්වේ රජය සහ අමෙරිකානු රජය සෘජුවම ප්‍රකාශ කොට ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රකාශය අසත්‍ය එක‍ක‍් බවත්, තම රජයන් කිසිඳු විටෙක‍ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට මුදල් ආධාර ලබා දී නොමැති බවත්ය. මෙහිදී නෝර්වේ රජය නිවේදනයක‍් නිකුත් කරමින්, තමන් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට ඇගිලි නොගසන බව සඳහන් කොට ඇති අතර ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කොට ඇත්තේ ඉකුත් ජනාධිපතිවරණයේ දී තම රජය කිසිදු අපේක්ෂක‍යෙකුගේ පාර්ශ්වයක් නොගත්ත ද නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට පමණක් රජයට බලකර සිටි බවකි. Mirasa.or

ඡන්ද පෙත්සම වැළැක්වීමේ ආණ්ඩුවේ කුමන්ත්‍රණය අධිකරණය හමුවේ පරාජයට පත්වුණා - සෝමවංශ අමරසිංහ


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පැහැර ගෙන ගොස් ඔහු ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ ඡන්ද පෙත්සම වැළැක්වීමේ ආණ්ඩුවේ කුමන්ත්‍රණය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද පරාජයට පත්වූ බව ‍ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසූවේ ජනරාල් සරත් ෆොන්සේකා මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ‍ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම අධිකරණයේදී විභාගයට ගැනීමට අවසරදීමෙන් පසුව මාධ්‍යවෙත අදහස් දක්වමිනි.
එහිදී අදහස් දැක්වූ අමරසිංහ මහතා, "සරත් ෆොන්සේකා මහතා පැහැරගෙන යාමේ ප්‍රධාන හේතුව ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රතිඵලයට එරෙහිව එතුමා ඉදිරිපත් කරන ඡන්ද පෙත්සම වැලැක්වීම ලෙසයි අප දකින්නේ. ආණ්ඩුව එය වලක්වන්නේ වෙන යමක් නිසා නොවෙයි. ආණ්ඩුව ඡන්ද නීති උල්ලංඝනය කළා ඊට සාක්ෂි තියනවා, එනිසා ආණ්ඩුව බයේ ඉන්නේ.
නමුත් අද ශ්‍රේෂ්ඨාධිකරණය ඡන්ද පෙත්සමක් ගොනු කිරීමට එතුමාට අවශ්‍ය කරන සියලු කටයුතු සිදුකිරීමේ අවස්ථාව අවසරය ලබාදුන්නා. එය යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් ලැබූ ජයග්‍රහණයක්. අපි විශ්වස කරනවා එළඹෙන 23 වැනිදා ෆොන්සේකා මහතා ඔහුට නගා ඇති සියලු චෝදනාවලින්ද නිදහස් වෙයි කියලා. " යැයි පැවසූහ.

සංවේදී යැයි කියාගත් උදවිය රටේ වත්මන් තත්වයට සංවේදී නැත්තේ ඇයි - කලාකරුවෝ ප්‍රශ්න කරති



පසුගිය සමයේ සංවේදීකම වෙනුවෙන් පෙනීසිටි පිරිස් මේවන විට රටේ ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය අභියෝගයට ලක්කරමින් සිදුවෙමින් තිබෙන ක්‍රියාවලියට සංවේදී නොවන්නේ මන්දැයි ජෙනරාල් සරත් ෆොන්සේකාට සහය පළ කරන කලාකරුවන් අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රශ්න කළේය.
ජෙනරාල් සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගැනීම සහ රටේ සිදුවන ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාකලාපයට විරෝධ්‍ය පළ කරමින් මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව සංවිධානය කර තිබිණි.
මාධ්‍ය හමුවේදී කලාකරුවන් දැක්වූ අදහස් පහත දැක්වේ
වසන්ත මොරගොඩ
අපි කලාකරුවන් ලෙස පසුගිය මැතිවරණයේදී ජනරාල් සරත් ෆොන්සේකා මහතාට සහය දක්වමින් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්, යහපාලනය වෙනුවෙන් පෙනී සිටියා. අපි අදත් ඒ අරමුණු වෙනුවෙන් පෙනී සිටිනවා. මැතිවරණයේදී සරත් ෆොන්සේකා මහතා පරාජයට පත්ව තිබෙනවා. සාමාන්‍යයෙන් මැතිවරණයක ජයග්‍රහණය සහ පරාජය ඒ ඒ පාර්ශ්ව පිළිගන්නවා. නමුත් අද සිදුවෙමින් තිබෙන්නේ ඒ ප්‍රතිඵලය පිළිගත නොහැකි තත්වයක්, ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා, මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගන්නවා, මාධ්‍ය ආයතන සීල් තබනවා. සාමකාමී උද්ඝෝෂණවලට පහර දෙනවා. මේවා සංවේදී හදවතක් තියන කලාකරුවන්ට අනුමත කරන්න පුළුවන්ද? මාධ්‍යවේදීන්, නිර්මාණ කරුවන් මේ මර්ධනයට එරෙහිව මීට වඩා පෙරට ආ යුතුයි. සංවේදීකම වෙනුවෙන් පෙනී සිටි පිරිස් මේ කාරණයේදී සංවේදී වියයුතුයි. කොටි ත්‍රස්තවාදයෙන් මවුබිම බේරාගත් යුද වීරයා නිදහස් කර ගැනීම සදහා සියලු දෙනා පක්ෂ පාට නොබලා පෙරට ආ යුතුයි.
කිංස්ලි ලෝස්
අවුරුදු 36ක් පමණ ජනතාවත් සමග සිටි කලාකරුවෙක් ලෙස මම ජනාධිපතිවරයාට අභියෝගයක් කරන්න කැමතියි. මේ සිදුවන දේ එතරම් හොද දෙයක් නොවෙයි. ජනාධිපතිවරයා දිනෙන් දින ජනතාවගේ කෝපයට, වෛරයට බදුන් වෙමින් තිබෙනවා. ජෙනරාල් ෆොන්සේකා අත්අඩංගුවට ගත්තේ චෝදනා තියනවා කියා නමුත් තවම ඒවා ඔප්පුකර නැහැ. එතුමාට විරුද්ධව චෝදනා තිබුණානම් අධිකරණය හරහා නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්න තිබුණා.
දැන් ජනතාවගේ පිළිකුළට භාජනයවූ දේශපාලකයින් රජයේ රූපවාහිනී නාලිකාවලට ඇවිල්ලා ජෙනරාල්ගේ අත්අඩංගුවට ගැනීම සාධාරණය කරන්න අහගෙන ඉන්න බැරි ප්‍රකාශ කරනවා. ඊයේ එක් දේශපාලකයෙක් කිවුවා "මේ යකා කාලකන්නියා" කියලා. මේ විදිහට අපහස කරන්නේ එතුමාට එරෙහි චෝදනා එකක්වත් ඔප්පුවෙලා නැති තත්වයක් තුළ. ශිෂ්ඨ සම්පන්න ජනතාවක් ජීවත්වන අප රටේ මෙවැනි අශිෂ්ඨ ප්‍රකාශ අනුමත කරන්න බැහැ. රජය වෙනුවෙන් මේ අත්අඩංගුවට ගැනීම ගැන ජනතාවට අහගෙන ඉන්න පුළුවන් පැහැදිලි කිරීමක් කරන්න අයෙක් නැහැ. දෙවියන් වහන්සේට අනුව හැම ක්‍රියාවක්ම උන්වහන්සේගේ විනිශ්චයට භාජනය වනවා. එම නිසා මේ ක්‍රියාව සම්බන්ධයෙනුත් උන්වහන්සේගේ තීරණය ලගදීම ලබාදෙයි.
සේපාල අමරසිංහ
එදා අපට එරෙහිවූ කලාකරුවන්ට, හිතවතුන්ට දැන් සත්‍ය වැටහිලා. අපි නියෝජනය කළ මතය නිවැරදි බව ඔවුන් දැන් අපට පවසනවා. අද සියලුදෙනාට ජීවත්වන්න සිදුව ඇත්තේ විශාල අභියෝගයක් මැද, ඊයේ සාමකාමී උද්ඝෝෂණයක නිරතවූ සංගයාවහන්සේට සැලකූ ආකාරය අප සියලු දෙනා දැක්කා. මේ තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් අප කිසිවෙකුටත් මේ රටේ ජීවත්විය නොහැකි තත්වයක් ඇතිවනවා.
කණගාටුවට කාරණයක් තියනවා මේවන විට ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා හිරේ ඉද්දී ඒ මහතාට සහය පළකළ පක්ෂවල මන්ත්‍රීවරුන් මහ මැතිවරණය වෙනුවෙන් පෝස්ටර් ගහනවා. ඔවුන් කිසිවෙක් ජෙනරාල්ගේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව වචනයක්වත් ප්‍රකාශ කර නැහැ. දේශපාලනය කරන්න පෙර ප්‍රජාතන්ත්‍රවාදය තිබිය යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදය නොමැතිව දේශපලානය කියන්නේ වහලක් නැති ගෙයක් වගෙයි. මෙම තත්වය යටතේ අපි කලාකරුවන් ලෙස ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්තිවලට හිස නමා අාචාර කරනවා. ඔවුන් පමණයි ජෙනරාල් ෆොන්සේකාගේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව අනවරත අරගලයක නිරතව සිටින්නේ.
චන්ද්‍රසෝම බිංදුහේවා -
කොතරම් විශාල මර්ධනයක් තිබුණත් අපට නිහඩව සිටින්න බැහැ. මොකද අප සැබෑම කලාකරුවන් නිසා. නමුත් අද රට පත්ව ඇති තත්වයට ගෙන ඒමේ මුල සිටියේ කලාකරුවෝ කොටසක් ඒක කණගාටුවට කාරණයක්, ඔවුන්ගෙන් ඇතැම් අය කලාකරුවෙකුට කරන්න බැරි ආකාරයේ ප්‍රකාශත් කළා. ජෙනරාල්ගේ අහේ ඉදන් පට්ට ගහන්න ඕන කියලත් ඇතැම් අය කිවුවා. දැන් අපට වැටහෙන ආකාරයට නම් එම ප්‍රකාශ වල බරපතල කම අනුව ඔවුන්ට ආණ්ඩුවේ ලැබෙන තනතුර තීරණය වුවා වියයුතුයි.truth

ඇමැති ජී.එල්ට මහින්දට ජනතාව හූ කියත

ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ සහ අපනයන සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් යන මහත්වරුන්ට කොළඹ අලූත් කඩේ ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේදී අද (12) පෙරවරුවේ හූ සංග්‍රහයකට ලක් වන්නට සිදුවිය.
මෙම ඇමැතිවරුන් දෙදෙනා කිසියම් කාර්යකට අධිකරණ භූමියට පැමිණ සිටි අතර ඔවුන් හූ සංග්‍රහයට ලක්වූයේ අධිකරණ බිමේ සිට පෙරළා යද්දීය.
අමාත්‍යවරුන් දෙදෙනාට හූ කියන ලද්දේ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමේ අවස්ථාව දැක බලා ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ භූමියට පැමිණ සිටි පිරිස විසිනි.
ඇමතිවරුන් දෙදෙනා වාහනවල නැග අධිකරණ භූමියෙන් පිටවන තෙක්ම හූ සංග්‍රහය නොකඩවා පැවැත්විණි.

ජෙනරාල් අත්අඩංගුවට ගැනීමට එරෙහිව ඉතාලියේ උද්ඝෝෂණ






ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ ඊයේ (11) රෝමයේ පිහිටී ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වූහ. ඉතාලියේ විවිධ නගරවලින් පැමිණ සිටි විශාල පිරිසක් මේ උද්ඝෝෂණයට එක්වී සිටි අතර, උද්ඝෝෂණය කඩාකප්පල් කිරීමට තානාපතිවරයා ඇතුළු පිරිස දැඩි උත්සාහයක නිරත වූ බව ඉතාලි ආරංචා මාර්ග පවසයි. ජනාධිපතිවරණ ප‍්‍රතිඵල දුෂිත බවත්, එය වහාම අවලංගු කළ යුතු බවත් පවසමින් උද්ඝෝෂකයෝ උද්ඝෝෂණයේ නිරත වූහ. දැනට අත්අඩංගුවේ සිටින ජෙනරාල් සරත් ෆොන්සේකාව වහාම නිදහස් කළ යුතු බව ඔවුහු ලංකා රජයට බල කර සිටි අතර, ශ්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සදහා වන ව්‍යාපාරය විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි.
"ජෙනරාල් සරත් ෆොන්සේකා යුධ ජයග‍්‍රහණයේ සැබෑ වීරයා. ඔහුව අත්අඩංගුවට අරන් ඡන්ද මංකොල්ලයකින් බලයට පත්වෙලා රාජපක්ෂ ජනාධිපතිවරයා වීරයෙක් වෙන්න හැදුවට ජනතාව ඔහුව පිළිගන්නෙ නැහැ. මේ රජය කරන්නේ රට විනාශ කරන එක. අපි සම්පූර්ණයෙන්ම මේ දුෂිත පාලනයට විරුද්ධයි."උද්ඝෝෂණයට සහභාගිවී සිටි ලාංකීකයෙක් මෙහිදී මාධ්‍ය හමුවේ අදහස් දක්වා තිබිණි.truth

ජෙනරාල් නිදහස් කරන්නැයි බලකරමින් නීතිඥයෝත් වීදි බසිති



ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වහාම නිදහස් කරන ලෙස බලකරමින් නීතිඥවරුන් අද අලුත්කඩේ උසාවි සංකීර්ණය අභියස විරෝධතාවය නියැලෙමින් සිටින බව අප වාර්තාකරු පවසයි. කිසිදු චෝදනාවක් නොමැතිව අත්අඩංගුවට ගත් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වහාම නිදහස් කරන ඉල්ලා ‍මෙම නීතිඥවරු මේ මොහොතේත් අලුත්කඩේ අධිකරන භූමිය අසල උද්ඝෝෂයේ නියැලෙමින් සිටී. truth

අනුරාධපුර ප්‍රහාරයෙන් 5 ක් තුවාලයි


අනුරාධපුරයේ දී දෙපිරිසක් අතර හටගත් නොසන්සුන්කාරී වාතාරවණයක් මැඩපැවැත්වීමේදී පොලිසිය විසින් එල්ල කළ රබර් උණ්ඩයක් වැදීමෙන් පළාත් සභා මන්ත්‍රීවරයෙක් වන රෝහණ ගමගේ මහතා ද තුවාල ලබා තිබේ.
අනුරාධපුර රෝහලේ ප්‍ර‍කාශකයෙකු සඳහන් කරන පරිදි එහිදී උද්ඝෝෂකයින් විසින් එල්ල කළ ගල්මුල් ප්‍රහාර වලින් තුවාල ලැබු පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද රෝහල් ගත කර ඇත.
තවත් පුද්ගලයින් තිදෙනෙකු රෝහල් ගත කර ඇති බව සඳහන් වේ. සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීමට විරෝධය පල කරමින් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට මෙම උද්ඝෝෂණය පැවැත්විණි.
එම අවස්ථාවේදී උද්ඝෝෂකයින්ට කිසියම් පිරිසක් පහරදී ඇති අතර එහිදි දෙපාර්ශවය අතර හටගත් නොසන්සුන්කාරී වාතාවරණය මැඩපැවැත්විම සඳහා පොලිසිය අධි පීඩන ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ. adaderana

එකම මගක පියවරමැන යන්නයි.....


විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද(12)ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.මෙම හමුවේ අරමුණ වූයේ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන ලෙස ඉල්ලීමය.මහින්ද රාජපක්ෂ මහතා විසින් පිළිගනු ලැබූ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මන්දිරය තුළට කැටුව ගිය අවස්ථාව.adaderana

අවසානය නොවේ....


සිය සැමියාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වූ බවට ගොනු කළ අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට අද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර ලබා දීමෙන් පසු අනෝමා ෆොන්සේකා මහත්මිය උසාවි සංකීර්ණයෙන් පිටතට පැමිණෙන විට ඇය වට කරගත් මාධ්‍යයන්ට ඇය අදහස් දක්වන අයුරු. adaderana

‍ෆොන්සේකා වෙනුවෙන් රනිල් ජනපති හමුවෙයි


විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී දැනට හමුදා බාරයේ පසුවන ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන්නැයි ඉල්ලා තිබේ.
අද පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපතිවරයා හමුවී මෙම ඉල්ලීම කළ බව විපක්ෂ නායක කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
මේ වන විට ඊට අදාල මූලික අයිතිවාසිකම් පෙත්සමක් අධිකරණයට ඉදිරිපත්ව ඇති හෙයින් ලැබෙන තීන්දුව අනුව ඉදිරියට කටයුතු කළ හැකි බව ජනාධිපතිවරයා විසින් මෙහිදී පෙන්වා දී තිබේ.
සරත් ෆොන්සේකා මහතා හමුවී සාකච්ඡා කිරීමට විශේෂ අවසරයක් ලබා දෙන ලෙස ද විපක්ෂනායකවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බව නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

පැෆරල්ගෙන් ඉල්ලීමක්


ඉදිරි මහ මැතිවරණයට අදාල අපේක්ෂකයින් තෝරා ගැනි‍මේ දී යහපත් දෙ‍්ශපාලන සංස්කෘතියක් ඇති කිරීමට ඉවහල් වන පිරිස් තෝරා ගන්නා ලෙස පැෆ්රල් සංවිධානය සියලු දේශපාලන පක්ෂ වලින් ඉල්ලීමක් කරයි.
විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පෙන්වා දෙන්නේ සාපරාධි ප්‍රචණ්ඩ ක්‍රියාවන්හි නොයෙදුනු සහ විනයානුකූල ආදර්ශමත් පිරිස් සිය අපේක්ෂක ලයිස්තුවෙත ඇතුළත් කෙරෙන්නේ නම් එය යහපත් දේශපාලන සංස්කෘතියකට ඉවහල් වනු ඇති බවයි.
ඊට අමතරව රටේ නීතිය පිලිපැදීමට සහ ගරු කිරීමටත් නීතිය ක්‍රියාත්මක කිරීමේදී ඊට බාධා නොකිරීමටත් ක‍ටයුතු කරන පිරිස් අපේක්ෂකයින් ලෙස තෝරා ගැනීම වැදගත් බව පැෆ්රල් සංවිධානය පවසයි.
එවැනි පිරිස් තුළින් තෝරා ගන්නා ජනතා නියෝජිතයින් මගින් ජනතා අභිලාෂයන් ඉටුකරන ව්‍යවස්ථාදායකයක් ගොඩනැගෙන බව පැෆරල් සංවිධානයේ විශ්වාසය වී තිබේ.

ෆොන්සේකාගේ පෙත්සම විභාගයට අවසර


සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට අද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කළ බව කියැවේ.
සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් ඔහුගේ බිරිඳ වන අනෝමා ෆොන්සේකා මහත්මිය සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම් ෂාමිලා පෙරේරා මහත්මිය විසින් මෙම පෙත්සම ගොනුකර තිබුණි.
ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීම නිතී විරෝධී බවත්, ඔහු මුදා හරින්නැයි නියෝගයක් නිකුත් කරන ලෙසත්, ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ප්‍රකාශයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ‍මෙමගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබුණි.

උසාවි සංකීර්ණයේ පොලීසිය සීරුවෙන්


අද කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණය ට හා ඒ අවට ප්‍රදේශයට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා ඇතැයි උසාවි සංකීර්ණයේ නීතිඥ මහත්වරුන් සඳහන් කරයි.
අද පෙරවරුවේ උසාවි සංකීර්ණය හරහා යන පුද්ගලික වාහන සීමා කර තිබුණු බවත්,ඒවා දැඩි සෝදිසි කිරීම්වලට ලක් කළ බවත්,ඔවුන් කියා සිටියි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතාගෙන් මේ පිළිබඳ කළ විමසීමේදී ඔහු කියා සිටියේ උසාවි සංකීර්ණයේ විශේෂයෙන් ආරක්ෂාව තර කිරීමක් නොකළ බව හා එය සාමාන්‍ය තත්ත්වය බවයි.
අද ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පිළිබඳ පෙත්සම සලකා බැලීමට නියමිතව තිබේ. adaderana

රැඳවූ ශ්‍රීලාංකිකයින් සරණාගතයින් කෙරෙයි


බ්‍රිතාන්‍ය වර්ජින් දූපත් වල රඳවා සිටි ශ්‍රී ලාංකිකයන්ට සරණාගතභාවය ලබා දීමට සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයා තීරණය කර තිබේ.
වර්ජින් දූපත් හි සරණාගත රැඳවුම් මධ්‍යස්ථ‍නයේ ප්‍රධානී ඩෙනිස් ජෙනිංග්ස් වෙත මහ කොමසාරිස්වරයා විසින් ලිපියක් මඟින් මේ බව දන්වා ඇත.
ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් සිදු කළ පූර්ණ පරීක්ෂණ වලට අනුව ඔවුන්ට සරණාගතභාවය පිරිනැමීමේ සුදුසුකම් ඇති බව එම ලිපියෙන් දන්වා තිබේ.
සරණාගතයින් සම්බන්ධයෙන් වූ ජාත්‍යන්තර නීතීන්ට අනුව ඔවුන්ට පහසුකම් සැලසීමට පියවර ගතයුතු බව ද සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයා ඉල්ලා ඇත.adaderana

සිවිල් වැසියන් 40,000 ක් ඝාතනය වුණේ නෑ


ශ්‍රී ලංකාවේ මානූෂීය මෙහෙයුම පැවති අවසන් කාලයේ දී සිවිල් වැසියන් හතළිස් දහසක් පමණ ඝාතනයට ලක්ව ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු ප්‍රකාශක ගෝර්ඩන් වයිස් කර ඇති ප්‍රකාශය රජය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරයි.
ආපදා කළමනාකරණ සහ මානව හිමිකම් අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය රජිව් විජේසිංහ මහතා පවසන්නේ මීට පෙරද ඔහු එවැනි අසත්‍ය ප්‍රකාශන නිකුත් කර ඇති බවයි.
ගෝර්ඩන් වෙයිස් ඕස්ට්‍රේලියානු මාධ්‍යයක් සමඟ පැවති සාකච්ඡාවක දී ශ්‍රී ලංකාව පිළිබඳව දීර්ඝ ලෙස අදහස් පළ කර තිබේ. එහි දී ඔහු සඳහන් කර ඇත්තේ ලක්ෂ තුනක පමණ සිවිල් වැසියන් පිරිසකට මානූෂීය මෙහෙයුම හේතුවෙන් උන්හිටි තැන් අහිමි වී ඇති බවයි.
කෙසේ වුවද මානූෂීය මෙහෙයුම පැවති කාලයේ දී කිසිදු අයරකින් මානව හිමිකම් උල්ලංඝණය කිරීමක් හෝ සිවිල් වැසියන් ඝාතනය කිරීමක් සිදු ‍නොවූ වග රජයේ ස්ථාවරය බව රජිව් විජේසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කරයි. adaderana

ෆොන්සේකා ගේ පෙත්සම අද සලකා බලයි


ජනරාල් සරත් ‍ෆොන්සේකා මහතා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද සලකා බැලීමට නියමිතව තිබේ.
අගවිනිසුරු අශෝක එන් ද සිල්වා මහතා‍‍ගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් අද එය සලකා බලනු ඇතැයි සඳහන් වේ. සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් ඔහුගේ බිරිඳ වන අනෝමා ෆොන්සේකා මහත්මිය සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම් ෂාමිලා පෙරේරා මහත්මිය විසින් මෙම පෙත්සම ගොනුකර තිබේ.
සරත් ‍‍‍‍‍‍ෆොන්සේකා මහතා එහි තුන්වන පෙත්සම්කරු ලෙස සඳහන් කර ඇත.
ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීම නිතී විරෝධී බවත්, ඔහු මුදා හරින්නැයි නියෝගයක් නිකුත් කරන ලෙසත්, ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ප්‍රකාශයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ‍මෙමගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි.

පොලිස් මැතිවරණ කටයුතු අද සිට


පොලිස් මැතිවරණ කටයුතු පිළිබඳ අංශය අද සිට ක්‍රියාත්මක කරන බව මැතිවරණ කටයුතු බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණි නවරත්න මහතා පවසයි.
මැතිවරණයට අදාල මෙහෙයුම් කටයුතු සහ පැමිණිලි විමර්ශනය කිරිම මෙහි අරමුණ බව සඳහන් වේ..
පොලිස් මූලස්ථානය , පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල , නියෝජ්‍ය පොලිස්පති සහ පොලිස් අධිකාරි කාර්යාල තුළ මැතිවරණ කාර්යාල ස්ථාපිත කරන බව ඔහු කියා සිටියි.
මීට අමතරව දිවයිනේ සියලු පොලිස් ස්ථානයකම මැතිවරණ අංශ පිහිටුවා ඇති බව ගාමිණි නවරත්න මහතා සඳහන් කරයි..
විධිමත් සැලසුමකට අනුව මෙවර මැතිවරණයේ දී පොලිස් මැතිවරණ අංශය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ ක‍ර සිටියේය.

ආහාර විෂ වී සිසුවිය මිය යයි


ආහාර විෂ වීමක් හේතුවෙන් රෝගී වූ මාතලේ පළාපත්වල බුද්ධඝෝෂ විද්‍යාලයේ පාසැල් ශිෂ්‍යාවක මිය ගොස් තිබේ.
මාතලේ මහ රෝහලේ වෛද්‍ය අධිකාරී ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස් කුමාරවංශ මහතා සඳහන් කරන පරිදි ඊයේ රාත්‍රී රෝහලට රැගෙන එමින් සිටිය දී එම ශිෂ්‍යාව මිය ගොස් ඇත.
පළාපත්වල බුද්ධඝෝෂ විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සිසුන් පිරිසක් පසුගිය බදාදා ආහාර විෂ වීමක් හේතුවෙන් මාතලේ මහ රෝහලට ඇතුළත් කර තිබුණි.
සිසුන් දහසය දෙනෙකු මේ වන විට නේවාසිකව ප්‍රතිකාර ලබන බව රෝහල් වෛද්‍ය අධිකාරිවරයා සඳහන් කරයි..
මීට අමතරව තවත් සිසුන් විසි දෙනෙකු පමණ ප්‍රතිකාර ලබා පිට‍ව‍ ගොස් තිබේ.
මා‍තලේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ අනුර දිසානයක මහතාගේ උපදෙස් මත සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මඟින් මේ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති බව සඳහන් වේ..

ම.එ.පෙ. දිස්ත්‍රීක්ක නවයකින් එයි


මහ මැතිවරණය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ දිස්ත්‍රික්ක 9 ක් වෙනුවෙන් තම පක්ෂය තරග වදින බව මහජන එක්සත් පෙරමුණ පවසයි.
එහි ප්‍රධාන ලේකම් කරුණාතිලක දිසානායක මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ කොළඹ , ගම්පහ , කුරුණෑගල , හම්බන්තොට , අනුරාධපුර , මහනුවර , බදුල්ල , නුවරඑළිය හා දිගාමඩුල්ල යන දිස්ත්‍රික්ක සඳහා තම පක්ෂය ඉදිරිපත් වන බවයි.
මීට අමතරව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ද අපේක්ෂා කරන බව ඔහු සඳහන් කරයි.
මහජන එක්සත් පෙරමුණේ නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වැදීමට නියමිතව තිබේ.

මහ මැතිවරණයෙන් පසු ක්‍රමය වෙනස්


ඉදිරි මහ මැතිවරණයෙන් පසු අනිවාර්යයෙන්ම මැතිවරණ ක්‍රමය වෙනස් කරන බව අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා පවසයි. අග‍්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මැතිවරණයෙන් ආණ්ඩුව තුනෙන් දෙකක ජනවරමක් ලබා ගන්නා බවයි.
ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා ඡන්ද දායකයා සහ මන්‍ත්‍රීවරයා අතර සමීප සබඳතාව නැවත ඇති කිරීම නව මැතිවරණ ක්‍රමයේ අරමුණ බව ද අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා සඳහන් කරයි.
හොරණ පැල්පිටිගොඩ කණිෂ්ඨ විද්‍යාලයේ පැවති උත්සවයකට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කරන ලදී.

Thursday, February 11, 2010

ජෙනරාල්ට නිදහස ඉල්ලන්න ජනපති හමුවෙන්න රනිල් සැරසෙයි


දැනට අත්අඩංගුවේ සිටින ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කරගැනීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව හමුවීමට රනිල් වික්‍රමසිංහ මහතා සූදානම් වෙතැයි එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. රනිල් වික්‍රමසිංහ මහතා මෙම තීරණය ගෙන ඇත්තේ ජෙනරාල් ෆොන්සේකා මහතාගෙන් විමසීමෙන් තොරව යැයි තවදුරටත් වාර්තාවේ.
මීට පෙරද ෆොන්සේකා මහතාට එරෙහි තර්ජන වැඩිවන අවධියේදී ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී එකඟතාවයකට එන්නැයි වික්‍රමසිංහ මහතා ජනරාල්වරයාට යෝජනා කර ඇතැයි අපට වාර්තා විය. එම අවස්ථාවේදී ‍ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා එම ඉල්ලීම දැඩිව ප්‍රතික්ෂේප කර ඇති අතර ආණ්ඩුවේ කවර හෝ ප්‍රබලයකු සමඟ එකඟතාවයකට යාමට තරම් තමන් නිවට නොවන බව දන්වා තිබේ. එබැවින් වික්‍රමසිංහ මහතා ජනපති වරයා හමුවීමට යාම පිළිබඳවද ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීමට බොහෝවිට ඉඩ තිබේ. වික්‍රමසිංහ - රාජපක්ෂ හමුව හෙට සිදුවීමට නියමිතයැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගයක් "ලංකාටෲත්" වෙත වාර්තා කළේය.truth

එජාපයට යළිත් අලියා ඕනෑ වෙයි


එක්සත් ජාතික පක්ෂය එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ දී අලියා ලකුණින් තරග කිරීමට තීරණය කළ බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා පවසයි. අද පස්වරුවේ සිරිකොත මන්දිරයේ පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී මෙම තීරණය ගෙන තිබේ. වෙනත් ලකුණකින් තරග කිරීම සඳහා විපක්ෂයේ වෙනත් පක්ෂයකින් යෝජනාවක් ඉදිරිපත් වු‍වහොත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීම සඳහා යළි කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් විය යුතු බවට ද එහිදී තීරණය වූ බව ගයන්ත කරුණාතිලක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ෆොන්සේකා අවුරුදු 5 ක් හිරේ දැමිය හැකියි


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා හැකි ඉක්මනින් යුධ අධිකරණයට ඉදිරිපත් කෙරෙනු ඇති බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
රාජ්‍ය ද්‍රෝහී වීමේ වරදට ෆොන්සේකා මහතා වසර 5 ක් බන්ධනාගාර ගත කළ හැකි බව ද හෙතෙම කියා සිටියේ සිංගප්පූරු මාධ්‍යයකට අදහස් දක්වමිනි.
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපදය සහ නෝර්වේ සහය ලබා දී ඇති බවද ආරක්ෂක ලේකම්වරයා පවසා තිබේ.
ආරක්ෂක අංශ සාමාජිකයෙකු ධූරයෙන් විශ්‍රාම ලැබූවද 6 මසක කාලයක් තුළ හමුදා නීතිය අනුව කටයුතු කළ හැකි බවත්,ඒ අනුව සරත් ෆොන්සේකා මහතාට එරෙහිව ක්‍රියාත්මක වීම නීත්‍යනුකූල බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කර තිබේ.

දේශපාලනය යනු මැර බලය නෙවෙයි


දේශපාලනය යනු මැර බලය හෝ පළිගැනීම නොවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. පසුගිය ජනාධිපතිවරණයත් සමඟම ජනතාව බියවද්දා දේශපාලනය කළ යුගය අවසන් කිරීමට තමාට හැකි වූ බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
නාමල් රාජපක්ෂ මහතාගේ දේශපාලන ජීවිතයේ ආරම්භය සනිටුහන් කරමින් අද පෙරවරුවේ තංගල්ල නගර ශාලාවේ පැවති ජනහමුවක් අමතමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය..
ඕනෑම පුද්ගලයෙකුට දේශපාලනය කිරීමේ අයිතිය තිබුණ ද රට නැවත ත්‍රස්තවාදීන්ට පාවා දීමට හෝ රටේ සාමය, සමගිය විනාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නොමැති බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දෙයි.
කෙළෙහි ගුණ දන්නා ජනතාවක් සිටින රට තුළ නිරන්ත‍රයෙන් සත්‍ය ජයගන්නා බව ද වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය. adaderana

රැඳවුම් මධ්‍යස්ථාන 8 ක්


රැඳවුම් මධ්‍යස්ථාන 8 ක් ස්ථාපිත කරන බවට පොලිස්පතිවරයා ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර ඇතිවග ජ.වි.පෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි.
පෙබරවාරි මස 08 වෙනි දින නිකුත් කරන ලද ගැසට් නිවේදනයේ පනාගොඩ හමුදා මූලස්ථානය,නාවික හමුදා මූලස්ථානය,යුද හමුදා මූලස්ථානය,යුද හමුදා පොලිස් බලකා මූලස්ථානය ආදී ස්ථාන 8 ක් රැඳවුම් මධ්‍යස්ථාන ලෙස ප්‍රකාශයට පත් කර තිබුණු බව හෙතෙම කියා සිටියි.
සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීම සිදු කරනු ලැබුවේ 8 දා රාත්‍රියේ බවත් ,එදින උදෑසන මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබුණු බවත් ඔහු සිහිපත් කළේ අද පැවති මාධ්‍ය හමුවකදීය.
ඒ අනුව ආණ්ඩුව රැඳවුම් මධ්‍යස්ථාන හෙවත් සිර කඳවුරු කල් තියා සාදා දිගින් දිගටම විරුද්ධවාදීන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටින බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

යතුරු පැදි සොරුන් මාට්ටු


යතුරු පැදි සොරකමේ යෙදුණු පුද්ගලයින් දෙ‍දෙනෙකු මාතලේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. මාතලේ පොලිස් විශේෂ විමර්ශන අංශය විසින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු නාවික හමුදාවෙන් පලා ගිය සෙබළෙකු වන අතර අනෙක් පුද්ගලයා යුද හමුදා‍ සාමාජිකයෙකු බවට විමර්ශන වලින් අනාවරණය වී තිබේ.
ඔවුන් විසින් සොරකම් කරන ලද ‍යතුරු පැදියක් ද පොලිසිය විසින් සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් සම්බන්ධයෙන් මාතලේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. adaderana

බස් හැපී අයෙක් මරුට-14 ට තුවාලයි


ගාල්ල, කොළඹ ප්‍රධාන මාර්ගයේ රත්ගම ප්‍රදේශ‍යේ සිදුවූ රිය අනතුරකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තවත් පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා තිබේ.
අද පෙරවරුවේ බස්රථ දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා ප්‍රකාශ කරයි.
අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් කරාපිටිය‍ රෝහලට ඇතුළත් කර තිබේ. ඒ අතර පාසල් සිසුන් සිව්දෙනෙකු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
රියදුරන්ගේ නොසැලකිලිමත්භාවය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබේ.adderana

මගේ සැමියාගේ ජීවිතය අනතුරේ: ජෙනරාල්ගේ බිරිඳ බිය පළ කරයි


තමා ගෙදර සිටියාට තමාට බියක් දැනෙන බවත් ඒ තමා ගැනවත්, දරුවන් ගැනවත් නොව, හමුදා අත්අඩංගුවේ පසුවන ස්වාමි පුරුෂයාගේ ජීවිතයට කරදරයක්වේද කියා බවත් ෆොන්සේකා මහතාගේ බිරිඳ වන අනෝමා ෆොන්සේකා මහත්මිය පැවැසුවාය.
තමාගේ ස්වාමිපුරුෂයාට ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම්, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් සහ ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහත්වරුන් ඇතුළු පක‍ෂ නායකයින් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉදිරිපිට දී පහර දී රැගෙන ගියා නම්, හමුදා අත්අඩංගුවට ගත් තම ස්වාමි පුරුෂයාගේ ජීවිත ආරක‍ෂාව පිළිබඳව බරපතල ප්‍රශ්නයක් පැන නගින බවත් ෆොන්සේකා මහත්මිය කීවාය.
ෆොන්සේකා මහත්මිය එසේ කීවේ කොළඹ රැජිණ මාවතේ පිහිටි ෆොන්සේකා මහතාගේ කාර්යාලයේ අද (11) පෙරවරුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.
අපේ කාර්යාලයේ වැඩ කළ 40 දෙනකු පමණ අත්අඩංගුවට ගෙන ඇති බවත්, අපි රජයට එරෙහිව කුමන්ත්‍රණය කළා යැයි ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශ කරන බවත් කී ෆොන්සේකා මහත්මිය, අපි කළ කුමන්ත්‍රණය කුමක්දැයි ප්‍රශ්න කළාය.
ජනවාරි 26 වෙනිදා රාත්‍රියේ අපව අත්අඩංගුවට ගන්න යන බවට ආරංචියක් සැලවීමත් සමඟ තමාත් තමාගේ ස්වාමි පුරුෂයා හා පවුලේ ඥාතීනුත් සමඟ සිනමන් ලේක්සයිඩ් හෝටලයට ගියේ ආරක‍ෂාවට මිස කුමන්ත්‍රණය කිරීමට නොවේ යැයි කී ෆොන්සේකා මහත්මිය එදා අපේ පවුලේ අය සමඟ මේ රටේ පක‍ෂ නායකයින් කීපදෙනෙක් සහ මන්ත්‍රීවරු ගණනාවක් සිටි අතර, රජය පෙරලීමේ කුමන්ත්‍රණ චෝදනා යටතේ මගේ ස්වාමි පුරුෂයා පමණක් ගත්තේ ඇයි දැයි අසන අතර හෝටලයේ එදා තමාත් ඥාතීනුත් තවත් අයත් අත්අඩංගුවට නොගත්තේ ඇයි දැයි ෆොන්සේකා මහත්මිය රජයෙන් ප්‍රශ්න කළාය.
අද මේ රටේත්, හමුදාවේත් කි්‍රයාත්මක වන්නේ කැලෑ නීතියක් බවත් කී ෆොන්සේකා මහත්මිය, එම කැලෑ නීතිය කි්‍රයාත්මක කරන්නේ කවුද කියා මේ රටේ ජනතාව හොඳින් දන්නා බවත් කීවාය.
තම ස්වාමි පුරුෂයා අත්අඩංගුවට ගැනීම ගැන ලක‍ෂ්මන් යාපා අබේවර්ධන සහ කෙහෙළිය රඹුක්වැල්ල යන ඇමැතිවරුන් සහ හමුදා ප්‍රකාශක ප්‍රසාද් සමරසිංහ මහතා එකින් එකට පරස්පර ප්‍රකාශ කරන බව කී ෆොන්සේකා මහත්මිය තම ස්වාමි පුරුෂයාට එරෙහිව ඔවුන් කරන චෝදනාවල පදනමක් නැති බවත් පෙන්වා දුන්නේය.
කොළඹ නාවික මූලස්ථානයේ රඳවා සිටින තම ස්වාමි පුරුෂයා බලන්නට අවසර ලබාදුන්නේ, තමා ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයෙන් කළ ඉල්ලීමෙන් පසුව බවත් කුඩා කාමරයක රඳවා සිටින තම ස්වාමිපුරුෂයා සමඟ නිදහස් කථා කිරීමට නිදහසක් නැති බවත් කී ෆොන්සේකා මහත්මිය හමුදාවේ හා නාවික හමුදා රැකවලූන් කාමරය ඇතුලේ සහ එළියේ යොදා සිටින බවත් කීවාය.
තම ස්වාමි පුරුෂයාට යුද්ධය නිසා ඇතිවූ තුවාල නිසා නිතර ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය බවත්, ඔහුගේ රෝගී තත්ත්වය ගැන හොඳින්ම දන්නා හමුදා රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙක් නම් කර ඔහුගේ සේවය ලබාදෙන්නැයි තම ස්වාමි පුරුෂයා හමුදාපතිගෙන් ඉල්ලීමක් කර ඇතත්, හමුදාපතිවරයා විසින් එම වෛද්‍යවරයා ලබාදෙන්නට නොහැකි යැයි ප්‍රකාශ කර ඇති බවත් ෆොන්සේකා මහත්මිය කීවාය.
තම ස්වාමිපුරුෂයා අත්අඩංගුවට ගැනීමෙන් පසුත්, රහස් පොලීසියෙන් ගෙදරට පැමිණ, විවිධ ප්‍රශ්න කිරීම්වලට ලක් කරන බවත්, මේ අන්දමට සලකන්න අප කර ඇති වැරැද්ද කුමක්දැයි විමසා සිටි ෆොන්සේකා මහත්මිය ප්‍රශ්න අහලා තමන්ව මානසිකව වැට්ටවිය නොහැකි බවත් මේ රටේ ජනතාවගේ ඡන්දයෙන් පත්වූ සැබෑ ජනාධිපති මහින්ද රාජපක‍ෂ මහතා නොව තමාගේ ස්වාමි පුරුෂයා බවත් ෆොන්සේකා මහත්මිය හැඟ=ම්බරව ප්‍රකාශ කළාය.
ජාතික රූපවාහිනිය සහ ස්වාධීන රූපවාහිනි ආයතනවල ප්‍රධානීන් දේශප්‍රේමී යැයි කියා ගන්නා රැලක් තම පවුලට එරෙහිව ගෙන යන මඩ ප්‍රචාරය නතර කර නැති බවත්, ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නට පෙර මේ දේවල් නොකීවේ මන්දැයි ප්‍රශ්න කළ ෆොන්සේකා මහත්මිය, තමා ඒ අය ආශ්‍රය කර ඇති නිසා ඒ අයගේ හෘද සාක‍ෂිය හොඳින් දන්නා බවත්, වීදුරු ගෙවල්වල සිට ගල් ගසන්න එපා යැයි තමා ඔවුන්ගෙන් ඉල්ලා සිටින බවත් කීවාය.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න සහ ඒවාට ලැබුණු පිළිතුරු
ප්‍ර: ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගන්න කිසිම හේතුවක් නැතැයි ඔබතුමිය ප්‍රකාශ කළත් අමාත්‍ය ලක‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා හා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාත්, මාධ්‍යට ප්‍රකාශ කළා යුද අපරාධ සිදු වී තිඛෙනවා නම්, ඒ ගැන තමාගෙන් ජාත්‍යන්තරව විමසා සිටියහොත් සාක්කි දෙන්න සූදානම් බව ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගත් දිනයේ සවස බී.බී.සී ගුවන් විදුලියට ප්‍රකාශයක් කර තියෙනවා කියලා. මේක නිසාද ඔබතුමියගේ ස්වාමිපුරුෂයා අත්අඩංගුවට ගන්න හේතු වුණේ?
පි: ෆොන්සේකා මහත් එවැනි ප්‍රකාශයක් කළාද කියන්න මම දන්නේ නැහැ. මම ඒ වෙලාවේ හිටියේ ගෙදර. ඔහු හිටියේ කාර්යාලයේ.
එම ප්‍රශ්නයත් සමඟ පැහැදිලි කිරීමක් කළ බී.බී.සී සංදේශ වැඩසටහනේ ලංකාවේ නියෝජිත එල්මෝ ප්‍රනාන්දු මහතා,
zබී.බී.සී. මාධ්‍ය ආයතනයට අත්අඩංගුවට ගත් දිනයේ සවස ෆොන්සේකා මහතා ප්‍රකාශයක් කළ බව ඇත්ත. නමුත් හමුදාව ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගත්තේ රාත්‍රී 9.30 ට, බී.බී.සී සංදේශ වැඩසටහනේ එම ප්‍රකාශය විකාශය කළේ රාත්‍රී 10.00 ටයි. ෆොන්සේකා මහතා අපට කළ ප්‍රකාශය නිසා අත්අඩංගුවට ගත්තා කියන එක අපි ප්‍රතිෙක‍ෂ්ප කරනවා. ෆොන්සේකා මහතා අපට යම් ප්‍රකාශයක් කළා නම් ඒ කළේ සම්මුඛ සාකච්ඡාවකදී නොවෙයි ආයතනයේ මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.enews

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්තුමියගෙන් පොලීසියට ඓතිහාසික දේශණයක්

මුළු රටම රූපවාහිනී නාලිකාවලින් බලා සිටි මෙම සිදුවීමේදී පොලීසිය කි්‍රයා කළ ආකාරය ලැජ්ජා සහගත ලෙස යයිද, සැබැවින්ම මෙහි පළමුවන සැකකරු විය යුත්තේ පොලීසිය යයිද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් චම්පා ජානකී රාජරත්න මහත්මිය අලූත්කඩේ ඊයේ (10) පැවැති විපක‍ෂ සත්‍යග්‍රහයේදී කලහකාරී ලෙස හැසිරුණේ යයි කෙසෙල්වත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අංක 01 අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබූ සැකකරුවන් නව දෙනකු ඇප මත මුදාහරිමින් අද (11) විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළාය.
ජනාධිපතිවරණයේ පොදු අපේක‍ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීමට එරෙහිව පොදු විපක‍ෂය ඊයේ (10) කැඳවා තිබූ මෙම සත්‍යග්‍රහයට පොලීසියේ ආරක‍ෂාව ලබමින් එල්ල කළ මැර ප්‍රහාර වැලැක්වීමට සත්‍යග්‍රහයට එක්වූ ජනතාව ද කි්‍රයා කළෙන් දෙපාර්ශවය අතර පැය හතරක් පුරා ඇවිලී ගිය දරුණු ගැටුම අලූත් කඩේ උසාවි සංකීර්ණය අසල පෙදෙස යුද පිටියක් බවට පත් කළේය. මෙහිදී පොලීසිය සත්‍යග්‍රහයට එක්වූ 9 දෙනකු කලහකාරී ලෙස හැසුරුණේ යයි අත්අඩංගුවට ගෙන තිබුණේය.
කල කෝලාහල කිරීම, පොදු දේපළ විනාශ කිරීම, කලහකාරී ලෙස හැසිරීම යනාදි චෝදනා මත කෙසෙල්වත්ත පොලීසිය සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී පනහකට අධික නීතිවේදීන් පිරිසක් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටීමින් අධිකරණයට කියා සිටියේ කලහකාරී ලෙස හැසිරුණු මැරයන් මොවුන් නොවන බවත් එම මැරයන් පොලීසිය ආරක‍ෂා කළ බවත්ය. තම ප්‍රකාශය සනාථ කිරීමට පොලීසිය විසින් මැරයන් ආරක‍ෂා කරනු ලබන අයුරු පෙන්නුම් කරන ඡායාරූප ද ඔවුහු ඉදිරිපත් කළහ.
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ගේ කරුණු දැක්වීමෙන් අනතුරුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේදී කියා සිටියේ මේ සිද්ධිය රූපවාහිනියෙන් මුළු රටම දුටු මුළු රටම දන්නා කරුණක් බවත්, අධිකරණය යනු එක් පුද්ගලයකුට හෝ කණ්ඩායමකට වුවමනා ලෙස කි්‍රයා කරන ආයතනයක් නොව ජනතාවගේ කොටසක් බවත්ය.
අධිකරණ තීන්දුව දෙස ජනතාව බලා සිටින බව අවධාරණය කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැබෑ අපරාධකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් නොකිරීම ගැන පොලීසියට දෝෂාරෝපණය කරමින් මෙසේ අවවාද කළාය.
අහිංසක ජනතාවගේ බදු මුදලින් යැපෙන පොලීසිය සේවය කළ යුත්තේ ජනතාවටය. පොලීසිය යම් දේශපාලන කණ්ඩායමකට හෝ යම් පුද්ගලයකුට පක‍ෂපාතී නොවිය යුතුය. පොලීසිය එලෙස පක‍ෂග්‍රාහිව කටයුතු කරන්නේ නම් ලැජ්ජා සහගතය. කනගාටුදායකය.

එක් එක් අය සතුටු කිරීමට වැඩ නොකොට සැබෑ අපරාධකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නැයි පොලීසියට නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය එක් අයකුට රුපියල් 50,000 බැගින් වන ශරීර ඇප මත සැකකරුවන් 9 දෙනාම මුදා හැරීමට නියම කළාය. ඉදිරියේ පවතින්නේ මිනිසුන් පීඩනයට පත් කරවන ප්‍රවණතාවයක් බැවින් කල්පනාවෙන් කටයුතු කරන ලෙස මහේස්ත්‍රාත්වරිය
සැකකරුවන්ට ද අවවාද කළාය.
නීතිඥ ගුරණරත්න වන්නිනායක, මංජුල පතිරාජ, පියරංජන ජයසිංහ, අජිත් ජයසේකර, සඳුන් කෝන්ගලගේ, මංජුල සේනානායක, සිසිර සේනාරත්න, සහ කේ. ඩබ්ලිව්. ජනරංජන යන මහත්වරුන් ඇතුළු 50 කට අධික නීතිවේදීහු පිරිසක් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටියහ. enews

මට ෆොන්සේකා බලන්න ඕනෑ: රනිල් ජනාධිපතිට දැනුම් දෙයි

හමුදා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රඳවාගනු ලැබ සිටින ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා බැලීමට යාමට තමන්ට අවශ්‍ය බව විපක‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (11) දුරකතනය මගින් ජනාධිපති මහින්ද රාජපක‍ෂ මහතාට දැනුම් දී තිබේ.
වික්‍රමසිංහ මහතා මෙවැනි ඉල්ලීමක් කළ බව ජනාධිපතිවරයා ඊයේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ද ප්‍රකාශ කළ බව වාර්තා වේ.
විපක‍ෂ නායකයාගේ ඉල්ලීමට ජනාධිපතිවරයාගේ මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී නැත.enews