
යතුරු පැදි සොරකමේ යෙදුණු පුද්ගලයින් දෙදෙනෙකු මාතලේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. මාතලේ පොලිස් විශේෂ විමර්ශන අංශය විසින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු නාවික හමුදාවෙන් පලා ගිය සෙබළෙකු වන අතර අනෙක් පුද්ගලයා යුද හමුදා සාමාජිකයෙකු බවට විමර්ශන වලින් අනාවරණය වී තිබේ.
ඔවුන් විසින් සොරකම් කරන ලද යතුරු පැදියක් ද පොලිසිය විසින් සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් සම්බන්ධයෙන් මාතලේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. adaderana
0 comments:
Post a Comment