Thursday, February 11, 2010

ජෙනරාල්ට නිදහස ඉල්ලන්න ජනපති හමුවෙන්න රනිල් සැරසෙයි


දැනට අත්අඩංගුවේ සිටින ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කරගැනීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව හමුවීමට රනිල් වික්‍රමසිංහ මහතා සූදානම් වෙතැයි එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. රනිල් වික්‍රමසිංහ මහතා මෙම තීරණය ගෙන ඇත්තේ ජෙනරාල් ෆොන්සේකා මහතාගෙන් විමසීමෙන් තොරව යැයි තවදුරටත් වාර්තාවේ.
මීට පෙරද ෆොන්සේකා මහතාට එරෙහි තර්ජන වැඩිවන අවධියේදී ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී එකඟතාවයකට එන්නැයි වික්‍රමසිංහ මහතා ජනරාල්වරයාට යෝජනා කර ඇතැයි අපට වාර්තා විය. එම අවස්ථාවේදී ‍ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා එම ඉල්ලීම දැඩිව ප්‍රතික්ෂේප කර ඇති අතර ආණ්ඩුවේ කවර හෝ ප්‍රබලයකු සමඟ එකඟතාවයකට යාමට තරම් තමන් නිවට නොවන බව දන්වා තිබේ. එබැවින් වික්‍රමසිංහ මහතා ජනපති වරයා හමුවීමට යාම පිළිබඳවද ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීමට බොහෝවිට ඉඩ තිබේ. වික්‍රමසිංහ - රාජපක්ෂ හමුව හෙට සිදුවීමට නියමිතයැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගයක් "ලංකාටෲත්" වෙත වාර්තා කළේය.truth

0 comments:

Post a Comment