
අද කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණය ට හා ඒ අවට ප්‍රදේශයට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා ඇතැයි උසාවි සංකීර්ණයේ නීතිඥ මහත්වරුන් සඳහන් කරයි.
අද පෙරවරුවේ උසාවි සංකීර්ණය හරහා යන පුද්ගලික වාහන සීමා කර තිබුණු බවත්,ඒවා දැඩි සෝදිසි කිරීම්වලට ලක් කළ බවත්,ඔවුන් කියා සිටියි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතාගෙන් මේ පිළිබඳ කළ විමසීමේදී ඔහු කියා සිටියේ උසාවි සංකීර්ණයේ විශේෂයෙන් ආරක්ෂාව තර කිරීමක් නොකළ බව හා එය සාමාන්‍ය තත්ත්වය බවයි.
අද ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පිළිබඳ පෙත්සම සලකා බැලීමට නියමිතව තිබේ. adaderana
0 comments:
Post a Comment