Wednesday, March 17, 2010

විහාරස්ථානය සෝදිසියෙන් අයිතිවාසිකම් කඩවෙලා?


අයුතු සහගත ලෙස තම විහාරස්ථානය පරීක්ෂා කිරීම තුළින් සිය මූලික අයිතිවාසිකම් කඩ වූ බව පවසමින් නුගේගොඩ නාලන්දාරාමාධිපති පූජ්‍ය තිනියාවල පාලිත හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
පෙත්සමෙන් වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ මිරිහාන පොලිසියේ ස්ථානාධිපතිවරයා, පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසකි.
ව්‍යාජ තො‍රතුරු ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරමින් අධිකරණය නොමග යවා සෝදිසි වරෙන්තුවක් ලබාගෙන මිරිහාන පොලිසිය විසින් තම විහාරස්ථානය පරීක්ෂාවට ලක් කළ බව පෙත්සමෙන් කියා සිටියි.
එම පරීක්ෂාවේ දී කිසිදු සැකකටයුතු දෙයක් හමු නොවූ බව පවසන පෙත්සම්කාර හිමියන් සඳහන් කරන්නේ මෙමගින් තම කීර්තියට හානියක් සිදුවූ බවයි. එම ක්‍රියාව මගින් තම මූලික අයිතිවාසිමක් කඩවුනු බවට ප්‍රකාශයක් සිදුකරන ලෙස එම පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.adaderana

ෆොන්සේකාගේ අධාරකරුවන් තිදෙනෙක් නිදහස්


රජය පෙරළීමට කුමන්ත්‍රණය කළේ යැයි අත්අඩංගුවට ගෙන සිටින ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ආධාරකරුවන් වන විශ්‍රාම ගිය හමුදා නිලධාරීන් තිදෙනෙකු නිදහස් කිරීමට තීරණය කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.
නීතිපතිවරයා මෙම දැනුම් දීම සිදුකළේ අදාළ නිලධාරීන් විසින් ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදීය.
එහිදී රජයේ නීතිඥවරයා කියා සිටියේ අදාළ නිලධාරීන් තිදෙනා‍ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර නිදහස් කිරීමට අපරාධ ‍පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇති බවයි.
ඒ අනුව අදාළ පෙත්සම මැයි මස 13 වැනි දින යළි කැඳවීමට අගවිනිසුරු අශෝක ද සිල්වා මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කරන ලදී. adaderana

ගැටුම් ඇති කළොත් ඇමතිකම් අවදානමේ


මැතිවරණ සමයේ ගැටුම් ඇතිකරගන්නා අපේක්ෂකයින්ට මැතිවරණයෙන් පසු කිසිදු තනතුරක් ලබා‍නොදීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ගැටුම් ඇතිකරගන්නා එවැනි අපේක්ෂකයින්ගේ තරාතිරම නොබලා විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද ජනාධිපතිවරයා දැනුම් දී ඇත.
ඒ අනුව මේ සම්බන්ධයෙන් සන්ධානයේ සියලු අපේක්ෂකයින් දැනුවත් කර ඇති බව මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. අමාත්‍යවරයා මේ අදහස් පළ ‍කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
ජනාධිපතිවරණයේදී එක් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් වෙනුවෙන් පෙනී සිටි ජ.වි.පෙ සහ යූ.ඇන්.පීයේ එකී ප්‍රතිපත්ති ප්‍රකාශනය දෙකඩ වී වෙන වෙනම ප්‍රතිපත්ති ප්‍රකාශන දෙකක් මේ වන විට එළිදක්වා ඇතත් ඒවා මහින්ද චින්තනයේ කොපි බවද ඇමතිවරයා කියා සිටියේය.
78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සෑදුව උදවියටම අද එය එපා වී තිබීම සතුටට කරුණක් බවත්,එළඹෙන ආණ්ඩුවේදී නියත වශයෙන්ම එය අහෝසි කරන්නට 2/3 ක බලයක් ලැබිය යුතු බවත් හෙතෙම කියා සිටි‍යේය.ada

බඩු මිල නම් මට අදාළ නෑ


බඩු මිල සම්බන්ධ ගැටලුව අදාළ වන්නේ තම අමාත්‍යාංශයට නොව මුදල් අමාත්‍යාංශයට බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ඔහු සඳහන් කරන්නේ නිදහසෙන් පසු එළඹි දුෂ්කරම කාලයේ දී එම ගැටලුවේ වගකීම තමා වෙත පවරාගත් බවයි.
කැබිනට් මණ්ඩල‍යේ සාමූහික වගකීම හේතුවෙන් එහි සත්‍යතාව මෙතෙක් හෙළි නොකළ බව අමාත්‍යවරයා පෙන්වාදෙයි.
වෙළඳ අමාත්‍යාංශයේ අද පැවති නව වෙබ් අඩවියක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසීය. ada

අපේ බැංකු ලෝකයේ පරණම රස්සාවටත් වඩා බාල්දුවෙලා


ශ්‍රීලංකාවේ බැංකු මේ වන විට කර්මාන්තයක් හැටියට ලොව පැරණිම රැකියාවටත් වඩා බාල්දු වී ඇති බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අපේ ආදායම් වාර්ෂිකව කෝටි 70,500 ක් වුණත් ණය පොලී සහ වාරික ගෙවීම් වෙනුවෙන් කෝටි 82,500 ක් වෙන් කරන්නට සිදුව ඇති බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වාදෙයි.
එච්.එස්.බී.සී බැංකුවෙන් මෑතකදී ගන්නා ලද ණය මුදල් 2012 දී ගෙවන්නට සිදුව ඇති බැවින් ඒ වන විට ණය මුදල් 50% න් යළි වැඩි වන බවද හෙතෙම කියා සිටියේ අද පැවති මාධ්‍ය හමුවකදීය.
2012 දී ණය මුදල් 50% න් යළි වැඩි වන මුත් ඊට සාපෙක්ෂව ආණ්ඩුවේ ආදායම් තත්ත්වය වැඩි නොවන හෙයින් ජනතාවට දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දෙන්නය සිදුවනු ඇතැයි හෙතෙම කියා සිටියේය.
එක්සත් ජාතික පෙරමුණේ ආණ්ඩුවක් පිහිටුවීමෙන් පසු ජාත්‍යත්තර මූල්‍ය අරමුදල සමග දැනට ගසා ඇති ගිවිසුම අහෝසි කරන බවත්,ඒ වෙනුවට රටට හිතකර වෙනත් ගිවිසුමක් ඇති කර ගැනීමට කටයුතු කරන බවද ඔහු කියා සිටියේය.
2010 දී ජී.එස්.පී ප්ලස් සහනය අරන් දීමට කටයුතු කරන බවත්,ඉන්දියාවත් සහභාගී කරගෙන කෝටි 100 ක වෙළෙඳපොළක් ඇති කරගන්නා බවත්,සෙසු රටවල් ද සහභාගී කරවාගෙන 2010 අවසාන වන විට කෝටි 150 ක වෙළෙඳපොළක් අත්පත් කර ගැනීමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. ada

Tuesday, March 16, 2010

එජාප ප්‍රතිපත්ති ප්‍රකාශනය අද එළිදැක්වේ


එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය අද එළිදැක්වීමට නියමිතව තිබේ.
කොටස් දෙකක් යටතේ මෙවර ප්‍රතිපත්ති ප්‍රකාශනය සකස් කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කළේය. ada

කොල්ල කල්ලියක් අල්ලයි


මිනී මැරුම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ කොල්ල කල්ලියක සාමාජිකයින් පිරිසක් රාජාංගණය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මොවුන් අනුරාධපුර, තඹුත්තේගම, තලාව, රාජාංගණය ඇතුළු ප්‍රදේශ ගණනාවක මිනි මැරුම්, වාහන පැහැරගැනීම් හා කොල්ලකෑම් රැසකට සම්බන්ධ පුද්ගලයින් බව පොලිසිය පවසයි. පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු මෙම කොල්ල කල්ලියට අයත් පුද්ගලයින් දස දෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවේ සිටි සැකකරුවෙකුගෙන් ලද තොරතුරු අනුව සිදු කළ වැටලීමක දී මොවුන් අත්අඩංගුවට ගත් බව රාජංගණය පොලිසිය සඳහන් කරයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. ada

Monday, March 15, 2010

පොලිස් ලොක්කත් එක්ක තවත් තිදෙනෙක් ගෙදර


ත්‍රීකුණාමලය මූලස්ථාන පොලිස් පරීක්ෂක සහ තවත් පොලිස් නිලධාරීන් තිදෙනෙකු වැඩ තහනමට ලක් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පවසයි. පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් මොවුනට එරෙහිව චෝදනා එල්ල වී ඇති බව ද හෙතෙම සඳහන් කරයි. ada

පෝස්ටර්,කටවුට් මුළුමනින්ම ඉවත් කරන්නට බෑ


පෝස්ටර්,බැනර්,කටවුට් මුළුමනින්ම ඉවත් කිරීමට හැකියාවක් නැතැයි පොලිස්පති මහින්ද බාලසූරිය මහතා පවසයි.
ජනාධිපතිවරණයේදී තරඟවැදුණේ සීමිත පිරිසක් වුවත් මහ මැතිවරණයේදී 7000 ට වැඩි පිරිසක් තරඟවදින බැවින් පෝස්ටර්,බැනර්,කටවුට් ඉවත්කිරීමේ 100% ක ප්‍රගතියක් අපේක්ෂා කළ නොහැකි බවද පොලිස්පතිවරයා කියා සිටියේය.
එසේ වුවත් ඊයේ දිනයේ සිට පෝස්ටර්,බැනර්,කටවුට් ඉවත්කිරීමේ කටයුතු සිදුකරන බව හෙතෙම කියා සිටියේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි. ada

විනිසුරුවරුන් සඳහා ජාත්‍යන්තර පුහුණුවක්


විනිසුරුවරුන් සඳහා ජාත්‍යන්තර පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය තීරණය කර තිබේ.
අමෙරිකාව, ඉන්දියාව, නෙදර්ලන්තය වැනි රටවල් සමග ‍ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය. පසුගිය වසර කිහිපය තුළ රජයේ වියදමින් චීනය, ඉතාලිය, මලයාසියාව වැනි රටවල විශ්ව විද්‍යාලවල පුහුණුව සඳහා විනිසුරුවරුන් යෙදවූ බව ද අමාත්‍යාංශය සඳහන් කරයි.
මීට අමතරව විනිසුරුවරුන්ගේ පුහුණු කටයුතු සඳහා නව පුහුණු මධ්‍යස්ථානයක් ඉදිරි මස තුළ විවෘත කිරීමට ද අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය තීරණය කර ඇත. මේ වන විට ඉදිවෙමින් පවතින එම මධ්‍යස්ථානය එකවර විනිසුරුවරුන් සිය දෙනෙකුට පුහුණුවීම් පහසුකම් ඇති බව සඳහන්ය. ada

ව්‍යාජ ලිපි ලේඛන සකස්කළ අයෙක් අත්අඩංගුවට


කරඹෑවිල, පොතුහැර ප්‍රදේශයේ ව්‍යාජ ලිපි ලේඛන සකස් කිරීමේ ස්ථානයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
බස්නාහිර පළාතේ දකුණ අපරාධ විමර්ශන ඒකකය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් ක‍ළේය. වාහන විකිණීම සඳහා සකස් කරන ලද ව්‍යාජ ලිපිලේඛන, ව්‍යාජ ලෙස සකස් කරන ලද ජාතික හැඳුනුම්පත්, නොතාරිස්වරුන්ගේ නම් සඳහන් ව්‍යාජ රබර් මුද්‍රා සහ ව්‍යාජ ඔප්පු කිහිපයක් අදාළ ස්ථානයේ තිබී සොයාගෙන ඇත.
මීට අමතරව හැඳුනුම්පත් සකස් කිරීමට යොදාගන්නා ඉටි කවර 50ක්, පරිගණක යන්ත්‍රයක්, ස්කෑන් යන්ත්‍රයක්, ඇතුළු ලිපි ලේඛන තොගයක් ද එහි තිබී සොයා ගෙන ඇති බව සඳහන්ය. ada

රටේ සංවර්ධනයට අධ්‍යාත්මික සංවර්ධනයත් ඕනෑ


රටේ සංවර්ධන අපේක්ෂා මල්ඵල ගැන්විය හැක්කේ රටේ ජනතා‍වගේ අධ්‍යාත්මික සංවර්ධනයෙන් පමණක් බව ජනාධිපතිවරයා පවසයි.
රටේ අනාගත පරපුර සාර ධර්ම පිරි පරපුරක් ලෙස ගොඩනැඟුවේ නැතිනම් අප ලබන්නා වූ සංවර්ධනයෙන් ඵලක් නොවන බව හෙතෙම පෙන්වාදෙයි.
අද(15)පෙරවරුවේ කසාගල රජමහා විහාරයේ දී ජනතාව අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කරන ලදී.
මනාප පොරය,දේශපාලන ගැටුම් පසෙකලා මේ රට ගොඩනඟන්නට එක්ව කටයුතු කළයුතු කාලය එළඹ ඇති බවද,මැතිවරණය මුවාවෙන් රටේ ජාති,ආගම්,කුල බේද යළි ඉස්මතු කරලන්නට ඇතැමුන් උත්සාහ දරන බවත්,එකී අරමුණ පරාජය කිරීමට මේ රටේ සියලුම ජනතාව පෙළගැසිය යුතු බවත් අවධාරණය කළේය.
මහා සංඝරත්නය ඇතුළු අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ,ජී.එල් පීරිස්,මහින්ද අමරවීර යන මහත්වරුන් අතුළු පිරිසක් ‍ද මෙම අවස්ථාවට එක්වූහ. ada

රිය අනතුරකින් 14කට තුවාලයි


කුරුණෑගල, අඹන්පොල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා තිබේ.
බස් රථයක් සහ ලොරි රථ 3 ක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව අප වාර්තාකරු පැවසුවේය. සිද්ධියෙන් තුවාල ලැබූ දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල වන අතර ඔවුන් කුරුණෑගල රෝහල‍ වෙත ඇතුළත් කර ඇත. සෙසු පිරිස අඹන්පොල රෝහලේ ප්‍රතිකාර ලබන බව ද වාර්තා වේ.
මාර්ගය අසල නවතා තිබූ ලොරි රථයක් ඊට පසුපසින් පැමිණි ලොරි රථයේ රියදුරුට නිරීක්ෂණය නොවීම ‍හේතුවෙන් එය හදිසියේ නවතා ඇති අතර ඊට පිටුපසින් පැමිණි තවත් ලොරි රථයක් වේගය පාලනය කරගත නොහැකිව අනෙක් මංතීරුවට ඇතුල් වී තිබේ. එහිදී එම ලොරි රථය බස්රථයේ ගැටී ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය. ada

සන්ධානයේ හා එජාපයේ දෙපිරිසක් අතර ගැටුමක්


වාලච්චේන, ඔඩ්ඩමාවඩු ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නියැලෙමින් සිටි දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන තිබේ.
එක්සත් ජනතා නිදහස් සන්ධාන සහ එක්සත් ජාතික පෙරමුණේ දෙපිරිසක් අතර මෙම ගැටුම සිදුවී ඇති බව අප වාර්තාකරු පැවසුවේය. සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණු ආධාරකරුවන් දෙදෙනෙකු වාලච්චේන පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. ada

ෆොන්සේකාගේ ප්‍රාණය රට වටේ වෙන්දේසි කරනවා


දේශපාලනමය වශයෙන් ඝාතනය කළ ජෙනරාල් සරත් ෆොන්සේකා‍ගේ ප්‍රාණය මේ වන විට ජ.වි.පෙ විසින් රට වටේ වෙන්දේසි කරමින් යන වග ප්‍රවාහන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
වැදගත් කුල කාන්තාවක් වන අනෝමා ෆොන්සේකා මහත්මිය ද මේ වන විට වට්ටි අම්මා කෙනෙක් බවට පත් කරගෙන ඇතැයිද හෙතෙම කියා සිටියේ අද කොළඹ මහවැලි කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
ජෙනරාල් සරත් ෆොන්සේකා නිදහස් කරන තුරු නොනැඟිටින බව පවසමින් සිරිකොත අබියස ආරම්භ කළ මාරාන්තික උපවාසය පැය 68 න් නිමා කළ බ වද ඇමතිවරයා සිහිපත් කළේය.
17 වන ආණ්ඩුක්‍රම සංශෝධනය ක්‍රියාත්මක කිරීම,යහපාලනය,විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම ආදී අරමුණු වෙනුවෙන් ජනාධිපතිවරණයේදී එකට එක්ව කටයුතු කළ අය මේ වන විට බෙදී වෙන්වී වෙන වෙනම තරඟ කරන්නේ එකී අරමුණු මේ වන විට ඉටුකරගෙන ඇති නිසාදැයි හෙතෙම මෙහිදී ප්‍රශ්න කළේය.
එස්.එෆ් ගේ තෙවෙනි මෙහෙයුම දැන් ආරම්භ වී ඇති බවත්,එහි එකම අරමුණ ජාතික ලැයිස්තුවෙන් ලැබෙන මන්ත්‍රීධූරය ජෙනරාල් ෆොන්සේකා ට ලබාදීම බවත් අලහප්පෙරුම මහතා පැවසීය.
එහෙත් ඒ බව නොබියව රටට කියන්නට ජ.වි.පෙ තාමත් සමත් වී නැතැයිද ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

හදිසි ගින්නකින් කෝටි 47 ක් පාඩුයි


නාත්තන්ඩිය, දුම්කන්නාව ප්‍රදේශ‍යේ පවත්වාගෙන ගිය මහා පරිමාණ කොහු කර්මාන්තශාලාවක ගින්නක් හටගෙන තිබේ.
ගින්නෙන් සිදුව ඇති අලාභය රුපියල් කෝටි 47 කට වැඩි බව කර්මාන්තශා‍ලා‍වේ පාලන අධිකාරිය පවසයි. අද අලුයම 3ට පමණ මෙම ගින්න හට‍ගත් බව සඳහන් වේ.
කර්මාන්තශාලාවේ විශාල ප්‍රමාණයේ ගොඩනැඟිලි 3 ක්, එම ගොඩනැඟිලි තුළ අපනයනය සඳහා සකස් කර තිබූ කොහු විශාල ප්‍රමාණයක්, ට්‍රැක්ටර් රථ දෙකක්, කොහු සකස් කිරීම සඳහා යොදා ගන්නා යන්ත්‍රෝපකරණ රැසක් ගින්නෙන් විනාශ වී තිබේ.
ගින්න නිවා දැමීම සඳහා ගුවන් හමුදාව, මීගමුව නග‍ර සභාවේ ගිනි නිවන ඒකකය සහ ප්‍රදේශවාසීන් විශාල උත්සහයක නිරත වුවද ගින්න මැඩ පැවැත්වීමට නොහැකි වූ බව වාර්තා වේ.
ගින්න හේතුවෙන් කර්මාන්ත ශාලාව ආසන්නයේ පිහිටි නිවාස 9කට ද හානි සිදුව ඇති අතර ගින්නට හසුවීමෙන් කාන්තාවක් තුවාල ලබා තිබේ. මාරවිල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයිada

ඉඩ කඩ නැත්නම් වී කොළඹට


ගබඩා පහසුකම් ප්‍රමාණවත් ‍නොවන ප්‍රදේශ වලින් මිලදි ගන්නා වී ‍තොග කොළඹට ප්‍රවාහනය කිරීමට පියවර ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
මෙම කන්නයේදී දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම වැඩි වී අස්වැන්නක් ලැබීම මෙම තිරණය ගැනීමට හේතුව බව අමාත්‍යාංශය‍ පෙන්වා දෙයි. මේ අතර 2010 මහ කන්නයට අදාළ වී මිල දී ගැනීම සඳහා වී අළෙවි මණ්ඩලය රුපියල් මිලියන හාර දහසක් වෙන් කර ඇත.
නියමිත ප්‍රමිතියෙන් යුත් නාඩු කිලෝග්‍රෑම් එකක් රුපියල් 28 කටත්, සම්බා කිලෝග්‍රෑම් එකක් රුපියල් 30 කටත් වී අළෙවි මණ්ඩලය විසින් මිල දී ගැනීමට නියමිතය. මෙම කන්නයේ දී වී මෙට්‍රික් ටොන් එක් ලක්ෂ හතළිස් දහසක් පමණ මිලදී ගැනීමට අපේක්ෂා කරන බව අමාත්‍යාංශය සඳහන් කරයි. ada

දකුණු ඉන්දීය‍ මුහුදේ භූකම්පනයක්


දකුණු ඉන්දීය‍ මුහුදේදී භූකම්පනයක් සිදුව තිබේ.
අද අළුයම සිදුවු මෙම භූකම්පනය රිච්ටර් පරිමාණයේ ඒකක හයකට අඩු අගයක් ගෙන ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේය. එබැවින් සුනාමි තත්ත්වයක් හෝ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව එම මධ්‍යස්ථානය සඳහන් කළේය.
අතර ජපාන නැගෙනහිර වෙරළ තීරයට ආසන්නයේ ද භූකම්පනයක් සිදුව ඇත. ඊයේ රාත්‍රී සිදුව ඇති මෙම භූකම්පනය රිච්ටර් පරිමාණයේ ඒකක 6 .6ක් ලෙස සටහන්ව තිබුණි. එමගින් ද කිසිදු හානියක් සිදුවී නොමැති බව වාර්තා වේ. ada

ප්‍රභාකරන්ගේ මව ඉන්දියාවට යාමට අවසර පතයි


හිටපු එල්.ටි.ටි.ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ මව වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඉන්දියාවට ඇතුළු වීමට අවසර ඉල්ලා තිබේ.
වේලුපිල්ලේ පාර්වතී නැමැති එම තැනැත්තිය වසර 10 ක පමණ කාලයක සිට‍ අංශභාග රෝගයකින් පෙළෙන බව සඳහන්ය. ඇය මේ වන විට සිංගප්පූරුවේ ප්‍රතිකාර ලබමින් සිටියි. හිටපු අමාත්‍ය එම්. කේ. ශීවාජිලිංගම් මහතා මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ ඇය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා කැනඩාවට පිටත් වීමට අපේක්ෂාවෙන් සිටින බවය. එහෙත් දුර්වල සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන පුද්ගලයන්ට එ‍රට වීසා නොලැබීම ගැටලුවක් වී ඇත. ප්‍රභාකරන්ගේ මවගේ දියණියන් දෙදෙනෙකු කැනඩාවේ සහ ඉන්දියාවේ ජිවත් වන අතර ඔවුන්ගෙන් එක් අයෙකු වෙත යාම පාර්වතීගේ උත්සාහය වී තිබේ. ada

ජී.එස්.පී ගැන සාකච්ඡාවට බ්‍රසල්ස් යයි


ජී.එස්.පී.ප්ලස් සහනය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙරට විශේෂ දූත කණ්ඩායමක් අද බ්‍රසල්ස් බලා පිටත්ව යාමට නියමිතය.
එහිදි ඔවුන් යුරෝපා කොමිසම සමග අදාළ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ඇත. මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය පි.බී.ජයසුන්දර, විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් රෝමේෂ් ජයසිංහ, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් සුහද ගම්ලත් සහ නීතිපති මෝහාන් පීරිස් යන මහත්වරුන් මෙම දුත පිරිසට අයත්ය.

Thursday, March 11, 2010

මීළඟ ඉලක්කය ගුණාත්මක අධ්‍යාපනයක්


රටේ දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම රජයේ මීළඟ ඉලක්කය වන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
රටේ ඉල්ලුමට මෙන්ම ජාත්‍යන්තර ඉල්ලුමට ද සරිලන අයුරින් ගුණාත්මක අධ්‍යාපනයක් දරු පරපුර වෙත ලබාදිය යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි. අද පස්වරුවේ කැලණිය හෙලේනා විජයවර්ධන බාලිකා විද්‍යාලයේ සංචාරයක නිරත වෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ අදහස් පළ කළේය.
අධ්‍යාපනයෙන් මෙන්ම අධ්‍යාත්මයෙන් ද සංවර්ධිත ජය පරාජය පිළිගත හැකි පිරිසක් රටට දායාද කිරීම, ගුරුවරුන්ගේ වගකීම වන බව ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය. පාසලක දියුණුව ඇති වන්නේ එහි විදුහල්පතිවරයාගේ මෙන්ම ආචාර්ය මණ්ඩලයේ කැපවීම මත බව ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.ada

යුද අධිකරණය 16 දා කැඳවයි


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව නඟා ඇති චෝදනා විමර්ශනය කිරීම සඳහා මාර්තු මස 16-17 යන දෙදින තුළ යුද අධිකරණය කැඳවීමට තීරණය කර ඇතැයි ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන්කරයි.
මේජර් ජෙනරාල් එච්.සී.පී.එස් වීරතුංග මහතා එහි සභාපතිත්වය දරන බව සඳහන් වේ.
මේජර් ජෙනරාල් ඒ.එල්.එච් විජේතුංග,ඩී.ආර්.ඒ.‍‍බී ජයතිලක,යන මහත්වරුන් සහ රියාද් අද්මිරාල් ඩබ්.ඩබ්.ජේ.එස් ප්‍රනාන්දු යන තිදෙනා යුද අධිකරණයේ විනිසුරුවන් ලෙස ක්‍රියා කරන බව හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පවසයි.
නාවික හමුදා මූලස්ථානයේදී මෙම යුද අධිකරණය කැඳවීම සිදුකෙරෙන බව අද පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් හමුදා ප්‍රකාශකයා කියා සිටියේය.
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහි සාක්ෂි සම්පිණ්ඩන වාර්තා පිළියෙළ කර අවසන් බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකයා කියා සිටියේ මාර්තු මස 10 දාය.
මෙහිදී ඔහුට එරෙහිව යුදාධිකරණය හමුවේ චෝදනා 7 ක් ගොනු කෙරී ඇති වග බව මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා කියා සිටි අතර යුද හමුදා සේවයේ යෙදී සිටියදී දේශපාලනයේ යෙදීම සම්බන්ධයෙන් චෝදනා 3ක් ද යුද හමුදා උපදෙස් පිළිනොපැදීම සම්බන්ධයෙන් චෝදනා 4ක් ද ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව ගොනු කෙරුණු බව සඳහන් කරන ලදී..
යුද හමුදා පනතේ 124 වන වගන්තියට අනුව සක්‍රීය හමුදා සේවයේ යෙදී සිටියදී දේශපාලනයේ යෙදීම ආශ්‍රිතව චෝදනාවක්ද සහිතව හමුදා පනතේ 102(1)වගන්තිය යටතේ චෝදනා 2 ක්ද ෆොන්සේකා මහතාට එරෙහි එකී චෝදනා ත්‍රිත්වයට ඇතුළත් වේ.
සෙසු චෝදනා 4 ගොනු කර ඇත්තේ හමුදා පනතේ 104(ඊ)වගන්තියට අදාළවය.
මෙම චෝදනා වලට අදාළව යුද අධිකරණය දින දෙකක් තුළ කැඳවනු ලැබීම සඳහා විනිසුරුවන් පත්කර ඇත්තේ යුද හමුදාපතිවරයාගේ නිර්දේශ මත ජනාධිපතිවරයා විසිනි.
ෆොන්සේකා මහතාට එරෙහිව 35 දෙනෙකුගෙන් සාක්ෂි සටහන් කරගෙන ඇති අතර එයින් 22 දෙනෙකු හමුදාසේවයේ නියුතු වූවන් වන අතර 7 දෙනෙකු පොලීසියේද තවත් 06 දෙනෙකු සිවිල් පුරවැසියන්ද වේ.
මේජර් ජෙනරාල් එච්.සී.පී.එස් වීරතුංග මහතා සභාපතිත්වයෙන් යුතු හා මේජර් ජෙනරාල් ඒ.එල්.එච් විජේතුංග,ඩී.ආර්.ඒ.‍‍බී ජයතිලක,යන මහත්වරුන් මෙන්ම රියාද් අද්මිරාල් ඩබ්.ඩබ්.ජේ.එස් ප්‍රනාන්දු යන තිදෙනාගෙන් යුතු යුද අධිකරණයේ විනිසුරුවන්ට අමතරව තවත් සිව් දෙනෙකුගෙන් යුතු විනිසුරු මඩුල්ලක් පත්කර ඇතත් ඒ කවුරුන්ද යන්න හෙළිදරව් කළ නොහැකි බව හමුදා ප්‍රකාශකවරයා පවසන ලදී.
යම් කිසි ගැටලුවක් පැන නැඟුණහොත් ක්‍රියාත්මකවීම සඳහා අතිරේක විනිසුරු මඩුල්ලක් ලෙස එය පිහිටවූ බවද හෙතෙම කියා සිටියේය. ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව චෝදනා විභාග කිරීම සඳහා ඔහුට වඩා ජ්‍යෙෂ්ඨයින් සිටිය යුතු බවත්,එසේ නොමැතිව චෝදනා විභාග කිරීම නීති විරෝධී බවටත් ඇතැමුන් නඟන ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් හමුදා ප්‍රකාශකවරයා කියා සිටියේ හමුදා පනතට අනුව ඔහුට වඩා ජ්‍යෙෂ්ඨ හෝ සම තත්ත්වයෙහිලා කිසිවෙකු නොවීනම් පහළ මට්ටමේ අයට පවා චෝදනා විභාග කළ හැකි බවය. යම් හෙයකින් ‍යුද අධිකරණයේ තීන්දුවෙන් ෆොන්සේකා මහතාට අසාධාරණයක් සිදුවී ඇතැයි ඔහුගේ පාර්ශවය විශ්වාස කරන්නේ නම් එකී තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළ හැකි බවය.මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීම සිදුකර ඇති බවද ෙමහිදී අවධාරණය කෙරිණි.
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා යුද හමුදා පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පෙබරවාරි මස 08 වෙනිදාය. ඔහු යුද හමුදාපතිවරයා ලෙස මෙන්ම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කරන අවධියේම විරුද්ධවාදීන් මෙන්ම ආරක්ෂක හමුදාව යොදාගෙන රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් දියත් කරමින් සිට බවට තොරතුරු ලැබී ඇති හෙයින් ඒ පිළිබඳ පරීක්ෂණයක් කිරීම සඳහා මේ අයුරින් අත්අඩංගුවට ගත් බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා එදින ප්‍රකාශ කර තිබිණි.
ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීම යුද්ධයෙන් මුදාගත් රට තුළ යළි බෙදුම්වාදී තත්ත්වයක් ඇතිකිරීමට අහිතකර අන්දමින් බලපෑ හැකි යැයි අමෙරිකා එක්සත් ජනපදය පෙබරවාරි මස 09 වන දින අනතුරු අඟවන ලදී.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ගයන් ශ්‍රී ලාංකීය නීතියට අනුගතවේද යන්න පිළිබඳව තම දැඩි අවධානය යොමුකරන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තුමේන්තුවේ ප්‍රකාශක පිලිප් ක්‍රොව්ලි මහතා AFP වෙත ප්‍රකාශයක් කරමින් සඳහන් කර තිබුණි. ---- ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට අත්වූ ඉරණම පිළිබඳ තම අවධානයට ලක් වී ඇති බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන් මහතා ද පවසා තිබුණි.
මහ ලේකම්වරයාගේ ප්‍රකාශකයා වන මාර්ටින් නෙසර්කි පැවසූ පරිදි ශ්‍රීලංකාවේ මෙම සිදුවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන් සැලකිලිමත් බව බවත්,රජය නීතිමය ක්‍රියා මාර්ග ගන්නා අතරතුරදී ෆොන්සේකා මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද අවධානය යොමු කළ යුතු බව මහ ලේකම්වරයාගේ අදහස බවද මෙහිදී පෙන්වා දී තිබුණි.
එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා නුදුරේදීම මේ සම්බන්ධයෙන් ශ්‍රීලංකා ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරනු ඇති බවද මහ ලේකම්වරයාගේ ප්‍රකාශකයා සඳහන් කර තිබුණත් එවැනි සාකච්ඡාවක් වූ බවට වාර්තා නොවුණි.
ෆොන්සේකා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විවිධ මතවාද සමාජයේ විටෙන් විට ප්‍රකාශයට පත්වුවද එළඹෙන 16-17 දෙදින ඉතා තීරණාත්මක වන බව නම් අවිවාදිතය. ada

ලොකුම හෙරොයින් තොගය අත්අඩංගුවේ


ලංකා ඉතිහාසයේ ඉහළම වටිනාකමින් යුතු හෙරෝයින් තොගය ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පවසයි.
හලාවත-මුතුපන්තිය ප්‍රදේශයෙන් පොලිස් මත් ද්‍රව්‍ය නාශක අංශය විසින් කරන ලද වැටලීමකින් මෙම හෙරෝයින් තොගය සොයා ගැනීමට හැකි වූ බව හෙතෙම කියා සිටියි.
පසුගිය 06 වන දින ක‍ටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයෙකුගෙන් ලද තොරතුරක් මත මෙම හෙරෙයින් තොගය සොයා ගැනීමට හැකි වී තිබේ.
මෙහි හෙරෝයින් කි.40 ක් සහ ග්රෑම් 812 ක් තිබී ඇති අතර වටිනාකම රුපියල් මිලියන 240 ක් පමණ වන බවද සඳහන් වේ. ada

ෆොන්සේකා වෙනුවෙන් නීති විශාරදයින් සූදානම්


හිටපු අගවිනිසුරු සරත් එන්ද සිල්වා ප්‍රමුඛ නීති විශාරදයින් පිරිසක් විසින් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීමේ සහ යුද අධිකරණයට ඉදිරිපත් කිරීමේ සූදානමට එරෙහිව කටයුතු කරමින් සිටින බව ජ.වි.පෙ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ජෙනරාල් ෆොන්සේකා මහතා ජ්‍යෙෂ්ඨතම හමුදා නිලධාරියා බවත් ඔහු යුද අධිකරණයේදී ප්‍රශ්න කිරීමට තරම් ජ්‍යෙෂ්ඨයින් නැති බවත් හෙතෙම කියා සිටියේ අද පැවති මාධ්‍ය හමුවකදීය.
ෆොන්සේකා මහතාට එරෙහිව චෝදනා 5 ක් යටතේ චෝදනා ගොනු කර ඇති බවට පසුගියදා මාධ්‍ය මගින් ප්‍රකාශයට පත් කරනු ලැබූවද කිසිදු චෝදනාවක් මේ වන තුරුත් පැහැදිලිව ඉදිරිපත් කර නැතැයිද ඒ මහතා කියා සිටියේය.
මේ වන විට මූලික කරුණු 2 ක් යටතේ චෝදනා ගොනුකරන්නට උත්සාහ දරමින් සිටින බවට ආරංචි ලැබී ඇතැයිද අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ‍හමුදා බාරයේ සිටින ෆොන්සේකා මහතා හමුවීමට නිල වශයෙන් ලබා දී තිබුණු පැයක කාලය මේ වන විට පැයක් දක්වා වැඩි කර ඇති බවද හෙතෙම කියා සිටියේය. ada

පක්ෂ මාරුව රජය පෙරළීමටත් වඩා අපහසුයි


පක්ෂ මාරුකිරීම රජයක්‍ පෙරළීමටත් වඩා අපහසු කාර්යයක් බව එස්.බී. දිසානායක මහතා පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළ තනතුරක් දරමින් සිටියදී තමන්ට ඉවත් වීමට සිදුවූයේ පක්ෂ නායකත්වයේ තිබූ අඩුපාඩු නිසා බව ඔහු සඳහන් කරයි.
කුණ්ඩසාලේ මැණික්හින්න ප්‍රදේශයේ සමෘද්ධි නිලධාරීන් පිරිසක් අමතමින් එස්.බී. දිසානායක මහතා මේ අදහස් පළ කළේය. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ද පක්ෂ සාමාජිකයින්ට ඇහුම්කන් නොදී බෙදුම්වාදීන්ට සහය ලබාදීම නිසා නැවත වරක් පක්ෂය මාරුකිරීමට තමාට සිදුවූ බව එස්.බී. දිසානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. ada

දඹුල්ල, මහ නගර සභාවක් ලෙස සංවර්ධනයට පියවර


දඹුල්ල ප්‍රාදේශීය සභාව මහ නගර සභාවක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබේ.
පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ යෝජනාවකට අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බව සඳහන්ය. දඹුල්ල නගරය දිවයිනේ අනෙකුත් නගරවලට වඩා ශීඝ්‍රයෙන් දියුණුවීම සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බව අමාත්‍යවරයා සඳහන් කළේය. දඹුල්ල නගර සභා බල ප්‍රදේශය නියෝජිත කොට්ඨාශ 12 කින් සමන්විතය. ada

ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ජලය නෑMarch 11, 2010 09:10 am


ඊයේ(10) දිනයේ සිට කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ජලය නොමැතිකම නිසා රෝගීන් මෙන්ම කාර්ය මණ්ඩලය ද දැඩි අපහසුතාවට පත්ව ඇති බව වාර්තා වේ.
මෙම තත්ත්වය නිසා නියමිතව තිබූ සැත්කම් කිහිපයක්ම අවලංගු කිරීමට ද සිදුව තිබේ. මේ පිළිබඳව අද දෙරණ කළ විමසීමකදී කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය හෙක්ටර් වීරසිංහ සඳහන් කළේ ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලයේ පිරිපහදු කිරීමේ කටයුතු සඳහා මෙසේ ජල සැපයුම නවතා දමා ඇති බවය. නමුත් හෘද රෝග ඒකකයේ කටයුතු සඳහා කිසියම් තාවකාලික විසඳුමක් හෝ ලබාදී නොමැති අතර මේ පිළිබඳව දැඩි අවධානය යොමුකරන ලෙස ජාතික රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටී. ada

මඩකලපුවේ බස් රියදුරන් උද්ඝෝෂණයක


තම ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා මඩකලපුව, කාන්තන්කුඩි පෞද්ගලික බස්රථ රියදුරන් ඊයේ උද්ඝෝෂණයක නිතර විය.
පසුගිය දා රාත්‍රියේ සමන්තුරේ සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක රියදුරෙකුට පහරදී ඝාතනය කළ අය වහාම අත්අඩංගුවට ගන්නා ලෙස උද‍්ඝෝෂකයින් ඉල්ලා සිටියේය. උද‍්ඝෝෂණය හේතුවෙන් කාත්තන්කුඩි ප්‍රදේශයේ පෞද්ගලික බස්රථ ධාවනය ඇණ හිට තිබුණි. කෙසෙ‍්වෙතත් පෞද්ගලික බස්රථ රියදුරු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සමන්තුරේ පොලිසිය ද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. ada

Wednesday, March 10, 2010

Cricket

ආණ්ඩුවේ චණ්ඩි පාට්වල හුළං බහී: යුරෝපා කොමිසම zෂේප්Z කරගන්න ලේකම්වරු බ්‍රසල්ස් යති

ජාත්‍යන්තරය හා පැන නැගී ඇති ගැටළු යුරෝපා කොමිසම හා සාකච්ඡා කර ඔවුන් හා සුහද වීම සඳහා ජ්‍යෙෂ්ඨ අමාත්‍යංශ ලේකම්වරුන් සිව් දෙනෙක් ලබන සඳුදා බ්‍රසල්ස් නුවර බලා පිටත්ව යති.
මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්යය පී.බී. ජයසුන්දර, විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් රොමේෂ් ජයසිංහ, අධිකරණ අමාත්‍යංශ ලේකම්, සුහද ගම්ලත් හා නීතිපති මොහාන් පීරිස් යන මහත්වරු එම විශේෂ දූත පිරිතට අයත් වෙති.
අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා මේ බව හෙළි කරමින් පැවැසුවේ තමන් සද්භාවයෙන් ජාත්‍යන්තර ප්‍රජාව හා සුහද වීමට උත්සාහ කිරීමේදී එවැනිම ප්‍රතිචාරයක් ඔවුන්ගෙන්ද බලාපොරොත්තු වන බවයි.
ජාත්‍යන්තර බලවේග ශ්‍රී ලංකාවට එරෙහිව ද්වේශ සහගතව සිදුකරන මෙම කි්‍රයාවන් සඳහා අවශ්‍ය උපකාර රාජ්‍ය නොවන සංවිධාන හරහා සිදු කෙරෙන බවත්, එම රාජ්‍ය නොවන සංවිධාන සඳහා ලැඛෙන විශාල මුදල් ප්‍රමාණයන් කුමන කරුණක් සඳහා ලැඛෙනවාද, එවාහි වියදම් කවරේද? යන්න ගැන විනිවිද භාවයක් තිබිය යුතු යැයි ද ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසුවේය. එම සංවිධාන සඳහා ලැඛෙන එවැනි අතිවිශාල මුදල් වෙනත් දේශපාලන අරමුණු සඳහා උපයෝගී කර ගනු ලබනවාද යන්න වැඩි දුරටත් සොයා බැලිය යුතු යැයිද ඇමැතිවරයා පැවැසීය.lankae