Thursday, March 11, 2010

ෆොන්සේකා වෙනුවෙන් නීති විශාරදයින් සූදානම්


හිටපු අගවිනිසුරු සරත් එන්ද සිල්වා ප්‍රමුඛ නීති විශාරදයින් පිරිසක් විසින් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීමේ සහ යුද අධිකරණයට ඉදිරිපත් කිරීමේ සූදානමට එරෙහිව කටයුතු කරමින් සිටින බව ජ.වි.පෙ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ජෙනරාල් ෆොන්සේකා මහතා ජ්‍යෙෂ්ඨතම හමුදා නිලධාරියා බවත් ඔහු යුද අධිකරණයේදී ප්‍රශ්න කිරීමට තරම් ජ්‍යෙෂ්ඨයින් නැති බවත් හෙතෙම කියා සිටියේ අද පැවති මාධ්‍ය හමුවකදීය.
ෆොන්සේකා මහතාට එරෙහිව චෝදනා 5 ක් යටතේ චෝදනා ගොනු කර ඇති බවට පසුගියදා මාධ්‍ය මගින් ප්‍රකාශයට පත් කරනු ලැබූවද කිසිදු චෝදනාවක් මේ වන තුරුත් පැහැදිලිව ඉදිරිපත් කර නැතැයිද ඒ මහතා කියා සිටියේය.
මේ වන විට මූලික කරුණු 2 ක් යටතේ චෝදනා ගොනුකරන්නට උත්සාහ දරමින් සිටින බවට ආරංචි ලැබී ඇතැයිද අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ‍හමුදා බාරයේ සිටින ෆොන්සේකා මහතා හමුවීමට නිල වශයෙන් ලබා දී තිබුණු පැයක කාලය මේ වන විට පැයක් දක්වා වැඩි කර ඇති බවද හෙතෙම කියා සිටියේය. ada

0 comments:

Post a Comment