
ඊයේ(10) දිනයේ සිට කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ජලය නොමැතිකම නිසා රෝගීන් මෙන්ම කාර්ය මණ්ඩලය ද දැඩි අපහසුතාවට පත්ව ඇති බව වාර්තා වේ.
මෙම තත්ත්වය නිසා නියමිතව තිබූ සැත්කම් කිහිපයක්ම අවලංගු කිරීමට ද සිදුව තිබේ. මේ පිළිබඳව අද දෙරණ කළ විමසීමකදී කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය හෙක්ටර් වීරසිංහ සඳහන් කළේ ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලයේ පිරිපහදු කිරීමේ කටයුතු සඳහා මෙසේ ජල සැපයුම නවතා දමා ඇති බවය. නමුත් හෘද රෝග ඒකකයේ කටයුතු සඳහා කිසියම් තාවකාලික විසඳුමක් හෝ ලබාදී නොමැති අතර මේ පිළිබඳව දැඩි අවධානය යොමුකරන ලෙස ජාතික රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටී. ada
0 comments:
Post a Comment