
නාත්තන්ඩිය, දුම්කන්නාව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මහා පරිමාණ කොහු කර්මාන්තශාලාවක ගින්නක් හටගෙන තිබේ.
ගින්නෙන් සිදුව ඇති අලාභය රුපියල් කෝටි 47 කට වැඩි බව කර්මාන්තශාලාවේ පාලන අධිකාරිය පවසයි. අද අලුයම 3ට පමණ මෙම ගින්න හටගත් බව සඳහන් වේ.
කර්මාන්තශාලාවේ විශාල ප්‍රමාණයේ ගොඩනැඟිලි 3 ක්, එම ගොඩනැඟිලි තුළ අපනයනය සඳහා සකස් කර තිබූ කොහු විශාල ප්‍රමාණයක්, ට්‍රැක්ටර් රථ දෙකක්, කොහු සකස් කිරීම සඳහා යොදා ගන්නා යන්ත්‍රෝපකරණ රැසක් ගින්නෙන් විනාශ වී තිබේ.
ගින්න නිවා දැමීම සඳහා ගුවන් හමුදාව, මීගමුව නගර සභාවේ ගිනි නිවන ඒකකය සහ ප්‍රදේශවාසීන් විශාල උත්සහයක නිරත වුවද ගින්න මැඩ පැවැත්වීමට නොහැකි වූ බව වාර්තා වේ.
ගින්න හේතුවෙන් කර්මාන්ත ශාලාව ආසන්නයේ පිහිටි නිවාස 9කට ද හානි සිදුව ඇති අතර ගින්නට හසුවීමෙන් කාන්තාවක් තුවාල ලබා තිබේ. මාරවිල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයිada
0 comments:
Post a Comment