Wednesday, March 10, 2010

ආණ්ඩුවේ චණ්ඩි පාට්වල හුළං බහී: යුරෝපා කොමිසම zෂේප්Z කරගන්න ලේකම්වරු බ්‍රසල්ස් යති

ජාත්‍යන්තරය හා පැන නැගී ඇති ගැටළු යුරෝපා කොමිසම හා සාකච්ඡා කර ඔවුන් හා සුහද වීම සඳහා ජ්‍යෙෂ්ඨ අමාත්‍යංශ ලේකම්වරුන් සිව් දෙනෙක් ලබන සඳුදා බ්‍රසල්ස් නුවර බලා පිටත්ව යති.
මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්යය පී.බී. ජයසුන්දර, විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් රොමේෂ් ජයසිංහ, අධිකරණ අමාත්‍යංශ ලේකම්, සුහද ගම්ලත් හා නීතිපති මොහාන් පීරිස් යන මහත්වරු එම විශේෂ දූත පිරිතට අයත් වෙති.
අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා මේ බව හෙළි කරමින් පැවැසුවේ තමන් සද්භාවයෙන් ජාත්‍යන්තර ප්‍රජාව හා සුහද වීමට උත්සාහ කිරීමේදී එවැනිම ප්‍රතිචාරයක් ඔවුන්ගෙන්ද බලාපොරොත්තු වන බවයි.
ජාත්‍යන්තර බලවේග ශ්‍රී ලංකාවට එරෙහිව ද්වේශ සහගතව සිදුකරන මෙම කි්‍රයාවන් සඳහා අවශ්‍ය උපකාර රාජ්‍ය නොවන සංවිධාන හරහා සිදු කෙරෙන බවත්, එම රාජ්‍ය නොවන සංවිධාන සඳහා ලැඛෙන විශාල මුදල් ප්‍රමාණයන් කුමන කරුණක් සඳහා ලැඛෙනවාද, එවාහි වියදම් කවරේද? යන්න ගැන විනිවිද භාවයක් තිබිය යුතු යැයි ද ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසුවේය. එම සංවිධාන සඳහා ලැඛෙන එවැනි අතිවිශාල මුදල් වෙනත් දේශපාලන අරමුණු සඳහා උපයෝගී කර ගනු ලබනවාද යන්න වැඩි දුරටත් සොයා බැලිය යුතු යැයිද ඇමැතිවරයා පැවැසීය.lankae

0 comments:

Post a Comment