Wednesday, March 10, 2010

විපක්ෂයක් නැති මැතිවරණයක් ඇවිත්


විපක්ෂයක් නැතිව පවත්වන මහ මැතිවරණයක් එළඹ ඇති බවත් ආණ්ඩු පක්ෂය මේ වන විටත් ජයග්‍රහණය ලබා ඇති බවත් ශ්‍රීලංකා නිදහස් පක්ෂ මහලේකම් ඇමති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ඉතිහාසයේ නොවූ විරූ අයුරින් එක්සත් ජාතික පක්ෂය දැවැන්ත සෝදාපාළුවට ලක්ව ඇතැයිද හෙතෙම කියා සිටියේ අද පැවති මාධ්‍ය හමුවකදීය.
එ.ජා.ප මහ ලේකම්වරයාට පවා අද මැතිවරණයට තරඟ කරන්නට තරම්වත් ශක්තියක් නොමැති බවත් ඔහු කියා සිටියේය.
රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විටත් තමන් මහ මැතිවරණයෙන් පරාජයට පත්ව ඇති බව පිළිගෙන ඇති බව ඔහු කරන ප්‍රකාශ වලින්ම පැහැදිලි වන බව පෙන්වා දුන් ඇමතිවරයා මේ වන විට ඔහු ජනතාවගෙන් ඉල්ලන්නේ 2/3 ක් දෙන්න එපා කියන කාරණය පමණක් බව ද පැවසීය. ada

0 comments:

Post a Comment