Wednesday, March 10, 2010

ජනාධිපතිගේ නියෝජිතයා නම් කරයි


පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අවලංගු කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සමේ ප්‍රධාන වගඋත්තකරු ලෙස නම් කර ඇති ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින නියෝජිතයා නම් කර ති‍බේ.
ඒ අනුව ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින ‍නීතීඥයින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත්තේ නීතීඥ අතුල පෙරේරා මහතා ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින නියෝජිතයා ලෙස නම් කරන බවයි.
මේ බව තහවුරු කෙරෙන මෝසමක් එම නීතීඥවරු පිරිස ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබේ.
ජනාධිපතිවරණයේ දී දූෂණ සහ අක්‍රමිකතා සිදුවූ බැවින් එහි ප්‍රතිඵලය අවලංගු කරන ලෙස ඉල්ලා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අදාළ පෙත්සම ගොනු කර තිබුණි. ada

0 comments:

Post a Comment