Wednesday, February 2, 2011

විදේශ රැකියා කරන 99%ට අඩු වැටුප් ලැබෙන්නේ නිසි පුහුණුවක් නැති නිසයිFebruary 2, 2011 04:03 pm

වැඩිම විදේශ විනිමයක් අපේ රටට ගලා එන්නේ විදේශ රැකියා හරහා වන මුත් ශ‍්‍රී ලාංකිකයන්ගෙන් 99% ක් විදේශ රැකියා කරන්නේ අඩුම වැටුප් ගෙවන මැදපෙරදිග කලාපයේ බව යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

මේ තත්ත්වය උදාවී තිබෙන්නේ විදේශ රැකියා කරන අයට නිසි පුහුණුව හා රජයේ සහතිකයක් නොමැතිවීම නිසා බව අලහප්පෙරුම මහතා ප‍්‍රකාශ කළේය.

ඉදිකිරීම්, අභ්‍යාස හා පර්යේෂණ ආයතනය( ICTAD)යටතේ පුහුණුව ලබන අයට තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව යටතේ ජාතික වෘත්තීය සුදුසුකම් මට්ටම් NVQසහතික ලබාදීම වෙනුවෙන් නිවාස, ඉදිකිරීම් හා පොදු පහසුකම් අමාත්‍යාංශය සහ යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය අතර අද (02)අවබෝධතා ගිවිසුමකට එලඹීමෙන් අනතුරුව අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

අදාළ ගිවිසුමට යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්, සු.සො.හේවාපතිරණ, නිවාස ඉඳිකිරීම් හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ ලේකම්, එස්.එම්.ගෝඨාභය ජයරත්න යන මහත්වරුන් විසින් අත්සන් තබන ලදී.

එහිදී ඩලස් අලහප්පෙරුම මහතා මෙසේද කීය.

ඉඳිකිරීම් ක්ෂේත්‍රයට අදාළ තීරණාත්මක කටයුත්තකට පය තබන මේ මොහොතේ අප සියලූ දෙනාම සාක්ෂිකරුවන් වී සිටිනවා. අප සියලූ දෙනාම එකතු වී ඉදිකිරීරීම් ක්ෂේත්‍රයේ වසරකට පුහුණුව ලබාදෙන්නේ 10,000 කට පමණයි. පෙර දැනුම ඇගයීම( RPL )මඟින් ලබාදෙන සහතික මඟින් ක්ෂේත්‍රයේ නියුතු නිපුණයන්ගේ ආර්ථිකය වගේම ගෞරවයත් හිමිකරදී තිබෙනවා.

2012-2014 කාලය තුල වැඩිම වැටුප් ගෙවන යුරෝපීය වෙළෙඳ පොළ ආක‍්‍රමණය කරන්න අපිට පුළුවන් වේවි. ඒ සඳහා අවශ්‍ය පුහුණු ශ‍්‍රමිකයන් බිහිකිරිමට අද (02) අත්සන් තබන ලද මේ ගිවිසුම මහෝපකාරී වෙනවා.

මෙම අවස්ථාවට සහභාගී වූ නිවාස ඉදිකිරීම් ඉංජිනේරු සේවා හා පොදු පහසුකම් අමාත්‍ය, විමල් වීරවංශ මහතා ද අදහස් දැක්වීය.

"අපි දෙන්නා අමාත්‍යවරුන් වශයෙන් රාජකාරී වැඩකට සම්බන්ධ වන පළමු අවස්ථාව මෙයයි. 1990 දශකයේ මුල් භාගයේ ලක්දිව හිරු පත්තරවල වැඩකරන කාලයේ මෙතුමාගේ බෝඩිමේ නිදාගෙන ඉදලා උදේට නැගිටලා යනවා. අපි දෙන්නා අද රටේ අනාගතය වෙනුවෙන් වූ ප‍්‍රබල දායකත්වයක් ලබාදෙන තැන් දෙකක වැඩකරනවා. උතුරේත්, දකුණේත් ඇතිවූ සෑම දේශපාලන ගැටුමකම පිටුපස රිදුම් දුන් කණ්ඩායම් දෙකක් නියෝජනය කිරීමේ වගකීම අපිට පැවරිලා තිබෙනවා. මෑත කාලයේ වෙන කවරදාවත් නොතිබූ ආකාරයේ විශාල පිබිදීමක් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඇතිවී තිබෙන බැවින් නිපුණත්වයෙන් යුත් ශ‍්‍රමිකයන් බිහිකිරීමේ අවශ්‍යතාවය වඩ වඩාත් වැදගත් වෙනවා."

තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය ටී.ඒ.පියසිරි, ඉඳිකිරීම් අභ්‍යාස සහ පර්යේෂණ ආයතනයේ සභාපති, උදුල බණ්ඩාර අවුසදහාමි යන මහත්වරුන්ද මෙහිදී කතා කළෝය

කේ.පී දේශපාලනයට ඒම ගැටලුවක් නෙවෙයිFebruary 2, 2011 03:29 pm

ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ කුමරන් පද්මනාදන් නොහොත් කේ.පී දේශපාලනයට පිවිසීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයට ගැටලුවක් නැතැයි එම පක්ෂයේ නියෝජ්‍ය නායක කරූ ජයසූරිය මහතා පවසයි.

අද(02) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් කරූ ජයසූරිය මහතා මේ අදහස් පළ කළේය.

කෙසේවුවත් ඔහු එහිදී සඳහන් කළේ එකී ප්‍රජාතන්ත්‍රවාදය සියලුදෙනාටම එකසේ බලපැවැත්විය යුතු බවයි.

ත්‍රස්තවාදය සහමුලින් පරාජය කළ සරත් ෆොන්සේකා මහතා සිරගතව සිටියදී කේ.පී. වැන්නකු දේශපාලනයට ඒම තුළින් මෙරට ප්‍රජාතන්ත්‍රවාදය කුමන තැනක පවතින්නේ ද යන්න මනාව පසක් වන බව කරූ ජයසූරිය මහතා එහදී වැඩිදුරටත් කියා සිටියේය.

දරු සාඵල්‍යතාවය ඉහළ යයිFebruary 2, 2011 03:25 pm

මෙරට සමස්ත දරු සාඵල්‍යතා දර්ශකය ඉහළ යාමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මේ කරුණු හෙළි වී ඇත්තේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය සිදුකළ තොරතුරු ගවේෂණයකිනි.

1953 වසරේ සිට 2007 වසර දක්වා කාලය සැසඳීමේ දී 1953 වසරේ සාඵල්‍යතා දර්ශකය 5 ක් වශයෙන් තිබුණ ද එය 2000 වසර වන විට 1 දක්වා පහත බැස තිබේ.

එහෙත් 2007 වසර වන විට එම අගය නැවත ඒකක දෙකක් දක්වා ඉහළ ගොස් ඇති බව ගවේෂණයේ දී අනාවරණය වී ඇත.

ඒ අනුව මෙම සාඵල්‍යතා දර්ශකය අඛණ්ඩව පැවතියහොත් 2025 වසර හා 2050 අතර කාලයේ දී මෙරට ජනගහනය දෙගුණ‍යකින් වැඩිවීමේ හැකියාවක් ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය පෙන්වාදෙයි.

එම අභියෝගයට මුහුණ දීම සඳහා මේ වන විටත් වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලී ද සිල්වා මහත්මිය පවසයි.

හපුතලේ නාය යෑමක්..!නිවාස 32 ක් අවදානම්February 2, 2011 02:07 pm

පවතින අධික වර්ෂාපතනයත් සමග හපුතලේ, දොඩම්අත්ත ග්‍රාමනිලධාරී වස‍මේ කොස්ගහකුඹුර ප්‍රදේශ‍යේ විශාල නායයෑමක් සිදුව තිබේ.

අක්කර දෙක හමාරක පමණ ප්‍රදේශයක් මෙසේ නාය ගොස් ඇති බව හපුතලේ ප්‍රාදේශීය ලේකම් ධර්මසිරි පියසේන මහතා සඳහන් කළේය.

නිවාස 5 ට පමණ බරපතල හානි සිදුව ඇති බවත් තවත් නිවාස 32 ක් පමණ දැඩි අවදානම් තත්ත්වයකට පත්ව ඇති බවත් ඔහු පෙන්වාදෙයි.

මේ හේතුවෙන් එම නිවාසවල ජනතාව ඉවත් කිරීමට කටයුතු කළ බව ද ප්‍රාදේශීය ලේකම්වරයා අද දෙරණට සඳහන් කළේය.

මේ වන විටත් එම ප්‍රදේශ‍යේ දැඩි වර්ෂාපතනයක් පවතින බැවින් මේ හේතුවෙන් නායයෑම් තත්ත්වය තවදුරටත් සක්‍රිය විය හැකි බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.

හපුතලේ නාය යෑමක්..!නිවාස 32 ක් අවදානම්February 2, 2011 02:07 pm

පවතින අධික වර්ෂාපතනයත් සමග හපුතලේ, දොඩම්අත්ත ග්‍රාමනිලධාරී වස‍මේ කොස්ගහකුඹුර ප්‍රදේශ‍යේ විශාල නායයෑමක් සිදුව තිබේ.

අක්කර දෙක හමාරක පමණ ප්‍රදේශයක් මෙසේ නාය ගොස් ඇති බව හපුතලේ ප්‍රාදේශීය ලේකම් ධර්මසිරි පියසේන මහතා සඳහන් කළේය.

නිවාස 5 ට පමණ බරපතල හානි සිදුව ඇති බවත් තවත් නිවාස 32 ක් පමණ දැඩි අවදානම් තත්ත්වයකට පත්ව ඇති බවත් ඔහු පෙන්වාදෙයි.

මේ හේතුවෙන් එම නිවාසවල ජනතාව ඉවත් කිරීමට කටයුතු කළ බව ද ප්‍රාදේශීය ලේකම්වරයා අද දෙරණට සඳහන් කළේය.

මේ වන විටත් එම ප්‍රදේශ‍යේ දැඩි වර්ෂාපතනයක් පවතින බැවින් මේ හේතුවෙන් නායයෑම් තත්ත්වය තවදුරටත් සක්‍රිය විය හැකි බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.

ඩුබායි වලින් පැටවූ හොර සිගරට් තොගයක් මාට්ටුFebruary 2, 2011 02:03 pm

නීති විරෝධී ආකාරයෙන් මෙරටට රැගෙන ආ දුම්වැටි තොගයක් අද(02)රේගු භාරයට ගෙන තිබේ.

ඒ අනුව දුම්වැටි 19 ලක්ෂ 50,000 ක් රේගු භාරයට ගත් බව අතිරේක රේගු අධ්‍යක්ෂ පී.ඒ. ඩයස් මහතා සඳහන් කරයි.

මේවා ඩුබායිහි සිට මෙරටට රැගෙනවිත් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව ද ඩයස් මහතා කියා සිටියේය.

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් මේ වන විට ආරම්භ කර ඇති බව අතිරේක රේගු අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසුවේය.

වෛද්‍ය නිර්දේශ නොතකා ෆොන්සේකාට කෙනෙහිලි-උණුවතුර පහසුකම් දෙන්නැයි අධිකරණයෙන් තීන්දුවක්..!February 2, 2011 12:08 pm

ශ්වසනාබාධයකින් පෙළෙන සරත් ෆොන්සේකා මහතාට පරිහරණය සඳහා උණුවතුර පහසුකම් ලබාදිමට පියවර ගන්නා ලෙස කොළඹ මහාධිකරණය විසින් අද (02)බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කර තිබේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේ යුද හමුදාවෙන් පලාගිය සෙබළුන් සේවයේ යොදවා මොවුන්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට සහ ඔහුගේ ලේකම් සේනකද සිල්වා යන අයට එරෙහිව පවරා ඇති නඩුව අද කැඳවූ අවස්ථාවේදි මෙම නියෝගය කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පවසයි.

මුලින්ම අධිකරණයට කරුණු දැක්වූ සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ සරත් ෆොන්සේකා මහතා සති 2 ක කාලයක් තිස්සේ ශ්වසනාබාධයකින්පෙළෙන බවයි.

ෆොන්සේකා මහතාට පරිහරණය සඳහා උණුවතුර පහසුකම් ලබාදෙන ලෙස බන්ධනාගාර වෛද්‍යවරයා විසින් නිර්දේශ කර තිබුණ ද එකී පහසුකම් මෙතෙක් ලබාදිමට කටයුතු කර නැතැයි නීතිඥවරයා පෙන්වාදී තිබේ.

බන්ධනාගාර වෛද්‍යවරයා විසින් නිර්දේශ කර ඇත්නම් උණුවතුර පහසුකම් ලබා නොදෙන්නේ මන්දැයි මෙහිදී මහාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය බන්ධනාගාර නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටියාය.

ඊට ප්‍රතිචාර දක්වමින බන්ධනාගාර නිලධාරීන් කියා සිටියේ මේ පිළිබඳ සොයා බලා අවශ්‍ය පියවර ගන්නා බවයි.

කෙසේ වෙතත් විත්තිකාර සරත් ෆොන්සේකා මහතාට පරිහරණය සඳහා උණුවතුර පහසුකම් වහා ලබාදීමට පියවර ගන්නා ලෙස මහාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය නියෝග කර තිබේ.

අනතුරුව දෙවෙනි විත්තිකර සේනකද සිල්වා ට ඇප ලබාදෙන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටින විත්තියේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටි අතර ඊට එරෙහිව කරුණු දක්වමින් රජයේ නීතිඥවරයා කියා සිටියේ විත්තිකරුට ඇප ලබාදුනහොත් අධිකරණය මගහැර පලායන්නට ඉඩඇති බවයි.

කෙසේ වෙතත් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින්විත්තිකරු තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහාධිකරණ විනිසුරුවරිය නියෝග කළාය. අනතුරුව මෙම නඩුවේ වැඩිදුර විභාගය මැයි මස 03 වන දින ට කල්තබන ල

බස් රිය ඇළට පෙරළී ඇඟලුම් සේවිකාවන් 20 ට තුවාලයිFebruary 2, 2011 11:04 am

අම්පාර , තැපැල් හන්දිය ප්‍රදේශයේ දී ඇඟලුම් සේවිකාවන් පිරිසක් ප්‍රවාහනය කරමින් සිටි බස් රථයක් ඇළකට පෙරළීමෙන් ඇඟලුම් සේවිකාවන් 20 දෙනෙකු තුවාල ලබා තිබේ.

අද(02) පෙරවරු 6.30ට පමණ මෙම අනතුර සිදු වී ඇති බව පොලිසිය සඳහන් කරයි. අනතුර සිදු වන අවස්ථාවේ බස් රථය තුළ ඇඟලුම් සේවිකාවන් 65 දෙනෙකු පමණ ගමන් ගනිමින් සිට තිබේ.

අනතුරින් තුවාල ලැබූ ඇඟලුම් සේවිකාවන් අම්පාර මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය සඳහන් කරයි

වව්නියාවේ වෙළඳ විරෝධතාවයට තිතFebruary 2, 2011 10:41 am

වව්නියාව බස් නැවතුම්පොළේ පිහිටි වෙළඳ සංකීර්ණයක වාහන ඇතුළු කිරීම තහනම් කිරීමට විරෝධය පළ කරමින් මෙම විරෝධතාව පවත්වා ‍ඇති බව සඳහන් වේ.

ඔවුන් වෙළඳසැල් වසා දමා මෙම විරෝධතාවයේ නිරත වූ බව වාර්තා වේ.

පසුව වව්නියාව නගර සභාවේ සභාපතිවරයාගේ මැදිහත් වීමෙන් පොලිසිය සහ ව්‍යාපාරිකයින් සමඟ සාකච්ඡා කර තත්ත්වය සමථයකට පත් කර තිබේ.

ඒ අනුව වෙළඳ සංකීර්ණය තුළට වාහන ඇතුළු කිරීමට පොලිසිය අවසර ලබා දුන් බව සඳහන් වේ.
Viewer Comments

කොටගල රෝහලේ හෙදියන් වර්ජනයේFebruary 2, 2011 09:47 am

නුවරඑළිය කොටගල රෝහලේ හෙද කාර්යය මණ්ඩලය වර්ජනයක නිරත වන බව සඳහන් වේ.

රෝහලේ වෛද්‍ය ‍අධිකාරි එන්.විජේසිරි මහතා කියා සිටියේ හෙද වර්ජනය හේතුවෙන් රෝහලේ කටයුතු අඩපණ වී ඇති බවයි.

රෝහලේ ප්‍රධාන හෙද නිලධාරිණිය සමඟ පවතින ගැටලුවක් හේතුවෙන් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව සඳහන් වේ.

රෝහලේ ප්‍රතිකාර ලබන අසාධ්‍ය රෝගීන් නුවරඑළිය සහ නාවලපිටිය රෝහල් වලට මාරු කර යැවීමට පියවර ‍ගන්නා බව ද රෝහල් වෛද්‍ය අධිකාරිවරයා කියා සිටියි.

ට්‍රැක්ටරයේ ගැටුණු යතුරුපැදිකරු මරුටFebruary 2, 2011 09:05 am

අම්පාර , තිත්ත වෙල්යාය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් ව තිබේ. යතුරුපැදියක් සහ ට්‍රැක්ටරයක් ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බව පොලිසිය පවසයි.

අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු අක්කරෙයිපත්තුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බව සඳහන් වේ. මිය ගොස් ඇත්තේ අම්පාර 5 කණුව ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි පුද්ගලයෙකි.

අනතුර සම්බන්ධයෙන් ට්‍රැක්ටරයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද(02) මහේස්ත්‍රත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසයි.
Viewer Comments

මුල්ලේරියාවෙන් ටී.56 ක් හමුවෙයිFebruary 2, 2011 08:56 am

මුල්ලේරියාව ප්‍රදේශයේ නිවසක තිබී ටී-56 වර්ගයේ ගිනි අවියක් ‍සොයා ගෙන තිබේ.

අඩක් සාදා නිම කරන ලද නිවසක මෙය සඟවා තිබී ඇති බව පොලිසිය පවසයි.

ඒ සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු වැඩි දුර පරීක්ෂණ කටයුතු සඳහා මිරිහාන විශේෂ විමර්ශන ඒකකයට යොමු කර ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

වැස්සෙන් යළි යළිත් අවතැන්වීම්February 2, 2011 08:37 am

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ පුද්ගලයින් දෙදහස් හතළිස් තුන් දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. තවත් පවුල් 363කට අයත් පුද්ගලයින් 1583 දෙනෙකු අවතැන් කඳවුරු වල රැඳී සිටින බව ද එම මධ්‍යස්ථානය සඳහන් කරයි. වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ වන අතර එහි 1361 දෙනෙකු ජල ගැලීම් වලින් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.

මේ අතර මාතලේ , යටවත්ත සහ පල්ලෙපොල ප්‍රදේශවල නායයාමේ අවදානමක් හේතුවෙන් පුද්ගලයින් 102 දෙනෙකු ඉවත් කර ඇති බව ද අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

වව්නියාව ප්‍රදේශයේ වැව් 4ක වැව් බැමි කඩා දමා ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. වැව් කැඩී යාමේ අවදානමක් පවතින හෙයින් බැමි ඉවත් කළ බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

වැව් බැමි කඩා දැමීම හේතුවෙන් පහත් බිම් වල වාසය කරන ජනතාවට අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

මේ අතර බදුලු ඔය පිටාර ගැලීම හේතුවෙන් අන්දෙණිය පාලම ජලයෙන් යට වූ බව අද දෙරණ වාර්තාකරු පවසයි.

බදුල්ල - වැලිමඩ හා බදුල්ල - බණ්ඩාරවෙල මාර්ගයන්ට විටින් විට පස් කඩා වැටීම හේතුවෙන් එම මාර්ග වල වාහන ගමනාගමනයට බාධා සිදු වූ බව සඳහන් වේ.

එමෙන්ම ප්‍රදේශයේ දැඩි මීදුමක් පවතින හෙයින් විමසිලිමත්ව රිය පදවන ලෙස අදාළ අංශ රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

ඉතාලියේදී මිය ගිය ශ්‍රී ලාංකිකයා ගැන සොයයිFebruary 2, 2011 08:33 am

ඉතාලියේ දී මිය ගිය ශ්‍රී ලාංකිකයෙකු හඳුනා ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය මහජන සහය පතයි.

පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ දී ඉතාලියේ දී මොහු මිය ගොස් ඇති බවට‍ රෝමයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දී ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

එහෙත් මෙම පුද්ගලයා හඳුනාගැනීමට මෙතෙක් නොහැකි වී ඇති බව ද සඳහන් වේ. කුමාර් රොෂාන් , කුමාර් රොෂාන් ඇන්තනි , රාජපතිරණ කුමාර් රොෂාන් ඇන්තනි ආදී නම් කිහිපයකින් මොහු හැඳින්වෙන බව විදේශ සේවා කටයුතු අමාත්‍යාංශය පවසයි.

1985 නොවැම්බර් මස 6 වැනිදා මොහු උපත ලබා ඇති බව ද වාර්තා වන බව අමාත්‍යංශය පෙන්වාදෙයි.

මොහු පිළිබඳ තොරතුරු දන්නා පුද්ගලයෙකු වෙත්නම් විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත දැනුම් දෙන ලෙස එම අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි

ධීවරයින් තිදෙනා කොල්ලකරුවන්ගෙන් මුදාගන්නවා

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් භාරයේ සිටින ශ්‍රී ලාංකික ධීවරයින් තිදෙනා නිදහස් කර ගැනීම සඳහා කටයුතු කරන බව ධීවර අමාත්‍යාංශය පවසයි.

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ භාරයේ පසුවන ශ්‍රී ලාංකික ධීවරයින් ‍ඊයේ පෙරවරුවේ වැලිගම ධීවර ‍මෙහෙයුම් මධ්‍යස්ථානය අමතා ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

අදාළ ධීවරයින් තිදෙනා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ඔවුන් පවසා ඇති බව ධීවර අමාත්‍යාංශය පෙන්වාදෙයි.

ඔවුන් හැකි ඉක්මනින් නිදහස් කරන බවට ධීවර මෙහෙයුම් මධ්‍යස්ථානය ඇමතූ අවස්ථාවේ දී සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් ප්‍රකාශ කර ඇති බව ධීවර අමාත්‍යාංශය පවසයි.

කෙසේ වෙතත් කෙන්යාවේ නයිරෝබි හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා ධීවරයින් මුදා ගැනීමට කටයුතු කරන බව ද එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
Viewer Comments

Monday, January 24, 2011

අනුරාධපුර බන්ධනාගාරය යුද පිටියක්!අයෙක් මරුට!23 ට තුවාලයිJanuary 24, 2011 09:03 pm

අනුරාධපුර බන්ධනාගාරයේ සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා වලින් හා වෙඩි තැබීම් වලින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තවත් 23 දෙනෙකු තුවාල ලබා ඇතැයි අනුරාධපුර රෝහල් අධ්‍යක්ෂවරයා අද දෙරණට කියා සිටියේය.

තුවාල ලබා රෝහල් ගත කළ විසිතුන් දෙනාගෙන් තිදෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ සිටින බවත් එයින් ඉතාම අසාධ්‍ය තත්ත්වයේ සිටි අයෙකු කොළඹට මාරු කර එවූ බවත් රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.

එසේම තුවාල ලැබූවන් විසිතුන් දෙනා අතර බන්ධනාගාර නිලධාරීන් 08 දෙනෙකු සිටින බවත් හෙතෙම කියා සිටියේය.

අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ඊයේ(23)පස්වරුවේ සිට බන්ධනාගාර වහලය මත නැඟී බන්ධනාගාර ප්‍රධානියාගේ ක්‍රියා කලාපයට එරෙහිව විරෝධතාවයක නිරත වෙමින් සිටියහ.

මෙම විරෝධතාවයට එක්වූ සහ සහයෝගය දැක්වූ පිරිස හා බන්ධනාගාර නිලධාරීන් අතර අද පස්වරුවේ ගැටුමක් හටගත් බවත්,එම ගැටුම මැඩ පවත්වන්නට වෙඩි තබන්නට සිදුවූ බවත් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් වී. ආර්.ද සිල්වා මහතා සඳහන් කළේය.

එහෙත් ජීවිතක්ෂයට පත් වූ හා තුවාල ලැබූ පිරිස මීට වඩා වැඩි විය හැකි බව බන්ධනාගාර අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

අනුර කුමාර දිසානායකගේ රියේ ගැටී පාසල් සිසුවෙක් රෝහලේJanuary 24, 2011 03:57 pm

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ගමන් ගත් මෝටර් රථයේ ගැටීමෙන් පාසල් සිසුවෙකු තුවාල ලබා තිබේ.

පොළොන්නරුව - හබරණ මාර්ගයේ රන්කෙතවත්ත ප්‍රදේශයේ දී මෙම අනතුර සිදු වී ඇති බව පොලිසිය සඳහන් කරනු ලැබීය.

අනතුරින් තුවාල ලැබූ පාසල් සිසුවා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර තිබේ.

පාසල් සිසුවා අතුරු මාර්ගයක සිට ප්‍රධාන මාර්ගයට පා පැදියකින් ‍පැමිණෙමින් සිටිය දී මෙම අනතුර සිදු වී ඇති බව පොළොන්නරුව පොලිසිය සඳහන් කරනු ලැබීය.

නවීන් නාම යෝජනා කමිටුවේ ගුටි හවුමාරුවකJanuary 24, 2011 03:55 pm

රාජ්‍ය කළමනාකරණ හා ප්‍රතිසංස්කරණ අමාත්‍ය නවීන් දිසානායක මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාම යෝජනා කමිටුවේ ප්‍රධානියෙකු සමග ගුටි හුවමාරුවක නිරත වී තිබේ.

අද(24)එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාම යෝජනා අත්සන් කිරීම කොළඹ මහවැලි කේන්ද්‍රයේදී සිදුකෙරිණි.

එම අවස්ථාවට විමල් වීරවංශ,ඩබ්.ඩී.ජේ සෙනෙවිරත්න,නවීන් දිසානායක ඇතුළු අමාත්‍යවරුන් රැසක් සහභාගී වී තිබේ.

එහෙත් නාම යෝජනා අත්සන් කෙරෙන අතරතුරදී රාජ්‍ය කළමනාකරණ හා ප්‍රතිසංස්කරණ අමාත්‍ය නවීන් දිසානායක මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාම යෝජනා කමිටුවේ ප්‍රධානියෙකු අතර උණුසම් වචන හුවමාරුවක් සිදුවී පසුව එය ගුටි බැට හුවමාරුවක් දක්වා වර්ධනය වූ බව අද දෙරණ වාර්තාකරු පවසයි.

ජයසූරියට චෙන්නායි නගරයේ ක්‍රීඩා කරන්න ඉඩදෙන්නේ නෑ -සීමාන්January 24, 2011 01:01 pm

ඉන්දියාවේ වෙළඳ ආයතන කිහිපයක් එක්ව සංවිධානය කරන සුහද ක්‍රිකට් තරගාවලියක් සඳහා හෙට(25) දිනයෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා සහභාගි වීමට නියමිතව ඇති අතර ඒ සඳහා ඉන්දීය"නාන් තමිලන්"කණ්ඩායමේ නායක සෙබස්තියන් සීමාන් දැඩි විරෝධය පළ කර තිබේ.

අදාළ තරගාවලියෙහි අවසන් තරගය හෙට චෙන්නායි නගරයේ මායාජාල් නම් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව ඇති අතර ඒ සඳහා සනත් ජයසූරිය හා අරවින්ද ද සිල්වා ක්‍රීඩා කිරීමට නියමිතව ඇත.

නමුත් එම තරගයේදී සනත් ජයසූරිය ක්‍රීඩා කරනු ලැබුවහොත් ක්‍රීඩාංගණය හා අදාළ තරගාවලියට අනුග්‍රහය දක්වන ආයතන වටලා විරෝධතා ව්‍යාපාරයක නියැලෙන බවට සීමාන් අවධාරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ශ්‍රී ලංකාවේ අවතැන් කඳවුරු වල තවමත් ද්‍රවිඩ ජනතාව දුක් විඳින බවත්, එවැනි අවස්ථාවක ශ්‍රී ලංකා ජනාධිපති විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඉන්දියාවේ ක්‍රිකට් ක්‍රීඩා කිරීම සඳහා එවීමෙන් දෙමළ ජනතාව පිළිබඳ වන නොසැලකිල්ල පෙන්නුම් කර ඇති බවට ද ඔහු චෝදනා කරයි.

අදාළ ක්‍රිකට් තරගය පැවැත්වෙන චෙන්නායිහි මායාජාල් ක්‍රීඩාංගණය රජයේ ක්‍රීඩාංගණයක් බවත්, එම ක්‍රීඩංගණයෙහි ද්‍රවිඩ ජනතාවට අසාධාරණකම් සිදුකළ පුද්ගලයින්ට ක්‍රීඩා කිරීම සඳහා ඉඩලබා නොදෙන බව ද හෙතෙම අවධාරණය කරයි.

සනත් ජයසූරිය තරගයෙන් ඉවත් කරන ලෙස තමිල්නාඩු රජයෙන් හා තරගය සංවිධානය කරනු ලබන ආයතන වෙතින් ඉල්ලා සිටින බවත්, එසේ නොවුනහොත් ක්‍රීඩාංගණය වටලා විරෝධතාවයක නිරතවන බව සීමාන් සඳහන් කර ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ජනතාවට මොකුත් නෑ- මැති ඇමතිවරුන්ට ප්‍රාඩෝ January 24, 2011 12:52 pm

ජනතාවට පොරොන්දු වූ කිසිදු සහනයක් ලබාදීමට ආණ්ඩුව අපොහොසත් වූවද ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට සුඛෝපභෝගී ප්‍රාඩෝ රථ ලබා ගැනීමට කටයුතු කර ඇතැයි එක්සත් ජාතික පක්ෂය පවසයි.

යුද්ධය සමයේ අඩු කරගත් මැති ඇමති වැටුප් සහ ඇතැම් වරප්‍රසාද සියල්ල කිසිදු අඩුවකින් තොරව ලබා ගැනීමට විශේෂ තීන්දුවක් අරගෙන ඇති බව එ.ජා.ප මාධ්‍ය ප්‍රකාශක,පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කරයි.

යුද්ධය නිමාවී ඒ වෙනුවෙන් දරන්නට සිදුව තිබූ අසීමිත යුද වියදම් මේ වන විට දරන්නට සිදුනොවුණු තත්ත්වයක් තුළ පවා යුද්ධය ජය ගැනීමට කැපකිරීම් කළ රණ විරුවන් සේම ජනතාවටද මේ වන තුරුත් කිසිදු සහනයක් ලබාදීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති බව හෙතෙම අවධාරණය කළේය.

අද(24)කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එ.ජා.ප මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම අදහස් පළ කළේය.

ආණ්ඩුවේ නොහැකියාව වසා ගන්නට සෑම දේටම"ත්‍රස්තවාදී"ලේබලය අලවමින් සිටින බවත්,ඒ අනුව කොටි ත්‍රස්තවාදය,එළවළු ත්‍රස්තවාදය,ස්වභාවික ත්‍රස්තවාදය,පාන් පිටි ත්‍රස්තවාදය ආදී ත්‍රස්තවාදයන් ගැන ආණ්ඩුවේ මැති ඇමතිවරුන් විසින් එක එක විහිළු කතා කියමින් සිටින බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

ආණ්ඩුවේ මෙම නොහැකියාවන්,ජනතාවට කිසිදු සහනයක් ලබා නොදෙමින් කරනු ලබන රැව‍ටීම ආදිය පිළිබඳ ජනතාව අවබෝධයක් ලබා සිටින අවදියක පළාත් පාලන මැතිවරණයකට මුහුණ දෙන්නට ආණ්ඩුවට සිදුවී ඇති බව කරුණාතිලක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ෆොන්සේකා හා සේනකට එරෙහි නඩුව කල්යයිJanuary 24, 2011 12:27 pm

පසුගිය ජනාධිපතිවරණ සමයෙහි යුද හමුදාවෙන් පලාගිය සෙබළුන් සේවයේ යොදවා වැටුප් ලබාදීම සම්බන්ධව චෝදනා ලබාසිටින හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා සහ ඔහුගේ ලේකම් සේනක ද සිල්වාට එරෙහිව පවරා ඇති නඩුව පෙබරවාරි මස 02 වන දින විභාගය සඳහා කැඳවීමට කොළඹ මහාධිකරණය අද(24) දින නියම කරනු ලැබීය.

අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී සරත් ෆොන්සේකා සහ සේනක ද සිල්වා යන විත්තිකරුවන් දෙදෙනා බන්ධනාගාරය මගින් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

මෙහිදී දෙවන විත්තිකාර සේනක ද සිල්වා වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා ඔහුගේ සේවාදායකයා වෙනුවෙන් ඇප ඉල්ලීමක් ඉදිරිපත් කරනු ලැබීය.

එම ඇප ඉල්ලීම 02 වනදා සලකා බලන බව කොළඹ මහාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය සඳහන් කළාය.

ඒ අනුව නඩුව විමසීම පෙබරවාරි මස 02 වන දිනට කල් දැමූ අධිකරණය එදිනට මේ සම්බන්ධව කරුණු දක්වන ලෙස විත්තියේ නීතිඥවරුන්ට නියෝග කළාය.

පසුගිය ජනාධිපතිවරණ සමයෙහි යුද හමුදාවෙන් පලාගිය සෙබළුන් 10 දෙනෙකු සේවයේ යොදවා ඔවුන්ට වැටුප් ලබාදී නවාතැන් පහසුකම් ලබාදීම තුළින් සරත් ෆොන්සේකා මහතා සහ ඔහුගේ ලේකම් සේනක ද සිල්වා යන අය රජයට එරෙහිව කුමන්ත්‍රණයක යෙදී ඇතැයි චෝදනා කරමින් නීතිපති විසින් මෙම නඩුව පවරා ඇත.

18 වංගුව වැසීමට එරෙහිව උද්ඝෝෂණයක්

මහියංගණය, මහනුවර ප්‍රධාන මාර්ගය 18 වංගුව ස්ථානයෙන් වසා දැමීමට විරෝධය පළ කරමින් මේ වන විට දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වේ.

මෙම මාර්ගය වසා දැමීම හේතුවෙන් ප්‍රදේශ රැසක ජනතාව දැඩි දුෂ්කරතාවකට පත්ව ඇති බව උද්ඝෝෂකයින් අවධාරණය කරයි.

මාර්ගය වැසීමට හේතු වු කරුණු සම්බන්ධයෙන් මේ වන තෙක් බලධාරීන් දන්වා නැතැයිද ඔවුන් පවසයි.

මෙම මාර්ගය වසා දැමීම‍ හේතුවෙන් උඩුදුම්බර පොලිස් වස‍මේ ග්‍රාම නිලධාරී කොට්ඨාස 72ක ජනතාව දුෂ්කරතාවට පත්ව ඇති බව උද්ඝෝෂණයට එක්වෙමින් අදහස් දැක්වු "දුම්බර සුරකීමේ සංවිධානයේ" සභාපති සාලින්ද දිසානායක මහතා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් වහා අවධානය යොමුකොට මාර්ගය යළි විවෘත කර‍න ලෙස ඔහු අවධාරණය කර සිටියේය

පෙට්‍රල් බද්ද අඩුවෙ

2011 ජනවාරි මස 10 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් ආනයනික බද්ද ලීටරයකට රු.15.00 සිට 5.00 දක්වා අඩු කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ටයිටස් ජයවර්ධන මහතා පවසයි.

ලෝක වෙළඳ පොළේ තෙල් මිල ඉහළ යාමත් සමග ඉන්දු ලංකා තෙල් සමාගමත්,ලංකා ඛනිජ තෙල් සංස්ථාවත් විසින් පාඩු අවම කර ගැනීම සඳහා දේශීය වෙළඳ පොළේ මිල ඉහළ නංවන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා තිබිණි.

‍එසේ හෙයින් දේශීය වෙළඳපොළේ පෙට්‍රල් මිලෙහි ස්ථාවරත්වය පවත්වාගෙන යාම සඳහා ආනයනික බද්ද අඩු කිරීමට තීරණය කළ බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කළේය.

මෙම ක්‍රියා මාර්ගය හේතුවෙන් ලෝක වෙළඳපොළේ ඛනිජ තෙල් මිල ඉහළ ගියද දේශීය වෙළඳපොළේ පෙට්‍රල් මිලෙහි ඉහළ යාමක් සිදුනොවන බවත්,ඒ අනුව දැනට පවත්නා මිලටම පෙට්‍රල් ලබා ගැනීමට පාරිභෝගිකයාට හැකිවෙන බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

මියගිය සහ විදේශගතවූවන් ගැන මැතිවරණයට පෙර තොරතුරු රැස්කර

ඉදිරි පළාත් පාලන මැතිවරණයට පෙර ග්‍රාම නිලධාරී කොට්ඨාශ මට්ටමින් මියගිය සහ විදේශගතවූවන් පිළිබඳ තොරතුරු රැස්කරන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා සියලු ග්‍රාම නිලධාරීවරුන් වෙත උපදෙස් ලබාදී තිබේ.

පෙබරවාරි 7 වන දා වන විට මියගිය සහ විදේශගතවූවන් පිළිබඳ තොරතුරු රැස්කළ යුතු බව මැතිවරණ මහලේකම් කාර්යාලය දැනුම් දී ඇත.

අදාළ තොරතුරු පෙබරවාරි මස 15 වැනි දිනට පෙර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට දැනුම් දිය යුතු බවට ද උපදෙස් ලබාදී තිබේ.

මැතිවරණයේදී සිදුවිය හැකි අක්‍රමිකතා වැළැක්වීම සඳහා මැතිවරණ කොමසාරිස්වරයා විසින් මෙවැනි තීරණයක් ගෙන ඇති බව සඳහන්ය.

ස්වාධීන කණ්ඩායම් 159 ක් ඇප මුදල් තැන්පත් කරයි

2011 පළාත් පාලන මැතිවරණය සඳහා මේ වන විට ස්වාධීන කණ්ඩායම් 159 ක් පමණ ඇප මුදල් තැන්පත් කර තිබේ.

අම්පාර දිස්ත්‍රික්කය වෙනුවෙන් ස්වාධීන කණ්ඩායම් 37ක්, කළුතර දිස්ත්‍රික්කය වෙනුවෙන් ස්වාධීන කණ්ඩායම් 21ක්, රත්නපුර දිස්ත්‍රික්කය වෙනුවෙන් ස්වාධීන කණ්ඩායම් 12 ක් සහ පුත්තලම දිස්ත්‍රික්කය වෙනුවෙන් ස්වාධීන කණ්ඩායම් 10 ක් ඇප මුදල් තැන්පත් කර ඇත.

මාතලේ දිස්ත්‍රික්කය සඳහා ස්වාධීන කණ්ඩායම් 7ක්, මොණරාගල දිස්ත්‍රික්කය සඳහා කණ්ඩායම් 5ක්, මඩකළපුව දිස්ත්‍රික්කය සඳහා කණ්ඩායම් 8ක් සහ බදුල්ල දිස්ත්‍රික්කය සඳහා කණ්ඩායම් 14ක් ඇප මුදල් තැන්පත් කර ඇති බව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් සඳහන් කළේය.

මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයට ස්වාධීන කණ්ඩායම් 4ක්, ගම්පහ දිස්ත්‍රික්කයට කණ්ඩායම් 6ක්, හම්බන්තොට දිස්ත්‍රික්කයට කණ්ඩායම් 9ක්, මහනුවර දිස්ත්‍රික්කයට කණ්ඩායම් 4ක් සහ කෑගල්ල දිස්ත්‍රික්කයට කණ්ඩායම් 5ක් ඇප මුදල් තැන්පත් කර තිබේ.

අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති ස්වාධීන කණ්ඩායම් සංඛ්‍යාව 9 කි.

පොළොන්නරුව දිස්ත්‍රික්කය සඳහා ස්වාධීන කණ්ඩායම් 3ක් ඇප මුදල් තැන්පත් කර ඇති අතර එම දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 7ක් සඳහා ජනතා විමුක්ති පෙරමුණ නාමයෝජනා භාරදී තිබේ.

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ස්වාධීන කණ්ඩායමක් ද නාමයෝජනා භාරදී ඇති බව සහකාර මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කළේය.

මේ අතර ජනසෙත පෙරමුණ අද(24) ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සඳහා නාමයෝජනා භාරදීමට නියමිතය.

ලබන 26 සහ 27 යන දෙදින තුළ නාමයෝජනා භාරදෙන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරනු ලැබීය.

නාමයෝජනා භාරදීමෙන් අනතුරුව අපේක්ෂකයන් දැනුවත් කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහනක් පැවැත්වීමට ද එම පක්ෂය තීරණය කර ඇත.

Sunday, January 16, 2011

ba

Saturday, January 15, 2011

මැතිවරණයට අපේක්ෂකයින් තේරීමේ එජාප සම්මුඛ පරීක්ෂණ ඇරඹෙයි


එළඹෙන පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකයින් තෝරාගැනීමේ දිස්ත්‍රික් මට්ටමේ සම්මුඛ පරීක්ෂණ අද(15) දින ආරම්භ කළ බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

මෙම සම්මුඛ පරීක්ෂණවලින් තෝරාගන්නා අපේක්ෂකයින් ජාතික ‍නාමයෝජනා කමිටුවට ඉදිරිපත් කරන බව එම පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා සඳහන් කළේය.

එම කමිටුව 19 වනදා සිට රැස්වීමට නියමිත බව ඔහු කියා සිටියේය. නාමයෝජනා පත්‍ර භාරදීම එළඹෙන 25, 26 සහ 27 යන දිනවලින් එකක දී සිදුකිරීමට නියමිත බව තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කළේය.

මෙවර පළාත් පාලන ආයතන 301 සඳහා ම එක්සත් ජාතික පක්ෂය තරග වදින බව ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

අවශ්‍ය එළවළු නිවසේම වවන්න -මර්වින්ගෙන් නියෝගයක්


නව වසර සඳහා කැලණිය ප්‍රදේශයෙහි අමු මිරිස්, තක්කාලි, වැටකොළු හා බණ්ඩක්කා යන එළවළු වර්ග අලෙවි කිරීම තහනම් කරන බව මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.

එම එළවළු වර්ග ජනතාව විසින් සිය ගෙවත්තෙහිම වගාකරගත යුතු බවත්, නව වසර සඳහා සෑම පවුලක්ම අවශ්‍ය ද්‍රව්‍ය නිවසේදීම සපයා ගත යුතු බව ද අමාත්‍යවරයා අවධාරණය කරයි.

අදාළ ක්‍රියාවලිය සංග්‍රාමයක් ලෙස ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ද හෙතෙම සඳහන් කරයි.

වත්තල, මාබෝල ප්‍රදේශයේ පැවති අඩු ආදායම්ලාභී පවුල් 350 ට වියළි ආහාර ලබාදීම හා පාසල් ළමුන් 100 දෙනෙකුට පොත් සහ නිල ඇඳුම් බෙදාදීමේ උත්සවයකට එක්වෙමින් ඔහු මෙම කරුණු ප්‍රකාශ කළේය.

එමෙන්ම මැතිවරණ සිතියම අකුලන ලද, මැතිවරණ කල්දමන ලද එක්සත් ජාතික පක්ෂයට මැතිවරණ ක්‍රමය පිළිබඳව කතාකිරීමේ අයිතියක් නොමැති බව ද වැඩිදුරටත් අදහස් දැක්වූ මර්වින් සිල්වා මහතා කියා සිටියේය.

වර්තමා‍නයේ සැබෑ නායකයින්ගේ හිඟයක් තිබෙනවා


වත්මන් ශ්‍රී ලංකාව තුළ සැබෑ නායකයින්ගේ හිඟයක් පවතින බව යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

පසුගිය කාලය තුළ පාර්ලිමේන්තුවට ද විවිධ අසාධාරණ ක්‍රම මගින් නායකයින් තේරී පත්වූ බව ඔහු සඳහන් කළේය.

ඇඹිලිපිටිය ග්‍රාමීය නායකයින් පුහුණු කිරීමේ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ අද(15) පැවති නායකත්ව පුහුණු වැඩමුළුවකට‍ සහභාගී වෙමින් ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

අසාධාරණ ක්‍රම මගින් පාර්ලිමේන්තුවට තේරීපත්වීම අනුමත කළත්, නොකළත් එසේ පත්වන පුද්ගලයින් නායකයින් වශයෙන් භෞතීස්ම කර ඇති බව ද ඔහු එහිදී ප්‍රකාශ කළේය.

නායකත්වය ගොඩනැගෙන්නේ දේශපාලනය හරහා නොවන බවත්, සිරුරෙහි කායික හා මානසික ශක්තීන් එක්තැන් කර එක අරමුණකට මෙහෙයවන පුද්ගලයා නායකයා ලෙස හඳුන්වන බව අමාත්‍යවරයා අවධාරණය කරයි.

එක්සත් ජාතීන්ගේ කමිටුවේ ශ්‍රී ලංකා ගමන ගැන කටයුතු සූදානම් කරනවා


ශ්‍රී ලංකාව සම්බන්ධව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැංකි මූන් මහතා විසින් පත්කරන ලද ත්‍රිපුද්ගල කමිටුව ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත කාල වකවානුව හා එහි කටයුතු පිළිබඳව සැලසුම් කරමින් සිටින බව බැංකි මූන් මහතා විසින් විදෙස් මාධ්‍ය වෙත තහවුරු කර තිබේ.

ශ්‍රී ලංකාවේ සිවිල් යුද ගැටුම් පැවති කාල සීමාව තුළ සිදුවූ බව කියන මානව හිමිකම් කඩවීම් සම්බන්ධව උපදෙස් ලබාගැනීම සඳහා පත්කරන ලද මෙම කමිටුව විසින් උගත් පාඩම් හා ප්‍රතිසන්ධානය පිළිබඳ ජනාධිපති කොමිසම හා වෙනත් පාර්ශව සමග සාකච්ඡා පැවැත්වීම පිළිබඳව ද අවධානය යොමුකර ඇති බව සඳහන්ය.

අදාළ කමිටුවේ අවසන් වාර්තාව මෙම මාසය තුළ ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණද එම කමිටුවේ කාලය ලබන මස දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරනු ලැබීය.