
වත්මන් ශ්‍රී ලංකාව තුළ සැබෑ නායකයින්ගේ හිඟයක් පවතින බව යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
පසුගිය කාලය තුළ පාර්ලිමේන්තුවට ද විවිධ අසාධාරණ ක්‍රම මගින් නායකයින් තේරී පත්වූ බව ඔහු සඳහන් කළේය.
ඇඹිලිපිටිය ග්‍රාමීය නායකයින් පුහුණු කිරීමේ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ අද(15) පැවති නායකත්ව පුහුණු වැඩමුළුවකට සහභාගී වෙමින් ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.
අසාධාරණ ක්‍රම මගින් පාර්ලිමේන්තුවට තේරීපත්වීම අනුමත කළත්, නොකළත් එසේ පත්වන පුද්ගලයින් නායකයින් වශයෙන් භෞතීස්ම කර ඇති බව ද ඔහු එහිදී ප්‍රකාශ කළේය.
නායකත්වය ගොඩනැගෙන්නේ දේශපාලනය හරහා නොවන බවත්, සිරුරෙහි කායික හා මානසික ශක්තීන් එක්තැන් කර එක අරමුණකට මෙහෙයවන පුද්ගලයා නායකයා ලෙස හඳුන්වන බව අමාත්‍යවරයා අවධාරණය කරයි.
0 comments:
Post a Comment