
ජල ගැලීම් හා ගංවතුර තත්ත්වයෙන් බලපෑමට ලක්වූ ප්‍රදේශ වල වෙසෙන සිසුන් විසින් විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා එවන ලද, ප්‍රමාද වී ලැබෙන අයදුම්පත් බාරගැනීම පිළිබඳව සලකාබැලීමට විශ්ව විද්‍යාල පතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබේ.
මෙවර විශ්ව විද්‍යාලය ප්‍රවේශය සඳහා අයදුම්පත් බාරගැනීම අද(15) දිනයෙන් අවසන් වීමට නියමිතව තිබිණි.
අදාළ ප්‍රදේශ වල ග්‍රාම නිලධාරීවරුන්ගේ සහයෝගය ද ඇතිව එම ප්‍රදේශ වල සිසුන්ගෙන් ප්‍රමාද වී ලැබෙන අයදුම්පත් බාරගැනීම පිළිබඳව සලකාබැලීමට විශ්ව විද්‍යාල පතිපාදන කොමිෂන් සභාව තීරණය කර ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
0 comments:
Post a Comment