Wednesday, December 8, 2010

බාහුට පහරදෙන මැරයින්ට කේ.පී හුරතලේ නොපෙනෙන්නේ ඇයි..?


නව වාමාංශික පෙරමුණේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතාට පහර දෙන මැර පිරිස් වලට එල්.ටී.ටී.ඊ නායකයින් ආණ්ඩුවට සම්බන්ධ වීම ගැටලුවක් නොවන්නේ මන්දැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

වික්‍රමබාහු කරුණාරත්න මහතාගේ ආධාරකරුවන්ට මැර පිරිසක් පහරදීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් ජ.වි.පෙ දේශපාලන මණ්ඩලය නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වේ.

එකී නිවේදනය පහත පරිදිය.

විදේශ ගමනක් නිමා කොට ලංකාවට පැමිණි වික‍්‍රමබාහු කරුණාරත්න මහතා ඇතුළු පිරිසකට පසුගිය 07 වැනිදා කටුනායක ගුවන් තොටුපළේදී මැර පිරිසක් විසින් පහර දී තිබේ. එම ස්ථානයේ සිටි මාධ්‍යවේදීන් කිහිප දෙනකුටද මෙම මැර කණ්ඩායම පහරදී තිබේ. මෙම පහරදීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ලන්ඩන් සංචාරයේදී සිදු වූ උද්ඝෝෂණවලට දැක්වූ ප‍්‍රතිචාරයක් බව පෙනේ. කෙසේ වෙතත් මෙය ඉතා බරපතළ සිදුවීමක් ලෙස අපි දකිමු.

වික‍්‍රමබාහු කරුණාරත්න මහතාගේ ඊළාම් මතවාදයට හා බෙදුම්වාදයට පක්ෂපාතී මතවාදයට අපි එකඟ නොවෙමු. ආරම්භයේ සිටම එම මතය ප‍්‍රතික්ෂේප කළ අපි දැනුදු එය ප‍්‍රතික්ෂේප කරමු. එහෙත් වික‍්‍රමබාහු කරුණාරත්න මහතා හෝ වෙනත් කිසිවකු බෙදුම්වාදයට, ඊළම්වාදයට පක්ෂ අදහස් දරන්නේ නම් ඒවා පැරදවිය යුත්තේද මතවාදීවය.

එසේ නැතිව රාජ්‍ය අනුග‍්‍රහය ලබන මැරයන් ලවා පහර දීමෙන් නොවේ. එබැවින් වික‍්‍රමබාහු කරුණාරත්න මහතා දරන බෙදුම්වාදී මතවාදය ප‍්‍රතික්ෂේප කරන අතරම අපි රාජ්‍ය අනුග‍්‍රහය ලබන මැර කල්ලියක් විසින් ඔහු ඇතුළු ඔහුගේ හිතවතුන්ටත්, විශේෂයෙන්ම මාධ්‍යවේදීන්ටත් කළ පහරදීම දැඩි ලෙස හෙළා දකිමු.

දේශපේ‍්‍රමීන් ලෙස වෙස් වළාගත් රාජ්‍ය අනුග‍්‍රහය ලබන මෙම මැර කණ්ඩායම් මෙන්ම ඔවුන්ට අනුබල දෙන ඊනියා දේශපේ‍්‍රමී කේවට්ටයන්ද හැසිරෙමින් සිටින්නේ"කබරයා තලගොයා කර ගන්නා" ප‍්‍රතිපත්තියක සිටය. වික‍්‍රමබාහු කරුණාරත්න මහතාට"දඬුවම් කිරීමට"පොලූ මුගුරු ඔසවා ගෙන යන ඔවුන්ට කොටි නායකයෙක් වූ කේ පී සමග ආණ්ඩුව හුරතල් වීම ප‍්‍රශ්නයක් වී නැත. එසේම කොටි නායකයින් වූ දයා මාස්ටර්ට ජෝර්ජ් මාස්ටර්ට ආණ්ඩුව දක්වන සැලකිලි පෙනෙන්නේ නැත.

කලක් කොටි නායකයෙක්ව සිටි කරුණාට ඇමතිධුර හා පක්ෂ උප සභාපති ධුර පිරිනැමීමද ගැටලූවක් වී නැත. පසුගිය දිනක උගත් පාඩම් හා ප‍්‍රතිසංධාන කොමිසම හමුවේ සාක්ෂි දෙමින් නැගෙනහිර පළාත් මහ ඇමතිවරයා පවසා තිබුණේ මඩකළපුවේ පොලිස් නිලධාරීන් 600කට වැඩි ප‍්‍රමාණයක් ඝාතනය කිරීමේ සිදුවීමට කරුණා සම්බන්ධ බවය. එවන් චෝදනා සහිත හිටපු කොටි නායකයින් සමග ඇමති මණ්ඩලයේ එකට අසුන් ගන්නා ආණ්ඩුවේ මහත්වරුන් තම විරුද්ධවාදීන්ට පොලූ මුගුරු එසවීම පිළිකුල් සහගතය.

පසුගියදා ලන්ඩනයේ ඊළම් ධජය ඔසවා ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට එරෙහිව උද්ඝෝෂණයක් කිරීමට කොටි හිතවාදීන්ට අවස්ථාව උදා කර දුන්නේ බි‍්‍රතාන්‍යයේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ උපදෙස් නොතකා ලන්ඩන් සංචාරය සඳහා ජනාධිපතිවරයා පොළඹවා ලූ ඊනියා උපදේශකයින්ය. ජනාධිපතිතුමාද සිය පුද්ගල ප‍්‍රතිරූපය ගොඩනංවා ගැනීම ගැන පමණක් සිතා මෙම ගමන ගිය බව පෙනේ.

අවසානයේ අපකීර්තියට ලක් වූයේ අප රටය. ආණ්ඩුව සිදු කර ගත් මෙම වරද නිවැරදි කර ගැනීමට කටයුතු කරනවා වෙනුවට එහි ලජ්ජාව මකා ගැනීමටත් මේ හරහා විරුද්ධ මත දරන අය දඩයම් කිරීමටත් මැර කණ්ඩායම් යොදවා පහරදීම් කිරීම දැඩි ලෙස හෙළා දකිය යුතුය.

යුද්ධය නිමා වීමෙන් පසු රට තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇති කිරීමටත් උතුරු නැගෙනහිර ජනතාවගේ මූලිකම ප‍්‍රශ්නවලට විසඳුම් ලබාදීමටත් අපොහොසත් වූ ආණ්ඩුව ඒ මගින් නැවත කොටි සංවිධානය ඇතුළු බෙදුම්වාදී සංවිධානවලට ක‍්‍රියාත්මකවීමට වටපිටාවක් නිර්මාණය කරමින් සිටී.

ආණ්ඩුව වහාම කළ යුත්තේ බෙදුම්වාදය යළි හිස එසවීමට ඉඩ නොලැබෙන සේ දෙමළ ජනතාවගේ මූලික ප‍්‍රශ්නවලට විසඳුම් ලබාදීම හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීමය. ජාතික සමගිය ඇති කිරීමය. එහෙත් වත්මන් ආණ්ඩුවට එය කළ නොහැකි බවත් එයට කළ හැක්කේ රට තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිමි කරමින් බිය වැද්දීමේ දේශපාලනය තුළ තම නොහැකියාව වසා ගැනීම පමණක් බවත් මේ සිදුවීම් යළි තහවුරු කරයි.

එබැවින් රාජ්‍ය අනුග‍්‍රහය ලබන මැර කණ්ඩායම් යොදවමින් විරුද්ධ මත දරන්නන්ට හා මාධ්‍යවේදීන්ට කරන පහරදීම් වහාම නවතන ලෙසත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීමට පියවර ගන්නා ලෙසත් ආණ්ඩුවට බල කරන අපි මෙම පහරදීම පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වා ඊට වගකිව යුත්තන් නීතිය හමුවට පමුණුවන ලෙසත් බලකරමු. adaderana.lk

හොරට වීසා ගන්න හැදූ බව කියූ නදී චන්ද්‍රසේකර නිදොස් කොට නිදහස්


වීසා අයදුම් කිරීම සඳහා ව්‍යාජ ලේඛන ඉදිරිපත් කළ බවට චෝදනා ලබා සිටි ජනප්‍රිය ටෙලි නාට්‍ය ශිල්පිණි නදී චන්ද්‍රසේකර නිදොස් කොට නිදහස් කරන්නට අද(08)කොළඹ මහාධිකරණය තීන්දු කර තිබේ.

ඇමරිකාවේ ලෝස් ඇන්ජලීස්හි පිහිටි සිනමා කොලීජියක අධ්‍යාපනය ලැබීම සඳහා ශිෂ්‍යත්වයක් ලබා සිටි ඇය වීසා ලබා ගැනීම සඳහා මෙරට ඇමරිකානු තානාපති කාර්යාලයට ඉදිරිපත් කරනු ලැබූ ලේඛන ව්‍යාජ ඒවා බවටත්,එමගින් වීසා විමර්ශන නිලධාරියා රැවටූ බවටත් චෝදනා එල්ල කරමින් ඇයට නඩු පවරනු ලැබුවේ 2009 වසරේ ‍අප්‍රේල් මාසයේදීය.

තම සේවාදායකයාට දණ්ඩ නීති සංග්‍රහයේ 454 වගන්තිය සමග කියවිය යුතු 459 වගන්තිය යටතේ ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීමට අදාළ චෝදනා ඉදිරිපත් කර තිබුණද,පැමිණිල්ලි පාර්ශවයට මූලික සාක්ෂි හෝ ගොනු කිරීමට හැකියාවක් නොලැබුණු බව නදී චන්ද්‍රසේකර වෙනුවෙන් පෙනී සිටි මහාධිකරණ නීතිඥ මොහාන් සෙල්ලප්පෙරුම මහතා අද දෙරණට කියා සිටියේය.

අවම වශයෙන් මෙම සිදුවීම සිදුවූ දිනය හෝ පැහැදිලිව අධිකරණයට ඉදිරිපත් කරන්නට පැමිණිලි පාර්ශවයට නොහැකි වූ බව නීතිඥවරයා පෙන්වාදුන්නේය.

තමන්ට අභූත චෝදනා එල්ල කරමින් තමන්ගේ අධ්‍යාපන කටයුතු කඩා කප්පල් කරන්නට ඇතැමුන් උත්සාහ දැරුවද තමන්ගේ නිර්දෝෂිභාවය මේ වන විට තහවුරු වී ඇතැයිද,ඒ නිසා ඉදිරියේදී තමන් යළි ඇමරිකාවේ අධ්‍යාපන කටයුතු සඳහා සහභාගී වීමට කටයුතු සලසා ගන්නා බවද නදී චන්ද්‍රසේකර අද දෙරණට කියා සිටියේය.
adaderana.lk

සුදු කොඩියට මුල් වීඩියෝ ඕනද..?-තීන්දුව 16 දාට කල්තබයි


මුල් වීඩියෝ පටය නොමැතිව සරත් ෆොන්සේකා මහතාගේ සුදු කොඩි ප්‍රකාශයට අදාළ නඩුවේ වීඩියෝ සාක්ෂි මෙහෙයවීමට අවසර දෙන්නේද නැද්ද යන තීන්දුව ලබන 16 වෙනි දින ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණය නිවේදනය කර තිබේ.

අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී රජයේ නීතිඥ ඩිලාන් රත්නායක මහතා අධිකරණයට දැනුම් දී සිටියේ මෙම නඩුවට අදාළ තවදුරටත් කරුණු දැක්වීමට තවදුරටත් නීතිපතිවරයාට අවස්ථාව ලබාදිය යුතු බවයි.

එයට තම විරෝධය පළ කරන බව විත්තියේ නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා අධිකරණයට දන්වා සිටියේය.

කෙසේ වෙතත් මහාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සඳහන් කර සිටියේ වැඩිදුර කරුණු දැක්වීමට අවශ්‍ය නම් එම කරුණු ලිඛිත දේශන වශයෙන් මීළඟ නඩු දිනයට ප්‍රථම අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ලබන 16 දා ප්‍රකාශයට පත් කරන බව සඳහන් කර තිබේ. -

ඉකුත්දා අධිකරණය නියෝගයක් නිකුත් කරමින් පසුගිය ජනාධිපතිවරණය සමයෙහි විත්තිකාර සරත් ෆොන්සේකා මහතා රත්නපුරේදී කළ කතාව අඩංගු මුල් වීඩියෝ පටය අධිකරණයට ඉදිරිපත් කරන මෙන් දෙරණ රූපවාහිනී ආයතනයට නියෝග කර තිබුණි. එහෙත් එහි මුල් පිටපත තමන් සතුව නොමැති බව දෙරණ රූපවාහිනී ආයනතය අධිකරණයට දැනුම් දෙන ලදී.

මුල් වීඩියෝ පටය නොමැතිව මෙම වීඩියෝ සාක්ෂිය මෙහෙයවීම සිදුකළ නොහැකි බවට මෙහිදී විත්තියේ නීතිඥවරයා මීට පෙර අධිකරණයට කරුණු දක්වමින් තර්ක කර සිටියේය.

එසේ කළහොත් විත්තිකරුට දැඩි අසාධාරණයක් සිදුවන බව විත්තියේ නීතිඥවරයා සඳහන් කර තිබුණි.. එහෙත් මුල් පිටපත නොමැතිව වුව ද වීඩියෝ සාක්ෂි මෙහෙයවීමට ප්‍රතිපාදන අපරාධ නඩු විධාන සංග්‍රහයේ පවතින බවට පැමිණිල්ල වෙනුවෙන් රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරල්වරයා කරුණු දක්වමින් ප්‍රකාශ කර තිබුණි.. adaderanalk

ලක්ෂ 20 ක හෙරොයින් එක්ක විදේශිකයා මාට්ටු


රුපියල් ලක්ෂ 20කට අධික වටිනාකමකින් යුතු හෙරොයින්‍ තොගයක් සමග විදෙස් ජාතිකයෙකු බම්බලපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකරු බංග්ලාදේශ ජාතිකයෙකු බව සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු අධිකාරී ප්‍රභාත් ජයවික්‍රම මහතා සඳහන් කළේය.

ඔහු සිය සිරුර තුළ සඟවා මෙම හෙරොයින් තොගය මෙරටට ගෙන ආ බවට ‍තොරතුරු අනාවරණය වී තිබේ.

සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 20 ක් සුරාබදු දෙපාර්තමේන්තුව බාරයට ‍පත්වූ බව ප්‍රභාත් ජයවික්‍රම මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
adaderana.lk

උදුල්ට අදත් ඇප නෑ


රිමාන්ඩ් භාරයේ පසුවන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩල කැඳවුම්කරු උදුල් ප්‍රේමරත්න මහතා‍ගේ ඇප ඉල්ලීම සලකා බැලීම හෙට දිනය දක්වා කල්දැමීමට කොළඹ මහාධිකරණය තීරණය කර තිබේ.

අදාළ ඇප ඉල්ලීම අද සලකා බැලූ අවස්ථාවේ විත්තිය වෙනු‍වෙන් පෙනී සිටි නීතීඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ‍රක්ෂිත බන්ධනාගාර ගතව සිටි සෙසු සරසවි සිසුන් ඇප මත මුදා හැර ඇති බැවින් උදුල් ප්‍රේමරත්න ද ඇප මත මුදාහරින ලෙසයි.

එහෙත් රජයේ නීතීඥවරයා ඊට විරුද්ධත්වය ප්‍රකාශ කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු දීපාලි වි‍ජේසුන්දර මහත්මිය ඒ අනුව නියෝග කර සිටියේ අදාළ ඇප අයදුම්පත හෙට ‍දිනයේ සලකා බලන බවයි.
adaderana.lk

Tuesday, December 7, 2010

ජනපතිට සිදුවූ අපහසුතාවයට එ.ජා.පයේ කනගාටුව


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලන්ඩනයේදී සිදුවුණු අකරතැබ්බය සම්බන්ධයෙන් තමන් කනගාටුවට පත්වන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

ජනාධිපතිවරයාට ඒ අයුරින් අපහසුතාවට පත්වන්නට සිදුවූයේත්,ඔක්ස්ෆර්ඩ් සරසවියේ දේශනය අවලංගු වීමෙන් නියමිත සංචාරය අවලංගු කර යළි හදිසියේ මව්බිමට ගොඩබසින්නට සිදුවූයේ ආණ්ඩුවේද අත්වැරැදීමකින් බව එ.ජා.ප මහ ලේකම් තිස්ස අත්තනායක මහතා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේය.

ජනාධිපතිවරයා රාජ්‍යතාන්ත්‍රික ගමනක් ගිය නිසා එකී ගුවන්යානය,ගොඩබසින වේලාව,ගමන් කරන අංගණය ආදී සියලු තොරතුරු විරෝධතාකරුවන් අතට පත්වූයේ කෙසේද යන්න පිළිබඳ සොයා බැලිය යුතු බව මහ ලේකම්වරයා මෙහිදී පෙන්වාදුන්නේය.

මෙම තොරතුරු හෙළිදරව් වීම පිළිබඳ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයත්,බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයත් වගකිව යුතු බවද,මොවුන්ගේ නොසැලකිල්ලෙන් සිදුවූ කනගාටුදායක සිදුවීමට අදාළව තමන්ගේ වැරැද්ද වසාගන්නට මේ වන විට යූ.ඇන්.පියට ඇඟිල්ල දිගු කරමින් සිටින බවත් මහ ලේකම්වරයා කියා සිටියේය. -adaderna.lk

කාදර්ට අලියා අහිමිකිරීමට එරෙහි වාරණ නියෝගය කොන්දේසි සහිතව දීර්ඝ කරයි


නියෝජ්‍ය අමාත්‍ය ඒ. ආර්. එම්. අබ්දුල් කාදර් මහතාගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීම වළක්වාලමින් පනවා ඇති වාරණ නියෝගය කොන්දේසි සහිතව දීර්ඝ කරන බව කොළඹ දිසාධිකරණය අද(07) නිවේදනය කරනු ලැබීය.

අදාළ වාරණ නියෝගය ඉවත් කරන මෙන් දන්වා වගඋත්තරකාර එක්සත් ජාතික පක්ෂය විසින් අධිකරණය හමුවෙහි මූලික විරෝධතා මතුකර තිබුණි.

අදාළ වාරණ නියෝගය කොන්දේසි සහිතව දීර්ඝ කරන බව එම විරෝධතා ඉවත දමමින් කොළඹ දිසාධිකරණය ප්‍රකාශ කරනු ලැබීය.

ඒ අනුව පෙත්සම්කාර අබ්දුල් කාදර් මහතාට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂයට අවසර ලැබෙන අතර රජයට එක්වීම යන කරුණ පදනම්කරගෙන පමණක් විනය පරීක්ෂණ පැවැත්වීම තහනම් බව ද එම වාරණ නියෝගය මගින් සඳහන් කර ඇත.

ඒ අනුව අදාළ වාරණ නියෝගය ජනවාරි මස 11 වන දින දක්වා දීර්ඝ කරන බව ද අධිකරණය නියෝග කරනු ලැබීය.
adaderana.lk

විකිලීක්ස් නිර්මාතෘ අත්අඩංගුවට


විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජූලියන් අසන්ගෙ ලන්ඩන් නගරයේදී අත්අඩංගුවට ගත් බව බ්‍රිතාන්‍යය පොලීසිය සඳහන් කරයි.

39 හැවිරිදි මෙම ඕස්ට්‍රේලියානු ජාතිකයාට එරෙහිව කාන්තාවක් දූෂණය කිරීම සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වී තිබේ.

ඉදිරියේදී ඔහු වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ද සඳහන්ය.aderana.lk

රිසානා නෆීක්ගේ මරණ දඬුවම අත්හිටුවයි


සෞදි අරාබියේ ගෘහ සේවිකාවක් ලෙස රැකියාවකට ගොස් එහිදී බිළිදෙකු මරා දැමීමේ චෝදනාවට මරණීය දණ්ඩනය නියම වූ ශ්‍රී ලංකික තරුණියක වන රිසානා නෆීක්ගේ මරණ දඬුවම අත්හිටුවා ඇති බව විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබ සාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා අද(07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීමට අනුව සවුදි අරාබියානු රජු විසින් මෙම තීරණයට එළඹ ඇති බව පෙරේරා මහතා සඳහන් කළ බව ද අද දෙරණ පාර්ලිමේන්තු වාර්තාකරු සඳහන් කළේය.

සවුදි අරාබියානු ශරියා නීතියට අනුව රිසානා නෆීක් අදාළ චෝදනාවෙන් නිදහස් කළ නොහැකි අතර නමුත් ඇයගේ දඬුවම අත්හිටුවිය හැකි බව ඒ මහතා පෙන්වා දී තිබේ. ඒ අනුව රිසානා මරණ දඬුවමින් නිදහස් වන මුත් ඇයගේ අදාළ චෝදනාවට වරදකරු ලෙස සැළකෙන බව ද සඳහන්ය.adaerana.lk

උඩරටට නව ශීඝ්‍රගාමී දුම්රිය සේවයක්


උඩරට දුම්රිය මාර්ගය සඳහා නගරාන්තර නව ශීඝ්‍රගාමී දුම්රිය සේවයක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

එම දුම්රිය සේවය මෙම මස 11 වැනි දින සිට ආරම්භ වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.

උඩරට දුම්රිය මාර්ගයෙන් විශාල මඟීන් පිරිසක් ගමන් කිරීම හේතුවෙන් මෙම නව දුම්රිය සේවය ආරම්භ කිරීමට තීරණය කර ඇත.

නව නගරාන්තර දුම්රිය සේවය මේ මස 11 වැනි දින සිට 31 දක්වා ඔත්තේ දින වල කොළඹ කොටුවේ සිට පෙරවරු 8 .35 ට බණ්ඩාරවෙල දක්වාත් ‍12, 14 , 16 , 18 , 20 , 22 , 24 , 26 , 28 සහ 30 යන දිනයන් වල බණ්ඩාරවෙල පෙරවරු 6 .40ට කොළඹ කොටුව බලා ධාවන වන බව ‍දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් ක‍රයි.
adaderana.lk

විශ්වාස භංගයෙන් පැරදුනත් කරූට පාර්ලිමේන්තු අසුන අහිමිවෙන්නේ නෑ



කරු ජයසූරිය මන්ත්‍රීවරයාට එරෙහිව ඉදිරිපත් කෙරෙන විශ්වාස භංගයෙන් ඔහු පරාජය වුවත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව ඔහුගේ මන්ත්‍රීධූරය අහෝසි නොවන බව කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාම මහතා පවසයි.

1977 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 හා 91 වගන්ති වල මන්ත්‍රීවරයෙකුගේ මන්ත්‍රීවරයෙකු සම්බන්ධව පවතින නුසුදුකම් පිළිබඳ දැක්වෙන බව එහි දී කරු ජයසූරිය මහතාගේ මන්ත්‍රීධුරය අහෝසි විය හැකි අවස්ථාවන් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ප්‍රතිභා මහානාම මහතා සඳහන් කළේය.

පාර්ලිමේන්තුවට ගෙන එන විශ්වාස භංග යෝජනාවක් පරාජයට පත්වුවහොත් ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ධූරය අහිමිවීම සම්බන්ධව ව්‍යවස්ථාවේ කිසිදු තැනක සඳහන් නොවන බව ද ඔහු අවධාරණය කළේය.

නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම සඳහන් වන ආකාරයට අදාළ මන්ත්‍රීවරයාට එරෙහිව විශේෂ ජනාධිපති විමර්ශන පරීක්ෂණ කොමිසමක් පවත්වා එහි තීරණය අනුව ඔහු වැරදිකරුවුවහොත් එහිදී ලැබෙන දඬුවම මත පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය අහිමිවිය හැකි බව ද හෙතෙම පෙන්වාදුන්නේය.

එමෙන්ම 06 වන අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 151 (ආ) යටතේ ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් බවත් එය බෙදීමට උපකාර කරන, ශ්‍රී ලංකාව තුළ හෝ එයින් පිටත යම්කිසි කෙනෙකු එය වර්ධනය කරන හා ඒ සම්බන්ධ පරීක්ෂණයකින් වැරදිකරු වුවහොත් එවැනි අවස්ථාවක ද පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය ද අහිමිවිය හැකි බව මහානාම මහතා පෙන්වාදුන්නේය.

විශ්වාස භංග යෝජනාවකින් පරාජයට පත්වුවද මන්ත්‍රීධුරය අහිමිනොවන බවත්, විය හැක්කේ ඔහුගේ ඉදිරි දේශපාලන අනාගතයට යම් බලපෑමක් වීම බව ද හෙතෙම කියා සිටියේය.
adaderana.lk

අග්නිදිග ආසියාවේ සෞඛ්‍ය වෘත්තිකයින් පුහුණු කිරීමේ මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවට


අග්නිදිග ආසියානු කලාපීය රටවල සෞඛ්‍ය වෘත්තිකයින් පුහුණු කිරීමේ මධ්‍යස්ථානය මෙරට ස්ථාපිත කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර තිබේ.

වසර 75ට අධික කාලයක් මෙරට ක්‍රියාත්මක වූ නිදහස් සෞඛ්‍ය සේවාව සහ මෙරට සෞඛ්‍ය වෘත්තිකයින්ට ලබා දී ඇති විශේෂ පුහුණුව වැනි කාරණා සලකා බලා එම අවස්ථාවට ශ්‍රී ලංකාවට හිමිව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනු ලැබීය.

තවද මාතෘ මරණ අනුපාතික, ළදරු මරණ අනුපාතිකය සෙසු ආසියානු කලාපීය රටවලට සාපේක්ෂව අවම මට්ටමක රඳවා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වී තිබීම ද මෙහි දී ලෝක සෞඛ්‍ය සංවිධානය සලකා බලා තිබේ.

ශ්‍රී ලංකාව සතුව පවතින මෙම අත්දැකීම් අග්නිදිග ආසියානු කලාපීය රටවලට ලබා දිය හැකි වන පරිදි අග්නිදිග ආසියානු කලාපීය රටවල සෞඛ්‍ය වෘත්තිකයින් පුහුණු කිරීමේ මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ පිහිටුවීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර ඇති බව සඳහන්ය.
adaderana.lk

දොස්තර ජයලත්ට එරෙහි තේරීම් කාරක සභා යෝජනාව කථානායකට


එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන මහතාට එරෙහි චෝදනා විමර්ශනය කිරීම සඳහා තේරීම් කාරක සභාවක් පත් කිරීමට අදාළ යෝජනාව මීට ස්වල්ප මොහොතකට පෙර කථානායක චමල් රාජපක්ෂ මහතාට ලබා දී තිබේ.

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක,අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ සභානායක ආමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා යන මහත්වරුන් විසින් මීට ස්වල්ප මොහොතකට පෙර අදාළ යෝජනාව ලිඛිතව කථානායකවරයාට ලබාදුන් බව අද දෙරණ පාර්ලිමේන්තු වාර්තාකරු පවසයි.

අදාළ යෝජනාව සඳහා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 78 දෙනෙකු අත්සන් තබා ඇති බව ද අද දෙරණ පාර්ලිමේන්තු වාර්තාකරු කියා සිටියේය. adaderana.lk

Monday, December 6, 2010

Liberty

විදෙස් කතුන් සහිත ගණිකා නිවාසයක්..





කොල්ලුපිටිය ප්‍රදේශයේ විදෙස්කතුන් සහිත ගණිකා නිවාසයක් වැටලීම සිදුකර ඇත.එහිදී උස්බෙකිස්ථාන ජාතික කාන්තාවන් අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.මීට අමතරව ලාංකික කාන්තවන් තුදෙනෙක්ද වනබව පැවසේ.
කොල්ලුපිටියේ වෙලද සංකීර්ණයක 7වන හා අට වන මහල් තුල පවත්වාගෙන ගිය මය කො‍ටුව මහේස් මහේස්ත්‍රාත් අඩිකරන වරෙන්තුමත මම වැටලීම සිදුකර ඇති බව එම නිලදාරින් පැවසුව.මේ තුල තිබී විදෙස් දසලක්ශයක් පමන වටිනා මත්පැන හා තුන්ලක්ශයක් පමණ මුදල්ද සොයාගෙන ඇත.

නමුත් මේහි මූලික සැකකරු හා එහි තවත් මීට සම්බන්ද දසදෙනෙකු පැනගොසැති අතර,අතඩංගුවට පත් කාන්තාවන් සහ එම භාණ්ඩ අධිකරනය හමුවට ඉදිරිපත්කිරීමට කටයුතු කරන බව ආරංචිමාර්ග වලින් අනාවර්ණය වේ

ආණ්ඩු පක්ෂයේ හැසිරීම පාර්ලිමේන්තු ඉතිහාසයේ ඇතිවූ අප්‍රසන්න සිදුවීමක්

බ්‍රිතාන්‍යයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ක්‍රියාත්මක වූ එල්. ටී. ටී. ඊ හිතවාදී බලවේග එක්සත් ජාතික පක්ෂය තරයේ හෙළා දකින බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරේන් ප්‍රනාන්දු මහතා පවසයි.

කෙසේ වෙතත් එම සිද්ධිය සම්පාදක කර ගනිමින් පසුගිය දා පාර්ලිමේන්තුවේ ඇති වූ කලහකාරී ස්වභාවය සම්බන්ධයෙන් කිසිසේත් අනුමත කළ නොහැකි බව ඔහු සඳහන් කළේය.

කොළඹ දී අද(06) පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් හරේන් ප්‍රනාන්දු මහතා මෙම අදහස් පළ කළේය.

ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුව තුළ හැසිරුණු ආකාරය පාර්ලිමේන්තු ඉතිහාසය තුළ ඉතා අප්‍රසන්න සිදුවීමක් වනු ඇති බව ඔහු එහි දී වැඩිදුරටත් සඳහන් කළේය.
adaderana.lk

කරූට එරෙහිව විශ්වාස භංගයක්..


එ.ජා.ප නියෝජ්‍ය නායක කරූ ජයසූරිය මහතාට එරෙහිව ඉදිරියේදී විශ්වාස භංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන එන බව ඉදිකිරිම්,ඉංජිනේරු සේවා,නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අද (06)කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

කරූ ජයසූරිය මහතා විසින් ශ්‍රී ලංකාවේ සිදුවීයයි කියනු ලබන යුද අපරාධ සම්බන්ධයෙන් විමර්ශනයක් කළ යුතු බවට එක්තරා පුවත්පතකට ප්‍රකාශයක් කර ඇතැයිද එසේ හෙයින් ජයසූරිය මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස විශ්වාසය කඩ කර ඇති හෙයින් මෙම යෝජනාව ගෙන ඒමට කටයුතු කරන බව වීරවංශ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
adaderana.lk

යුදාධිකරණය පිළිගත් අධිකරණයක්ද? -විභාගය කල්යයි


යුදාධිකරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පිළිගත් අධිකරණයක්ද නැද්ද යන්න තීරණය කිරීමේ විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කල් දමා තිබේ.

අග්‍ර විනිශ්චයකාර අශෝක ද සිල්වා මහතා රාජ්‍ය නිල උත්සවයකට සහභාගි වන නිසා අද එම විභාගය පැවැත්වීමට හැකියාවක් නොමැති බව අදාළ නඩුව අද(06) කැඳවූ අවස්ථාවේ ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක විනිසුරුවරිය සඳහන් කළාය.

ඒ අනුව මෙම විභාගය ලබන 09 වන දින දක්වා කල් දමන බව අධිකරණය නිවේදනය කර තිබේ.

යුදාධිකරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පිළිගත් අධිකරණයක් නැද්ද යන්න තීරණය කර තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පවත්වනු ලබයි.
adaderana.lk

උත්සව සමය වෙනුවෙන් විශේෂ දුරකථන අංකයක්




උත්සව සමයේ කොළඹ නගරයේ සාප්පු සවාරි යෙදෙන්නන්ට කිසියම් හදිසි තත්ත්වයක් යටතේ සහයෝගයක් අවශ්‍ය නම් ඒ සඳහා විශේෂ පොලිස් දුරකථන සේවයක් හඳුන්වා දී තිබේ.

ඒ සඳහා 011-2437156 අංකයට අමතන ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
adaerana.lk

මහ වැසි නිසා 64, 000 ට වැඩි පිරිසක් පීඩාවට පත්වෙයි


දින කිහිපයක සිට ඇද හැලෙන වර්ෂාපතනයත් සමග මේ වන විට පුද්ගලයින් 64, 000ට අධික පිරිසක් පීඩාවට පත්ව තිබේ.

මේ වන විට අවතැන් වු පුද්ගලයින් පන්දහසකට අධික පිරිසක් දිවයින පුරා පිහිටි කඳවුරු 47ක රඳවා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පෙන්වා දෙයි.

විශේෂයෙන් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය ද මීට ඇතුළත් බව මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කරන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.

අවශ්‍ය සහන කටයුතු අවශ්‍ය පරිදි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හරහා සිදුවන බව ද ඔහු කියා සිටියේය.

මේ අතර පවතින වර්ෂාපතනයත් සමඟ ජල මට්ටම් ඉහළ යාම හේතුවෙන් රන්දෙනිගල සහ රන්ටැඹේ ජලාශවල වාන් දොරටු කිහිපයක් ඊයේ(06) පස්වරුවේ විවෘත කර ඇත.

2007 වසරෙන් පසු රන්දෙනිගල ජලාශයේ වාන් දොරටු විවෘත කළ පළමු අවස්ථාව මෙය බව එම ජලාශය භාරව කටයුතු කරන කාර්යය භාර ඉංජිනේරු එච් එම් කළුබණ්ඩා මහතා සඳහන් කළේය.

රන්දෙනිගල සහ රන්ටැඹේ ජලාශවල වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් මහවැලි ගඟ පරිහරණය කරන ජනතාව අවධියෙන් සිටින ලෙස ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
adaderana.lk

ඖෂධ ප්‍රතිපත්තියට හැමෝගෙම සහය ඕනෑ


ජාතික ඖෂධ ප්‍රතිපත්තිය 2011 වසරේ සිට ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මහාචාර්ය සේනක බිබිලේ ගේ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය මේ අයුරින් ඉදිරියට ක්‍රියාත්මක කරන බවත්,ඒ තුළින් ගුණාත්මක සෞඛ්‍ය සේවයක් ස්ථාපිත කරන්නට කටයුතු කරන බවත් අමාත්‍යවරයා අද පාර්ලමේන්තුවේදී කියා සිටි බව අද දෙරණ පාර්ලිමේන්තු වාර්තාකරු සඳහන් කරයි.

එසේ වුවද මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය මේ වන විට කාලීන හා තාක්ෂණික වෙනස්වීම් ඔස්සේ වැඩි වර්ධනය විය යුතු බවත්,එබැවින් එකී ඖෂධ ප්‍රතිපත්තිය යම් යම් වෙනස්කම් වලට ලක්කොට ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා පෙන්වාදුන්නේය.

එසේ වුවද මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පහසු නොවන බවද,ඒ සඳහා පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සියලුදෙනාගේම සහය අවශ්‍ය බවද සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.
adaderana.lk

එ.ජා.පය රෑ ඩැනියෙල් දවල් මිගෙල් වගේ


එක්සත් ජාතික පක්ෂය රෑ ඩැනියෙල් දවල් මිගෙල් සේ ක්‍රියා කරන බව පරිසර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා එක් කතාවක් කියන අතර කරූ ජයසූරිය මහතා ඊට ප්‍රතිවිරුද්ධ කතාවක් කියන බවත්,ලංකාවට එකක් කියමින් ජාත්‍යන්තරයට තවත් එකක් කියමින් සිටින බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

කරූ ජයසූරිය මහතා පුවත්පතකට ප්‍රකාශයක් කරමින් ලංකාවේ යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව සඳහන් කරන අතරම සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා ඊට එරෙහිව යුද අපරාධ කරනු ලැබවේ එල්.ටී.ටී.ඊය පමණක් බව පෙන්වාදෙන බව පරිසර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළ බව අද දෙරණ පාර්ලිමේන්තු වාර්තාකරු කියා සිටියි.

මේ අයුරින් එක්සත් ජාතික පක්ෂය උත්සාහ කරමින් සිටින්නේ ශ්‍රී ලංකාවේ දේශපාලනය ජාත්‍යන්තරය විසින් වෙනස් කිරීමකට ලක්කිරීමට බව අමාත්‍යවරයා චෝදනා කර තිබේ.
adaderana.lk

යුද අපරාධ කළේ එල්.ටී.ටී.ඊය පමණයි


මෙරට යුද අපරාධ කළේනම් ඒ එල්.ටී.ටී.ඊ සංවිධානය පමණක් බව එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අද පාර්ලිමේන්තුවේදී නිවාස,ඉදිකිරීම්, ඉංජිනේරු සේවා,නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා එ.ජා.ප නියෝජ්‍ය නායක කරූ ජයසූරිය මහතා විසින් පුවත් පතකට කර තිබුණු ප්‍රකාශයක් අදාළ කර ගනිමින් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප්‍රේමදාස මන්ත්‍රීවරයා මෙසේ ප්‍රකාශ කළ බව අද දෙරණ පාර්ලිමේන්තු වාර්තාකරු සඳහන් කරයි.

කරූ ජයසූරිය මන්ත්‍රීවරයා ලංකාවේ සිදුවීයයි කියනු ලබන යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ට පුවත්පතකට කර ඇති ප්‍රකාශයක් අදාළ කර ගනිමින් වීරවංශ අමාත්‍යවරයා මේ බව සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයාගෙන් විමසා තිබේ.

සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ අදහස් දක්වමින් සිටි සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා පවසා ඇත්තේ උපතේ ජීව උපත් සංඛ්‍යාව 2005 දී ලක්ෂයකට මාතෘ මරණ 58 ක් වුවද 2008 දී එය මාතෘ මරණ 35 ක් දක්වා අඩුවී ඇති බවයි.
adaderana.lk

Saturday, December 4, 2010

සුද්දන්ට ටියුෂන් දෙන්න මර්වින් සූදානම්




මහින්ද චින්තනය පිළිබඳව ඉගෙනගැනීම සඳහා ඉහළම නිලධාරියාගේ සිට ලෝකයේ සිටින සියලුම සුදු ජාතිකයින් වෙත ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා කරන බව මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා පවසයි.

මහින්ද චින්තනය පිළිබඳව අධ්‍යාපනය ලබාදී ඒ අනුව කටයුතු කරන ලෙස තමන් ඔවුන්ට උපදෙස් ලබාදෙන බවත් ඔහු සඳහන් කරයි.

අද(04) පෙරවරුවේ පෑලියගොඩ නගරයේ පැවති ආචාර්ය මර්වින් සිල්වා අභියෝගතා කුසලාන පාපැදි සවාරිය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළකළේය.

එමෙන්ම රටක රාජ්‍ය නායකයකුට ආරක්ෂාව සැපයීමට බ්‍රිතාන්‍යය අසමත් වුවද ඕනෑම අවස්ථාවක ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණියහොත් සියලුම කටයුතු කරගනිමින් ආපසු සිය රට වෙත වෙත යා හැකි බව ද මර්වින් සිල්වා මහතා අවධාරණය කළේය.

එමෙන්ම කිසියම් පුද්ගලයෙකු සිය රටට ද්‍රෝහි වේ නම් තමන් පාර්ලිමේන්තුවේ වූ සිදුවීම අනුමත කරන බවත්, තමන් එම අවස්ථාවේ නොසිටීම ගැන කණගාටුවට පත්වන බවත් හෙතෙම කියා සිටියේය.

රුවල් නැවක් හෝ සොයාගෙන රටින් පිටව යන ලෙස සියලු ද්‍රෝහින්ට අවධාරණය කරන බවත් සිල්වා මහතා වැඩිදුරටත් කියා සි‍ටියේය. ත්‍රස්වාදය අවසන්ව, රටට සාමකාමී පරිසරයක් උදාවී ඇති නිසා ව්‍යායාම වෙනුවට පාපැදිය භාවිතකරන ලෙස දේශපාලකයින් වෙත දැනුම්දෙන බව ද ඔහු කියා සිටියේය.

මහ වැස්සෙන් කොළඹ මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි


පවතින අධික වර්ෂාපතනයත් සමග කොළඹ නගරයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවී තිබේ.

තුම්මුල්ල, ආමර් වීදිය, කිරුළපන පොලිස් ස්ථානය ඉදිරිපිට මාර්ගය, බේස්ලයින් මාර්ගයේ ස්ථාන කිහිපයක් මෙසේ ජලයෙන් යටවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පැවසුවේය.

ජලයෙන් යටවී තිබෙන තුම්මුල්ල මංසන්ධිය ආශ්‍රිතව රථවාහන ධාවන කටයුතු බරවාහනවලට පමණක් සීමා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

සෙසු මාර්ගවල ජලය රැදී තිබුණ ද සුපුරුදු පරිදි ධාවන කටයුතු සිදුකෙරෙන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
adaderana.lk

පඩි වැඩිකරන්න බැරි ආණ්ඩුව ඇමතිවරුන් 10 දෙනෙකුට කෝටි ගණන් වියදම් කරනවා


රජයේ සේවකයන්ට වැටුප් වැඩිකිරීමට‍ නොහැකි ආණ්ඩුව කිසිම අමාත්‍යාංශයක් නොමැති අමාත්‍යවරුන් දහ දෙනෙකුට රුපියල් කෝටි ගණනින් මුදල් වැය කරන බව එක්සත් ජාතික පක්ෂ ම‍හ‍ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.

මෙම එක් අමාත්‍යවරයෙකු සඳහා මසකට රුපියල් ලක්ෂ 25 ක මුදලක් වැය කරන බව ඔහු පෙන්වාදෙයි. අද(04) මහනුවර, පාතදුම්බර ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් තිස්ස අත්තනායක මහතා මේ අදහස් පළ කළේය.

හිටපු ජනාධිපති ආර් ප්‍රේමදාස මහතා විසින් විදේශීය දූත පිරිස් මෙරටට පැමිණි අවස්ථාවලදී නවාතැන් පහසුකම් සැපයීමේ අරමුණින් ඉදිකළ විසුම්පායෙහි අද එල්. ටී. ටී. ඊ හිතවාදී කුමරන් පද්මනාදන් නවාතැන්ගෙන සිටින බව එහිදී වැඩිදුරටත් අදහස් දැක්වමින් තිස්ස අත්තනායක මහතා කියා සිටියේය.adaderana.lk

12 වනදාට එජාප නායකත්වය වෙනස්වන බව සිතන්න බෑ


ලබන 12 වැනිදා පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂ සමුළුවේ දී පක්ෂ නායකත්වයේ වෙනසක් සිදුවනු ඇතැයි තමා විශ්වාස නොකරන බව ඵලදායීතා ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා පවසයි.

රනිල් වික්‍රමසිංහ මහතා අදාළ තනතුර අත්හරිනු ඇති බවට විශ්වාස කිරීම දුෂ්කර බව අමාත්‍යවරයා සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ වෙනසක් සිදුවුව ද තමා යළි එම පක්ෂය සමග එක් නොවන බව ලක්ෂ්මන් සෙනෙවිරත්න අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

එක්සත් ජාතික පක්ෂය යළි ඉදිරියට පැමිණීමට නම් ආකල්පමය වෙනසක් ද අවශ්‍ය බව අමාත්‍යවරයා පෙන්වාදෙයි.
adaderana.lk

මෙරට නිවාස ගැන තොරතුරු ලබාගැනීමට නිවාස ලේකම් කාර්යාලයක්


ශ්‍රී ලංකාව තුළ පිහිටි නිවාස සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීම සඳහා ලබන 5 වැනිදා නිවාස ලේකම් කාර්යාලයක් පිහිටුවන බව ඉදිකිරීම්, ඉංජිනේරු, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අද(04) පාර්ලිමේන්තුවේ දී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා නැගූ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

මෙහිදී අමාත්‍යවරයා පසුගිය කාලය තුළ ඉදිකරන ලද නිවාස පිළිබඳ සංඛ්‍යාලේඛන ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. එම සංඛ්‍යාලේඛන පිළිබඳ ගැටලුවක් පවතින බව එහිදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.

1978 සිට 1994 දක්වා කාලය තුළ එක්සත් ජාතික පක්ෂ රජය මගින් ඉදිකරන ලද නිවාස දස ලක්ෂය මෙම සංඛ්‍යාලේඛනවලට ඇතුළත්ව නොමැති බව මන්ත්‍රීවරයා පෙන්වාදුන්නේය. මෙම සංඛ්‍යාලේඛනවල ඇතුළත් වන්නේ ප්‍රතිසංස්කරණය කරන ලද නිවාස පමණක් බව මෙහිදී විමල් වීරවංශ අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම සංඛ්‍යාලේඛන නිවාස සංවර්ධන අධිකාරිය මගින් ලබාදුන් සංඛ්‍යාලේඛනයක් බව විමල් වීරවංශ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද කරුණු සත්‍ය ඒවා බව මෙහිදී අදහස් දැක්වූ නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා කියා සිටියේය.
adaerana.lk

ජනපතිට එරෙහි උද්ඝෝෂණය මෝඩ ක්‍රියාවක් පමණයි


පසුගියදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිදුකළ බ්‍රිතාන්‍ය සංචාරයේදී ඊට එරෙහිව ලන්ඩනයේදී ද්‍රවිඩ ජනතාව සිදුකළ උද්ඝෝෂණයට විරෝධය පළකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රභා ගනේෂන් මහතා පවසයි.

එම උද්ඝෝෂණය අඥාන ක්‍රියාවක් බව ද ඔහු සඳහන් කරයි. අද(04) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහ මේ බව කියා සිටියේය.

යුද්ධය අවසන්ව, රටට සාමය උදාවී මේ වනවිට රටේ සංවර්ධන කටයුතු ද කඩිනමින් සිදුවන බව මන්ත්‍රීවරයා පෙන්වාදෙයි. උතුරු නැගෙනහිර නැවත පදිංචි කිරීම් මෙන්ම සංවර්ධන කටයුතු යහපත් ලෙස සිදුවන බවත් ඒ සඳහා දායකත්වය දක්වන ලෙසත් හෙතෙම ද්‍රවිඩ ඩයස්පෝරාවෙන් ඉල්ලා සිටියි.

මෙම උද්ඝෝෂණය සිදුකළේ බ්‍රිතාන්‍යයේ වෙසෙන ද්‍රවිඩ ජන කොටසින් සුළුතරයක් පමණක් නමුත් එහි වගකීම සමස්ත ද්‍රවිඩ ඩයස්පෝරාවටම එල්ල වී ඇති බවට ද ගනේෂන් මහතා චෝදනා කරයි.

එමෙන්ම මෙම උද්ඝෝෂණය සම්පූර්ණයෙන් ඵල රහිත ක්‍රියාවක් බවත්, මෙවැනි උද්ඝෝෂණ නිසා ජනාධිපතිවරයා තුළ කිසියම් අප්‍රසාදයක් ඇතිවිය හැකි බවත් ඔහු වැඩිදුරටත් පෙන්වාදෙයි.adaderana.lk

මට ශ්‍රී ලංකාව ගැන කතාකරන්න අයිතියක් නෑ


ශ්‍රී ලංකාවේ අවතැන්ව සිටින ද්‍රවිඩ ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු පිළිබඳව අමෙරිකාව අවධානය යොමුකර ඇති බව ඉන්දියාවේ අමෙරිකා එක්සත් ජනපද තානාපති තිමෝති ජේ. රෝමර් මහතා පවසයි.

එම කටයුතු සඳහා අමෙරිකාව විසින් ශ්‍රී ලංකාව වෙත ඉන්දීය රුපියල් කෝටි 150 ක මුදලක් ලබාදී ඇති බව ද ඔහු පෙන්වා දී තිබේ.

නමුත් ශ්‍රී ලංකාව පිළිබඳ තමන්ට කිසිදු අදහසක් දැක්විය නොහැකි බවත්, ඒ සඳහා තමන්ට අයිතියක් නොමැති බවත් ඔහු ප්‍රකාශ කරයි.

‍ඊයේ(03) ඉන්දියාවේ වෙන්නායි නගරයේ ජාත්‍යන්තර පාසලක් නැරඹීම සඳහා තිමෝති ජේ රෝමර් මහතා පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරුදෙමින් ඔහු මේ බව සඳහන් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

අදාළ කටයුතු පිළිබඳව සොයාබැලීමේ අයිතිය ඇත්තේ ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිවරයාට බවත්, ඔහු ඒ සම්බන්ධව සොයාබැලීම් සිදුකරන බවත් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාවේ සිවිල් යුද ගැටුම් පැවති කාල සීමාව තුළ සිදුවී යැයි කියන මානව හිමිකම් කඩවීම් සම්බන්ධව කිසිදු පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන නොතිබීම සම්බන්ධව මාධ්‍යවේදියකු විසින් තානාපතිවරයාගෙන් ප්‍රශ්න කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.adaderana.lk