Monday, December 6, 2010

ඖෂධ ප්‍රතිපත්තියට හැමෝගෙම සහය ඕනෑ


ජාතික ඖෂධ ප්‍රතිපත්තිය 2011 වසරේ සිට ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මහාචාර්ය සේනක බිබිලේ ගේ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය මේ අයුරින් ඉදිරියට ක්‍රියාත්මක කරන බවත්,ඒ තුළින් ගුණාත්මක සෞඛ්‍ය සේවයක් ස්ථාපිත කරන්නට කටයුතු කරන බවත් අමාත්‍යවරයා අද පාර්ලමේන්තුවේදී කියා සිටි බව අද දෙරණ පාර්ලිමේන්තු වාර්තාකරු සඳහන් කරයි.

එසේ වුවද මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය මේ වන විට කාලීන හා තාක්ෂණික වෙනස්වීම් ඔස්සේ වැඩි වර්ධනය විය යුතු බවත්,එබැවින් එකී ඖෂධ ප්‍රතිපත්තිය යම් යම් වෙනස්කම් වලට ලක්කොට ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා පෙන්වාදුන්නේය.

එසේ වුවද මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පහසු නොවන බවද,ඒ සඳහා පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සියලුදෙනාගේම සහය අවශ්‍ය බවද සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.
adaderana.lk

0 comments:

Post a Comment