
මධ්‍යම පළාතේ ඉදිකළ නව තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන මධ්‍යස්ථානය ඊයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනතා අයිතියට පත්කරනු ලැබීය.
මධ්‍යම පළාතේ මුදල් ප්‍රතිපාදන මත ඉදිකළ මෙම තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන මධ්‍යස්ථානයට රුපියල් මිලියන 302 ක් වැයකොට තිබේ. මෙම මධ්‍යස්ථානය පුස්තකාලයක්, ප්‍රදර්ශනාගාරයක්, ළමා මධ්‍යස්ථානයක් සහ ශ්‍රවණාගාරයක් සහිතව මහල් 4කින් යුත් බව සඳහන්ය. මහින්ද රාජපක්ෂ තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන මධ්‍යස්ථානය ලෙස මෙය නම් කර ඇති අතර මධ්‍යම පළාතේ දරු දැරියන්ගේ තොරතුරු තාක්ෂණ දැනුම ඉහළ නැංවීම මෙහි අරමුණ වී ඇත. adaderaana
0 comments:
Post a Comment